ට්‍රයි කරන කෙල්ලට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් මොකද කරන්නේ

“මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා“ ඔය වචන ටික අහලා තියෙන බ්රෝ කෙනෙක් ඉන්නවා නම් සමහර විට පහල තියෙන දේවල් දැන් වැදගත් වෙන්න පුලුවන්.එ වගේම හොදටම දැන දැනම ඕක අහගන්න යනවා නම් බ්රෝ එකෙන්ම මේක කියවන්න දැන්ම(වෙනදට වඩා පොඩ්ඩක් දිගයි එක නිසා ශේප් එකේ බලන්න.මේ ලිපිය.).උදාහරනයක් විදියට ඕනම කෙල්ලේක් එක්ක සෙට් කරගන්න යනකොට කොහෙන්හරි එකෙක්,තව කොහෙවත් ඉන්න එකෙක්ට මලපනින එක සාමාන්‍යය දෙයක්.හේතුව ඉතින් එක්කො මිනිහත් ට්‍රයි කරනවා එ කෙල්ලට නැත්තන් එ කෙල්ලගේ “බෝයිෆ්‍රේන්ඩ්“ වෙන්නත් පුලුවන්.කවුරු හිටියත් අර හිත යන තැන මාලිගාව කියලනේ කියන්නේ.ඉතින් එහෙම කියලා අපෙ බ්රෝ ලත් ගේම අතාරින්නේ නෑ ලෙහෙසියෙන්.පස්සෙන්ම යනවා.

කොහොම උනත් එක දෙයක් බ්රෝ. ඇය ඇත්තටම ඔහුගේ නම් ,ඇත්තටම…, බොක්කෙන්ම…, විශ්වාසකරන්න බ්රෝ ඔය පස්සෙන් යන වැඩේ හරියන්නේ නෑ.හොදම දේ වෙන කෙනෙක්ව හොයාගන්න එක.හැබයි ඇය එකෙන්ම ඔහුගේද නැත්තන් එතන තියෙන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ සෙල්ෆී වලින් විතරක් දුවන් ලව් එකක් නම් අන්න ඔබට චාන්ස් එකක් තියෙනවා.එක නිසා සිටුවේශන් එක ගැන හොද රීසර්ච් එකක් දාගන්න පුලුවන් නම් ශේප්.නැත්තන් ඔක්කොම වතුරේ.මොකද අපි මහ කාලයක් ජිවත් වෙන්නේ නෑනේ.එක නිසා ඉන්න ටිකෙ ආතල් කුඩු කරගන්න ඕනෙත් නෑනේ.

එක නිසා උඹේ ජිවිතේ ලස්සනම කාලේ කාගන්නේ නැතුව වටේටම චාටර් නොවී,කොච්චි වලට පනින්න,වහබොන්න,බ්ලේඩ් තල වලින් කපාගන්න වගේ ඔලමොට්ටල වැඩ නොකර කොහොමද හරියටම ජෙන්ට්ලිමන් ටයිප් එකෙන් වැඩේ කරගන්නේ කියන එක දැනගන්නම වෙනවා.මොකද ට්‍රයි කරන වැඩේ හරිගියොත් ගොඩ ගිහිල්ලා එතනට ෆුල් කමිට්මන්ට් එක දෙන එකයි,නැති උනත් අවුලක් නෑ කියලා අනෙක් පැත්තට හැරෙන තැපැලෙන් වෙන එකක් ට්‍රයි කරන්න නම් හොද පොසිටිව් ඔලුවක් හදගන්න වෙනවා දැන්ම.එ වගේම මතක තියාගන්න බ්රෝ මේ කරන්න යන දේ සෙල්ලමක් නම් නෙමෙයි.කෙල්ලට සහ අනෙක් පාර්ශවයට හැමවෙලේම දෙන්න ඕන රෙස්පෙක්ට් එක දෙන්න.ඔය වැඩේ පටන් ගන්න කලින් පොඩ්ඩක් හිතන්න හැමපැත්තෙන්ම මොකද ලස්සන,සල්ලි කියන එවා මේ තියෙනවා මේ නෑ.ඊට වඩා දෙයක් හම්බෙනවා කියලා හිතෙන,ට්‍රයි කරන්න සුදුසුයි කියලා හිතෙනවා නම් විතරක් ට්‍රයි කරන්න බ්රෝ.

