කෙල්ල කැමතිද? දැනගන්නේ කොහොමද?

ඔයා කෙල්ලොන්ව ආශ්‍රය කරනවා නම් බ්‍රෝ ඔයා දැනටම දන්නවා ඇති කෙල්ලෝ දේවල් කියන්නේ අඟවන්නේ කටින් විතරක් නෙමෙයි කියලා. මේක ගොඩක් මිනිස්සු දන්නා දෙයක්. මේවට කියන්නේ ශරීරයෙන් දෙන සංඥා එහෙමත් නැත්තන් බොඩි ලැන්වෙජ් කියලා . මේ බොඩි ලැන්ග්වේජස් මොනාද කියලා හරියට තේරුම් ගන්න පුලුවන් නම් ඔයාට ඒ කෙනාවත් තේරුම් ගන්න ලේසි වෙනවා.

හැබැයි බ්‍රෝ අවාසනාවකට වගේ මේ ” කෙල්ල කැමතිද ” සයින්ස් මොනාද කියලා අඳුරගන්න බැරුව ගොඩක් අය වැඩේ නාගන්නවා. මේ සියුම් පොඩි පොඩි බොඩි ලැන්ග්වේජස් වලින් පුලුවන් එයා ඔයාට කැමැති ද අකමැති ද කැමැත්තකට වඩා එහා ගිය දෙයක් තියෙනවා ද කියලා දැනගන්න.

බොඩි ලැන්ග්වේජස් රීඩ් කරන්න කලින් ෆස්ට් ස්ටෙප් එක විදියට ඔයා මුලින්ම අයි කන්ටැක්ට් එක මේන්ටේන් කරගන්න ඕනේ. එයත් හොඳ අයි කන්ටැක්ට් එකක් තියාගෙන ඉන්නවා නම් ඒක තමයි ඉස්සරහට යන්න පුලුවන් කියන බේසික්ම සයින් එක. ෆස්ට් ස්ටෙප් එක පොසිටිව් නේ බ්‍රෝ , දැන් අපි තව ටිකක් හොඳට එයාව රීඩ් කරමු.

කොණ්ඩේ එක්ක සෙල්ලම් දාන එක

ඕනම ගෑණු කෙනෙක් ටිකක් ෆ්ල්‍ර්‍ර්ට් කරන මෙන්ටලිටි එකකදි එයාගේ අත නිකන්ම කොණ්ඩෙට යනවා. කොණ්ඩේ එක්ක එක එක සෙල්ලම් දාන්න ගන්නවා. මේකෙන් සරලවම කියන්නේ එක්කෝ එයා ඔයා ගැන ඉන්ටරෙස්ටඩ් එහෙම නැත්නම් ෆ්ලර්ට් කරන මූඩ් එකක ඉන්නේ කියලා. ඒ මොනව උනත් කෙල්ලෙක් ඔයත් එක්ක කතා කරන ගමන් කොණ්ඩේ එක්ක සෙල්ලම් දානවා කියන්නේ පොසිටිව් දෙයක් බ්‍රෝ !

එකපාරටම හිනාවක් දාන එක

ඔයාට නෝට් උනොත් එයා ස්මයිල් එකක් දානවා කියලා මේක නම් හොඳම සයින් එකක් බ්‍රෝ . හැබැයි බ්‍රෝ එයා නිකන් බලෙන්ම වගේ ලාවට හිනාවෙනවා නම් එයා ටිකක් ප්‍රියමනාප වෙන්න ට්‍රයි කරනවා විතරයි වෙන්න පුලුවන් . කම්මුල් රතු කරගෙන හිනා වෙනවා නම් ආයෙත් අහන්න දෙයක් නැහැ , එයා ඔයාට ඇට්‍රෑක්ට් වෙලා ඉවරයි , අඩුම ගාණේ ඔයා ගැන දැනගන්න ඕනේ වෙලා තියෙන්නේ.

තොල් හපන එක

තොල් හපනවා කියන්නේ එයා නර්වස් වෙලා. ඔයා කතා කරද්දී එයා තොල් හපනවා නම් ඔයා එයා ගැන දැනගන්න උවමනා තරමටම එයත් ඉන්ට්‍රස්ටඩ්. ඒ වගේමයි ඔයාගේ ඇටෙන්ශන් ගන්න කරන දෙයක් වෙන්න බැරිත් නැහැ . පරිස්සමෙන් බ්‍රෝ !!

එයාගේ ඇඟ ඔයාගේ කෙළින්

ඔයා කතා කරද්දී එයාගේ ඇඟ තියෙන විදිය බලන්න. ඔයාගේ පැත්තට හැරිලා රිලැක්ස් එකේ කතා කරනවා නම් ඒක තව පොසිටිව් සයින් එකක් බ්‍රෝ . ඔයාගේ කෙලින්ම ඉන්නේ නැතුව ලාවට අයි කන්ටැක්ට් මේන්ටේන් කරනවා කියන්නේ එයා ලොකු ඉන්ටරෙස්ට් එකක් නැහැ.

බොඩි කන්ටැක්ට්

බොඩි කන්ටැක්ට් කියපු ගමන් ගොඩක් දුර හිතන්න එපා. බොඩි කන්ටැක්ට් කියලා මම කිව්වේ කතා කරද්දී එයා ඔයාගේ ශෝල්ඩර්ස් වලට අත තියෙනවා වගේ දේවල්. මේක නම් බ්‍රෝ එයා ෆ්ලර්ට් කරනවා කියලා ශුවර් සයින් එකක්. සමහර වෙලාවට කෙල්ලෝ තමන්වම අල්ල ගන්නවා.කකුල් වලට අත් තියාගන්න එක අත් දෙක අතුල්ලන එක වගේ දේවල් කරන්නේ එයා නර්වස් ‍උනාම.

කොපි කරන එක

කොපි කරනවා කියන්නේ ඔයා කරන දේවල් ඉමිටේට් කරන එක. මේකත් බ්‍රෝ හොඳම පොසිටිව් සයින් එකක්. මේක එයා හිතලා කරන්නේ නැතුව කරනවා වෙන්න පුලුවන් . මොකද අපිට උනත් එක්සයිට් උනාම ට්‍රැක් පනිනවා නේ බ්‍රෝ . මේකෙන් ඇත්තටම කියවෙන්නේ ඔයා දේකට ලීඩ් එක ගන්නවා එයා ඔයාව ෆලෝ කරනවා කියන එක. ඔයා බීම එක අතට ගත්තොත් එයත් එයාගේ ග්ලාස් එක ගනී. ඔයා කකුලක් උඩ කකුලක් දැම්මොත් එයත් දායි. බ්‍රෝ ඔයා තමයි ලීඩර්!!

ඉතින් බ්‍රෝ ඔයාට තාම එයාව හම්බුනා විතරයි නම් එයා ඔයා ගැන ඉන්ටරෙස්ටඩ් ද නැද්ද කියලා දැනගන්න විදියක් නැතුව නම් ඉන්නේ ශේප් එකේ වැඩේ නෝන්ඩි කරගන්නේ නැතුව මේ බොඩි ලැන්ග්වේජස් ඔබ්සර්ව් කරලා බලන්න.

 

 

Comments are closed.