නයිට්‍රජන් ටයර් ගැන දන්නවද

වාහනේ රෝදවලට හුලං ගහන එක අලුතෙන් අහන්න දෙයක් නෙමෙයිනේ.හැබයි වාහනේ රෝදවලට නයිට්‍රජන් හුලං ගහන් එක නම් ගොඩක් බ්රෝලට අලුත් දෙයක්.හැමතැනම මේ සර්විස් එක ගන්න නැති නිසා මේ නයිට්‍රජන් සීන් එක පොඩ්ඩක් ගනන්.හැබයි කියන්නේ නම් ටයර් වල පර්ෆොමන්ස් එකයි,ඉන්ධන වල කාර්යක්ශම බවයි,ඩ්‍රයිවර්ගේ ආරක්ශාවයි ඔක්කොම වැඩිවෙලා පරිසරයට හිතකර තත්වයක් ඇතිවෙනවා කියලා.හැබයි මේ ඔක්කොම කොම්පියුටර් ජිල්මාර්ට් එහෙම නැත්තන් මාර්කටීන් ජිල්මාර්ට් කියලා කියන සෙට් එකක් නැතුවම නෙමෙයි.ඇත්තටම කේස් එක මොකක්ද කියලා බලන්න පහලට කියවගෙන යමු බ්රෝ.

එහෙනන් මොකක්ද ඇත්ත?

නාසා ආයතනේ ජෙට් වල ඉදන්,ප්ලේන් වල,රේසින් කාර් වල මුල ඉදන්ම පාවිච්චි කරලා තියෙන්නේ නයිට්‍රජන් තමයි.හේතුව එ ටයර් පාවිච්චි කරන වෙලාවට එන අධික පීඩනය සහ පොඩි කාලේකදී අධික ගෙවීයාම් වලට ඕරොත්තු දෙන්න.කොහොම උනත් මේ ලගදී ඉදන් පාරේ වාහන වලටත් නයිට්‍රජන් පුරවන්න ගත්ත ගමන් වුනේ මේ සූ ගාලා ජනප්‍රිය උන එක.මාකටින් ගිමික් නැත්තෙත් නෑ හැබයි මෙකේ ඇත්තටම වෙනස මොකක්ද කියලා බලන්න වෙනවා හිටන්.

සාමානයෙන් අපි ඉස්සර ඉදන් ගහපු හුලං වල සීයට 78ක්ම තියෙන්නේ නයිට්‍රජන් තමයි.මේක ගිනි ගන්නෙත් නෑ,ලෙහෙසියෙන්ම නොමල් හුලන් වලින් වෙන්කරන්නත් පුලුවන්.ඊට පස්සේ සීයට 21ක් තියෙන්නේ අපිට ජිවත් වෙන්න උදව් වෙන ඔක්සිජන්.හැබයි මේක නම් ගිනිගන්න සුලුයි.හැබයි පොඩි ගානක් උනත් ටයර් එක පුරාම පැතිරිලා යනවා.ඊලගට ජල වාශ්ප සීයට 1ක් විතර තියෙනවා.කූල් උනාම ලික්විඩ් එකක් උනාට රත් උනාම ඉතින් ගැස් විදියට තමයි තියෙන්නෙ.ඊලගට තව සීයට 1ක් වගේ කාබන්ඩයොක්සයිඩ් සහ ගැස් අංශූ තියෙනවා.එවලින් නම් ටයර් එකට බලපැමක් වෙන්නෙම නැති තරම්.ඉතින් නයිට්‍රජන් හුලං කියලා දෙන්නේ සාමානය හුලන් වලින් ඔක්සිජනුයි ජල වාශ්පයි ඉවත් කරලා.එකෙන් තමයි වෙනස ඇතිවෙන්නේ.

දැන් මොනවද මේකේ වාසි?

ගොඩක් වෙලාවට නයිට්‍රජන් නිසාම වාසි ඇතිවෙනවා කියලා කියන්න බෑ.වාසි ඇතිවෙන්නේ ඔක්සිජන් සහ ජලවාශ්ප නැති නිසා.එක නිසා ටයර් එක ගොඩක් කල් පාවිච්චි කරන්නත් පුලුවන් වගේම ටයර් එක ගෙවෙන එක අඩු කරගන්නත් පුලුවන්.කලින් කිව්ව වගේ ටයර් වල ප්‍රෙසර් එක හොදින් දරාගන්නත් නයිට්‍රජන් වලට පුලුවන්.හේතුව නයිට්‍රජන් අංශූ ලොකු නිසා ටයර් එකෙන් කාන්දුවෙන එක අඩුයි වගේම,නිකන් හුලං වලට වඩා තුන්ගුනයක් රදවගන්න පුලුවන්.එක නිසාඅ හරියට පොලවට ටයර් එක ටච් වෙනකොට ආරක්ශාව වගේම ෆුවල් එෆිශන්සී එකත් හොදටම තියෙනවා.

සමහර වෙලාට සාමානය එයාර් කම්ප්‍රෙසර් එකෙන් හුලන් ගැහුවට පස්සේ ජල වාශ්ප වැඩියෙන් ඇතුලට යන්න පුලුවන්.ඉතින් එක නතර කරගන්නත් පුලුවන් නයිට්‍රජන් විතරක් ගැහුවොත්.ආයෙ ඩබල් චෙක් කරන්න ඕනෙත් නෑ.

ටයර් ගෙවීමට මොකද වෙන්නේ?

ටයර් එක ඇතුලේ තත්වේ පහල වැටෙන එකම දේ තමයි ඔක්සිජන් සහ තෙතමනය තියෙන එක.කලින් කිව්වා වගේ නයිට්‍රජන් ගැහුවොත් එක නැතිවෙනවා වගේම නයිට්‍රජන් කියන්නේ මලකන එකට උදව් නොකරන වායුවක් නිසා බ්රෝ ටයර් එක ඇතුල් පැත්ත ගැන බයවෙන්න දෙයක් නෑ.එ කිව්වේ වීල් එකේ මලකෑමේ රිස්ක් එකත් මේකෙන් අඩුවෙනවා.එකත් හරියටම ගැලපෙන්නේ නිතර නිතර වාහනේ පාවිච්චි නොකර තියාගන්න අයට තමයි. එ වගේම ඔය ගෙවුන ටයර් දාගෙන දුවන අයියලත් මේක වාසියි.හැබයි නිතර එහෙමෙහෙ යන සෙට් එකේ වාහන ටයර් ඇතුලට වඩා ඉකමනට එලියෙන් ගෙවෙන නිසා වැඩේ අවුල්.

අවාසි පැත්ත බැලුවොත් බ්රෝ නොමල් හුලං පිරවුමක් ගත්තම නයිට්‍රජන් පිරවුමකට වඩා මිලෙන් නම් අඩුයි.එ වගේම හැමතැනම ඇත්තෙත් නෑ.තැනක් හොයන්න වෙනම ගේමක් දෙන්න වෙනවා.නයිට්‍රජන් ගහලා හුලං බැස්සා කියන්නේ ඉලෙක්ට්‍රික් කාර් එකකින් කැලේක සෆාරියක් ගියාවගේ වැඩක් තමයි.එ වගේම නිකන් හුලන් වලින් නයිට්‍රජන් වලට මාරුවෙන එක නම් පොඩි කට්ටක් තියෙනවා බ්රෝ..

වාහන ගැන තව දැනගන්න කැමතිද බ්රෝ ක්ලික් කරන්න මෙතන

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න