වාහන දුම් ගැන දන්නවද?

වාහන දුම් ගැන දන්නවද? බ්රෝ වාහන වලින් පිටවන දුම බලල අපිට අපට වාහනේ ගැන ගොඩක් දේවල් නිගමනය කරන්න පුලුවන් කියල දන්නවද?. විශේෂයෙන්ම වාහනයේ සෞඛ්‍ය තත්වය කොහොමද කියල දැනගන්න පුලුවන් ඒ වාහනයෙන් පිටවන දුමේ පාටයි ගඳයි ගැන බලල.

නිල් පාට වාහන දුම්

පෙට්‍රල් වෙනුවට එන්ජින් ඔයිල් දහනය වෙනකොට තමා මෙහෙම වෙන්නෙ, ගොඩක් වෙලාවට වෑල් ගයිඩ් සීල්ස් හරි පිස්ටන් මුදු හරි ගෙවීයාම නිසා එන්ජින්  ඔයිල් ලීක් වෙන්න පුලුවන්. මේ විදිහට ලීක්වෙන එන්ජින් ඔයිල්, පෙට්‍රල් එක්ක දහන පද්ධතියට එකතුවෙනව. මේකෙන් ස්පාර්ක් ප්ලග් වලට හානිවෙන්න පුලුවන් බ්රෝ. ඒ නිසා නිතර නිතර වාහනේ ඔයිල් පරීක්ෂා කරන්න. පරණ වාහනයක් නම් ලීක් එක පොඩි එකක් නම් නිතර ඇහැගහගෙන ඉන්න බ්රෝ හැබැයි අලුත් වාහනයක් නම් ඉක්මනට වාහන විශේෂඥයෙකුට පෙන්වන්න. ඒ වගෙම බ්රෝ ඔයාගේ වාහනේ ටර්බෝ එකක් නම් නිල් දුම එනව කියන්නෙ ඔයාට අලුත් බ්ලෝවර් එකකට යන්න කාලය හරි කියන එක.

කලු පාට වාහන දුම්

වාහනයේ ඉන්ධන අනවශ්‍ය ලෙස දහනය වෙනකොට තමයි බ්රෝ කලු දුම පිට වෙන්නෙ. ගොඩක් වෙලාවට මේ වෙලවෙදි එන්ජින් එකේ පෆෝමන්ස් අඩු වෙනවා, ඒ වගේ එන්ජින් එක මිස්ෆයර් කරනවා.

මෙහෙම වෙන්න හේතු දන්නවද බ්රෝ?

  • කාබියුලේටර් චෝක් එක හිරවීම
  • ෆුවල් රිටර්න් ලයින් එක ක්ලොග් වීම
  • ෆුවල් ඉන්ජෙක්ටර්ස් වලින් ඉන්දන ලීක්වීම
  • ෆුවල් ප්‍රෙෂර්  රෙගියුලේටර් එක හිර වීම
  • එයාර් ෆිල්ටර් එක අපිරිසිදුවීම

සුදු පාට වාහන දුම්

ගොඩක් වෙලාවට සිහින් සුදු දුම සාමාන්‍ය දෙයක් බ්රෝ. සීතල දවසක තද සුදු දුම වුනත් සාමාන්‍ය දෙයක් වුනත් වාහනය රත්වූනාට පස්සෙත් ඒ විදියටම තියෙනවනන් එතන ප්‍රශ්ණයක් තියනවා බ්රෝ. බොහෝවිට කූලන්ට් දහන පද්ධතියට එකතුවීමෙන් මෙහෙම වෙනව.

මේකට හේතු මොනවාද?

  • වැකුම් මොඩියුලටර් හරහා මෙයින්ෆොල්ඩ් එකට ට්‍රාන්ස්මිෂන් තරලය ඇතුල්වීම (වැකුම් මොඩියුලටර් එක මාරු කරන්න වෙනවා)
  • සිලින්ඩර් හෙඩ් ගැස්කෙට් කැඩීයාම නිසා කූලන්ට් ලීක්වීම (හෙඩ් ගැස්කෙට් එක දැම්ම නම් හරි බ්රෝ)
  • සිලින්ඩර් හෙඩ්ස් පලුදුවී තිබීම. මේ නිසා කූලන්ට් දහන පද්ධතියට එකතු වෙනව (හෙඩ්ස්  මාරු කරන්න වෙනවා, ඒක නම් බරපතල වැඩක්)
  • එන්ජින් බ්ලොක් එක පලුදුවීම (එන්ජින් බ්ලොක් එකම දාන්න වෙනවා).

අලු පාට වාහන දුම්

ටර්බෝ චාර්ජර් එකේ ලෙඩක් හරි එන්ජින් ඔයිල් දහනය වෙලා හරි අලු පාට දුමක් එන්න පුලුවන්. ඒ වගේම ට්‍රාන්ස්මිෂන් තරලය දහනයට එකතුවීමෙන්ද අලු පාට දුමක් එන්න පුලුවන්.

 

නිල් සහ අලු පාට වාහන දුම්

  • නිල් සහ අලු මුසුවූ දුමකට හේතුවන්නේ, ගෙවී ගිය පී.සී.වී වෑල් සීල්ස් බ්රෝ. 
  • වෑල් ස්ටෙම් හා වෑල් ගයිඩ් අතර අනවශ්‍ය ඉඩ සිලින්ඩරය තුළට ඔයිල් ලීක්වීමට හේතුවේ.
  • පලදුවූ පිස්ටන් මුදු
  • පලදුවූ සිලින්ඩර් බිත්ති

අමතර හේතු

  • කාබියුරටර් චොක් එක හිර වීම
  • සිසිලන පද්දතියෙ දෝෂයක් නිසා එන්ජින් එකේ උෂ්ණත්වය ඉහල යන්න පුලුවන්
  • ෆුවල් ඉන්ජෙක්ටර්ස් හිර වීම
  • එමිෂන් කොන්ට්‍රෝල් ඩිවයිස් එක අවුල්වීම
  • ඉන්දන පීඩන මට්ටම ඉහළ යාම

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න