පඩිය වැඩි කරගන්නේ කොහොමද

"පඩිය,සැලරි එක,වැටුප,වේතනය,වගේ එකි මෙකි නොකි ඔක්කොම නම් වලින් කියන්නේ ඉතින් මාසේ රෝල ගහගන්න හම්බෙන ජොබ් එකෙන් හම්බෙන සොච්චම් සල්ලි ටිකකට කිව්වොත් වරදක නෑනේ බ්රෝ.ඉතින් ඕක ඉබේ වැඩි වෙනවා නම් අපි හැමෝම කැමතියි"

“ඉන්න ලංකාවේනේ,එ ගොල්ලෝ බොස්ලනේ, පඩිය වැඩි වෙන්නේම නෑනේ.” වගේ රටාවක් නේ හැදිලා තියෙන්නේ.වැඩිකරත් ඇගට දැනෙන්නේ නැති ගානකින් නමට විතරක් කරා කියන්න වැඩි කරලා ඔක්කොම ලාබේ තමන් ගන්න බලන උදවියනේ ගොඩක් ඉන්නේ.හොඳ ආයතන නැතුව නෙමෙයි.හැබැයි ගොඩක් ආයතන වල තත්වේ ඕකනේ.

ඉතින් හැමදාම මේ විදියට ඉන්න බැරි නිසා පඩිය පොඩ්ඩක් වැඩි කරලා දෙන්න කියලා අපේ බ්රෝලා ශේප් එකේ බොස්ට අයිඩියා එකක් දානවා.මෙතනදී වැරදී දෙයක් එහෙම කියෙව්වොත් සමහර විට ඊලගට තියෙන ප්‍රමෝශන් එක උනත් නැතිවෙන්න බැරි කමක් නෑ බ්රෝ.එ වගේම ඉල්ලන් කන වැඩක් කියලා හිතෙන්නත් පුලුවන්,තව එකට වැඩ කරන තව කාගේ හරි ඕකෙන් කරදර වෙන්නත් පුලුවන්.හැබයි එකක්! ඕක හිරකරන් හිටියා කියලා නම් වැඩක් වෙන්නේ නෑ බ්රෝ! හැබයි එහෙම කියලා ඕන ඕන විදියට ඕක වැඩි කරන්න කියලා අහන්න බෑ.එක අහන කොට කතාකරන්න ඕන නැති දේවල් පහල තියෙන්නේ ශේප් එකේ බලාගෙන යමු.

රූල් නම්බර් වන් – වෙලාව බලාගත්තද?

වෙලාව තමයි වැදගත්ම දේ බ්රෝ.කම්පැනියට කෙලවෙලා,ලාභ අඩුවෙලා,සොරි වෙලා,ලොස් පිට ලොස් නම් තියෙන්නේ එ වගේ තැනකින් පඩිය වැඩි කරන්න කියලා ඉල්ලනවට වඩා හොදයි වෙන රස්සාවක් ශේප් එකේ හොයාගන්න එක.නැත්තන් එතනම ඒ ගානටම දුකසේ රස්සාව කරගෙන ඉන්න තියෙන්නේ කට වහගෙන.එ වගේම ලොකුවට සොරි වෙලා නැති උනත් කම්පැනියේ තියෙන අමතර වියදම් අඩු කරගන්න හැමතිස්සෙම දගලනවා නම් පොඩ්ඩ ඇත්තන් හැමදේටම තිතට් නුලට බලලා වියදම් අඩුකරගන්න තියෙන ඔක්කොම සෙල්ලම් දානවා නම් එහෙම තැනකින් සැලරි වැඩිකරන්න කියලා අහන්න කලින් පොඩ්ඩක් හිතන්න බ්රෝ.මොකද තියෙන එවා ඔක්කොම කපාගෙන කපාගෙන යනවා කියන්නේ පඩිය වැඩිකරන්න කියලා ඇහුවට පස්සේ උඹවත් කපලම දාන්න ඉඩ තියෙන නිසා.ඒක නිසා පරිස්සමෙන්.

හැබයි පුතී,බිස්නස් එක ලොකු වෙවි ,ලාභ ඉතිරිලා විසිරිලා පිපිරිලා යන කම්පැනියක නම් ඉන්නේ,ආයෙත් ඉතින් හිතන්න දෙයක් නෑ.ආයෙත් සැක සංකා තියාගන්නේ නැතුව කෙලින්ම ගිහිල්ලා අහන්න සැලරි එක වැඩි කරලා දෙන්න පුලුවන්ද කියලා.මොකද තැටිය රත් උන වෙලාවට රොටිය පුච්ච ගත්තේ නැත්තන් පස්සේ බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ බ්රෝ!.

