පග් බල්ලන් ගැන දන්නවාද

6.6

නිවස තුල ඇතිකිරීම

9.0/10

අලුත් අයිතිකරුවන්ට

9.0/10

ලංකාවේ කාලගුනයට

6.5/10

කුඩා ළමයි සමග

8.5/10

අමුත්තන් සමඟ

8.0/10

ලොම් හැලීම අඩුවීම

2.5/10

නඩත්තු පහසුව

8.5/10

සාමානය සෞඛ්‍ය

3.5/10

පුහුනු හැකියාව

5.5/10

ව්‍යායාම අවශයබව

5.0/10

වාසි

  • මනුෂ්‍ය ඇසුර ප්‍රිය කරයි
  • විසිතුරු දේට ආශා කරයි
  • නිවෙස් තුළ ඇති කළ හැක

අවාසි

  • අහංකාරයි
  • පුහුණුව අවශ්‍යයි
  • විශාල වශයෙන් ලොම් හැලීම

ශරීර ප්‍රමාණය

පග්ස් කියන්නේ සයිස් එකෙන් එච්චර ලොකු බල්ලෝ ජාතියක් නෙමෙයි. සාමාන්‍ය පග් කෙනෙක් රාත්තල් 14-18 අතර බරක් වෙනවා. පග් කෙනෙක්ගේ සාමාන්‍ය උස අඟල් 10-14 වගේ තමයි වෙන්නේ.

පර්සනැලිටි

ඔයාගේ ආශාව දඩයමේ යන්න නම්, නැත්නම් ගෙදර ආරාක්ශාවට බල්ලෙක් ගන්න එක නම් බ්‍රෝ පග් කෙනෙක්ව නම් ගන්න හිතන්නවත් එපා. පග්ස්ලා කියන්නේ මාර ෆ්‍රෙන්ඩ්ලි බ්‍රීඩ් එකක්. ඒකට තමයි ඒගොල්ලෝ හොඳටම දක්ශ. ඔයාට පුලුවන් නම් ඔයාගේ පග්ව උකුළේ තියාගෙන දවසම හුරතල් කරන්න පග් කෙනෙක් ඊට වඩා කැමැති වෙන දෙයක් නැති වෙයි.

මේකෙන් කියවෙන්නේ නැහැ පග් බල්ලෝ හෙනම කම්මැලියෝ කියලා. පග්ස්ලා සෙල්ලම් කරන්න කැමැති විනෝදකාමී බ්‍රීඩ් එකක්. පග්ස් චිත්තස්වභාවය තීරණය වෙන්නෙ පුහුණුව, කොච්චර මිනිස්සු ආශ්‍රය කරනවාද වගේ දේවල් මත. හොඳ චිත්තස්වභාවයක් තියෙන පග්ස්ලා කුතුහලයෙන් වැඩ කරන්නේ. අලුත් අය එක්ක ආශ්‍රය කරන්න, ඒගොල්ලෝ වඩා ගන්නවට වගේ ඒවට කැමතියි.ඔයා ගාව ඉන්න පග් ගේ නෑදෑ වෙන බල්ලෝ දිහා බලලා ඔයාගේ පග් මොනවගේ වෙයිද කියන්න පුලුවන්.

අනිත් හැම බ්‍රීඩ් එකකම බල්ලෙක්ටම වගේ පග්ස්ලාට මිනිස්සු ආශ්‍රය කරන්න දෙන එක, අලුත් තැන්වල ඇවිදින එක, අලුත් ගඳ සුවඳ විඳින්න දෙන එක වගේ දේවල් මාරම වැදගත්.

සෞඛ්‍ය

පග්ස් බල්ලෝ සාමාන්‍යයෙන් හොඳ සෞඛ්‍ය සම්පන්න බල්ලෝ ජාතියක්. ඒත් හැම බල්ලෙක්ම වගේ පග්ස්ලාටත් ඔරොත්තු දෙන්නේ නැති කන්ඩිශන්ස් තියෙනවා. හැම පග් කෙනෙක්ටම මේ ලෙඩ හැදෙන්නේ නැති වෙයි. ඒත් ඔයාටත් පග් කෙනෙක් ඉන්නවා නම්, නැත්නම් පග් කෙනෙක් ගන්න අයිඩියා එකක් තියෙනවා නම් මේ ලෙඩ ටික ගැන දැනගෙන ඉන්න එක වටිනවා බ්‍රෝ.

  • වෝල්කින් ඩැන්ඩ්‍රෆ්

පොඩි මයිටාවෝ වර්ගයකින් තමයි මේ හමේ ඇතිවන රෝගය හටගන්නේ. ඔයාගේ පග් ගේ පිටිපස්සේ හිස්හොරි වගේ තියෙනවා නම් ඉක්මනටම ඔයාගේ පශුවෛද්‍ය ගාවට යන්න.

