සූට් කෝට් ගැන හරියටම දන්නවද

ආයෙත් ඉතින් කතාදෙකක් නෑ.කව්රු මොනවා කිව්වත් බ්රෝ හරියට සූට් එකක් ඇන්දාම තියෙන ලුක් එක වෙන මොනවා කරත් ගන්න බෑ.එක නිසා හැමදාම රෙන්ට් කර කර අදිනවට වඩා පුලුවන් කාලෙකදී තමන්ටම කියලා සූට් එකක් හරි තියාගන්න එක නම් ගොඩක් සල්ලි ඉතුරුවෙන වැඩක්.එක හොදටම දන්නේ එක දිගට වෙඩින් පොලීමේ සෙට් වෙන බ්රෝ කෙනෙක්ම තමයි.කොහොමහරි සූට් එකක් ඇන්දම පෙනෙනෙ ශක්තීමත් බව,උසබව,පෙනුම ලැබෙන්නේ හරි සූට් එකක් තෝරගත්තොත් විතරනේ.වැඩිය ඕනේ නෑ රෙන්ට් එකට ගන්න ගියත් මේ විස්තරේ හරියට දැනගත්තේ නැත්තන් එතනදිත් වැරදි එකක් තමයි ගන්න වෙන්නේ.

නම්බර් වන් – සිංගල් සහ ඩබල් බ්‍රෙස්ටඩ් සූට් කෝට් අතර වෙනස දන්නවද බ්රෝ?

කෝට්
කෝට්

සිංගල් බ්‍රෙස්ටඩ් කෝට් එකේ සාමානයෙන් එන්නේ බොත්තම් එකේ සිට හතර දක්වා තියෙන්න පුලුවන්.හැබයි ස්ටැන්ඩඩ් එක බොත්තම් දෙකක් හො තුන තමයි.එ වගේම ගොඩක් වෙලාවට සිංගල් බ්‍රෙස්ටඩ් කෝට් එකක නොච් ලේපල් එකක් දැකගන්න පුලුවන්.ඔතන ලේපල් එක කිව්වේ කෝට් එකේ කොලර් එකට පහලින් කොලර් එක වගේ පහලට එන කෑල්ලට.ලෙපල් ගැන වැඩි විස්තර මේ ලිපියේ අග තියෙනවා දැනට ශේප් එකේ මේ ලිපිය බලමු.

ඩබල් බ්‍රෙස්ටඩ් කෝට් කියන්නේ සිංගල් එවට වඩා ෆොමල් වැඩි වර්ගයක්.සාමානයෙන් මේ ඩබල් බ්‍රෙස්ටඩ් සූට් වල බොත්තම් හතර,හය,අට විදියට තියෙන්න පුලුවන්.ලෙපල් ගැන කතාකරොත් මෙවල එන්නේ පීක් ලෙපල් .එකම දේ මේ වල රෙදි වැඩියෙන් තියෙනවා කියලා දකින කෙනෙකුට හිතෙන්න පුලුවන්.වැඩේ නම් ඇත්ත තමයි එ හින්දම තමයි දෙවන් ලොක යුද්දෙදී රෙදී හිග උනාම ඩබල් බ්‍රෙස්ටඩ් කෝට් හදන්න බැරි නිසා රෙදි අඩුවෙන් යන සිංගල් බ්‍රෙස්ටඩ් කෝට් ජනප්‍රිය වෙලා තියෙන්නෙ.

[lockercat]

නම්බර් ටූ – සූට් ජැකට් බට්න් ගැන දන්නවද?

සාමානයෙන අඳින සූට් කෝට් එකේ හිතාගන්න බැරිවැඩේ තමයි බ්රෝ.ඔක්කොම බොත්තම් දානවද? නැත්තන් එකක්වත් දාන්නේ නැද්ද? නැත්තන් තැනින් තැන දානවද? හරියටම මොකක්ද කරන්නේ කියන එක?

