ශුක්‍රානු ශක්තිමත් කරගන්න දන්නවද?

බ්‍රෝ ඔයා දරු සුරතල් බලන්න ප්ලෑන් කරන් ඉන්නවද? එහෙනම් ඔයාටත් ඇති ඔයාගේ ශුක්‍රානු වල සෞඛ්‍ය ගැන බයක් සැකක්. ශුක්‍රානු වල සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න හැටි දැනගෙන ඉන්න එක අත්‍යවශ්‍ය දෙයක්. නැත්තම් වෙන්නේ වෙන මොකෙක්ගේ හරි ශුක්‍රානු ගන්න තමා හොදේ!

හිතලා බලලා කෑම කන්න

ශුක්‍රානු වල ශක්තිය වැඩි කරගන්න කවුරු හරි ඇවිත් ඇහුවම වොල්නට්ස් තමයි බ්‍රෝ ඩොක්ටස් ලා අනුමත කරන්නේ කාපන් කියලා. වොල්නට්ස් වල තියෙනවලු සින්ක් (Zinc) කියල දෙයක්. එකෙන් ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) වල කාර්යක්ෂමතාව වැඩි කරනවලු. එතකොට ශුක්‍රානු වල චලනය වැඩි දියුණු වෙනවලු. මේ සින්ක් තියෙන තවත් අනුමත කෑම වර්ග වෙන්නේ කෙසෙල් සහ ආමන්ඩ්ස් බ්‍රෝ.

දොඩම් සහ ස්ට්‍රොබෙරි වලින් ශුක්‍රානු වල තියෙන අක්‍රමිකතා නැතිවෙනවා වගේම ඩිඑන්ඒ (DNA) වලට සිදු වන හානි පවා වලක්වල දෙනවා. විටමින් ඊ තියෙන නිවිති, බටර් වගේ කෑම වලින් ශුක්‍රානු වල තත්වය වැඩි කරනවා වගේම සාරවත් බවත් (Fertility) වැඩි කරනවා. ප්‍රමාණවත් තරම් විටමින් ඩි ලැබුනම ශුක්‍රානු වල පිහිනීම වැඩි වෙනවා. ජන්ක් ෆුඩ්, ඒ කියන්නේ ඔය පීසා, බර්ගර්ස් වගේ කෑම කන එකෙන් වැළකෙන්න ඕනේ බ්‍රෝ.

ජිම් එකට යන්න

ජිම් එක තියෙන්නේ බ්‍රෝ ඔයාගේ බොඩිය ලස්සනට හදාගන්න විතරක්ම නෙමෙයි හොදේ. ප්‍රබල, වෙහෙසකාරි ව්‍යායාම වල නිරත උනාමත් ටෙස්ටොස්ටෙරෝන් ප්‍රතිශතය වැඩි කරගන්න පුළුවන්. එකේ ප්‍රතිපලයක් ලෙස ශුක්‍රානු වල තත්වය ඉහල යනවා. ඒකනිසා ජිම් එකට ගිහින් ව්‍යායාම කරන එක ඔයාගේ ජිවිතේ අත්‍යවශ්‍ය කොටසක් බවට පත් කරන්න බ්‍රෝ.

දුම් පානයට තිත

මේක නම් ඔයාට ගොඩක් අය කියනවා ඇහිලා ඇති. හැබැයි ඇහුන්නැ වගේ ඉන්නෙපා බ්‍රෝ මොකද දුම් පානයෙන් ඔයාගේ ශුක්‍රානු වල තියෙන ඩිඑන්ඒ වලට හානි සිදු වෙනවා වගේම ඒක නිසා ශුක්‍රානු වල අසාමාන්‍යතා ඇති වෙන්න පුළුවන්. ඔයා දුම් පානය කරන්නේ නැති එල කොල්ලෙක් උනත් හිතන්නෙපා දුම් පානය කරන කෙනෙක් ලග හිටියක් කියල ඔයාට ප්‍රශ්නයක් නැහැ කියල හොදේ ! ඔය මිනිස්සු රොතු පිටින් දුම් බොන බාර් වලට එහෙම යන්න හිතන්නවත් එපා එකෙන් වෙන්නේ ඔයාට දරුවෙක් හදන්න තියෙන අවස්ථාව ගොඩක් අඩු වෙනවා කියන එකයි බ්‍රෝ.

සැමවිටම ආරක්‍ෂිත ලෙස සංසර්ගයේ යෙදෙන්න (Safe Sex)

ක්ලයිමීඩියා සහ ගොනෝරියා වගේ රෝග ඍජුව බලපානවා ඔයාගේ ශුක්‍රානු සංඛ්‍යාතයට. මේ රෝග ඇවිල්ල ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග බ්‍රෝ, ඒ නිසා මේවාගෙන් බේරෙන්න තියෙන එකම විදිය තමා ආරක්ෂාකාරී ලෙස සංසර්ගයේ යෙදෙන එක. ඒක නිසා දැන් යාලු වෙන හැම කෙල්ලත් එක්කම සීන් එකට යන්නෙපා පොඩ්ඩක් සංයමයෙන් හැසිරෙන්න බ්‍රෝ. හැමවෙලාවෙම සංසර්ගයට කලින් කොන්ඩමයක් පාවිච්චි කරන්න.

වෘෂණයට සහනයක් දෙන්න

ඔයත් හෙන ආසයි නෙහ් ඇදට වෙලා ආතල් එකේ ලැප්ටොප් එක උකුලේ තියන් ෆිල්ම් බලන්න අන්තර්ජාලයේ සැරිසරන්න. ඒකෙන් වෙන්නේ ලැප් එකෙන් නිකුත් වෙන රස්නය එහෙමත් නැත්තම් තාපය ඔයාගේ වෘෂණයට ගමන් කරන එකයි. ඔහොම වෙනවා කියන්නේ ඔයාගේ ශුක්‍රානු වලට කෙල වෙනවා කියන එක තමා බ්‍රෝ. නිකන් රත් වෙච්ච කාර් සීට් එකක ඉදගන්න එක පවා හොද දෙයක් නෙමෙයි.

මේ කරුණු වලට අමතරව ඔයා මතක තියාගන්න ගොඩක් මානසික ආතතිය ඇති වෙන විදියේ දේවල් කිරීමෙන් වලකින්න. ඒ වගේම හොදට දිනපතා ව්‍යායාම් වල නිරත වෙන්නත් අමතක කරන්නෙපා. ශුක්‍රානු සාරවත්බව කියන්නේ හරිම වටිනා දෙයක්, ඒක නිසා ඒක ආරක්ෂා කරගන්න එක ඔයාගේ වගකීමක් බ්‍රෝ.