රූල් නම්බර් ටූ – “එදා ඉදන් තාම නෑනේ“

ඔබට දෙන සැලරි එක කියන්නේ කම්පැනියකට නම් එකෙන්ම වියදමකට වඩා ආයොජනයක් එ කිව්වේ ඔබ ජොබ් එකේ පලපුරුද්ද වැඩි වෙන්න වෙන්න කම්පැනියට වාසි නිසා.හැබයි දැන් එහෙම කියලා මට ගිය අවුරුද්දේ ඉදන් මේ වෙනකන් පඩි වැඩි කරේ නෑ කියලා කිව්වොත් නම් පුතී උඹ ෆේල්.හේතුව කම්පැනිය උඹට කරන ආයොජනය තව වැඩි කරන්න නම් කලින්ට වඩා දෙයක් උඹ දැනගෙන හරි ඉගෙන ගෙන හරි තියෙන්නම ඕන.හැබයි ඒක කම්පැනියේ වැඩ වලට උදව්වක් වෙන්නම ඕනේ.අන්න එහෙම සීන් එකක් නම් සැලරි එක වැඩි කරලා ඉල්ලන එක සාධාරනයි.

රූල් නම්බර් ත්‍රී – අත් දෙකයි වැඩ ගොඩයි නම් එපා

 

වැඩකරන තැන ඉන්ටවිව් එකේදී කතාකරගත්ත දේවල් වලට වඩා වැඩ කරනවද බ්රෝ.එ කිව්වේ තව දෙන්නෙක්ගේ තුන්දෙනෙක්ගේ වැඩත් එහෙම්ම අදිනවද බ්රෝ?එක නම් අවුල් තමයි හැබයි සැලරි වැඩි කරගන්න ගිහිල්ලා ඔය කතාව “මම තුන් දෙනෙක් ගේ වැඩ තනියමක් කරනවා“ කියලා නම් කියන්න එපා.පලවෙනි දේ බොස් එක කොහොමත් දන්න දෙයක් නිසා.දෙවෙනි දේ සමහර විට අනෙක් වැඩකරන සෙට් එකත් එහෙම කරන්න පුලුවන් නිසා.එක නිසා ඕක කියන්න පුලුවන් හොදම විදිය තමයි ඔබේ පර්ෆෝමන්ස් පෙන්වන එක.එ කිව්වේ ඔය තුන් දෙනෙක්ගේ වැඩ කරලා මහන්සි වෙන එකේ ප්‍රතිපල ටික විතරක් පෙන්වන එක.මොකද එච්චරට මහන්සි වෙනවා කියන්නේ ඒකට මනින්න පුලුවන් ප්‍රතිපලේකුත් ඇතිනේ.

රූල් නම්බර් ෆෝ – ඔක්කොම කරාද තාම නැද්ද

සැලරිය වැඩි කරනවා කියන්නේ ඇත්තටම බැලුවොත් ඉන්ටර්විව් එකේදී සෙට්කර ගත්ත ගානට වඩා පස්සේ අමතරව ගානක් ඉල්ලනවා කියන එකටනේ බ්රෝ.ඉතින් ඉනටර්විව් එකෙදී කරන්න කැමති උනවැඩ ටික හරියටම ගානට කරලා,කිසිම අවුලක් නැතුව ඉවර කරලා ටික කාලයක් ගිහිල්ලා සැලරි වැඩි වීමක් ඉල්ලන එක කොච්චර සාධාරනද කියලා පොඩ්ඩක් හිතලා බලන්න බ්රෝ.එක නිසා සැලරි වැඩි කරන්න කියලා අහන්න යනවා නම් දැනට තියෙන ඔක්කොම වැඩ හරියට කරන පලියට පඩිය වැඩි කරන්න කියලා අහන්න එපා.එ වෙනුවට මෙහෙම කරන්න.දැනට ඔබට තීන්දූ වෙලා තියෙන කරන්න ඕන වැඩ වලට අමතරව ඔබ කරන වැඩ ගැන කතාකරන්න.එවා ඉන්ටවිව් එකෙදී ඔබට ලබාදුන්න එවා නෙමෙයි.ඔබේ දක්ශතාව නිසා ගත්ත එවා.අන්න එකට නම් සැලරි වල වැඩි වීමක් දෙන්නම වෙනවා බ්රෝ.

රූල් නම්බර් ෆයිව් – බබා හම්බෙයිද?

 

ගත්ත වාහනේ හරි අලුත් ගෙදර හරි ලෝන් එක ගෙවන්න? වයිෆ්ට බබෙක් හම්බුන හින්දා? ලෙඩෙක් බලාගන ඕන නිසා? ජිවත් වෙන්න නම් මේවා ලොකු ප්‍රශ්න තමයි බ්රෝ.හැබයි පොඩ්ඩක් හිතලා බැලුවොත් බිස්නස් එකකට ඔය කතාවලින් වැඩක් නෑනේ.හොද බොස් කෙනෙක් නම් පුලුවන් විදියට උදව්වක් දෙයි හැබයි එහෙම කියලා සැලරි එක වැඩි කරයිද කියන එක ප්‍රශ්නයක් බ්රෝ.ඒක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන් නිසා.හැමවෙලේම බලන්න ඔබේ පර්ෆෝමන්ස් එක මත ඉදලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද කියලා.හැමවෙලේම කම්පැනිය පැත්තෙන් හිතලා හේතුවක් හදාගත්තා නම් වැඩේ ගොඩ දාගන්න එක් ගොඩක් ලෙහෙසියි බ්රෝ.

