ක්ලච් එකේ ලෙඩ ගැන දන්නවද

ඔටෝජියර් ලෙහෙසි තමයි හැබයි හරියට පාවිච්චි කරන්න පුලුවන්නම් බ්රෝ මැනුවල් ගියර් සිස්ටම් එකක් තියෙන වාහනයක් කිසිම අවුලක් නැතුව ඔටො ගියර් වාහනේකට වඩා ලොකු දුරක් යන්න පුලුවන්.හැබැයි එක හරියට පාවිච්චි නොකරොත් ලෙඩ දෙන්න පටන් ගන්න පලවෙනි තැන තමයි ක්ලච් එක.මේක ඉතින් අලුත් දෙයක් නම් නෙමෙයි මොකද ගියර් මාරුකරන මාරු කරන වාරයක් පාසා පාගන කලච් එක හින්දා ගෙවෙන්නෙම මේ ක්ලච් එක අන්තිමට පර්ස් එකට කෙලවන්නෙත් ක්ලච් එක.කොහොමින් කොහොමහරි ට්‍රැෆික් වල ඉන්නකොට ක්ලච් එක උඩ නැගගෙන යන සෙට් එකට ලෙඩ දෙන කොට මතක් වෙන්නේත් ක්ලච් එක.මුලින්ම පොඩියට ක්ලච් ස්ලිප් එකෙන් පටන් අරන පස්සේ දෙදෙරන්න පටන් අරන් අන්තිමට සද්ද බද්ද දක්වා ක්ලච්එක එපා වෙන්න වැඩ සිද්ද වෙනවා බ්රෝ.ඔය බස් වල එහෙම යන බ්රෝලා ජිවිතේ එක පාරක් හරි මේ දේ සද්දෙටම දැකලා ඇති.

ටිප් නම්බර් වන් – එලියට පෙනුනට ඇතුල කොහොමද

එලියට පේන්නේ ඇහෙන්නේ ඔය ටික උනාට ක්ලච් එකට එන්ජිම ඇතුලෙදී කොහෙන් හරි ලීක් උන ඔයිල් එහෙම වැටෙනවා නම් එකත් ඔය ලෙඩ ටික පටන් ගන්න හේතුවක්.එකයි කියන්නේ ඔයිල් ලීක් තියෙනවා නම් අනිවා ඉක්මනට චෙක් කරන්න ඕන කියලා.නැත්තන් ලීක් උන හේතුවට විතරක් නෙමෙයි වෙන වෙන තැන් හදන්නත් ගෙවලා තමයි නවතින්න වෙන්නේ.ඉතින් ක්ලච් එකේ මේ වගේ ඩිස් එන්ගෙජ්මන්ට් ප්‍රශ්න එන්න හේතු තමයි ගොඩක් වෙලාවට හයිඩ්‍රොලික් ලීක් සහ එහෙන් මෙහෙන් සද්ද ඇහෙන එකට ඔය ක්ලච් කෙබල් වල එහෙම හරියට බේයාරින් කරලා නැති එක.එවා කොහොමත් දන්න උදවියට කියලා හදාගන්න ඔන නිසා ඊලගට බලමු ක්ලච් ස්ලිප් වෙනවා කියන්නේ මොකක්ද කියලා

ටිප් නම්බර් ටූ – ස්ලිප් විල්ල කොහොමත් වෙනවද

ඇත්තටම කිව්වොත් බ්රෝ ක්ලච් කියන්නේ එක ස්ලිප් වෙන්නම ඕන දෙයක්.එතකොට මේ ක්ලච් ස්ලිප් විල්ල කොහොමද ලෙඩක් වෙන්නේ? එක වෙන්නේ මෙහෙමයි බ්රෝ.ඔය ගියර් දාන කොට වාහනේ පනින්නැතුව ගැස්සෙන්නේ නැතුව සුමූත් එකේ ශේප් එකේ ගානට බබා වගේ ගියර් එක මාරු කරන්න ක්ලච් ස්ලිප් වෙන්න ඕනේ.එකෙන් වෙන්නේ ගියර් පද්ධතියෙන් එක්න අනවශය වයිබ්රේශන් එක අඩුකරලා වැඩේ ශේප් කරන එක.හැබැයි ක්ලච් එක ෆුල් ෆ්‍රී කරාම ක්ලච් එකෙන් එන්ජිමයි ගියර් සිස්ටම් එකයි අතර කනෙක්ශනෙක තියාගන්න ඕනේ එහෙම උනේ නැත්තන් වෙන්නේ එන්ජිමේ හදන පවර් එක රෝද වලට හරියට යන්නේ නැති එක.ඉතින් මේන්න මේ ලෙඩෙට තමයි කියන්නේ කලච් ස්ලිප් වෙනවා කියලා.

