ඇය අකමැතිනම් මොකද කරන්නේ

මේ ලෝකෙ තියෙන කරදරකාරීම මේලෝ රහක් නැති හැඟීම් වලින් එකක් ගැන තමයි බ්රෝ මේ බලන්න යන්නේ,එ තමයි උඹ ලව් එයා මල ඉලව් වුන අවස්තාවක් ගැන.තේරෙන සිංහලෙන් කිව්වොත් එ කියන්නේ උඹ ගැන කිසිම ආදර හැඟීමක් නැති කෙනෙක්ට උඹ ගොනා සේ ආදරේ කරන එක.

මේ වැඩේ තවත් දෙල් වෙලා උඹට සොරිම වෙලා ඔක්කොම එපා වෙන්නේ උඹ ඔය වන්සයිඩ් ලව් කරන කෙල්ලත් එක්ක වෙන සම්බන්දයක් පවත්වනවා නම් හරි උඹට අකමැත්තෙන වුනත් ඇය ඉන්න හරියේ නිතරම ඉන්න වෙනවා නම් හරි තමයි .උදාහරනෙකට අපි හිතමු උඹේ ක්ලාස් එකේ,නැත්තන් කැම්පස් එකේ,එහෙමත් නැත්තන් ඔෆිස් එකේ ඇය ඉන්න හරියෙම උඹට ඉන්න වෙනවා කියලා..ඉතින් හැමදාම දැක දැක හිතින් දුක් වෙවි නාහෙන් අඬ අඬ අපිට කොහෙද බූල් බල්ලෝ කිය කිය ඉන්නේ නැතුව මේ ජංජාලෙන් බේරිලා ශේප් වෙලා ගොඩ යන්න පුලුවන් විදි නම් කිහිපයක්ම තියෙනවා පුතී හිමීට පහලට කියවගෙන යමු.

ඉතින් මේ මිශන් එකේ උඹේ පලවෙනි ඔබ්ජෙක්ටිව් එක වෙන්න ඕනේ ඇයගෙන් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න එක,ඊලගට උබේ අනාගතය ගැන වැඩිපුර අවධානය යොමු කරන එක.හේතුව එ කෙල්ල නම් තව එකෙක් එක්ක යයි යන්න උඹ හැමදාම ඇඹලයා වගේ පස්සෙන් ගිහිල්ලා අන්තිමට වැලේ වැල් නැතිවෙන්න කලින් හොඳම දේ එයාගෙන ඇත්වෙලා තමන්ගේ වැඩක් කරගන්න එක,එ වගේම ඇය උඹ ගැන මොන විදියටද හිතන්නේ කියන එක ගැනත් පරිස්සමට කල්පනා කරලා බලලා එ විදියට උත්තරේ දීගෙන ශේප් න්‍යාය දාගෙන ඉන්න බලන්න පුතී.එ වගේම පහල ටිප් ටිකත් අනිවා හෙල්ප් එකක් දෙයි ශේප් එකේ බලන් යමු.

ටිප් නම්බර් වන් – ඇඹලයා වෙන්න එපා

සීනී බෝතලේට එන ඇඹලයා දැකලා තියෙනවද බ්රෝ.උත් සීනී බොතලේ ලග කැරකි කැරකි හිටියට සීනී කන්නේ වෙන කවුරු හරිනේ.ඉතින් මෙතනදිත් එ වගේ වෙලා අපිටත් ලැජ්ජ කරන්න එපා.ඕන ගානට සීනී හම්බෙන්නේ නැත්තන් එතනින් තව බොතලයක් හොයන් යන ටයිප් එකේ ඇඹලයෙක් උනාට නම් අවුලක් නෑ.හැබයි එකම බොතලේ ලග කැරකිලා ජිවිතේම නැතිකරගන්න ටයිප් නම් වෙන්න එපා පුතී.

