කොටු පනින්න කලින් නීතිය දන්නවද

කොටු පනින්න කලින් නීතිය දන්නවද
කොටු පනින්න කලින් නීතිය දන්නවද

මේ කතාකරන්නේ පොඩි එවුන් පොලවේ කොටු ඇදලා කරන සෙල්ලම නෙමෙයි කියලා දන්නවා නම් ඉස්සරහට කියවගෙන යන්න.නැත්තන් දැන්ම මෙ ලිපිය කියවන එක නවත්වලා දන්න කෙනෙක්ගෙන් අහගන්න බ්රෝ ලොකු වෙලා කොටු පයිනවා කියන්නේ මොකටද කියලා.එ වගේම කොටු පැනිල්ල හින්දා රටේ දැන් තියෙන සංස්කෘතියට කෙලවෙලා රට අගාධයට යනවා කියලා හිතන් ඉන්නවා නම් බ්රෝ පීස් මේ ලිපිය කියවන්න එපා.එහෙම සීන්කෝන් ඔලුවේ නැත්තන් ශේප් එකේ පහලට කියවගෙන යමු.මොකද පනින එකා පනිනවමයිනේ හැබයි අවුල් වියවුල් දාගන්නේ නැතුව,ඔක්කොම ශේප් කරගෙන හරියට කරන දෙයක් කරන්න නම් එ ගැන හරියට දැනගෙන ඉන්නත් ඕනෙනේ.

නම්බර් වන් – හරියට දැනගන්න ප්ලීඊස්…

වයස අවුරුදු 18ට අඩුද බ්රෝ? ප්ලීඊස්… ගිහිල්ලා පොතක පතක් බලලා දැන්වත් හැදියන්. ඔවා කරගන්න තව ඕන තරම් කල් තියෙනවා.අන්තිමට ඕක හින්දා ඉගෙන ගන්න එකත් සොරි කරගෙන වයස 18ට වැඩිවෙලා තමන්ටම ආතල් එකේ ජින්ගි ජිකා දාන්න ඕන කාලේ එලොවටත් නැතුව මෙලොවටත් මෙලෝරහක් නැති කටුකන ජොබ් කර කර බබ්බු නලවන්න උනාම තමයි කරපු මෝඩකම් තේරෙන්නේ,එතකොට පුතී කෝච්චිය ගිහිල්ලා ඔක්කොම පරක්කුවැඩි.එ වගේම ජිවිතේ අඩුවයසෙන් ජින්ගි ජිකා දාන්න යන එක නීතීයට අනුව වරදක් එකට හරි සිංහලෙන් කියන්නේ “අවුරුදු 18ට අඩු අයවලුන් ලිංගික කාර්ය වල යෙදවීම,එම බාලවයස්කරුවාගේ කැමැත්ත මත සිදුවුවද දඩුවම් ලැබයි හැකි වරදක්“කියලා.තෙරෙන සිංහලෙන් කිව්වොත් එ කිව්වේ දඩුවම ලැබෙන්නේ බාලවයස්කරුවෙක් අපයොජනයට ලක්කරා කියලා.හැබයි වයස 18ට වැඩි නම් ප්‍රශ්නයක් නෑ.එකම දේ කොහේ ගියත් තමන් කවුද,වයස කියද කියලා පෙන්නන්න අයිඩින්ටිය හරි පිලිගන්න පුලුවන් වෙනත් දෙයක් ළඟ තියාගන්න ඕනේ කියන එක.

කොටු පනින්න කලින් නීතිය දන්නවද
කොටු පනින්න කලින් නීතිය දන්නවද

හැබයි එහෙම කියලා අවුරුදු 18ට වැඩි උනත් බ්රෝ කෙනෙක් විදියට කෙලවෙන්න පුලුවන් තැනක් තියෙනවා.කොහෙහරි රූම් එකක හරි වෙන තැනක ජින්ගි ජිකා දාන්න ගිහිල්ලා පොලිසියෙන් චෙක් කරලා කට උත්තර ගන්න තැනදී කෙල්ල කිව්වොත් වැඩේ උනේ අකමැත්තෙන් කියලා මුලින් කැමත්තෙන් ගියපු කතා අදාලම නෑ බ්රෝ.කෙලින්ම හිරේ යන්න වෙන්නේ “ස්ත්‍රී දුශනය“කරා කියලා.මේක සමහර වෙලාවට වෙනත් වාසි බලාගෙන කරන ගෑනු පරානත් ඉන්න හින්දා පනින මගුලක් තමන් දන්න කියන තමන්ගෙම කෙනා එක්ක කැමැත්ත සීයට සීයක් ඇතුව කරගන්න මතක තියාගන්න බ්රෝ.