කැටගරි නම්බර් වන් – වෙලාව කෑම

ට්‍රයි කරන කෙල්ලට කොල්ලෙක් ඉන්නවා නම් වෙන්න පුලුවන් අවුල්සහගතම දෙයක් තමයි මේක.ඒ කිව්වේ කෙල්ල උඹත් එක්ක මොනවත් කරන්න නෑ වෙලාව කන එක හැරුනකොට.ඊට අමතරව කල්පනාකාරී උනේ නැත්තන් බ්රෝ උඹෙ දරන උත්සහය,සමහර විට සල්ලී,උබේ ෆීලින්ස් ඔක්කොම ඔතනදී වෙන්නේ නාස්ති වෙන්න එක විතරයි.එක නිසා මේ වගේ කෙල්ලේක් පස්සේ යන එකේ නම් කිසිම තේරුමක් නෑ.අන්තිමට වෙන්නේ ඔක්කොම ඉවර වෙලා උඹට කිසිම දෙයක් නෑතුව බකන් නිලන් බලන් ඉන්න වෙන්නේ අර “බෝයිෆ්‍රේන්ඩ්“ ඇවිල්ලා කෙල්ලව අරන් යන එක.ඉතින් එක නිසා මේ වෙලාව කන එක කලින් අදුරගන්න රූල්ස් තුනක් තියෙනවා බ්රෝ.

රූල් නමබ්ර් වන් – ජෙල වැඩි කරන්න එනවා නම් අයින්කරන්න.

මේක තමයි ගොඩක්ම වෙන්නේ බ්රෝ, ඇයට ඕනේ ඇයගේ දැන් ඉන්න කොල්ලව අවුස්සලා ගන්න.ගොඩක් වෙලාවට ඒක වෙන්නේ ඔය පොඩි දේකට තරහ උනාම. හැබයි එකට අහුවෙන්නේ කොහෙවත් ඉන්න උඹ නම් බ්රෝ එතන අවුලක් තියෙනවා නේ.ඇය එහෙම දෙයක් නම් බලන්නේ උඹට ලොකු ට්‍රයි කිරිල්ලක් කරන්න වෙන එකක් නෑ.එ මදිවට හිතාගන්න බැරි විදියට ඇය ලෙන්ගතුවෙයි,සමීප වෙයි.එ වගේම නරකම දේ උඹ දන්නේම නැතිව ඇය උබත් එක්ක කරන දේවල් දැන් ඉන්න “බොයිෆ්‍රෙන්ඩ්“ට පෙන්නන්න මොනවහරි ක්‍රමයක් හොයාගනී.උදාහරනයක් විදියට උඹත් එක්ක සෙල්ෆි එකක්,විඩියෝ එකක්.ඉතින් මේතනදී හිතාගන්න ඕනේ උඹ ඇයට ඇත්තටම කැමතී උනත් ඇය ඇත්තටම කරන්න හදනදේ මොකක්ද කියන එක.

හැබයි ඇත්ත කතකරොත් මෙතනදී වෙන්නේ සෙක්ස් කේස් එකක් විතරක් නම් ඔය වෙලේ ඒ චාන්ස් එක ගන්න බ්රෝලත් නැතිව නෙමෙයි.එකත් ජෙන්ටිලිමන් ටයිප් එකෙන් කරන විදිය වෙනත් ලිපියකින් බලමු.දැන් මේ කතාකරන්නේ සෙක්ස් විතරක්ම මුලිකම දේ කරගෙන කෙල්ලේක්ව හොයන එක නෙමෙයි නිසා හොදම දේ බ්රෝ මේ ජෙල බෙදන්න එන නංගීලාගෙන් පරිස්සම් වෙන එක.

රූල් නම්බර් ටූ – කන්න බොන්න විතරයි!

