පෝන් වලින් බේරෙන්නේ කොහොමද

ඔයා මේ වෙලාවේ මේ ආර්ටිකල් එක කියවනවා නම් බ්‍රෝ එක්කෝ ඔයා, නැත්නම් ඔයා දන්න වෙන කවුරුහරි පෝන් බලන්න ඇඩික්ට් වෙලා ඒක නවත්තන්න බැරුව ඉන්නේ. අපි ඕගොල්ලොන්ට ගෙනාවා හැපි නිව්ස් එකක්. ලොකුවට සල්ලි දීලා මේ පුරුද්ද නවත්තන්න ඕනේ නැහැ. මම ගොඩක් ආර්ටිකල්ස් කියෙව්වා මේ ගැන ලියලා තියෙන. ඒ හැම එකකම වගේ තිබ්බේ සයිකොලොජිස්ට්ලා ඔය නියපොතු කන එක නවත්තගන්න එන අයට දෙන විදියේ ඇඩ්වයිසස් තමයි. පොඩි පොඩි ඩිෆරන්සස් තිබ්බට පෝර්න් බලන එක නවත්තනවා කියන්නෙත් ඔය සාමාන්‍ය නරක පුරුද්දක් නවත්තනවා වගේම වැඩක් බ්‍රෝ. ඒක නිසා බය වෙන්න එපා වැඩේ ගොඩ දාගන්න පුලුවන්.

 

සිගරට් බොන එක නවත්තන්න, අරක්කු බොන එක නවත්තන්න වගේ ඕනම නරක පුරුද්දක් නවත්තන්න කිසිම මැජික් බුලට් එකක් නැහැ. ඒකට කාලයක් ගත වෙනවා, ඩිසිප්ලීන්, ඩෙඩිකේශන් වගේ දේවල් ඕනේ වෙනවා. දූවිලි ගසලා නැගිටින එක ලේසි නැහැ බ්‍රෝ. ස්පෙශලි පෝන් බලන එක නවත්තනවා වගේ කේස් එකකදි. මේක පුද්ගලානුබද්ද ප්‍රොසෙස් එකක්. ඔයාට ටික දවසක් යද්දි වැඩේ එපා වෙන එක , අලුත් නරක පුරුද්දකට හුරු වෙන එක, තව එක පාරක් විතරක් ඒ පුරුද්ද කරන්න හිතෙන එක වගේ දේවල් සාමාන්‍ය දේවල්.

අද අපි කියන්න යන හැම ටිප් එකක් වගේම ඔයා දැනටමත් දන්න දේවල් වෙන්න පුලුවන්. එක දෙයක් තමයි ඔයාගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ ඔයාට මේක නවත්තන්න කොච්චර උවමනාවක් තියෙනවා ද කියන එකෙන්. අනිත් දේ තමයි මේ ටිප්ස් වලින් ඔයාට හරියටන ගැළපෙන ටිප්ස් තෝරගන්න එක.

රිබූට් සහ රි-වයර්

කෙළින්ම ටිප්ස් වලට යන්න කලින් බ්‍රෝ ඔයාගේ මොළේ වඩ කරන විදිය දැනගෙන ඉන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.

රිබූටින්

අපි කරන කියන දේවල් වලින් මොළේ උත්තේජනය වෙනවා. පෝර්න් බලද්දිත් එහෙමයි. රිබූටින් කියන්නේ පෝන් වගේ ආර්ටිෆිශල් උත්තේජන වලින් මොළේට බ්‍රේක් එකක් දෙන එකට. මේ ගැන පැහැදිලි විස්තරයක් ගැරී විල්සන් ලියපු ‘යුවර් බ්‍රේන් ඔන් පෝර්න්’ පොතේ තියෙනවා. රිබූටින් වලින් වෙන්නේ හරියට ඔයාගේ මොළේ කම්පියුටර් එකක් වගේ ශට් ඩවුන් කරලා රීස්ටාර්ට් කරලා ආයෙත් ෆැක්ට්‍රි සෙටින්ග්ස් දානවා වගේ වැඩක්. රිබූටින් වලින් සරලවම වෙන්නේ බ්‍රෝ පෝර්න් වලට කලින් ඔයාගේ ජීවිතේ මොන වගේද කියලා ආපහු හොයලා බලන එක.

