ඩැල්මේශන් බල්ලන් ගැන දන්නවද

ඩැල්මේශන්

ඩැල්මේශන්
6.6

නිවස තුල ඇතිකිරීම

4.0 /10

අලුත් අයිතිකරුවන්ට

3.0 /10

ලංකාවේ කාලගුනයට

7.0 /10

කුඩා ළමයි සමග

7.0 /10

අමුත්තන් සමඟ

3.0 /10

ලොම් හැලීම අඩුවීම

8.5 /10

නඩත්තු පහසුව

8.5 /10

සාමානය සෞඛ්‍ය

8.0 /10

පුහුනු හැකියාව

8.5 /10

ව්‍යායාම අවශයබව

8.5 /10

වාසි

  • ශක්තිමත් ක්‍රියාශීලීයි
  • පවුලට ලෙන්ගතුයි
  • පුහුණු කරන්න ලේසියි
  • පිරිසිදුව තියා ගන්න ලේසියි

අවාසි

  • තනිවීමට අකමැතියි
  • සෞඛ්‍ය ප්‍රශ්න
  • අවුරුද්ද පුරා ලොම් හැලෙනවා

සාරාංශයඩැල්මේශන් බල්ලන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක් වෙන්නේ බ්රෝ උන්ට තියෙන කළු පුල්ලියි. මේ නිසා ලෝකේ ලේසියෙන්ම අඳුනගන්න ලේසි බල්ලන් විශේෂයක් තමයි ඩැල්මෙශන්. ඉස්සර කාලයේ යුද්ධයේදී ඩැල්මෙශියා සීමාව ආරක්ෂා කර හේතුන් නිසා යුධ බල්ලන් ලෙස හදුන්වල තියෙනවා. එදා ඉදන් අද දක්වා ඉතා හොද ආරක්ෂක බල්ලෙක් ලෙස ඩැල්මේශන් නම් කරනවා. ඒ වගේම දඩයමටත්, ක්‍රීඩා වලටත් දක්ෂයි. ඒ වගේම ඩැල්මේශන් කියන්නේ හොද සර්කස් කාරයෙක් තමයි. ගිණි නිවන බටයන්ටත්  ඩැල්මේශන් උදව් කරනවා. මේ හැමදෙයින්ම තේරෙන්නේ ඩැල්මේශන්  බල්ලන් හොදින් ලේසියෙන් පුහුණු කරන්න පුළුවන් බල්ලන් විශේෂයක් ලෙසයි. ඒ වගේම ගොඩක් ශක්තිමත්, ඕනෑම දෙයක් කරන්න හොද ශක්තියක්, ක්‍රියාකාරී බවක්, බුද්ධිමත් බවක් තියෙනවා.

ශරීර ප්‍රමාණය

මුන්ව අයත් වෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ ශරීර තියෙන බල්ලන් ගොඩටයි.  මුන්ට තියෙන්නේ මාංශ පෙශින්වලින් යුත් හැඩිදැඩි ශරීරයක්. හොදින් හැදුනු පසු අඟල් 19ත් 23ත් අතර උසක් හිමි වෙනවා. මේ අතරින් පිරිමී සතුන් ගැහැණු සතුන්ට වඩා ටිකක් ලොකුයි. මුන්ට උසට සරිලන දිගක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හරි හතරැස් කොටුවක් ඇතුලට රාමු කරගන්න පුළුවන් වෙන්න ඕනේ බ්රෝ.