මේක නම් රෙකමන්ඩ් කරන්නේම නෑ බ්රෝ.මොකද වෙලාව වගේම පොකට් එකටත් තට්ටුවෙන ටයිප් එකේ කට්ටිය ගැන තමයි මේ කියන්නේ.උදාහරනේකට මෙහෙම හිතන්න බ්රෝ.ට්‍රයි කරන කෙල්ල උඹත් එක්ක ඕනම වෙලාවක ඩේට් එකකට,කොහෙහරි කන්න බොන්න යන්න කිසිම අවුලක් නෑ.හැබයි උඹ දන්නවා එයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා.කොහොමහරි කනබොන දෙවල් වලින් පස්සේ උඹට බිලක් දාලා ඇය යන්නේ අර බොයිෆ්රෙන්ඩ් ලගට නම් බ්රෝ.මොකක්ද ඇති පලේ?.එක නිසා සල්ලි තිබ්බ පලියට,එවා වියදම් කරන්න වෙලාව තිබ්බ පලියට නිකන් වියදම් කරන්නේ නැතිව ඒක පලක් ඇති තැනකට දාගන්න පුලුවන් නම් ගොඩ.

මොකද මුලදී මුලදී ඔය ඩේට් සීන් එක නැගලා ගියාට පස්සේ ඇයටම උඹව එපා වෙනවා.එක නිසා මුල් පාර ඩේට් එකෙන්ම වැඩේ ගොඩ දාගන්න බැරි නම් එක අමතක කරන්න.නැත්තන් උඹට අන්තිමට ඉතුරුවෙන්නේ හතර වටේම බිලුයි,නාස්ති කරපු කාලෙයි විතරයි.

රූල් නම්බර් ත්‍රී – යාලූ සීන් එපා ෆ්රෙන්.

ට්‍රයි කරන කෙල්ලගේ යාලුවෙක් වෙලා ඉදලා කවදාහරි දැන් ඇයට ඉන්න බොයිෆ්‍රෙන්ඩ්ට වඩා තමන් හොදයි කියලා පෙන්නලා කොහොමහරි කෙල්ලගේ හිත දිනාගන්න හදනවා නම් බ්රෝ..පීස්.. සයිඩ් වෙලා මේටික කියවන්න.“ඔය වැඩේ හරියන්නේ නෑ,ඕක පට්ට නරක අයිඩියා එකක්“ යාලුවෙක් උන ගමන් වෙන්නේ උඹ වැටෙනවා ෆ්‍රෙන්ඩ්සෝන් එකට එක ඇතුලේ ඉන්න කල් වැඩේ හුටස් තමයි.ඇය බ්‍රෙකප් උනත් එතනදී දකින්නේ උඹව ලඟම යහලුවෙක් විදියට මිසක් එතනින් එහා දෙයක් විදියට නෙමෙයි.

එ වෙලාවේදී උඹට වඩා චාන්ස් එකක් ඔය ෆ්රෙන්ඩ්සෝන් එක එලියේ ඉදන් ට්‍රයි කරපු බ්රෝ කෙනෙක්ට තියෙනවා. එක නිසා ඇයගේ දැන් තියෙන රිලේශන්ශිප් එක කෙලවෙන්න කියලා ප්‍රාර්තනා කර කර යහලුවෙක් වෙලා පස්සෙන් යනවා නම් ඒක දැන්ම නවතවන්න බ්රෝ.

රූල් නම්බර් ෆෝ – ෆන් තමයි හැබයි අතේ දුරින්

උබේ ට්‍රයි එක උබට විහිලුවක් කරලා පොඩි කික් එකක් දෙනවද? හැබයි එ අස්සේ එයාට බොයිෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලත් මතක් උනාම මේ මොකක්ද වෙන්නේ කියලා තේරුම් ගන්න බැරිද බ්රෝ.වැඩිය හිතන්න ඕනේ නෑ බ්රෝ. මොකද උඹ පොඩි හරි ට්‍රයි එකක් දෙනකොට කෙල්ල දන්නවා ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න තමයි කියලා.හැබයි ඔය විහිලු කෑලී,අනං මනං කෝල්,චැට් වලින් උඹව චූන් කරන එක ඇයට අනුව “එකත් වෙනම ආතල් එකක්“.බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්න මේ වගේ කෙල්ලේක්ට නම් බ්රෝ උඹ ට්‍රයි ගොඩක් වෙලවට වෙන්නේ ඇය හැමවෙලේම උඹ ඇයත් එක්ක කතාකරන එක කන්ට්‍රෝල් කරන්න බලනවා.