ටිප් නම්බර් ත්‍රී – දරාගන්න බැරි නම් මොකද කරන්නේ

එන්ජිමට දරාගන්න බැරි තරමට හිතාගන්න බැරි තරමට ලොකු ලෝඩ් එකක් ආවාම තමයි මේ ස්ලිප් සීන් එක වෙන්න ගන්නේ.අපේ පුතීලා ඔය ලොකු ගියර් වල දාලා හෙමින් ලොටන්න ගත්තම හරි කන්දකදී එකපාරම වාහනයක් ඔවර්ටෙක් කරන්න වේගෙන් යන්න පටන් ගත්තාම හරි බරක් වාහනේ ඇතුලේ හරි තවත් වාහනයක් ඇදගෙන යනකොට මේ කිව්ව ක්ලච් ස්ලිප් විල්ල වෙන්න පුලුවන් බ්රෝ.මේක එක පාරම වෙන්නේ නෑ.ටික ටික ටික ටික තමයි වෙන්නේ.ඔය ස්ලිප් වෙන්න ගත්තම එතන ඇතිවෙන ගැටීම නිසා රත්වෙන්න ගන්නවා.ඊට පස්සේ ගෙවෙන්න ගෙවෙන්න අල්ලන් ඉන්න පුලුවන් හැකියාව ක්ලච් එකට අඩුවෙනවා.අන්තිමට රත්වෙන එක උපරිමේට ඇවිල්ලා පිච්චෙනවා.අන්න එතකොට තමයි ඔය ෆ්ලයිවීල් ප්‍රේශර් ප්ලේටුත් කෙලවලා පිච්චෙන ගඳකුත් එන්නේ.

ටිප් නම්බර් ෆෝ – පහු පහු වෙනකොට කොහු කොහු වෙනවද

හැබයි පුතී ඔය උඩ කිව්ව සෙල්ලං ටික නොදැම්මත් කාලෙත් එක්ක පාවිච්චි වෙන්න වෙන්න ක්ලච් එකේ කොටස් ගෙවෙන එක නවත්තන්න බෑ.එක නිසා අඩුම ගානේ හැම කිලොමිටර් 50000 කට පස්සේ වත් ඕක චෙක් කරන්න පුලුවන් නම් ශේප්.මොකද එහෙමවත් කරන්නේ නැති පුතීලනේ ගොඩක් ඉන්නේ.කොහෙමෙන් කොහොම හරි අලුතින් දාපු ක්ලච් එකත් ස්ලිප් වෙනවා නම් අන්න එතනදී නම් බලන්න වෙනවා ඔය ක්‍රැන්ක්ශාෆ්ට් සීල් එකෙන් හරි ට්‍රාන්ස්මිශන් ශාෆ්ට් සීල් එකෙන් හරි ලීක් වෙන ඔයිල් වැටිලා ස්ලිප් සීන් එකක් වෙනවද කියලා.එක නෙමෙයි නම් හරියට ඇජස්ට් කරලා නැති රිලිසින් සිස්ටම් එකක් හරි කඩතොලු උන කෙබල් අජස්ටර් එකක් හරි වැරදියට හයිවෙච්ච රිලිසින් බෙයාරින් එකක් හරි ,මොකක් හරි අවුලක් තියෙන ෆ්ලයිවීල් එකක් ඔය ලෙඩෙට හේතුවක් වෙන්න පුලුවන්.එක නිසා කලච් ස්ලිප් වෙන්න ගත්තම අලුතින් ඔවා දාන්න කලින් අනිත් දෙවල් චෙක් කරවලා දාන්න.නැත්තන් සල්ලි අපරාදේ.

ටිප් නම්බර් ෆයිව් – දැනගෙන දාමුද නොදැන දාමුද

ක්ලච් ස්ලිප් සීන් එක චෙක් කරගන්නේ කොහොමද කියන එක දැනගෙන ඉන්න එකත් වැදගත් බ්රෝ.ඉතින් ලෙහෙසිම දේ වාහනේන් ටෙස්ට් ඩ්ර්යිව් එකක් යන එක.එකට ලොකු ගියර් එකක් දාලා ටිකක් හෙමින් යන්න බලන්න.එතනදී එන්ජිම රේස් වෙනවා නම් ක්ලච් එකට බඩු පැකට් වෙලා සොරි වෙලා තියෙන්නේ.හදන්න වෙනවා. අනෙක් විදිය තමයි වාහනේ නතර කරලා ටයර් වලට අඩ තියලා හැන්ඩ් බ්රේක් ඇදලා වාහනේ හයි ගියර් එකකට දාලා හෙමින් ක්ලච් එක දෙන එක.මෙහෙම කරද්දී එක පාරම නවතිනවා නම් ලෙඩක් නෑ,ප්‍රශ්නයක් නෑ ගැටලුවක් කරගන්න එපා බ්රෝ.හැබයි පුතී ක්ලච් එක නිදහස් කරලත් එන්ජිම තාම දුවනවා කියන්නේ ඔබේ පර්ස් එකට දෙයියන්ගෙම පිහිටයි.යන්න වෙනවා හදාගන්න.

බොනස් ටිප් – තව පොඩි දෙයක් බ්රෝ 

ඔය ඔක්කොම ටෙස්ට් කරන්න කලින් බලන්න ක්ලච් ෆ්ලුඉයිඩ් රිසිවර් එක.(ඔයිල්)එක තියෙන්නේ බ්‍රේක් මාස්ටර් සිලින්ඩර් එක ලග.අවශය ගානට බඩු තියෙනවා නම් අවුලක් නෑ.එ වගේම සමහර වාහන වල බ්‍රේක් මාස්ටර් සිලින්ඩර් එකෙන්ම ඔයිල් ගන්න නිසා එතනදී ඒක චෙක් කරන්න ගානට තියෙනවද කියලා. එවගේම ඔය කරවෙන පිච්චෙන ගඳක් එන හැම වෙලේම එක ක්ලච් ස්ලිපින් නෙමෙයි.මොකක් හරි ඉලෙක්ට්‍රීක් වයරින් එකක අවුලක් හරි ලීක් සීන් එකක් වෙන්නත් පුලුවන්.