සුරාන්තය පරක්කු කරන්න දන්නවද

තේරෙන සිංහලෙන් කිව්වොත් ඔය සුරාන්තය කියන්නේ බ්රෝ කෙනෙක්ගේ නම් සවයංවින්දනයෙදී හරි ලිංගික සංසර්ගයෙදි හරි උපරිම අවස්ථාවෙදී ශුක්‍රානු පිටවෙන මැකනිසම් එකට කියලා දන්නවනේ.කාන්තාවකගේ නම් සුරාන්තයෙදී පිටවෙන්නේ තරලයක්.එ වගේම මේ වැඩේ කන්ට්‍රෝල් වෙන්නෙ අපේ තියෙන මධය ස්නායු සිස්ටම් එකෙන්. ඔය ශිෂ්නයේ තියෙන ශිෂ්න මුන්ඩයේ(ඔව් ඔව්..එ කියන්නේ ඔබේ වැදගත්ම උපකරනේ ඉස්සරහම පාර්ට් එක) උත්තේජනය උනාට පස්සේ තමයි අන්තිම රිසල්ට් එක විදියට මේ ශුක්‍රානු පිටවීම සිද්ධ වෙන්නේ.

තව ඔකට පොඩ්ඩක් ඇඩ් කරොත් ඔය ශිෂ්න මුන්ඩය කියන පාර්ට් එක වැහිලානේ තියෙන්නේ.එකට කියන්නේ පෙර සම කියලා.කලින් ලිංගිකව එකතු නොවුන බ්රෝ කෙනෙක් නම් ඔය සම පස්සට එන්නේ ශිෂ්න මුන්ඩය දක්වා විතරයි.ඉතින් ලිංගිකව එකතු උනාට පස්සේ ඔය සම ශිෂ්න මුන්ඩය ඉක්මවලා පහලට යනවා.ඕන්න ඔකට තමයි “නූල කැඩෙනවා“ කියලා කියන්නේ.ඉතින් මේ සුරාන්තය පරක්කු කරන ඕන ටිප්ස් ටික ඔක්කොම පහල තියෙනවා ශේප් එකේ බලාගෙන යමු.

ටිප් නම්බර් වන් – හරි තොප්පිය දාගන්න

කොන්ඩම් එහෙමත් නැත්තන් ආරක්ශිත කොපු කියන එක දන්නවනවනේ.ඕකක් දාලා අදාල වැඩේ කරනවා කියන්නේ කොහොමත් සුරාන්තයට යන පාර දිග වෙනවා කියන එක.එක කොහොමද වෙන්නේ කියන එක ලොකුවට හිතන්න ඕනේ නෑ බ්රෝ.මොකද කොන්ඩම් එකක් දැම්මට පස්සේ එකෙන් ඔය කලින් කිව්ව ශිෂ්න මුඩය පාර්ට් එක වැහෙන නිසා එකට ලැබෙන උත්තෙජනය පොඩ්ඩක් අඩුවෙනවා.ඉතින් මෙහෙම වැඩේ අල්ලන් ඉන්න කාලේ තවත් වැඩි කරන්න ගන්න ඕනේ නම් එකටම හරියන කොන්ඩම් වර්ග වෙනම ගන්න තියෙනවා සුපර්මාකට් වල,ෆාමසි වල.

එ ජාතියේ කොන්ඩම් වල තියෙනවා බෙන්සොකෙයින් කියලා කෙමිකල් එකක්.එකෙන් අර කලින් කිව්ව උත්තෙජන පාර්ට් එක අඩු කරනව,එ කිව්වේ ශිෂ්නය පොඩි හිරිවැට්ටිමකට වගේ ලක් කරනවා.අර දත් ගලවනකොට හිරි වට්ටන්නේ රිදෙන්නේ නැතිවෙන්න.අන්න එ වගේ.ඉතින් එක නිසා සුරාන්තයට ලංවෙන්න වෙනදට වඩා කල් යනවා.එකෙන් ඉතින් බ්රෝ කෙනෙක් විදියට තමන්ගේ තෘප්තිය ලැබෙනවද කියන එක ප්‍රශ්නයක් හැබයි ඔන කරන වැඩේ නම් වෙනවා.

හැබයි පුතී තව දෙයක් මතක තියාගෙන ජෙල් එක හරි ක්‍රිම් එක හරි ඇතුලට එන විදියට තමයි කොන්ඩම් එක දාගන්න ඕන.වැරදිලා හරි එවා පිටත පැත්තට දාලා අදාල වැඩේ කරොත් ඔබේ සහකාරියට තමයි අර කියපු හිරිවැටීම ඇවිල්ලා දැනෙන්නේ නැතුව යන්නේ.අන්තිමට කියයි කිසි දෙයක් දැනුනේ නෑ කියලා. එක නිසා පැත්ත වරද්ද ගන්න එපා.එ වගේම ඔය කෙමිකල් වලට කලාතුරකින් ඇලජි ඇතිවෙන්න පුලුවන් නිසා දැවිල්ලක්,කැසිල්ලක් එන්න ගත්තොත් ඩොක්ටර් කෙනෙක්ව හම්බෙන්න.

ටිප් නම්බර් ටූ – ජෙල් ගාලා… හිස පීරන් නෑනෝ!