  • පග් ඩෝග් එන්සෙෆලයිටිස්

පග්ස්ලාට විතරක් විශේෂයෙන් හැදෙන මොළයේ ආසාදන ලෙඩක් මේක. මේ ලෙඩේට හරිම ප්‍රතිකාරයක් තාම කවුරුත් හොයාගෙන නැහැ. ලෙඩේ බෝ වෙලාද කියලා හොයාගන්න පුලුවන් එකම විදිය තමයි මැරුණු මොලේ ටිශූස් චෙක් කරන එක. තරුණ වයසේ පග්ස්ලාට තමයි සාමාන්‍යයෙන් මේ ලෙඩේ හැදෙන්නේ. අන්ද වෙලා, සීස් වෙලා, කෝමා එකක් හැදිලා අන්තිමට බල්ලා මැරෙන්න පුලුවන්. මේකට සමහරවිට සති කිහිපයක් යන්න පුලුවන් , නැත්නම් මාස ගාණක් යන්නත් පුලුවන්.

  • නර්ව් ඩීජෙනරේශන්

සමහර වයසක පග්ස්ලාට තමන්ගේ පස්ස ගාත් හරියට පණ නැති වෙලා උඩ පනින්න බැරි වෙන එක, එක පාරටම පණ නැති වෙන එක වගේ දේවල් වෙන්න පුලුවන්. පොඩි වේදනාවකින් පටන් ගන්න මේ නර්ව් ඩීජෙනරේශන් තත්ත්වය පස්ස ගාත් පණ නැති වෙලා යන තත්ත්වයක් වෙනකන් දරුණු වෙන්න පුලුවන්. රිසර්ච් කරන අයත් තාම මේකට හරි හේතුවක් දන්නේ නැහැ. ගොඩක් පග්ස්ලාගේ අයිතිලාරයෝ රෝද තියෙන කාට්ස් පග්ස්ලාට අන්දනවා. නැත්නම් ඔයාගේ පශුවෛද්‍ය ගාවට ගියොත් වේදනානාශක සහ තව බෙහෙත් ටිකක් ගන්න පුලුවන්.

රැකවරණය

කොච්චර දැඟලුවත් පග්ස්ලාව බලාගන්න එක එච්චර අමාරු වැඩක් නෙමෙයි. වයසක කෙනෙක්ට උනත් මේක කරන්න පුලුවන් දෙයක්. සයිස් එකත් පොඩියි වගේම ගේ ඇතුළේ එච්චර දඟලන්නේ නැති නිසා ගෙදර ඇතුළේ පග් කෙනෙක් තියාගන්න එක ලේසි වැඩක්.මේ ජාතියේ බල්ලොන්ට ශක්තිය වැය කරන්න ඕනේ. ඉතින් ඌත් එක්ක ටිකක් සෙල්ලම් කරන්න වෙනවා. දැඩි රස්නේට වගේම ආර්ද්‍රතාවයටත් පග්ස්ලා හරිම සංවේදීයි. ඔයා ඉන්නේ මේ වගේ කාළගුණයක නම් ඔයාගේ බල්ල අපහසුතාවයට පත් වෙන්නේ නැති වෙන්න වග බලාගන්න.

කෑම 

වියළි ආහාර කෝප්ප 1-1 1/2 වගේ දවසකට දෙපාරකට, වේල් දෙකක් වෙන විදියට දෙන්න කියලා තමයි රෙකමන්ඩ් කරන්නේ.හැබැයි බ්‍රෝ ඔයාගේ බල්ලට දෙන්න ඕනේ කෑම ප්‍රමාණය තීරණය කරන්නේ එයාගේ වයස , සයිස් එක, සෞඛ්‍ය , එයා කොච්චර මහන්සි වෙනවද කියන දේවල් වලින්. මේ බල්ලොත් හරියට මිනිස්සු වගේමයි. එක එක බල්ලා කන ප්‍රමාණය වෙනස්.

පුටුවකට වෙලා දවසම නිදාගන්න කම්මැලි බල්ලෙක්ට වඩා ,හොඳට දුවලා පැනලා ඉන්න බල්ලෙක්ට කෑම ගොඩක් ඕනේ වෙනවා. බල්ලෙක් වැඩියෙන්ම ආදරේ මිනිස්සුන්ගේ ඇසුරට. ඊටපස්සේ කෑමවලට. ඉතින් හොඳ පෝශ්‍යදායි කෑම වේලක් ඔයාගේ පග්ස්ලට දෙන්න අමතක කරන්න එපා.