එ කිව්වේ ඇය ගැන දේවල් උබට වැඩිය කියන්නේ නෑ.හැබයි උබ ගැන ඔක්කොම වැල්වටාරම් ඔක්කොම උඹ ලවාම වමාරව ගන්නවා.එ වගේම කොහේහරි හම්බෙන්න වගේ මීට් අප්ස් එකෙන්ම මගහරිනවා ශේප් එකේ.හැබයි උඹ පොඩ්ඩක් හරි දුරදිග යන්න හැදුවොත් ඔක්කොම සොරි වෙනවා.හේතුව ඇගේ බලාපොරොත්තුව ඔබව ලිමිට් කරලා අතේ දුරින් තියාගන්න එක නිසා.එක නිසා පස්සේන් යන්න හදන්න එපා.විශේෂයෙන්ම ඇයට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම්,ඊටත් වඩා විශෙෂයෙන්ම ඇයත් දැන් කිව්වා වගේ චරිතයක් නම්.

කැටගරි ටූ – වටිනවද බ්රෝ?

කෙල්ලෙක් ඇයගේ දැන් ඉන්න බොයිෆ්‍රෙන්ඩ් ගෙන් වෙන් වෙලා ඔබ වෙත ආපු පලියටම බාරගන්නවද නැද්ද කියන එක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕන දෙයක් බ්රෝ.මොකද දෙයක් උනාට පස්සේ එ ගැන හිතුවට වැඩක් වෙන්නේ නෑනේ.එක නිසා වෙන්න කලින් දැනගන්න පහලට කියවගෙන යමු.

රූල් නම්බර් ෆයිව් – සයිකො නම් පරිස්සමෙන්.

අතීතේ වැඩක් නෑ අපි අනාගතේ ගැන හිතමු කියලා වර්තමානේ ජිවත් වෙන්න නම් යන්නේ උඹෙ ට්‍රයි කරපු කෙල්ල එක්ක.හොද අං දෙකකුත් කඩෙකින් අරගෙන සෙට් කරගනින්.නැත්තන් ආත්මාරක්ශාවට මොනවහරි සෙෆ්ටියක් දාගන්නම වෙනවා.උදාහරනේකට නිකමට හිතමු කෙල්ලගේ කලින් හිටපු බොයිෆ්‍රෙන්ඩ් එක්කො මැරයෙක්,නැත්තන් සයිකො සීන් එකක්, හරි මොකෙක් හරි උඹට ලොකු හානියක් කරන්න පුලුවන් එකෙක් කියලා.නිකන් ඉල්ලන් අහක යන කටු කන්න ඕනේ නෑනේ මල්ලී.ශේප් එකේ සයිඩ් වෙලා වෙන එකක් හොයාගන්න එකනේ කරන්න තියෙන්නේ.එක නිසා හැමවෙලේම පොඩි රිසර්ච් එකක් දාලා බලන්න.නැත්තන් ලගට ඇවිල්ලා අඩි හයක් පොලව යටට යනකන් දන්නෙත් නෑ.

රූල් නම්බර් සික්ස් – මෙස්ඩ් අප් එපා.

සම්පුර්නයෙන්ම හිත කඩාවැටිලා ,සොරිවෙලා පොරිවෙලා ඉන්න කෙල්ලෙක්ට නම් ට්‍රයි කරන්නේ බ්රෝ හිතෙන්න පුලුවන් අඩන්න උරහිසක් දුන්න ගමන් කෙල්ලව සෙට් කරගන්න පුලුවන් කියලා.පුලුවන් තමයි එක අමාරු නම් නැ.මොකද ඉන්න බොයිෆ්‍රෙන්ඩ් එහෙම කරන්නේ නැත්තන් ඉතින් ලග ඉන්න උඹ නම් චාන්ස් එක ලැබෙනවා.හැබයි මතක තියාගන්න බ්රෝ අර හිත හදන එවල ඉදන් දුක් ගන්නාරාල වෙලා කලින් උන ඔක්කොම කතන්දර එතකොට කලින් හිටිය බොයිෆ්රෙන්ඩ් ගැන විස්තර ඔක්කොම අහන ගමන් තමයි නලවන්න වෙන්නේ.හැබයි උබ ඔක්කොම ෆික්ස් කරාට පස්සේ පරන කෙනා ලගට ආයෙත් ඇය යන එක වෙන්නත් බැරි කමක් නෑ.මොකද උඹ ලගට එනකොට හිටියේ හොද සිහියෙන් නෙමෙයි නේ.

