නොදන්න ගුහාවකට රිංගන්න ටිප්ස් දන්නවද

credits -Eco Team Sri Lanka

තායිලන්තේ උන සිද්ධිය දකින්න ඇතිනේ,අහන්න ඇතිනේ බ්‍රෝ! ෆුට්බෝල් ටීම් එකක ළමයි ටිකක් කෝච් එක්ක ගුහාවක් අස්සේ හිරවෙලා දවස් ගානකට පස්සේ බේරගත්ත කතන්දරේ තමයි සරලවම ඒකේ සාරාංශය.ඉතින් ඔය හයික්,ට්‍රැවලින් සික් එක ගහලා ඉන්න අපේ පුතීලත් යනවනේ ගුහා අස්සේ.හොඳම උදාහරනේ ඔය නිල්දිය පොකුන එහෙම බලන්න අස්සේ රිංගපු සෙට් එක ගන්නකො.ආරක්ශාව මදී කියලා ඒක වහලා දැම්මේ නැත්තන් ඔය තායිලන්තේ කතන්දරේ ලංකාවේ තමයි මුලින්ම බලන්න වෙන්නෙ.

මොකද රැල්ලට ඇතුලේ රිංගන්න හැදුවට තමන්ගේ ආරක්ශාව ගැනවත් දැනුමක් ගොඩක් පුතීලට නැති නිසා.ඉතින් අම්භානෙක රිංගන්න ගුහා තියෙන ලංකාව වගේ රටකට ඔබත් එවා අස්සේ නිතර රිංගලා වෙනම ආතල් එකක් ගන්න බ්‍රෝ කෙනෙක් නම් මේ ටිප්ස් ටික වැදගත් වෙයි.

තනි සීන් එපා

ට්‍රැවල් සීන් එකේ ඉන්නවා නම් බලලා තියෙන්නෙම ඕන ෆිල්ම් එකක් තමයි “127 අවර්ස්“ කියන්නේ.ඒක ඇත්ත සිදුවීමක පොතක් පාදක කරන් හදපු ෆිල්ම් එකක්.බලලා නැත්තන් මේක කියවලා ඉවර වෙලා බලන්න.ඒකේ කතාවේන් ගන්න තියෙන ලොකුම පනිවිඩේ තමයි යන තැනක තනියම ට්‍රැවල් කරන්න යන්න එපා කියන එක.අඩුම ගානේ ඔලුව හැරුන අතේ යන්නේ නැතුව යන තැනක් දන්න කෙනෙක්ට කියලා යන්න කියන එක.විශේෂයෙන්ම ගුහා අස්සේ යනවා  කියන්නේ පොලව ඇතුලට ගොඩක් වෙලාවට යන නිසා තනියෙන් ගිහිල්ලා අනතුරක් උනොත් ඉතින් පනපිටින් වැලලෙන්න තමයි වෙන්නේ.එක නිසා අඩුම ගානේ යන සෙට් එක හතරත් පහත් අතර කන්ඩායමක් වෙනව නම් ශේප් බ්‍රෝ.

ලිමිට් එක තියාගන්න

ගුහා කියන්නේ ඔබට සමාවක් දෙන තැනක් නෙමෙයි බ්‍රෝ.එක වැරැද්දකින් පස් හරි ගල් ගොඩකින් යටවෙන්න යන්නේ සුලු මොහොතයි.එක නිසා ඒක ජෝක් කර කර යන්න පුලුවන් තැනක් නෙමෙයි.එක නිසා පුරුදුවෙන්න ගුහා අස්සේ යනවා නම් පලපුරුදු කෙනෙක්ගේ ගයිඩ් එක අනිවාර්යෙන්ම ගන්න බලන්න.මොකද අඩි 100ක් 200ක් පහලට ගිහිල්ලා තමන් නොදන්න දෙයක් පුරුදුවෙන්න හදනවා නම් ඒක ලොකුම අවදානමක්.එක නිසා කරන කරන ට්‍රෙනින් එකක් පොලව මතුපිට කරලා ඉන්නම වෙනවා.මොකද නිකන් කදු නගින්න වගේ නෙමෙයි ඔතන ගුහාවක් ඇතුලට යන එක.ගොඩක් ශක්තිය සහ සන්සුන් බව ඕන වෙනවා.එක නිසා තමන්ට කරන්න ,යන්න පුලුවන් ලිමිට් එකට වැඩ කරන්න බලන්න.