විල්සන් කියන විදියට පෝන් වලින් ගැළවෙන එකේ සාර්ථක ප්‍රතිඵල ගන්න සුමාන ගාණක් නැත්නම් මාස ගාණක් යන්න පුලුවන්.රිබූට් ප්‍රොසෙස් එක හරියටම කරන්න නම් පෝර්න් විතරක් නෙමෙයි ආර්ටිෆිශල් සෙක්ශුවල් ස්ටිමියුලි දෙන හැම දේකින්ම ඈත් වෙන්න වෙනවා. සෙක්සි යූ ටියුබ් වීඩියෝස් , සෙක්ස් සම්බන්ධ නවකතා, වික්ටෝරියා සීක්‍රට්ස් කැටලොග් බලන එකෙන් පවා ඈත් වෙන්න ඕනා. නැචුරල් සෙක්ශුවල් අවුලක් නැහැ කියලා සමහර ස්පෙශලිස්ට්ලා කිව්වට සෙක්ස් වලින්, ස්වයං වින්දනයෙන් ටික කාලෙකට ඈත් වෙන්න පුලුවන් නම් වඩාත් හොඳයි බ්‍රෝ.

රිවයරින්

ඔයාට කොච්චර ට්‍රයි කරත් පෝර්න් නොබලා ඉන්න බැරි නම් ඔයා මාරම ස්ට්‍රෝන්ග් හැබිට් එකක් මොළේට දීලා ඉවරයි. නිකමට හිතන්න කවුරුත් ළඟ පාතක නැහැ කියලා දන්න නිසා ඔයා ඉබේම පෝර්න් සයිට් එකකට යනවා නම් ඔයා ඉන්නේ මේ තත්වයේ. රිවයරින් වලින් කරන්නේ මෙන්න මේ නරක පුරුද්ද වෙනුවට හොඳ පුරුද්දක් ආදේශ කරගන්න එක. ඔයා ලැප්ටොප් එක ගත්ත ගමන් මොනවහරි එකක් ටයිප් කරන එක වගේ පුරුද්දක්.

හොඳට මතක තියාගන්න බ්‍රෝ අපේ මොළේට මොකක්හරි පුරුදු කරලා ඒ පුරුද්ද ඈත් කරත් මොළේ බලන් ඉන්නේ ආයෙත් චාන්ස් එකක් එනකන් ඒ පුරුද්ද ආයෙත් පටන් ගන්න. ඔයාට සම්පූර්ණයෙන්ම ඔයාගේ නරක පුරුද්දෙන් ඈත් වෙන්න බැරි උනත් ඔයාට පුලුවන් ඔයාගේ නරක පුරුද්දට වඩා පවර්ෆුල් හොඳ පුරුද්දකට ඇඩික්ට් වෙන්න. හොඳ දේකට ඇඩික්ට් වෙන එකේ අවුල් රිසාල්ට්ස් අඩුයි නේ බ්‍රෝ.

ගැලවෙන්න ටිප්ස්.

දැන් තමයි බ්‍රෝ හොඳම හරියට ආවේ. ඇත්තටම පෝර්න් වලින් ගැළවෙන්නේ කොහොමද කියලා අපි කරපු රිසර්ච් , පෝර්න් ඇඩික්ට් වලින් ගැළවුණු අයගේ එක්ස්පීරියන්ස් වලින් ගත්ත දේවල්, සයිකොලොජිස්ට්ලා කියපු දේවල් තමයි පල්ලෙහා තියෙන්නේ. මම කලිනුත් කිව්වනේ බ්‍රෝ මේකට ශෝර්ට් කට් නැහැ, මැජික් එකකුත් නැහැ. ට්‍රයි කරන පළවෙනි එක හරියන්නේ නැහැ කියලා වැඩේ අත අරින්නත් බැහැ. මොකද එක්කෙනෙක්ට හරියන මෙතඩ් එකක් ඔයාට සෙට් වෙන්නේ නැති වෙන්න පුලුවන්. ඒක නිසා ඔයාට හරියටම හරියන ටිප් එක හොයාගන්න බ්‍රෝ !

01.පවර් එකක් දෙන්න එපා!

පෝර්න් වලින් ඈත් වෙන්න ට්‍රයි කරන ගොඩක් අය හිතන පළවෙනිම දේ තමයි ‘අපෝ මේකනම් නවත්තන්න බැරි දෙයක්, කොටි වලිගේ අල්ලගත්තා වගේ තමයි’ කියලා හිතන එක. හැබැයි බ්‍රෝ ඔයා ඔහොම ගියොත් අන්තිමට නතර වෙන්නේ ඇනිමල් පෝර්න් එක්ස්පෙරිමෙන්ට්ස් කරන්න ට්‍රයි කරපු එකෙක් වගේ. මුලින්ම කරන්න ඕනේ පෝර්න් වල් පිටිපස්සේ තියෙන විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉගෙන ගන්න එක. ඔයා කවදාවත් ඔයාගේ චිප්ස් බෑග් එක විසික් කරන්න කැමැති නැහැනේ. ඒත් ඔයා කාබ්ස් සහ ප්‍රෝටීන් ගැන හරියට ඉගෙන ගත්තම චිප්ස් කන එක නවත්තනවා. පෝර්න් බලන එකත් ඒ වගේ.

02.බලනවා කියන එක පිළිගන්න.

