ඔබේ ක්‍රෙඩිට් කාර්ඩ් එක ආරක්ශිතව පාවිච්චි කරන්න දන්නවද

දැන් කාලේ අපේ බ්‍රෝලට ක්‍රෙඩිට් කාර්ඩ් එකක් කියන දේ අලුත් දෙයක් නෙමෙයිනේ.රස්සාවක් කරන්න ගත්ත ගමන් ක්‍රෙඩිට් කාර්ඩ් එකකුත් පර්ස් එකට ඇඩ් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්.කාර්ඩ් එකට හම්බේන ඔෆර්ස් නිසාත් සල්ලි එහෙමේහේ ගෙනියන්නේ නැතුව ඕන තැනකට අවුලක් නැතුව අරන් යන්න පුලුවන් නිසාත් ඔන්ල්යින් පේමන්ට් ගේමක් නැතුවම ගොඩ දාගන්න පුලුවන් නිසත් ක්‍රෙඩිට් කාර්ඩ් ඉතින් පට්ටම භාන්ඩේ.හැබයි පුතී, අර හැමදේකම වගේ මෙකේත් හරියට නොදැන පාවිච්චි කරොත් ඉල්ලන් කන්න වෙන තැන් නැතිවම නෙමෙයි.එක නිසා ක්‍රෙඩිට්කාඩ් ගැන දැනගන්න ඕනේ පට්ට වැදගත් ටිප්ස් ටිකක් පහල තියෙනවා ශේප් එකේ බලලා දැනුවත්වෙමු.හාද?

ටිප් නම්බර් වන් – බෙසික්ස්

මුල අමතක කරලා මොනවත්ම කොරගන්න බෑනේ බ්‍රෝ!. ක්‍රෙඩිට් කාර්ඩ් වලදිත් එහෙම තමයි.ක්‍රෙඩිට් කාර්ඩ් එකෙ පින් නම්බර් එක එවපු කොලේ තාම ලස්සනට ක්‍රෙඩිට් කාර්ඩ් එකත් එක්ක තියාගෙන ඉන්නවද පින් එක අමතක උනාම මතක් කරගන්න.ඊට වඩා හොඳයි ඔය කාර්ඩ් එකයි පින් නම්බරෙයි ළමයෙක්ට දෙන එක.ඔය දෙක එක ලඟ තිබ්බා කියන්නේ ඉතින් අහක ඉන්න නයි සරම අස්සේ දාගන්තා වගේ වැඩක්නේ බ්‍රෝ.ඔය කාර්ඩ් එක නැතිඋනොත් පින් එකත් කාර්ඩ් එකත් එක්කම නැතිවෙලා ගින්නක් නැතිව කාර්ඩ් එක හම්බුන කෙනාට ගණුදෙනු කරගන්න පුලුවන්නේ.එක නිසා හොඳම දේ බැංකුවෙනුත් කියනවා වගේ පින් එක මතක තියාගෙන කාර්ඩ් එක විතරක් පාවිච්චි කරන්න බලන්න.

හැබයි එ අංකය මතක තියාගන්න අමාරු නම් එ.ටී.ම්. මැශින් එකකින් මතක තියාගන්න පහසු අංකෙකට මාරු කරගන්න.එවගේම මොන පින් එක දැම්මත් වැඩක් නෑ එක වෙන කෙනෙක් දන්නවා නම් ,එක නිසා බ්‍රො කොච්චර විශ්වාස කලත් පින් එක කිසිම කෙනෙකුට දෙන්න එපා.එවගේම අංකේ මතක නම් කෙලින්ම බැන්ක් එකට කෝල් කරලා සහය ගන්න.උදාහරනෙකට ඔබ HSBC බැංකුවේ ගනුදෙනුකරුවෙක් නම් කෝල්කරන්න +94114472272 එකට.එ වගේම ඔබේ ගනුදෙනු කරන බැංකුවේ හොට්ලයින් එක සෙව් කරලා තියාගන්න.

ටිප් නම්බර් ටූ – ඔන්ලයින් අහුවුනාද?

ක්‍රෙඩිට් කාර්ඩ් එකක තියෙන පට්ටම වාසියක් තමයි ඉතින් ඔනලයින් ගණුදෙනු වලදී පහසුවෙන්ම පාවිච්චි කරන්න පුලුවන් එක.ඊබේ එකෙ ඉදන් දැනට ලංකාවේ තියෙන සයිට් වලින් සුපුරි වාසි එක්කම බඩු ගොඩක් වෙලාවට පොලි නැතුවම ගන්න පුලුවන් නිසා ඕනේම බ්‍රෝ කෙනෙක් මේ වැඩේට කැමති.හැබයි පුති කාසියක දෙපැත්ත වගේම ඔන්ල්යින් ගනුදෙනු වලදිත් නරක පැත්තක් තියෙනවා.ඉතින් එවට අහුවෙන්න නැතිවෙන්න පහල තියෙන ටිප්ස් ටික බලන්න.

