ජිම් එකට ගැලපෙන ඇඳුම් දන්නවද

ඒක ඇත්ත බ්රෝ! ජිම් එකේදී අඳින ඇදුම් ගැන හිතන්න ඕනේ නෑ.හිතන්න ඕන හරියට වර්කවුට් එක කරන එක ගැන විතරයි.හැබයි වර්කවුට් එකේ උපරිමය ගන්න නම් එකට ගැලපෙන ඇඳුමක් අදින එක කරන්නම වෙනවා.හේතුව වෙන්නේ හරියට අඳින ඇඳුම නිසා තව තවත් හරියටම වර්කවුට් කරන්න,උනන්දුව වැඩිවෙන එක වගේම අමාරුවක් නැතුව වැඩේ කරගන්නත් පුලුවන්.හැබයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගොඩක් බ්රෝලා හරියටම හරි ඇඳුමක් ජිම් එකට අඳිනවද කියන එක.ගොඩක් වෙලාවට වෙන්නේ එකම එක දිගටම අදින එක.අන්තිමට එක ජිම් එකට යන නිල ඇදුම වගේ වෙනවා.ඇත්තටම එහෙම වෙන්න ඕනේ නෑනේ බ්රෝ! ජිම් එක කියන්නේ ෆන් තැනක් නම් එතනට අදින දෙවලුත් ඔබට ගැලපෙන විවිදත්වයක් තියෙන විදියට අරගන්න බලන්න.පහල තියෙන්නේ එකට ෆලෝ කරන්න පුලුවන් රූල්ස් පහක්.ශේප් එකේ පහලට බලාගෙන යමු.

රූල් නම්බර් වන් – කැපී කැපී හෝතා හේ…

ජිම් එකට ගිහිල්ලා ගැම්මේන් වර්ක් අවුට් එක කරන්න අරන් විනාඩි පහක් යනකොට එහෙන් මෙහෙන් කැපිලිද බ්රෝ? එ කිව්වේ අන්ඩර්වෙයාර් එකේ ඉදන් එලියට අදින ශර්ට් එක කලිසම හිරවෙලා කැපිලා යනවා නම් ඒක නම් ලෙඩක් බ්රෝ.හැබයි එහෙම කියලා බැගි හරි ෆිට් වෙන්නේ නැති ඇදුම් ඇදලත් වැඩක් නෑනේ.උදාහරනේකට ලෙග් ඩේ එක දවසේදී බැගි,එල්ලෙන,ලොකු කලිසමක් ඇදන් ගියොත් මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.එක්කො කලිසම මොහොක හරි පැටෙලෙයි,නැත්තන් එකසසයිස් එකෙන් එක ගැම්ම හරියටම පෙන්නේ නැතිවෙයි.හැබයි ගොඩක් ස්ට්රෙචින්,ස්කොට් ගහන, ජොගින් කරන හරි ජම්ප් කරන ශෙඩියුල් එකක් තියෙනවා නම් අන්න එතනදී එ වගේ කලිසමක් ශේප්.මොකද එ වගේ දවසකට ෆිට් එකක් ඇදන් ගිහිල්ලා ඕක මුලු ජිම් එක ඉස්සරහම පලා ගත්තට පස්සේ තියෙන සන්තෝසේ කියලා නිම කරන්න බෑනේ බ්රෝ.එක නිසා හැමවෙලේම කරන ශෙඩියුල් එකට ගැලපෙන පහසු ඇදුමක් අදින්න බලන්න.

රූල් නම්බර් ටූ – “රෙද්ද“

ඊලගට අවධානය දෙන්න ඕනම දේ තමයි බ්රෝ “රෙද්ද“. එ කිව්වේ මොන වර්ගයේ රෙද්දකින්ද ඔබේ ජිම් එකට අඳින ඇදුම හදලා තියෙන්නේ කියන එක.රෙද්දක් තෝරනකොට හැම වෙලේම බලන්න ඔබේ සමෙන් ඉක්මනට දාඩිය උරාගන්න ජාතියෙ එකක් ගන්න.මොකද ඉතින් අලුතෙන් කියන්න ඕනේ නෑනේ වර්කවුට් එකක් කරාට පස්සේ ඇගේ තියෙන දාඩිය ගැන.මේ වැඩේට නම් නයිලොන්,පොලියෙස්ටර් හරි ලයික්‍රා වගේ රෙදි වලින් හදපු ඇඳුම් ගන්න තියෙනවා නම් පට්ට.එ වගේම විශේෂ දේ තමයි අපේ ගොඩක් බ්රෝලා දාඩිය උරාගන්නවා වැඩි කියලා කොට්න් මිශ්‍ර ඇඳුම් ජිම් එකට අදින එක හැබයි වැඩේ නම් පොඩ්ඩක් වැරදී.හේතුව දාඩිය උරාගත්තට පස්සේ කොට්න් ඇඳුම් ඇගටම ඇලිලා තියෙන එක.එක අනිවාරයයෙන්ම වර්ක් අවුට් එකටත් බලපානවා.