අපි කරන ක්‍රියාවන් තමයි අපි කවුද කියලා තීරණය කරන්නේ. ඇරිස්ටොටල් මේ වගේ කතාවක් කියලා තියෙනවා බ්‍රෝ. පෝර්න් වලින් ඈත් වෙන්න ලේසිම විදිය තමයි ඔයා පෝර්න් බලනවා කියලා පිළිගන්න එක. පෝර්න් බලන එක ඔයාගේ ආගමට අගේන්ස්ට් දෙයක් වෙන්න පුලුවන්. ඒත් බ්‍රෝ තමන් කරන වැරැද්ද පිළිගන්නේ නැත්නම් ඒක හදාගන්න අමාරුයි. ඔයා පෝර්න් බලනවා කියලා පිළිගත්ත නිසා ඔයාව ජීවිත කාලේටම පෝර්න් බලන එක්කෙනා කියලා හංවඩු ගහන්නේ නැහැ කවුරුත්. මොකද පිළිගත්තේ නැති උනාට මිනිස්සුන්ගෙන් බහුතරයක් පෝර්න් බලනවා.

03.ප්‍රශ්න හොයාගන්න.

සමහර කොල්ලෝ පෝර්න් නිසා ඩිප්‍රෙස් වෙනවා. සමහර කොල්ලෝ ඩිප්‍රෙස් වෙලා නිසා පෝර්න් බලනවා. හැබැයි බ්‍රෝ පෝර්න් නිසා ඔයාට තාවකාලික සතුටක් හම්බුණාට ඔයාගේ ප්‍රශ්න නම් විසඳෙන්නේ නැහැ. ප්‍රශ්න වැඩි වෙනවා මිසක්. ඒක නිසා බ්‍රෝ ඔයා පෝර්න් බලන්න හේතුවුණේ මොකක් නිසාද කියලා හොයාගන්න. කම්මැලිකම ද ඩිප්‍රෙශන් ද නැත්නම් වෙන රීසන් එකක්ද කියලා හොයාගෙන ඒ ප්‍රශ්නෙට සොලූශන් එකක් හොයාගන්න. වර්කවුට් කරන්න, වෙන හොබී එකක් පටන් ගන්න, ට්‍රැවල කරන්න වගේ ඔයා ආස දේකට යොමුවෙන්න.

04.වෙනස් වෙන්න.

රිසර්චස් වලින් හොයාගෙන තියෙනවා පෝර්න් බලනවට වඩා නරක හැබිට් එකක් උනත් නැති කරන්න පුලුවන් කියලා. හැබැයි ඔයා ඔයාට පුලුවන් කියලා විශ්වාස කරන්න ඕනේ. ඇල්කොහොල් යූස් කරන අයගෙන් කරපු රිසර්ච් එකකින් මේක ඔප්පු උනා බ්‍රෝ. තමන්ට පුලුවන් කියලා තදටම විශ්වාස කරපු අය ඇල්කොහොල් ‍යූස් කරන එක නැවැත්තුවා. හැබැයි මට බැරි වෙයි කියලා හිතපු අයට වැඩේ අමාරු උනා. ඉතින් බ්‍රෝ , පුලුවන් කියලා හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ.

05.තමන්ටම ගහගන්න එපා!

ඔයාට වැඩේ අමාරු උනේ නැති වෙන්න පුලුවන්. ඒත් බ්‍රෝ ගොඩක් අයට ටික කාලයක් ගියාම සෙට් බැක්ස් එනවා. එතකොට කරන්න තියෙන හොඳම දේ තමයි තව ස්ට්‍රෝන්ග් වෙන එක. චැරිටි වැඩ වගේ දේවල් කරන්න පුලුවන් බ්‍රෝ ඔයාට.පෝන් වලින් බේරෙන්නේ කොහොමද? එ කිව්වේ පුලුවන් තරම් අනෙක් මිනිස්සුන්ට උදව් කරන්න බලන්න.ඔය යෞවන සමාජෙකට සෙට් උනා නම් වැඩේ ගොඩ දාගන්න පුලුවන්.

06.ආත්මවිශ්වාසය

ගොඩක් කල් පෝර්න් වලින් ඈත් වෙලා හිටියත් පොයින්ට් එකක් එන්න පුලුවන් එකම එක පාරක් විතරක් ආයෙත් පෝර්න් බලනවා කියලා හිතෙන. මේක පරිස්සම් වෙන්න ඕනෙම තැනක්. ඔයා පෝර්න් වලින් ඈත් වෙන්න වෙන්න ඔයාට වෙන දෙයක් ගැන කන්සන්ට්‍රේට් කරන්න පුලුවන්කම වැඩි වෙනවා.

ඇක්ශන්ස් 

07.ඈත් වෙන්න.

