වැලන්ටයින් එකට මොකද කරන්නේ

වැලන්ටයින් එක විතරක් නෙමෙයි ඇයගේ බර්ත්ඩේ එක,නැත්තන් ඇනවසිරි එක තියෙන දවස අමතක වෙලා අන්තිම මොහොතේ තැගි ගන්න යනවා කියන්නේ බ්රෝ ස්ට්‍රේස් එක වගේම පොකට් එකට පොරිවෙලා සොරිවෙන වෙන විදියක් නැති තරම්,මොකද තැග්ග හොඳ නම් කියක් උනත් කමක්නෑ ගන්න වෙනවමනේ බ්රෝ අන්තිම වෙලාවේ නම් තැග්ග ගන්න මතක් උනේ.කොහොම උනත් අන්තිම මොහොතේ හරි වැඩේ උපරීම විදියට ගොඩදාගන්න ගයිඩ් එක තමයි බ්රෝ මේක.ශේප් එකේ පහලට කියවගෙන යමු බ්රෝ..

බිගිනර් ලෙවල්  –  එන්න අපෙනුත් මල් ගන්න….

හොද මල් පොකුරක් එක්ක හොද චොක්ලට් එකක් දෙනවා කියන්නේ ඉතින් වැඩේ ගොඩ දාගන්න පුලුවන් ලෙහෙසිම විදිය.තැග්ගක් ගන්න ඕනේ කියලා මතක් උනේ එයාව හම්බෙන්න විනාඩි 10කට කලින් නම් ඉතින් මේක තමයි එකම ලෙහෙසිම පහසුම විදිය.ඔල් රෝසමල් නම් ඉතින් ආයෙත් අහන්න දෙයක් නෑනේ.හැබයි හදිස්සියට හොයාගන්න බැරි උනානම් ඉතින් කරන්න දෙයක් නෑ වෙන මලක් හරි කමක් නෑ.කොහොමත් වැලන්ටයින් දවස නිසා මල් ගන්න එක පොඩ්ඩක් ලෙහෙසිත් නෑ.වෙනදට වඩා පොඩ්ඩක් ගානත් වැඩ්යි.ඇය චොකලට් කන්න ආස නම් ඉතින් මල් ගන්න එක දමල ගහලා එකේම වර්ග වලින් පිරුන ලොකු චොකලට් බකට් එකක්ම ගත්තොත් මොකද? වෙන කරන්නම දෙයක් නැත්තන් ඒක උනත් අවුලක් නෑ ඉතින්.

බිගිනර් ලෙවල් ටූ – මේ සුවඳ හමන පුංචි කාමරේ

ඇයට තියෙනවද ඇය ආසම පර්ෆියුම් වර්ගයක්,එහෙම එකක් තිබ්බට එ ගැන කිසිම දෙයක් දන්නැත්තන් මේ වැඩේ අතහැරලා දාන එක ඇගට හොඳයි බ්රෝ! මොකද කාන්තාව සහ පර්ෆියුම් එකක් කියන්නේ වෙනමම කතන්දරයක් නිසා. එ වගේම වැලන්ටයින් ඩේ එක ලංවෙලා ඕක අහන්න ගියොත් ඉතින් තේරුමක් නෑ වැඩේ අහුවෙන නිසා උදේ පාන්දරම අහන්න යන්න එපා.හැබයි කලින් දන්නවා නම් කරන්න තියෙනේ එක අරන් දෙන එක.නැත්තන් ඊට වඩා බ්‍රැන්ඩඩ් ෆ්ලොරල්  සුවඳ හරි ෆෲට් ෆ්‍රේග්රන්ස් ටයිප් එකක් ගන්න පුලුවන් නම් ගොඩම තමයි බ්රෝ.

නොමල් ලෙවල් – දිලි දිලි දිලීසේවී මා දෑසේ…

මල්,චොකලට්,පර්ෆියුම් වගේද බ්රෝ ඩයමන්ඩ්..පොකට් එකට හොදටම දෙනෙන නිසා මේ වැඩේ නම් හැමෝටම කරන්න අමාරුයි .හැබයි ඉතින් දවසම ගොඩ දැම්ම වගේ තමයි ආයෙත් දුන්නට පස්සේ.දිලිසෙන දෙවල් වලට ඇයගේ ආසව වැඩී නම් දැන්ම පරිස්සම් වෙන එක හොදයි බ්රෝ ශේප් එකක් දීලා.නැත්ත්න බෙරේන්න බැරිවෙයි.ඔන්න නොකිව්වා කියන්න එපා.කොහොම උනත් මුද්දක්,මාලයක් දෙන එක නම් පොඩ්ඩක් නෙක්ස්ට් ලෙවල් සීන් එකක්.මොකද මුද්දක නම් අනිවා සයිස් එක දැනගන්න ඕන.මාලයක් නම් එක ලොකුවට අවුලක් නෑ.හොදම දේ වැඩිය වැඩ නැති, සංකීර්න නැති මිනිමල් ඩිසයින් තියෙන සරල ,චාම් මාලයක් වගේ දෙයක් ගන්න එක.කාරබු උනත් වෙලාවේ හැටියට පට්ට.

නොමල් ලෙවල් ටූ – ටික් ටික් එකක්ද? ටොක් ටොක්ද දෙකක්ද?