රූල් නම්බර් ත්‍රී – ෆිට් තමා බ්රෝ!

කලිනුත් කිව්වා වගේ ඔලුවේ තියාගන්න බ්රෝ ජිම් එකට අඳින දෙවල් ගානටම ෆිට් වෙන විදියට ගන්න.මේකට ලොකුම හේතුව තමයි මොටිවෙශන් එක මොරාල් එක ජිම් එකේදී පවතින්නේ කරන වර්ක් අවුට් එකේ ප්‍රතිපල දකින්කොට විතරයි.හැබයි තඩි ටී ශර්ට් කලිසම් ඇන්දොත් නම් බ්රෝ එකෙන්ම එක ගන්න වෙන්නේ නෑ.හෙතුව ඉතින් කිසිම විදියකින් වර්ක් අවුට් එකේ දියුනුව එලියට පෙන්නේ නැති නිසා.එක නිසා හැමවෙලේම ෆිට් ඇදුම් ගන්න බලන්න.

රූල් නම්බර් ෆෝ – කොලිටි මැටර්ස් බ්රෝ!

ජිම් එකට ගියාට පස්සේ ඇදුම් වල කුනු ගැවෙයිද,ඉරෙයිද,කැඩෙයිද,මැහුම් යයිද වගේ අනං මනං බල බල එක්සසයිස් කරන්න යන්නේ නෑනේ කිසිම කෙනෙක්.හැබයි බ්රෝ මේවා ඔක්කොම කරන්නෙත් ඉතින් ඇදන් ඉන්න ඇදුම පිටින් නිසා එ ඇදුම එකට ඔරොත්තු දෙක එකක් නම් වෙන්නම ඕනේ.නැත්ත්න් ඉතින් දන්නවනේ,ටී ශර්ට් එක නම් තව කමක් නෑ,කොලිටි අඩු කලිසමක් ඇදන් ගිහිල්ලා කලිසම පිටිපස්සේන් එක ස්කොට් එකක් ගහද්දීම පැලිලා ගිහාම තියෙන සන්තෝසේ.අම්මෝ…!එක නිසා ගොඩක් කල් අදින්න පුලුවන්,හෙදුවට පස්සේ පොඩි වෙන්නේ නැති ගැලපෙන ඇදුමක් තෝරගන්න.එ වගේම මේකේ මහපු තැන්,සීප් වගේ දෙවල ගන්න කලින් මතක ඇතුව චෙක් කරන්න.

රූල් නම්බර් ෆයිව් – පාට පාට මල්

ඔව් ඉතින් එකත් ඇත්ත,ජිම් එකට ගැලපෙන්නේම කලු,තද නිල්,තද අලු පාට වගේ පාටවල් තියෙන ඇදුම් තමයි.මොකද ජරාව,දාඩිය ගැවුනාට පේන අඩු නිසා.එක නම් 100% හරි.හැබයි කාලේන කාලෙට හරි ලයිම් ග්‍රීන්,කැන්ඩි ඔරෙන්ජ් වගේ පාටවල් තියෙන ටී ශර්ට් ගන්න අමතක කරන්න එපා.එ වගේම හිතෙනවා නම් වෙන පාටවල් වලට වඩා ෆ්ලෝරා පින්ක් ශර්ට් එකක් ඇන්දම හොදටම වර්ක් අවුට් එකක් වෙනවා කියලා.එහෙනන් හැමදාම එකම පාට ටික කාලයක් ඇඳලා ට්‍රයි කරලා බලන්න වැඩේ හරියට වෙනවද කියලා පාට මාරු කරාම?