ගෙදර හැම අස්සක් මුල්ලකම තියෙන ඩීවීඩී මැගසින් ඔක්කොම විසික් කරලා දාන්න. ඔයාගේ කම්පියුටර් එකේ ලැප් එකේ ෆෝන් එකේ තියෙන ඔක්කොම පෝර්න් ඩිලීට් කරලා දාන්න. අඩුම ගානේ වෙබ් හිස්ට්‍රි එක වත් තියාගන්න එපා. කුකීස් කෑශ් ඩේටා ඔක්කොම ක්ලියර් කරලා දාන්න.

08.හැබිට් එක හැක් කරන්න.

මේක වෙන්න පුලුවන් බ්‍රෝ වැදගත්ම ටිප් එක. ඔයා පෝර්න් බලන රූටින් එක හොයාගන්න. ඔයා නිදාගන්න කලින් නම් බලන්නේ අපි ඒ වෙනුවට මොළේට රිවෝර්ඩ් එකක් දෙන විදියේ වැඩක් කරන්න ඕනේ. පෝර්න් බලනවා වෙනුවට ඔයා ආසම කෑම ජාතියෙන් ටිකක් කනවා වගේ දෙයක් කරන්න පුලුවන්.

09.ඉන්ටෙන්ශන්ස් තියාගන්න.

ඔයා ඩිප්‍රෙස් උනාම නම් බ්‍රෝ ඔයා පෝර්න් බලන්නේ ඔයා ගාව ඉම්ප්ලිමෙන්ටේශන් ඉන්ටෙන්ශන් එකක් තියෙන්න ඕනේ, මම ඩිප්‍රෙස් උනොත් පාර්ක් එකේ ඇවිදින්න යනවා වගේ. ඔයාට පෝර්න් රූටින්ස් ගොඩක් තියෙනවා නම් ඒ හැම එකකටම ඉන්ටෙන්ශන්ස් තියාගන්න.

10. බ්ලොකින් යූස් කරන්න.

ඔයාට කිසිම පෝර්න් සයිට් එකකට ෆයිල් එකකට යන්න බැරි වෙන විදියේ බ්ලොකින් සොෆ්ට්වෙයා තියෙනවා බ්‍රෝ. අන්න ඒකක් යූස් කරන්න. හැබැයි අනිත් වැඩ පැත්තක තියලා සොෆ්ට්වෙයා එකේ ලූප් හෝල්ස් හොය හොය ඉන්න එපා!

11.විශ්වාසවන්ත පාර්ට්නර්

ඕනම දෙයක් තනියම කරනවාට වඩා ඔයා කැමැති ට්‍රස්ට් කරන්න පුලුවන් යාලුවෙක් එක්ක කරන එක ලේසි නේ බ්‍රෝ. මෙතනදි ඔයා කරන්න ඕනේ ඔයාට රිපෝර්ට් කරන්න පුලුවන් පාර්ට්නර් කෙනෙක් හොයාගන්න එක. අද දවස කොහොමද ගෙවුණේ? පෝර්න් බලන්න හිතුන පාරවල් ගාණ? කොහොමද අවොයිඩ් කරේ වගේ දේවල් එයාට රිපෝර්ට් කරලා එයාගේ ඇඩ්වයිසස් ගන්න.

12.ප්‍රෝග්‍රස් එක බලන්න.

මේකේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි ඔයා පෝර්න් බලන්නේ නැතුව හිටපු දවස් ගාණ කවුන්ට් කරන එක. අනිත් අතට සමහර ෆෝරම්ස් වල කියනවා ඔයා අත ඇරපු හැබිට් එකක දවස් ගණ කවුන්ට් කරන එක පොයින්ට්ලස් කියලා.

13.ෆාස්ට් ඇන්ඩ් එක්සර්සයිස්

තව රිසර්චස් වලින් හොයාගත්ත දෙයක් තමයි නරක පුරුදු අත අරින්න නිරාහාරව ඉන්න එකයි එක්සර්සයිස් කරන එකයි ගොඩක් උදව් වෙනවා කියන එක. ඉතින් බ්‍රෝ ට්‍රයි කරලා බලන්න.

පෝර්න් බලන එක නවත්තගන්න ට්‍රයි කරන අයට යූස්ෆුල් ටිප්ස් ටිකක් අද අපි ගෙනාවා. හැබැයි බ්‍රෝ මම කලිම් කිව්වා වගේ හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ ඔයාගේ මොළෙයි මයින්ඩ් සෙට් එකයි එක්ක. ඔයාට පෝර්න් වලින් දැනට ප්‍රශ්නයක් වෙලා නැති උනාට ඔයා දන්න අය ගොඩක් මේ ප්‍රශ්නෙට උත්තර හොයනවා ඇති. ඉතින් බ්‍රෝ නරක ඕනම දේකින් ඈත් වෙන්න මේ ටිප්ස් ට්‍රයි කරලා බලන්න.