නම්බර් ටූ – පරිස්සමෙන්! මාමලායි අයියලයි ඉන්නවා…

කොටු පනින්න කලින් නීතිය දන්නවද
කොටු පනින්න කලින් නීතිය දන්නවද

ගල් තියෙන ගල්කිස්සේ ගල් අස්සේ හරි වැටකෙයියා පඳුරු අස්සේ හරි සෙල්ලං දාන්න යන්න හිතන් ඉන්නවා නම් බ්රෝ දැන්ම අදහස අයින් කරගන්න.ඇත්ත තමයි ඉතින් ලංකාවේ නිදහස් තැනක් නෑ තමයි මේවා කරගන්න.එහෙම කියලා ඕවා අස්සේ රිංගලා එ එ පැතිවල අයියලට කියලා උබේ සකල සබ්බමනාවම සුද්දකරගන්න ඕනේ නෑනේ.මොකද ඉතින් කෙල්ල ඉස්සර දෙතුන් දෙනෙක් ඇවිල්ලා පිහියක් පෙන්නුවට පස්සේ සල්ලි ,ෆෝන් ඔක්කොම දෙන්න වෙන එක ආයෙත් අහන්න දෙයක් නෑනේ.කොහොමහරි මේ අයියලගෙන් බේරුනත් මාමිලාගෙන් නම් බේරෙන්න අමාරුයි බ්රෝ.මොකද පොලිස් මාමා කෙනෙක්ට ඔවා අස්සේ ගිහිල්ලා අහූවුනා කියන්නේ ප්‍රශ්නයක් තමයි.එ වගේම පාරවල් ගානේ බයික් එකේ ඉදන් කතාබහ කරනවට වඩා සීන්කොන් දාන්න ගිහිල්ලා අන්තිමට වටේ ගෙවල් වලින් 119 කතාකරලා ඊටපස්සේ මාමා කෙනෙක්ට අහුවුනොත් වෙන්නේ “පොදු ස්ථාන වල අශෝභන ලෙස හැසිරුනා කියලා තමයි “ පොලීසියට යන්න වෙන්නේ.එක නිසා කරන දෙයක් තමන්ගේ වගේම කෙල්ලගෙත් තැන තියන් කරන්න පුලුවන් තැනක් තෝරගන්න වෙනවා.

අනුග්‍රාහකත්වය

 

නම්බර් ත්‍රී – දියගොඩ සැමතැන කිරි ඉතිරේ…

නම්බර් ටූ එකේ කිව්වා වගේ හැමතැනම යන්න බැරි නිසා දැන් ඇත්තටම යන්න තැනක් හොයාගන්න වෙනවානේ බ්රෝ.එහෙම කියලා පැයට පන්සීයයේ ස්පොට් එකකට ගියොත් පුතී එක්කෝ හෙට උදේ පත්තරේ ඉදී “ අහවල් ලැඟුම්හලේ පොලිසියේන් ඇල්ලු කපල් එක“ කියලා හෙඩ්ලයින් එකේම, නැත්තන් ඉන්ටර්නෙට් එකට ඔබේ මුලු ජින්ගි ජිකා එක හයිකොලිටි එච්.ඩී වර්ශන් එකක්ම අප්ලෝඩ් වෙලා තියෙවී.එ මදිවට සමහර අයියලාගේ “බලන් සොමියට“ත් ඔබ දන්නේම නැතුව අහුවෙන්න පුලුවන්.(එ කියන්නේ ඔය හිල්වලින් රූම් එක ඇතුල බලන අයට)කොහොමහරි ඔය හැම විදියෙන්ම වෙන්නේ ඔබට සහ ඔබේ සහකාරියගේ ගෞරවයට කෙලවෙන එක කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.ඉතින් මෙහෙම වෙන්න නැතිවෙන්න නම් කරන්න තියෙන්නේ පැයට මෙච්චරයි කියලා පොඩි ගානකට ලොජ් වලට යන්නේ නැතුව ටුවරිස්ට් බෝර්ඩ් එකේ ලියාපදිංචි උන නිතයානුකුල තැනකට යන එක.එහෙම තැන් පොඩි ගානකට ගන්න බැරිවෙන්න පුලුවන් හැබයි ඔබේ සහ සහකාරියගේ ආරක්ශාව, ගෞරවය ගැන හිතුවාම එ ගාන ගෙවන එක නම් පාඩු නෑ බ්රෝ.

සප් එකක් දෙන්න බ්රෝ!image/svg+xml

මේ පොස්ට් එකේ ඉතුරු ටික බලන්න අන්ලොක් කරගන්න
පහල ශෙයාර් බට්න් එක ක්ලික් කරලා ශේයාර් කරලා
අපිට සප් එකක් දෙන්න බ්රෝ!

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න