කෝට් එක

බ්රෝ දන්නවද මේගොල්ලෝ ඉපදෙන්නේ එකම එක පුල්ලියක්වත් නැතුව. පැටිය කාලේ සම්පුර්ණ සුදු කෝට් එකක් පිහිටුනත් කළු පුල්ලි සති 3නක් 4ක කාලයක් ගියාම මතු වෙනවා. ඉපදිලා මාසයක කාලයක් ඇතුලතදී ඔක්කොම පුල්ලි මතුවී තිබුනත් උන්ගේ ජීවිත කාලෙදිම සුළු වශයෙන් පුල්ලි මතු වෙනවා. මේ පුල්ලි වැඩි වශයෙන් කළු පාටින් දකින්න ලැබුනට සමහර විට දුඹුරු පාට, නිලට හුරු එහෙමත් නැත්නම් අළු පාටට හුරු පාටක් වෙන්නත් පුළුවන්. බල්ලෝ දෙනෙක්ට කිසිම විටෙක එකම පුල්ලි රටා තියෙන්නේ නැ. එක එකාගේ කුඩා වෙනසක් හරි තියෙනවා. මේ පුල්ලි සහිත කෝට් එක මිනිස්සුන්ගේ ඇදුම් වලටත් ගොඩක් ප්‍රසිද්දයි. උන්ගේ කෙටි ලොම් කොට් එක නිසා  අනිත් බල්ලන් විශේෂයන්ට වඩා හොදින්, ලේසියෙන් පිරිසිදුව තියාගන්න පුළුවන් විශේෂයක් තමයි ඩැල්මෙශන්. එත් අවුරුද්ද පුරාවට ලොම් හැලනවා. මේ නිසා ඇදුම් වල කෙටි ලොම් ඇලී තියෙනවා. 

බලාගැනීම

මුන් ඉපදිලා තියෙන්නේ දුවන්න කිව්වොත් හරි බ්රෝ. ඒ නිසා මෙගොලොන්ව හොදින් දුවවන්න ඇවිද්දවන්න ඕනේ. ජෝගින් යන අයට, බයිසිකල් පදින අයට සහකාරයෙක් විදිහට එක්කන් යන්න පුළුවන්. පොඩි කාලේ සිටම හැදියාව පුහුණු කරන්න ඕනේ.  හැමවෙලාවෙම හොද දෙයක් කරාම ප්‍රශංසා කිරීමක් එක්ක පොඩි තෑග්ගක්, කෑමක්, දුන්නොත් වැඩි වැඩියෙන් පුහුණු කරන්න ලේසියි. ටිකක් සංවේදී නිසා සැර පුහුණු කිරීම් වලට නම් කැමති නැ. කුඩා ළමයි එක්ක සෙල්ලන් කරන්න ගොඩක් කැමතියි. හැබැයි අවුරුදු 6ට අඩු ළමයි පරිස්සම් කර ගන්න ඕනේ. ගොඩක් බල්ලන් වගේ තනියෙන් ඉන්නම් නම් කැමති නැ.

සෞඛ්ය

මෙගොලොන්ගේ සෞඛ්ය තත්වය නඩත්තු කරන්න ලේසියි. ආයුෂ අවුරුදු 11ත් 13ත් වෙන අතර සමහර විට අවුරුදු 16ක් වුනත් ආයුෂ ලබන්න පුළුවන්. ඒ වුනත් ඇසීමේ ප්‍රශ්න, ආසාත්මිකතා, මුත්‍රා ගල් වැනි රෝග ඇති වෙන්න පුළුවන්. ගල් සෑදීම ඩැල්මේශන් බල්ලන්ට බහුලව සෑදෙන ලෙඩක් නිසා සෑමවිටම වතුර වැඩි පුර දීම වැදගත්. සමහර විට අස්ථි රෝග, ආතරයිටිස් වැනි රෝග පෙලෙන්න පුළුවන්. ඇසීමේ ප්‍රශ්න මුන්ට ගොඩක් බහුලයි. උපතේදීම ගොඩක් ඩැල්මෙශන් බීරි බවක් පෙන්වන්න පුළුවන්. එහෙමත් නැත්නම් එක කනක් විතරක් ඇහෙන්න පුළුවන්. මේ නිසා පැටියෙක් හදාගන්න කලින් ඇසීමේ තත්වය පරීක්ෂා කරලා ගන්න ඕනේ.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න