ඉතින් දැන් ඔය උඹ කැරකි කැරකි ඉන්න සීනී බෝතලේ දාලා යන්න නම් පටන් ගන්න හොඳම විදිහ තමයි, මේ වගේ සම්බන්ධයක් දිගටම තියාගෙන ඉන්න එකෙන් වෙන හානිය ගැන කෙලින්ම කියන එක.හැබැයි ඇයත් එක්ක ඉන්න බැරි හේතු හරියට පැහැදිලිව කියන්න ඕන.එක කරන්න හොඳම විදිය තමයි.අනං මනං හැංගිලි සෙල්ලම් නැතුව ෆේස්ටු ෆේස් කතාකරන එක.හැබයි එහෙම බැරි නම් විශේශයෙන්ම ඔෆිස් එකක වගේ නම් කෝල් එකක් දීල හරි, මැසේජ් එකක් යවල හරි කිව්වට අවුලක් නෑ.

‍ඕක කියන්න ගත්තාම මෙන්න මේ වගේ දෙයක් කියන්න : “අපි දෙන්නා හිතන විදිහ වෙනස් කියලා මන් දන්නවා, ඒ හින්දා අපි තවත් එකට එහෙ මෙහෙ යන එක නවත්තමු“ ආයෙත් නිකන් අනංමනං ටොක්ස් නැතුව ඔය වගේ මන්න පාරක් ගැහුවා වගේ ඩිරෙක්ට් ටොක්ස් එක දුන්න නම් වැඩේ පිස්සු කොර.හැබයි මොනවා කිව්වත් පුතී තමන්ගේ ස්ටේටස් ,කාඩ් කුඩු කරගන්නේ නැතුව බොහොම ජෙන්ටා විදියට හිතරිද්දන්න නැතුව (බය වෙන්න ඕනේ නෑ ඒක වෙන්නේම නෑ)පොඩි කෙයාරින් සීන් එකක් තියෙනවා වගේ කියන්න බලන්න.එ වගේම මොනවා කරත් කතාවේ අන්තිම ප්‍රතිපලය වෙන්න ඕනේ ඇයව හම්බෙන එක නතර කරන එක හරි පුලුවන් උපරිම අඩු කරන එක.

ටිප් නම්බර් ටූ – කිව්වනම් කරපන්

දැන් ටොක්ස් එක දීලා පොර වගේ ඇත් උනානේ.එහෙම කරා නම් ටොක්ස් වගේම ඒක ක්‍රියාත්මක කරන එකත් වගකීමත් උඹේම තමයි බ්රෝ.එහෙම කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ඇය එනකොට උඹ පිස්සෙක් වගේ….පිස්සෙක් වගේ දුවලා හැංගෙන්න ඕන කියලා.හැබයි ඇය එතනට එනවා කියලා දැන දැන උඹ එතනම ඉන්නවා නම් අන්න එතනින් ඩිස්මිස් වෙලා යන්න ඕනේ.යන ගමන් දැක්ක නම් පොඩි හිනාවක් දැම්ම ශේප් එකේ මාරු උනා.එච්චරයි.වැඩේ සිම්පල්.

හැබයි පුතී මේ වැඩේ හරියන්නේ අර ටොක්ස් දෙන වෙලාවේ ඇය එවට එකඟායි කියලා කිව්වොත් විතරයි .නැත්තන් ඉතින්  මෙහෙම ඩිස් මිස් වෙන එක එක පාරටම කරන්න හැදුවොත් ඔතන ප්‍රශ්නයක් එනවනේ.එක නිසා ටික ටික ශෙප් වෙන්න බලන්න.හැබයි ගොනා සේ ගිහිල්ලා “මට ඔයාව තවත් හම්බෙන්න බැහැ“ වගේ දේවල් ඔක්කොම ඉස්සර කියලා නොන්ඩි නම් වෙන්න එපා බ්රෝ.

ටිප් නම්බර් ත්‍රී – එලියට බැස්සද? බැස්සුවද? අදාල නැද්ද?