එක බොත්තමක් තියෙන සිංගල් බ්‍රෙස්ටඩ් සූට් ජැකට් එකක් නම් – සාමානයෙන් ටුක්සීඩෝ එකක තියෙන්නේ මේ විදියට.එවගේම බොඩි එක සාමානය ගානට තියෙනවා නම් බ්ලැක්ටයි ඉවෙන්ට් එකකට මේක හරියටම ගැලපෙනවා.වාඩි වෙලා නැත්තන් හැමවෙලේම මේ බොත්තම් දාගෙන ඉන්න වෙනවා බ්රෝ.

බොත්තම් දෙකක් තියෙන සිංගල් බ්‍රෙස්ටඩ් සූට් ජැකට් එකක් නම් – ඕනේම බොඩි ටයිප් එකකට ගැලපෙන නියම ලුක් එකක් ගන්න පුලුවන් මේ ටයිප් එක ඕනේම ඉවෙන්ට් එකකට ගැලපෙනවා බ්රෝ.උඩ බොත්තම් විතරක් දාන්න දෙවෙනි බොත්තම නිදහසේ තියන්න බ්රෝ.

බොත්තම් තුනක් තියෙන සිංගල් බ්‍රෙස්ටඩ් සූට් ජැකට් එකක් නම් – මේක ගැලපෙන්නේ එකේන්ම උස බ්රෝලට විතරයි.හැබයි වේස්ට්කෝට් එකක් අදිනවා නම් බ්රෝ බොත්තම් තුනක් තියෙන සූට් ජැකට් එක ගැලපෙනවා.මෙකත ඉතින් ෆෝමල් ඉවෙන්ට් වලට විතරයි ගැලපෙන්නේ.උඩම තියෙන බොත්තම සහ දෙවෙනි බොත්තම සැම වෙලේම දාගන්න.හැබයි අන්තිම බොත්තම දාන්න එපා.දැන් තෙරෙනවා ඇතිනේද බ්රෝ ජැකට් සූට් එකක් අදින එකේ පලවෙනි රූල් එක අන්තිම බොත්තම දාන්නේ නෑ කියන එක.

නම්බර් ත්‍රී – කපන්නේ ලොකුවටද? ආකෘතියකට අනුවද? ෆිට්වෙන්නද?

කපන්නේ ලොකුවටද? ආකෘතියකට අනුවද? ෆිට්වෙන්නද
කපන්නේ ලොකුවටද? ආකෘතියකට අනුවද? ෆිට්වෙන්නද

කිසිම ශේප් එකක් නැතුව,පලල් උරහිස් වලින් පිරුන විදියට ඇන්දට පස්සේ ඔහේ එල්ලේන විදියට පේන සැක් එහෙමත් නැත්තන් බෲක් බ්‍රදර්ස් සූට් ජැකට් කියලා අදුරගන්න පුලුවන්.හැබයි ආකෘතියකට අනුව හැදෙන සූට් ජැකට් නැතුවම නෙමෙයි.මෙවා ඇවිල්ලා තියෙන්නේ මිලිටරි වල පාවිච්චි වෙන සූට් වල සට්යිල් වලින්,එවල උරහිස් වෙන්න ශොල්ඩර් පැඩ් දාලා උස් වෙලා අදින කෙනාට ආකෘතිමය පෙනුමක් දෙනවා.හැබයි ෆිට් වෙන්න කපලා තියෙන සූට් ජැකට් හොද ශේප්  බොඩි එකක් තියෙන බ්රෝ කෙනෙක්ට තමයි ගැලපෙන්නේ.මෙකේ පැඩින් එකම අඩුයි.

නම්බර් ෆෝ – නොච්ද? පීක්ද? ශොවල්ද?

ලෙපල් එක එ කිව්වේ කලින් කිව්වා වගේ කොලර් එකට සෙට් වෙන සූට් ජැකට් එකේ බොත්තම් දක්වා එක පටියේ හැඩේ අනුව කොඩට් තුනකට සූට් ජැකට් බෙදෙනවා බ්රෝ.එක අනුවත් අදින්න ඕන තැන අදින්න ඕන බොඩි ටයිප් එක වෙනස් වෙනවා බ්රෝ.පලවෙනි එක බැලුවොත්,

නොච්ද? පීක්ද? ශොවල්ද?
නොච්ද? පීක්ද? ශොවල්ද?