හැමදාටම ඇදගෙන ඉන්න ගැලපෙන වොච් එකක් අරන් දෙන්නත් පුලුවන් නේ.මල්,චොකලට්,ඇදුම් වගේ නෙමෙයි නේ වොච් එකක්. කොලිටි එකක් ගත්තොත් ගොඩක් කල් අඳින්න පුලුවන්.ඉතින් ඇය වොච් අඳින්න අකමැත්තක් නැත්තන් අරන් දෙන්න බලන්න වොච් එකක්.පොඩි අයිඩියා එකක් ගන්න මේ ලිපිය අන්තිමට වොච් සයිට් දෙකක ලින්ක් දෙකක් ඇති ශේප් එකේ වොච් වර්ග සහ එවල ප්‍රයිස් ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්.හැබයි ඔය සයිට් වලට වඩා ශොප් එකේ වර්ග ගොඩක් තියෙනවා කියලා ඔලුවේ තියාගන්න බ්රෝ.වොච් එක හරියන්නේ නෑ කියලා හිතෙනවා නම් හොද ශූස් දෙකක් අරන් දෙන්නත් පුලුවන් හැබයි සයිස් එක දැනගන්න ඕනේ ඊට කලින්.

එක්ස්පර්ට් ලෙවල් – අවවාදයයි ප්‍රවේසමෙන් පරිහරණය කරන්න

ලෙහෙසියට පහසුවට කියලා වෙඩින් වලට හරි වෙන පාටියකට හරි යනකොට ගන්න “ගිෆ්ට් වවුචර්ස්“ නම් දෙන්න යන්න එපා බ්රෝ.ඒකෙන් එකෙන්ම වැඩේ කචල් වෙනවා ප්‍රදාන හේතු දෙකක් උඩ.එයාට හරි තැග්ගක් ගන්නවත් දන්නෑ,නැත්තන් ඇය වෙනුවෙන් වෙලාව වෙන් කරන් නෑ කියන ලේබල් දෙක ගහගන්න ඕනේ නෑනේ.එක නිසා හොදම දේ ඇයත් එක්ක ශොපින් යන එක (නරමක අයිඩියා එකක් උනත් තැග්ගක් ගන්න පරක්කු නිසා වෙන කරන්න දෙකුත් නැත්ත්න් විතරක්) එහෙමත් නැත්තන් හොද ෆැන්සි ඩෙට් එකකට යන එක.හොටෙල් වලටත් මේ ටිකේ ඔෆර්ස් තියෙන නිසා අවුලක් නෑ එච්චරම. ඔය ෆැන්සි කැල්ල නැතුව කෙලින්ම කන්න යනවා නම් පිට්සාහට්,කේෆ්සී,බර්ගර්කින්, වගේ හැමතැනම වගේ ඔෆ්ර්ස් දාලා තියෙනවා.

කරන්න ඕනෙ ටිප්ස්, ට්‍රික්ස් සහ ඔෆර්ස් ලින්ක්ස්

මල් ටිප් එක – හැබයි ඉතින් මල් ගන්නම ඕනේ නම් බ්රෝ! මල් දුසිමක් සෙට් කරගත්තා නම් ශේප් ඉතින්. හැබයි දවසේම වැඩ නම් ගිහිල්ලා ගන්න නිවාඩුත් නැත්තන් කරන්න තියෙන්නේ මෙන්න මේ ලින්ක් දෙකෙන් එකකටවත් ගිහිල්ලා ට්‍රයි එකක් දෙන එක.ඩිලිවරි කරගන්නත් පුලුවන් ශේප් එකේ.

පලවෙනි ලින්ක් එක / දෙවෙනි ලින්ක් එක

පර්ෆියුම් ටිප් එක – ගන්න යන තැන සෙල්ස් කරන කෙනෙක්ට හරියටම කාටද ගන්නේ කියලා කියලා ගන්න බලන්න.එක උදව්වක් වෙයි හරියන එක තෝරගන්න වගේම පොකට් එකටත් .මේ ලින්ක් දෙකත් චෙක් කරලා බලන්න ගන්න පුලුවන් ටයිප් ටිකක් ගනන් එක්ක හිතාගන්න පුලුවන්.

පලවෙනි ලින්ක් එක / දෙවෙනි ලින්ක් එක

ජුවලරි ටිප් එක – වැලන්ටයින් නිසා ඔක්කොම ජුවලරි ශොප් ටිකේ මෙ දවස් වල ඔෆර්ස් තියෙනවා.මතක ඇතුව තියෙන ඔක්කොම ක්‍රෙඩිට් කාඩ්ටික ගෙනියන්න.මොකද දැන් ඔෆර් එක ගොඩක් වෙලාවට හම්බෙන්නේ එකත් එක්ක නිසා.කොලඹ හරියේ නම් ඉන්නේ ජුවලරි ගන්න ඉතින් රාජා ජුවලර්ස්,මල්ලිකා හේමචන්ද්‍ර ,ස්වර්නමහල්,කලම්බෝ ජුවලරි එක්චෙන්ජ් වගේ තැනකට ගියොත් හොදම එකක් ගන්න පුලුවන්.හැබයි ගාන අඩු තැනකින් බලනවා නම් බ්රෝ එම්.සී එකේ ස්ටෝන් ඇන්ඩ් ස්ට්‍රීං,චමත්කා එකේ වගේ බලන්න.

එක්ස්පර්ට් ලෙවල් යනවා නම් ඔෆර්ස් – ලින්ක් එක

කොටු පනින්න කලින් නීතිය දන්නවද? දන්නැත්තන් මෙතන ක්ලික් කරන්න 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න