මේ ටිප් එක නම් ලංකාවේ බ්රොලට ලොකුවට බලපාන්නේ නෑ හැබයි පිටරට ඉන්න අපේම පුතීලට නම් ගැලපෙන්න පුලුවන්. එ කිව්වේ ඔයාල දෙන්න එකට ජීවත් වනවා නම් (ලිවින් ටුගෙදර්), ඇයගෙන් අයින් වෙලා යන එක වැඩිය හොඳම.ඇයත් එක්ක එකේ ජීවත් වෙන්න ගියාම උඹට හැමදාම එයාට කරුනු පැහැදිලි කරල දෙන්න වෙනවා නම් ඉතින් ප්‍රශ්නයක් නේ.එකෙන් ඇත්තටම දෙන්නම අනවශ්‍ය ආතතියකට ලක් වෙන්නත් පුලුවන්.

එක නිසා කරන්න පුලුවන් හොඳම දේ තමයි,දෙන්නම එකම කාමරේ නම් ජිවත් වෙන්නේ,උඹ වෙන තැනක් හොයාගන්න කන් යාලුවෙක්ගෙ ගෙදරක හරි කොහේ හරි යන එක.එහෙම නැතුව එකම අපාර්ට්මන්ට් එකක වෙන වෙනම කාමරවල නම් ඉන්නෙ, එතනින් අයින් වෙලා කාමරෙ දෙන්න වෙන කෙනෙක් වත් හොයාගන්න එක.

ටිප් නම්බර් ෆෝ – ඇගේ ප්ලැන් එපා!

ඇය කරන කියන දේවල් යන එන තැන් අශ්‍රය කරන සෙට් එක ,ට්‍රිප්, වෙනත් ගමන් බිමන් හැමදේම පුලුවන් තරම් මඟහැරපන් බ්රෝ. එ වගේම ඇයට කෝල් කරන මෑසේජ් කරන වාර ගාන වගේම අඩුම ගානේ ෆේස්බුක් එකේ ලයික් එකක් දාන එකත් අතහැරලා දාපන් බ්රෝ.තමන් කිව්ව වචනෙට ගරු කරන්න පුරුදු වෙයන්.එකෙන් ඇයව හම්බෙන වාර අඩුවෙනවා වගේම උඹට වෙන කෙනෙක් ගැන හිතන්න,උඹට වැදගත් දෙයක් කරන්න කාලය ඕන තරම් ලැබෙන එක ආයේ අහන්න දෙයක් නෙමෙයි.එ වගේම ඉන්න යාලුවෝ සෙට් එකත් මේ ගැන දැනුවත් කරලා තියෙන්න පුලුවන් නම් උන්ගෙනුත් මේක මඟහැරලා අමතක කරලා අලුත් දෙයක් පටන් ගන්න සප් එකක් ගන්න බැරි වෙන එකක් නෑ.(පොඩ්ඩක් බයිට් වෙන්න වෙන එක වෙනම කතාවක්.)

ටිප් නම්බර් ෆයිව් – වැදගත්ම වටිනම දේ

මොකක් හරි හේතුවක් හදාගෙන උඹට පෙරලා ආදරේ නොකරන කෙල්ලෙක්ගෙන් අයින් වෙන්න තියෙන හොඳම විදිහ තමයි බ්රො ඇත්තටම උඹව අගය කරන උඹට ආදරය කරන කෙල්ලෙක් හොයාගන්න එක.එක කරන්න ඕන කියලා හිත හිත අර ලව් වෙනුවට මල ඉලව් දෙන කෙල්ල ලඟ ඉදලා හරියන්නේ නෑනේ.එකට කරන්න ඕනේ උඹ තවතවත් කට්ටිය අඳුරගන්න එක.එක ෆේස්ටු ෆේස් කරන්න බැරි නම් අඩු ගානේ ෆේස්බුක් එකෙන් වත් ගොඩ දාගන්න බලන්න.තව නැතිවෙන්න දෙවල් නැති එකේ ඔය එකක් දෙකක් ට්‍රයි කරලා බැලුවට වරදක් නෑනේ බ්රෝ.

හැබයි එක දෙයක් පුතී.කිසි දේකට හදිස්සි වෙන්න නම් එපා.පොඩ්ඩක් කල් යල් බලලා ගන්න තීරනයක් ගන්න.නැත්තන් හිටියට වඩා අමාරුවක වැටෙන්න පුලුවන් ඉක්මන් තීරන ගන්න ගිහිල්ලා.