ඔය කලින් කිව්ව කොන්ඩම් කතාවේ තිබ්බ ජෙල් එක වගේ ක්‍රීම් සහ ජෙල් වර්ග වෙනම ගන්න තියෙනවා.කලින් කිව්වා වගේම මේ කියන නිර්වින්දක ජෙල් හරි ක්‍රිම් එකෙනුත් කරන්නේ අර හිරිවට්ටලා හැගිම් දැනීම අඩු කරලා උත්තෙජනය වෙන එක අඩු කරන එක.තේරෙන සිංහලෙන්ම ශිෂ්න මුන්ඩය චූන් වෙන එක අඩු කරන එක තමයි කරන්නේ.ඉතින් වැඩ අල්ලන නැකතට කලින් මේ ජෙල් හරි ක්‍රිම් හරි ශිෂ්න මුන්ඩයේ ගාලා ටිකක් වෙලා හිටිය නම් කාලේ දික් කරගන්න පුලුවන්.හැබයි පුතී ආයෙත් කියන්නේ මෙකෙනුත් බ්රෝ කෙනෙක්ට ලැබෙන තෘප්තිය ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්.

ටිප් නම්බර් ත්‍රී – පුල් ප්රෙසර් දෙන්න ප්රෙන්!

සුරාන්තය ලඟයි කියලා තමන්ට තේරෙන කොට පොඩි ප්‍රෙසර් එකක් දීලා ඇඩේ අඩාල කරගන්න පුලුවන් තැන් දෙකක් තියෙනවා බ්රෝ.එකක් තමයි සුරාන්තය ලංවෙනවා කියලා දැනුනම ඔබේ වුෂණ කෝශ දෙකයි ගුද විවරය තියෙන තැනයි මැද්දට පොඩි ප්‍රෙශර් එකක් දෙන එක මොකද මෙතනින් තමයි ශුක්‍රානු තියෙන තරලේ මුත්‍රා මාර්ගෙට එන්නේ.මේ ක්‍රමේයි ඊලගට කියන්න යන ක්‍රමෙයි වාසිය තමයි යෝනි මාර්ගය ඇතුලේ ශිෂ්නය තියාගෙනම වැඩේ කරන්න පුලුවන් වෙන එක.

දෙවැනි විදිය තමයි සුරාන්තය ලංවෙනකොට වුශන කෝශ තියෙන මල්ල පහලට පහල ඇදලා ප්‍රෙශර් එකක් දෙන එක.මේක සමහර බ්රෝල නම් දන්නවත් ඇති හැබයි නොදන්න පුතීලට මතක තියෙනවද දන්නේ නෑ සුරාන්තය ලංවුනාම වුශන කෝශ තියෙන මල්ල හැකිලිලා අපේ ශරීරයට ලංවෙන එක.ඉතින් එහෙම වෙන්නෙ දෙන්නේ නැතුව සුරාන්තය තව දික් කරගන්න පොඩ්ඩක් ශරීරයෙන් එලියට ඕක ශේප් එකේ ඇදලා බලන්න.

එකට තමන්ගේ සහකාරියගේ උදව් ගන්නත් පුලුවන්.හැබයි එක දෙයක් පුතී මුලින්ම බලන්න සහකාරිය දැලි පිහි වගේ නියපොතු වවලද කියලා,ඊලගට කියන්න අදින දෙයක් හෙමින් අදින්න කියලා.නැත්තන් ඔය අල බතල ගලවනවා වගේ ඕක ඇදලා පස්සේ අදාල වැඩේ කෙසේ වෙතත් ඉස්පිරිතාලේ තමයි යන්න වෙන්නේ.

ටිප් නම්බර් ෆෝ – නවත්ත නවත්ත ගමනේ යෑම

මෙතන තියෙන ලේසීම ක්‍රමය.ඔය අත්ට්‍රැක්ටර් වැඩ කරන බ්රෝලා උනත් දන්න කියන සිම්පල් ප්ලෑන් එකක් තමයි සූරාන්තයට ලංවෙන්නම ගියාම කරන වැඩේ පොඩි තත්පර ගානකට නවත්වන එක.එකට තත්පර 20-30ක් වගේ කාලයක් ඇති.ඊට පස්සේ ආයෙත් මහන්සි වෙන වැඩ කටයුතු පටන් ගන්න පුලුවන්.හැබයි මේකේ තියෙන අවාසිය තමයි සමහර වෙලාවට සහකාරිය ඔය නවත්ත නවත්ත යන ගමනට අකමැති වීම.එක නිසා වේග සීමා අදුරගෙන ප්‍රවේසමෙන් රිය පදවන්න මතක තියාගන්න බ්රෝ.

ටිප් නම්බර් ෆයිව් – මිරිකලා ගන්න බලන්න

මේකත් කලින් එක වගේම සිම්පල් ප්ලෑන් එකක්.සුරාන්තයට ලං වෙනකොට යෝනි මාර්ගයෙන් ශිෂ්නය එලියට අරගෙන ශිෂ්න මුන්ඩයත් ශිෂ්න දඩු කොටසත් සෙට්වෙන තැන ඇගිලි දෙකකින් පොඩ්ඩක් තද කරගෙන ඉන්න.තත්පර දහයක් වගේ ශේප්.ඊට පස්සේ තව තත්පර 30ක් වගේ ඉදලා අදාල කර්තවය පටන් ගන්න.එ වගේම මේ ක්‍රමය ටිප් නම්බර් 4ට වඩා පොඩ්ඩක් සාර්තකයි.හැබයි ඉතින් එකම අවුල කලින් කිව්වා වගේ යොනිමාර්ගයෙන් ශිෂ්නය එලියට ගන්න වෙන එක තමයි.

Comments are closed.