නෝච් ලේපල් – අදීන්න පුලුවන් තැන් ගැන කතාකරොත් ඉන්ටවීව් එකකට,බිස්නස් වැඩකට අදින්න පුලුවන් කිසිම අවුලක් නෑ.එ වගේම ඕනේම බොඩි ටයිප් එකකට මේක ගැලපෙනවා.මේක ගැලපෙන්නේ සිංගල් බ්‍රෙස්ටඩ් සූට් වලට,බ්ලේසර්ස් වලට සහ ස්පොර්ට් ජැකට් වලට කිසිම අවුලක් නැති උනාට.මේ ලෙපල් එක සාමානායෙන් ඩබල් බ්‍රෙස්ටඩ් සූට්වලට ගැලපෙන්නේ නෑ බ්රෝ.

පීක් ලේපල් – මේක වෙඩින් වලට ෆෝමල් ඩිනර් වලට හරි බ්ලැක් ටයි ඉවෙන්ට් වලට හරියටම ගැලපෙනවා බ්රෝ.ඔෆිස් එකේ වැඩ වලදී උනත් කිසිම අවුලක් නෑ.එ වගේම උස පෙනුමක් ගන්න අවශ්‍යය ඕනෙම කෙනෙක්ට මේක හරියටම ගැලපෙනවා බ්රෝ.එ වගේම සයිස් වැඩි බ්රෝ කෙනෙක්ට උනත් ඒක නිසාම මේ වර්ගේ ගැලපෙනවා.ඩබල් බ්‍රෙස්ටඩ් සූට් ජැකට් වල තමයි මේ ලේපල් එක පාවිච්චි කරන්නේ.

ශෝවල් ලේපල් – වෙඩින් වලට ,බ්ලැක් ටයි ඉවෙන්ට් වලට ඕනෙම බොඩි ටයිප් එකකට ගැලපෙන මේ ලෙපල් වර්ගේ රවුම් මුහුනක් තියෙන අයට නම් නොගැලපෙනවා කියන එක තමයි මතය.ටුක්සීඩෝ එකකට හොදටම මේක ගැලපෙනවා බ්රෝ.

නම්බර් ෆයිව් – පොකට් අනුව සූට් ජැකට් වල වෙනස දන්නවද බ්රෝ?

පොකට් අනුව සූට් ජැකට් වල වෙනස දන්නවද බ්රෝ
පොකට් අනුව සූට් ජැකට් වල වෙනස දන්නවද බ්රෝ

සාමානය ස්ටැන්ඩඩ් එක සූට් ජැකට් එකක වම් පැත්තේ පපුවේ තියෙන පොකට් එකක් තියෙන එක.එ වගේම කලින් කියපු ලෙපල් සාක්කුවලට ගැලපෙන්නත් ඕනේ.වැඩිය ලොකුත් බෑ පොඩිත් බෑ.ඔතන තියෙන ජෙටඩ් පොකට් කියන්නේ ෆෝමල් බවෙන් වැඩිම පොකට්ස් එක නිසා තමයි එවා ටුක්සීඩෝ වල පාවිච්චි කරන්නේ.ඔතන ඇන්ගල් පොකට් එක සොප්ර්ට් ලුක් එකක් දෙන නිසා ෆලැප් පොකට් එලට වඩා පොඩ්ඩක් ඇන්ගල් කරලා තමයි මහන්නේ.ටිකට් පොකට් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ කොච්චි ටිකට් දාන්නම තමයි.පැච් පොකට් නම් හරියන්නේම ස්පොර්ට් ජැකට් වලට.එක ෆෝමල් ජැකට් වෙන්නැත්තේත් එක නිසා.

සූට් කෝට් ගැන ලිපියේ ඊලඟ කොටසට යන්න මෙතන ක්ලික් කරන්න

[/lockercat]

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න