රූල් නම්බර් සෙවන් – මේක නම් එපා.

ඇය ඇත්තට ඇයගේ බොයිෆ්රෙන්ඩ්ට ආදරේ නම් කවදාවත් එ වගේ තැනක ඩෙගා නටන්න යන්න එපා බ්රෝ.ඔව් ඔබට කියන්න පුලුවන් ඉතින් එක ඇයගේ තීරනේ මම එක කොහොම හරි වෙනස් කරා කියල.මතක තියාගන්න මිනිස්සු ඇත්තටම තමන්ගේ ජිවිතේ ගොඩක් තීරන වලදී නිවැරදී නෑ.හැබයි උබ සෙක්ස් සහ ආදරය පටලවගෙන ඇයව කොහොමහරි පොලඹවලා පැත්තට නවාගත්තා කියමුකො,හැබයි ටික කාලයක් යද්දී අර කලින් තැනට ඇය යනවා.හේතුව සෙක්ස් වලට විතරක් කෙනෙක්ව රඳව ගන්න බෑරි නිසා.එක නිසා මේ වගේ තැනක නම් ඇය ඉන්නේ අමතක කරන්න වෙන කෙනෙක්ව ට්‍රයි කරන්න.ලංකාවේ නම් ඉන්නේ බයවෙන්න ඕනේ නෑ.ගැහැනු පිරිමි අනුපාතය හතරට එකයි.

කැටගරි ත්‍රී – ග්‍රීන් ලයිට් බ්රෝ!

ග්‍රීන ලයිට් වැටුනාම ට්‍රැෆික් එකෙදී පාගලා පීඹගෙන වාහනෙන් යනවා වගේ බ්රෝ…ඔබ ට්‍රයි කරන බොයිෆ්රෙන්ඩ් කෙනෙක් දැනට ඉන්න කෙල්ලත් දැන් ඔය උඩ කිව්වා කැටගරි දෙකටම අයිති වෙන්නේ නැත්තන් ඇයට දැනට ඉන්න බොයිෆ්‍රෙන්ඩ් ගැන කැමත්තක් නැත්තන් ඇයට ඔබව ඕනේ නම්,අඩුම ගානේ එහෙම ඕනේ කියලා ඔබට හිතෙනවා නම් මොකද උඹ කරන්න ඕනෙ බ්රෝ?

රූල් නම්බර් එයිට් – රිෆ්‍රෙෂින්

ඕනම රිලේශන්ශිප් එකක් ලොකු කාලයක් ගියාට පස්සේ එකෙන්ම බෝරින්.කෙල්ල කෙල්ලගේ වැඩ කොල්ලා කොල්ලගෙ වැඩ.එකෙන්ම බෝරින්.සමහර විට එකිනෙකාට හොරෙන් වෙන වෙන දේවල් තියෙන්නත් බැරි කමක් නෑ.දෙන්නා නිතර හමුවෙන්නේ නැත්තන් එක තවත් අවුල් වෙන එක අහන්න දෙයක් නෙමෙයි.ඉතින් මේ වගේ අවස්තාවකදී ඇයගේ සිග්නල් එකක් දෙකක් දැකලා උඹ මැද්දට එනවා නම් බ්රෝ.උඹ දැනට සිංගල් නම් ලොකු චාන්ස් එකක් තියෙනවා.එ වගේම වෙනස් නොවී උඹ උඹේ විදියට ඉන්නවා නම් බ්රෝ ඇයට අලුත්,රිෆ්රෙශ් ගතියක් දැනෙවී.ඇත්තනේ කතාව.

හැබයි එකක් උබේ බෝරින් ජොබ් එකේ විස්තර හරි විනෝදාංශ ගැන නම් කියව කියව ඉදලා වැඩේ අවුල් කරගන්න එපා බ්රෝ.හැබයි එහෙම කියලා උඹ ජොකර් කෙනෙක් වෙන්න ඕනෙත් නෑ බ්රෝ.තමන්ගේ තත්වේ තියාගෙන ජෙන්ට්ලිමන් ටයිප් එකෙන් හිටියා නම් එච්චරයි.හැබයි කරන්න ඕන එකම දේ ඇයට දැනට තේරිලා තියෙන ඇයගේ දැන් රිලේශන්ශිප් එකේ නැතිදේවල් ඇයට දෙන්න ට්‍රයි කරන එක. මොනවා කරත් සංසුන් වෙන්න,හැබයි කරන දෙයක් ඉක්මනින් කරන්න,ඇයට ප්‍රශ්න ඇති කරවන්න හදන්න එප.හැමදාම දකින දේට වඩා දෙයක් පෙන්වන්න වැඩේ ගොඩ දාගන්න පුලුවන්.