රූල් නම්බර් සික්ස් – කොටියක් වටිනවද?

හරි දැන් පෞද්ගලික දේවල් අමතක කරලා බිස්නස් එකට අදාල තමන්ගේ පර්ෆෝමන්ස් ටික හොදට ලිස්ට් කරගෙන ලොක්කා ලගට ගිහිල්ලා ඇහුවා කියමුකො පඩිය වැඩි කරන්න කියලා.ලොක්කත් සැටිස් වැඩි කරන්න ,අවුලක් නෑ.ඊට පස්සේ කියක් වැඩි පුර ඕනේ කිව්වම උඹ කියන ගාන කෝටි ගානක් නම් අන්න එතන අවුලක්නේ බ්රෝ.එක නිසා ඉල්ලන්න පුලුවන් සාදාරන ගානක් කියන්න.ඉතින් මේ ගාන තීරනය වෙන්න නම් කම්පැනියේ තත්වේ,ඔබ ඔවුන්ට ලබාදෙන අදායම,ඔබ ඔවුන්ට කරන ඉතිරිය වගේ දෙවල් බලපානවා.හොදම දේ සීයට ගානක් විදියට ගාන හදාගන්න එක.සාමානයෙන් මේ වගේ දේවල් වලදී 10%ක් 15% ගන්න පුලුවන් කියන්නේ ශේප් ගානක් .හැබයි ඉතින් ඉන්න ඉන්ඩස්ට්‍රී එකේ වෙන ආයතන එක්ක බැලුවම ප්‍රොෆිට් ලැබුවත් ගෙවන්නේ අඩුවෙන් නම් අනිවාරයෙන් ඊට වඩා ඉල්ලන්න බලන්න.

රූල් නම්බර් සික්ස් – අරයට දුන්නද මටත් බැරිද?

කවදාවත් බ්රො පඩිය නෙමෙයි මොනවා අහන්න ගියත් තමන් එක්ක වැඩකරන අනෙක් අයව සසදලා මොනවත් අහන්නවත් උත්තර දෙන්නවත් යන්න එපා.උදාහරනෙකට සැලරි වැඩි කරගන්න ගිහිල්ලා අරයා මෙච්චර ගන්නවා මෙයා මෙච්චර ගන්නවා හැබයි මට එ ගොල්ලෝ තරම් හම්බෙන්නේ නෑ එක නිසා මගෙ සැලරි වැඩිකරන්න වගේ ගොන් ආතල් නම් දෙන්න හදන්න එපා.එකක් උඹව ගොසිප් හොයහොය යන එකෙක් විදියට බොස්ට පෙනෙයි,අනෙක ඉන්න මිනිස්සුන්ට ඕක ආරන්චි උනාට පස්සේ තව ප්‍රශ්න.හොදම දේ ඔයවිදියට කතාකරන්න ඕන නම් ඉන්ටර්විව් එකෙදීම රස්සාවට එන්න කලින් එවා විසදගන්න එක.එවගේම තව කෙනෙක්ට සසදන්න ඕනේ නෑනේ තමන්ගේ පර්ෆෝමන්ස් හරියට ආයතනයට ගැලපෙන විදියට තියෙනවා නම්.

රූල් නම්බර් සෙවන් – දුන්නැත්තන් යනවාඩෝ!

 

ඇත්ත තමයි සැලරි වැඩි කරෑ නෑත්තන් එකෙන්ම වෙන තැනකට යනවා කියලා වීරයා වගේ ලොක්කට කියන්න පුලුවන්.හැබයි එහෙම කියනවට වඩා වැඩේ හරියන පැත්තටත් ඔය දේම කියන්න පුලුවන් නේ.එ කිව්වේ තමන්ගේ පර්ෆෝමන්ස් ,කරපු වැඩ ,ආයතනයට දුන්න අලුත් අයිඩියාස් වගේ දේවල් පෙන්වලා තාම එවා අනෙක් ආයතන වල වැඩත් එක්ක සසදලා පෙන්වන්න බ්රෝ.එතකොට ඕන කෙනෙක්ට තෙරෙනවා ඔබ ඔතනින් ගියා කියන්නේ එ යන තැනට පට්ට මොලයක් යනවා කියන එක කියලා.හැබයි “පඩිය වැඩි කරේ නැත්තන් මන් යනවා“ කියලා වීරයා වගේ කියනවා නම් බ්රෝ අනිවාරයයෙන්ම තව ජොබ් එක්ක හොයාගෙන තියාගන්න.මොකද වැඩි කරේ නැත්තන් ලැජ්ජා නොවි ඇත්තටම යන්නත් එපැයි.

අකමැති ජොබ් එකක් කරන විදිය දැනගන්න මෙතන ක්ලික් කරන්න බ්රෝ