හරි කෑලී ලඟ තියාගන්න

Image credit Dr. Wasantha Weliange

මේක නම් ආයෙත් කියන්න ඕනේම නැති දෙයක්.ඕනේම සිහිකල්පනාව තියෙන කෙනෙක්ට තේරෙනවා ගුහාවක ලයිට් දාලා,පාරවල් හදලා ආ පුතීලා මේ පැත්තට යන්න කියලා බෝර්ඩ් ගහලා නැති විත්තිය.එක නිසා ටෝච්,අමතර ටෝච්,අමතර බැටරි, දේවල් වලට අමතරව අනතුරක් වෙන්න පුලුවන් හැකියාව වැඩි නිසා හැම කෙනා ලගම ප්‍රථමාධාර කිට් එකක්,කෑම සහ වතුර බෝතලයක් තියෙන එක වැදගත්.එ වගේම තව හිස් බෝතලයක්.එක මොකටද කියලා ඇහුවොත් බ්‍රෝ පුදුමත් වෙයි.එකෙන්ම චූ දාන්න.මේකට හේතුව තේල් වර්ග වගේම අපේ මුත්‍ර කෙලින්ම ගුහාවේ දැම්මොත් ඔබට එකේ ගඳ සති ගානක් යනකන් ඇතුලෙම තියෙන එක.ඔබ විතරක් නෙමෙයිනේ ඔවා ඇතුලට රිංගන්නේ.එක නිසා එතන පිරිසිදුව තියෙන එක ඔබේ යුතුකම.හැබයි ලංකාවේ ඔය වවුල්ලු ඉන්න කතන්දරේ නිසා ගොඩක් වෙලාවට ගුහා ඇතුලේ සුවඳ ගැන අලුතින් හිතන්න දෙයක් නෑ.

තෙත්වෙන්න එපා.

පලවෙනි දේ දාඩියයි කියලා ඕක ඇතුලට යනකොට කොට්න් වලින් හදපු ඇඳුම් නම් ඇදන් යන්න හිතන්නවත් එපා.පුලුවන් තරම් සින්තටික් මැටිරියල් එකක් අඳින්න බලන්න.ඒක ඉක්මනට වේලෙන නිසා සහ වතුර උනන්නේ නැති නිසා පහසුයි.හැබැයි ගුහා ඇතුලේ සාමානය උශ්නත්වයට වඩා සීතල වැඩි නිසා ඇඳුම් ලෙයස් දෙකක් වත් ඔවමනා වෙයි.තව ගල් වලට කැපෙන්න තැලෙන්න පුලුවන්කම එකෙන්ම අඩු කරගන්න පුලුවන්.එකමදේ එලියටම අඳින එක වතුර උරන්නේ නැති මැටිරියල් එකක් වෙන්නම වෙනවා බ්‍රෝ.

ගිලේන්න එපා.

තායිලන්තේ මේ ටිකේ උන කතාව දන්නවා ඇතිනේ ළමයි ටික කෝච් එක්ක ගුහාව බලන්න ගියා.එක පාරටම වතුර පිරුන නිසා ඔක්කොම ගුහාව ඇතුලටම ගියා.අන්තිමට කොනක හිරවුනා.ඉතින මේ කතාව ලංකාවේ අපේ ගුහාවලත් වෙන්න පුලුවන් නිසා.ඇතුලට රිංගන්න කලින් ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න.අදාල බලදාරින්ගෙන් අවසර අරන් හැමෝම දැනුවත් කරලා යන්න.මොකද වැස්ස,ගංවතුර කියන දේවල් ගුහාවක් ඇතුලට එන විදිය එන වේගේ මටවත් ඔබටවත් හිතාගන්න බැරි නිසා.කරන්න තියෙන හොඳම විසදුමක් තමයි වැස්ස කාලේ මග ඇරලා ඇතුලට යන එක.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න