සූට් කෝට් ගැන හරියටම දන්නවද – ii

නම්බර් සික්ස් – අතේ බට්න් ගැන දන්නවද?

අතේ බට්න් ගැන දන්නවද
අතේ බට්න් ගැන දන්නවද

වැඩක් නම් නැති උනත් ඇති උනත් සූට් ජැකට් එකක අතේ තියෙන බොත්තමුත් එකේක වර්ග තියෙනවා.සාමානයෙන් බොත්තම් එකේ ඉදන් හතර දක්වා බොත්තම් දකින්න පුලුවන්.බොත්තම් ගනන වැඩිවෙන්න වැඩිවෙන්න ඒකේ ෆොමල් ගතිය වැඩියි බ්රෝ.උදාහරනේකට ෆොමල් සූට් ජැකට් එකකට බොත්තම් හතරක් දකින්න පුලුවන් උනාට ෆෝමල් අඩු ස්පෝර්ට් ජැකට් එකක තියෙන්නේ බොත්තම් දෙකක් හෝ එකක් වෙන්න පුලුවන්.එ වගේම බොත්තම් මහල තියෙන විදිය අනුවත් කොටස් තුනකට දකින්න පුලුවන්.ඔබේම කියලා සූට් එකක් මහනවා නම් මෙක දැනගෙන ඉන්න එක හොදයි.දැන් බැරි උනත් කවදාහරි වෙඩින් එකට හරි මහයිනේ.රෙන්ට් නොකරොත්.එකේ මැද තියෙන කිසින් සට්යිල් එක තමයි සාමානයෙන් හොද සුට් ජැකට් මැස්මක් කියලා පිලිගන්නේ.

නම්බර් සෙවන් – අන්ලයින්ද? හාෆ් ලයින්ද? ෆූල් ලයින්ද?

මෙතන මේ ලයින් කියලා කතාකරන්නේ වෙන දෙයක් ගැන නම් නෙමෙයි බ්රෝ.කෝට් එකේ ඇතුලේ මැස්ම ගැන.කෝට් එක එලියේ වගේම ඇතුලෙත් හරියටම පහසු විදියට නැත්තන් ඇදන් ඉන්නකොට තමයි සැපේ දැනෙන්නේ.උදාහරනෙකට ලංකාවේදී රස්නේ රටකදී පොලියෙස්ටර් හරි වෙනත් එලියට රස්නේ හරියට පිටවෙන්නේ නැති රෙද්දකින් කොට් එක ඇතුල මැහුවා කියන්නේ සොරිම තමා.

අන්ලයින්ද? හාෆ් ලයින්ද? ෆූල් ලයින්ද?
අන්ලයින්ද? හාෆ් ලයින්ද? ෆූල් ලයින්ද?

ඔය තියෙනවා වගේ අන්ලයින් කරලා තියෙනවා කියන්නේ ඇතුලට වෙනම රෙද්දක් දාලා මහලා නෑ කියන එක.හැබයි මේවා වෙනත් එවාට වඩා ගනන් වෙන්න පුලුවන්.හෙතුව හරියටම මහලා කැපීම් පෙන්නේ නැතිවෙන්න හදනවා කියන්නේ ගොඩක් මහන්සි වෙන්න ඕන වැඩක් නිසා.හැබයි ලංකාවා වගේ රස්නේ රටකට කියාපු කෝට් තමයි මේවා. ෆුලි ලයින් කියන එක ඉතින් අලුතින් කියන්න දෙයක් නෑනේ.අමතර රෙද්ද නිසා ඇතුලතින් කෝට් එකට ආරක්ශාව ලැබෙනවා වගේම බිස්නස් සූට් එකක් විදියට පාවිච්චි කරන්න ගැලපෙනවා.එකම අවුල රස්නේ තමයි.ඊලගට හාෆ් ලයින් ගත්තම වැඩි වෙනසක් නෑ බර අඩුවෙන එක ඇරෙන්න.

නම්බර් එයිට් – පස්ස කොහොමද ?

පස්ස කොහොමද
පස්ස කොහොමද

මේ විදියට ටයිප් තුනකින් සූට් කෝට් වල පසුපස දකින්න පුලුවන් බ්රෝ.පලවෙනි එක කිසිම පැලිමක්,පුලුද්දක් නැති ඉතාලියානු විදිය.මේ විදියට හැදුවා කියන්නේ ඉතින් හොදට ෆිට්වෙන කෝට් එකක් තමයි.හැබයි එකම අවුල සූට් එක ඇදන් වාඩි උනගමන් පිටිපස්සේන් රැලිවෙලා උඩ උන එක.ඊලගට තියෙන්නේ සිංගල් වෙන්ට් එක එ කිව්වේ ඇමෙරිකානු විදියට එක් පැලීමක් තියෙන එක.මේකෙත් එකම අවුල පිටිපස්සේ සාක්කුවට එහෙම අත් දැම්මට පස්සේ ඕනවට වඩා ඉලිප්පිලා පේන එක.හොදම් විදිය කියලා කියන්න පුලුවන් ඩබල් වෙන්ට් නැත්තන් පැලීම් දෙකක් තියෙන තුන්වන බ්‍රීතාන්‍ය ක්‍රමය්.වාඩි උනත්,පොකට් වලට අත දැම්මත් කිසි අවුලක් නෑ සූට් කෝට් එක ලස්සනට තියෙනවා.

නම්බර් නයින් – මල්ගැහිල්ල

ලේපල් බට්න් හෝල් එ කිව්වේ අපි කලින් කතාකරපු ලෙපල් එකේ තියෙන හිලක් ගැන.මේ හිල යොදාගන්න පුලුවන් පහල පෙනවා වගේ අගලක අගල් එකහාමරක විතර දිග මලක් ගහන්න.හැබයි පිටිපස්සේන් එකට සපොර්ට් කරන රැදවුමක් තියෙනවද කියලා අනිවාරයෙන්ම බලන්න වෙනවා බ්රෝ.

 

 

සූට් බ්ලේසර්ස් ස්පොර්ට් ජැකට් වෙනස දැනගන්න මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න