ලැබ්‍රඩො රිට්‍රීවර් ගැන දන්නවද

ලැබ්‍රඩො රිට්‍රීවර්

6.1

නිවස තුල ඇතිකිරීම

1.0/10

අලුත් අයිතිකරුවන්ට

4.5/10

ලංකාවේ කාලගුනයට

5.0/10

කුඩා ළමයි සමග

9.0/10

අමුත්තන් සමඟ

9.0/10

ලොම් හැලීම අඩුවීම

1.0/10

නඩත්තු පහසුව

8.0/10

සාමානය සෞඛ්‍ය

6.5/10

පුහුනු හැකියාව

8.5/10

ව්‍යායාම අවශයබව

8.5/10

වාසි

  • ළමයින් ප්‍රියකිරීම
  • වෙනත් බල්ලන් ප්‍රියකිරීම
  • පුහුනුව ලෙහෙසියි
  • බුද්ධිමත් බව

අවාසි

  • නිවෙස්තුලම ඇතිකල නොහැක
  • සංවේදී බව වැඩියි
  • ඉක්මනින් බර වැඩිවීම
  • ලොම් හැලීම වැඩිවීම

 

සාරාංශය – හැමෝම ආදර බල්ලෝ වර්ගයක් තමයි ඉතිං ලැබ්‍රඩො රිට්‍රිව. උන්ගේ හුරතල් පෙනුමට කෙල්ලෝ කොල්ලෝ හැමෝම වගේ කැමතියි. මුන්ට හොදට වැඩ කරන්නත් පුළුවන්. යාලු මිත්‍රයෙක් වගෙත් ඉන්න පුළුවන්. ඕනෑම කෙනෙක් ලැබ්‍රඩො විශේෂය හදුන්වන්නේ අයිතිකරුට ගොඩාක් කීකරු, ආදරණීය  සහකාරයෙක් කියල.  මිනිස්සුන්ට ගොඩක් ආදරේ පෙන්වනවා. මේ හින්දාම ලෝකයේ අනිත් රටවල් වල වැඩිහිටි නිවාස වල ඒගොලොන්ගේ පාලුව තනිකම මකාගන්න ඉන්නවා.

මුන් බුද්ධිමත්. ආබාදිත අයට උදව් කරන්නත් ලැබ්‍රඩො බල්ලන්ව පාවිච්චි කරනවා. ඒ විතරක් නෙවෙයි. මුන් ක්‍රියාශීලි, ජවසම්පන්න  නිසාම ක්‍රීඩා කරන්න කැමතියි. ඒ නිසා දවසට විනාඩි 30ක් 60ක් වය්‍යාම කරවන්න. එහෙම හොදින් වය්‍යාම නොකරෙව්වොත් මුන් වැඩිපුර බුරන්නත් සැර විදිහට හැසිරෙන්නත් පුළුවන්. හැබැයි පොඩි පැටියෙක්ව නම් ගොඩක් මහන්සි කරවන්න එපා. සෙල්ලම් කරන කාලය වෙලාවට නතර කරන්න ඕනේ.

ලැබ්‍රඩො බල්ලෙක් ගොඩක් සුහධශිලී. මිනිස්සු එක්ක අනිත් සත්තු එක්ක ඉක්මනට යාලු වෙනවා. මුන් ගොඩක් කැමතියි අනිත් අයව සතුටු කරන්න. ඒ නිසාත් බුද්ධිමත් කම නිසාත් ඕන දෙයක් පුහුණු කරන්න ලේසියි.

කෑම  – මුන් කෑම ජාති වලට ගොඩක් කැමතියි. ඒ නිසා ඉක්මනට මහත් වෙන්න පුළුවන්. වැඩිපුර, හැමතිස්සෙම  කෑම දෙන්නේ නැතුව හොදට වය්‍යාම  කරවන්න ඕනේ.  කෑම වලට ඇති කැමැත්ත නිසාම අහක දාන කෑම, කුණු, වෙනත් සෙල්ලම් බඩු  උනත් හපා කන්න පුළුවන්. ඒනිසා ටිකක් පරිස්සම් කරගන්න.දවසට කෑම වෙල් 2ක් හෝ තුනකට වැඩියෙන් දෙන්න එපා. හැමතිස්සෙම කෑම දාලා තියන්නත් එපා.

[lockercat]

සයිස්  – ලැබ්‍රඩො කෙනෙක්ට තියෙන්නේ තුනී, පහසුවෙන්, පිරිසිදුව තියාගන්න පුළුවන් ලෝම තට්ටුවක්.  පිරිමි සතෙක් අගල් 22.5-24.5, බර රාත්තල් 60ත් 80ක ප්‍රමාණයක් වෙන අතර ගෑනු සතුන් අගල් 21-24, බර රාත්තල් 50ත් 70ක ප්‍රමාණයක් වෙනවා. මාස  4ත් -8ත් කාලයේ මුන් හොදට හැදෙන නිසා වැටීම් වලින් හොදින් පරිස්සම් කරගන්න ඕනේ.

සෞඛය  – ලැබ්‍රඩො කෙනෙක් සාමානයෙන් නිරෝගියි. හැබැයි අනිත් සත්තුන්ට වගේ ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. හිප් ඩිස්ප්ලෙසියා – කලවා ඇටය උකුල් සන්ධියට හරියට එක්වෙලා නැති වුනාම මේ ආරෙන් හැදෙන රෝග තත්වයක්. මේ නිසා වේදනාවක්, නැත්නම් බකල ගතියක් පෙන්න පුළුවන්.  වයසට යනවත් එක්කම ආතරයිටිස් රෝගයට ගොදුරු වෙන්නත් පුළුවන්. ලැබ්‍රඩො කෙනෙක් මිලට ගන්න ඉන්නවනම් පැටියාගේ දෙමාපියන්ගේ හිප් ඩිස්ප්ලෙසියා ටෙස්ට් එකේ රිපෝට් එකක් ඉල්ලගන්න. ලංකාවේ ගොඩක්  ලැබ්‍රඩො බල්ලන් හිප් ඩිස්ප්ලෙසියා  රෝගයෙන් පෙළෙනවා.

එල්බොව් ඩිස්ප්ලෙසියා – මේ රෝගය හැදෙන්නේ ගොඩක් ලොකුවට හැදුනු බල්ලන්ට. මේ නිසාත් බල්ලන් බකල් වෙන්න පුළුවන්. වේදනා නාශක බේත් වලින් වේදනාව අඩු ගතියක් පෙන්වන්නේ නැත්නම් සමහර විට සැත්කමක් වුනත් කරන්න වෙනවා.

කැටරැක්ට්  – සුදු පුල්ලි ඇස් කාචේ සැදීම. මේ නිසා වයසත් එක්ක ඇස් පෙනීම දුර්වල වෙන්න පුළුවන්.වතුරට ඇති කැමැත්ත නිසාත්, කන එල්ලී වැටෙන ස්වභාවය නිසාත්,  කනේ රෝග වලිනුත් ලැබ්‍රඩො ලව පරිස්සම් කරගන්න  ඔනේ. කන හොදින් සුද්ද කිරීමට වග බලාගන්න ඕනේ.

[/lockercat]

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න