රූල් නම්බර් නයින් – එක මතේක ඉන්න බ්රෝ

සමහර් බ්රෝලා වැඩේ ඔක්කොම ගොඩ දාගන්න ඕන්න මේන්න තියලා පොඩි දේවල් නිසා අතහැරලා දානවා.මෙ වගේ දේයකදී උඹට එන බාදක ගැන ආයෙත් අහන්න ඕනේ නෑනේ.ඇයගේ කතාවෙදී මගහරින කරුනක් විදියට හැමවෙලේම “මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා“ කියන එක කියන්න පුලුවන්.හැබයි එතන එහෙම තියෙන්න දීලා ඔබේ කරුනු කතාකරන්න,ඇය අඩුම ගානේ අසනවා නම් හිතන්න පුලුවන් ඔබට ඇය තුල තැනක් තියෙනවා කියලා.කැමති නැත්තන් එකෙන්ම ඊලග පාර ඔබව මගහරින බව නම් එකාන්තයි.

රූල් නම්බර් ටේන් – තවත් එක බොයිෆ්රෙන්ඩ් කෙනෙක් වෙන්න එපා.

රිලේශන්ශීප් එකක ඉන්න කාන්තාවන් තනිකඩ පිරිමින් කෙරෙහි ආකර්ශනය වැඩි අතර තනිකඩ කාන්තාවන් රිලෙශන්ශිප් එකක සිටින පිරිමින් වෙත ආකර්ශනය වෙන එක මනෝවිද්‍යාව අනුව පිලිගත් කරුනක්.ඔබ සිංගල් නම් එහෙනන් චාන්ස් එක තියෙන්නේ මොන පැත්තටද කියලා දැන් දන්නවනේ. එ වගේම ඊලග දේ එකපාරම ඇයගේ බොයිෆ්රෙන්ඩ් වීමට නොයන්න.හේතුව දැනට සිටින කෙනා නරක උනත්,අවුල් උනත්,බොරින් උනත්, මොනාඋනත් ඇයවෙනුවෙන් යම් කාලයක් වැයකර තිබෙන නිසා ඔබ සහ ඔහු සැසදූවීට එ අතින් ඔහු ඉදිරියෙන්.එක නිසා ඇයගේ බොයිෆ්රෙන්ඩ් වීමට නොව ඇය වෙනුවෙන් ඔබේ කාලය ලබාදෙන්න.

හැබයි ඇයව ඔබේ ගර්ල්ෆ්රෙන්ඩ් කරගන්න ඕනේ නම් ඔබය ඉන්න වෙනවා ඔබ දෙදේනා ආදරවන්තයන් වෙනකන්.එකම දේ බ්රෝ වතුරට බහින්නේ නැතුව තැපැලෙන් පීනන්න ඉගෙන ගන්න බෑ වගේම මේ වගේ ආදරයක් දීනාගන්න වැඩක්දිත් ෆීල්ඩ් වර්ක් නැතුව වැඩේ ගොඩ දාගන්න බෑ.එතනදී ඔබ ජයගන්න පුලුවන්,අපේ ප්‍රාර්තනයත් ඒක. හැබයි පරදින්න පුලුවන්,මොනවා උනත් එක ඔබේ ජිවිතය ශක්තීමත් කරගන්න අත්දැකීමක් කරගන්න ආයෙත් කියන්නේ එහෙම නැතුව කොච්චි වලට බෙලි තැබිලි,බ්ලෙඩ් තල වලින් කපාගන්න වැඩ,වස්බොන එක වගේ මොඩ,කාටවත් පලක් නැති වැඩ නොකරන්න වගබලාගන්න.මොකද එවා කරා කියලා මේ සමාජෙ කාටවත් දවස් දෙකකට වඩා මතක හිටින්නේ නෑ.

ලයිෆ් එක ගැන තව ලිපි බලන්න මෙතන ක්ලික් කරන්න බ්රෝ

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න