නොදන්න සයිට් වලින් ගනුදෙනු කරන එක පුලුවන් තරම් අඩු කරන්න.හොඳම දේ නතරම කරල දාන එක.තව දන්න කියන සයිට් එකක් උනත් එකෙ ඩොමෙයින් එක ටයිප් කරලා එ වෙබ්සයිට් එකට යන එක තමයි හොඳම දේ.මොකද ඔය එක එක ලින්ක් ක්ලික් කරලා යන එකෙන් නම් ඔබේ කාර්ඩ් එකේ දත්ත හොරකම් කරන්න පුලුවන්.උදාහරනෙකට www.ebay.com වෙනුවට www.ebayy.com වගේ නීතීවිරෝධී සයිට් එකක් තියෙන්න පුලුවන්. ඊලඟ දේ ඔන්ලයින් කරන ගනුදෙනු තවත් සේෆ් කරගන්න VISA හරි MasterCard හරි වෙරිෆයි කරපු කෝඩ් එකකට ලියාපදිංචි වෙන්න බලන්න.උදාහරනෙක්ට HSBC බැංකුවේ මේ සේවාව සපයන විස්තර බලන්න මෙතන ක්ලික් කරන්න.එ වගේම ඔබේ බැංකුවෙන් මේ සේවාව දෙනවද නැද්ද කියන එක කතාකරලම බලන්න.අනෙක් දේ තමයි කොච්චර නම ගිය වෙබ්සයිට් එකක් උනත් ඒක පේමන්ට් කරන්න කලින් වෙබ්සයිට් එකට ගියාට පස්සේ URL. එක පටන් ගන්නේ කොලපාටට තියෙන https:// අකුරු තියෙනවද කියන එක බලන්න.

ටිප් නම්බර් ත්‍රී – ශොපින්ද? ඩේඅවුට්ද? පරිස්සමෙන්!

කාර්ඩ් එක අතට ලැබුන ගමන් පිටිපස්සේ අත්සන ගහන්න කියන්නේ එකේ ලස්සන්ට නෙමෙයි ආරක්ශාව වැඩි කරගන්න.එක නිසා තාම ඔබේ ක්‍රෙඩිට් කාර්ඩ් එකේ පිටිපස්සේ ඔබේ අත්සන නැත්තන් දැන්ම ගහන්න.අත්සන.ඊලඟ දේ කාර්ඩ් එක අරන් ගිහිල්ලා බිල් දාන්න වෙන කාටවත් දෙන්න එපා.මොකද කාර්ඩ් එක දෙපැත්ත ෆොටො එකක් ගහගත්තා කියන්නේ ඔහුලඟ ඔබේ කාර්ඩ් එකෙන් ගනුදෙනුවක් ඔන්ල්යින් කරන්න පුලුවන් තොරතුරු තියෙනවා කියන එක.මේ දේ විශේෂයෙන්ම ඔය රෙස්ටුරන්ට්වල දී එහෙම ගොඩක් වෙනවා.කියන්න මැශින් එකත් එක්ක ඔවුන්ට එන්න කියලා ඔබ ලගට.නැත්තන් ඔබ බිල ගෙවන තැනට යන්න.මේක ලංකාවද ඉන්නේ පිටරටකද පාවිච්චි කරන්නේ මොන බැංකුවේ කාර්ඩ් එකක්ද කියන එක නම් අදාලම නෑ බ්‍රෝ!.

අනෙක් දේ රටින් පිට වෙලා කොහේහරි රටක ගිහිල්ලා ක්‍රෙඩිට් කාර්ඩ් එකක් පාවිච්චි කරන්න යනවා නම් ගමන යන්න කලින් බැංකුව දැනවත් කරන්න.එ වගේම එ විදේශ රටේ ඉදන් ඔබේ බැංකුව කන්ටැක්ට් කරගන්න පුලුවන් විදියක් හදාගෙන යන්න.ඔන්න ඔය වගේ වෙලාවකදී HSBC වගේ බැංකු ඉදිරියෙන්ම ඉන්නවා.මොකද ලෝකේ කොහේ ගියත් ඔවුන්ව කන්ටැක්ට් කරගන්න පහසු නිසා. ලොකු ලොකු දේවල් කරන්න නෑනේ බ්‍රෝ කාර්ඩ් එක පරිස්සම් කරගන්න.එක නිසා හැමතිස්සෙම බලන්න අන්තර්ජාතිකව පිලිගත්ත අලුත්ම ආරක්ශන ක්‍රම පාවිච්චි කරන හොඳ බැංකුවකින් ක්‍රෙඩිට්කාර්ඩ් එකක් ගන්න.දැනටමත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් නැත්තන් ඇප්ලයි කරන්න මෙතන ක්ලික් කරන්න.