ජර්මන් ෂෙපර්ඩ් ගැන දන්නවද

ජර්මන් ෂෙපර්ඩ්

ජර්මන් ෂෙපර්ඩ්
6.5

නිවස තුල ඇතිකිරීම

6.0 /10

අලුත් අයිතිකරුවන්ට

3.0 /10

ලංකාවේ කාලගුනයට

4.0 /10

කුඩා ළමයි සමග

6.0 /10

අමුත්තන් සමඟ

3.0 /10

ලොම් හැලීම අඩුවීම

8.5 /10

නඩත්තු පහසුව

8.5 /10

සාමානය සෞඛ්‍ය

8.0 /10

පුහුනු හැකියාව

9.5 /10

ව්‍යායාම අවශයබව

8.5 /10

වාසි

  • බුද්ධිමත් බව ලේසියි
  • ගොඩක් ශක්තිමත්
  • පුහුණු කරන්න ලේසියි
  • පවුලට ලෙන්ගතුයි

අවාසි

  • තනිවීමට අකමැතියි
  • නවකයන්ට සුදුසු නැත
  • ලොම් හැලෙනවා
  • බල්ලන් සමග සුහද නැ

සාරාංශය
1800දී උතුරු යුරෝපයේ, බෙල්ජියම්, ජර්මන්, හා නෙදර්ලන්තයේ ගෙවල් ආරක්ෂා කරන්ට, බැටළුවන් බලාගන්න මහද්වීපික ෂෙපර්ඩ්ල සිටියත් 1890 කාලයේදී බෙල්ජියන් ෂෙපර්ඩ්, ජර්මන් ෂෙපර්ඩ් හා ඩට්ච් ෂෙපර්ඩ් යන විවිධ තුනකට කැඩෙනවා බ්රෝ. මුල් කාලේ මෙගොලොන්ව බැටළුවන් රංචු බලාගන්න උදව්වට ගත්තත් පසුව ශක්තිමත්කම නිසාත්, තියුණු බව නිසාත්, හොදින් පුහුණු වීමේ හැකියාව හා කීකරු කම නිසා පොලිසි, හමුදා සොයා ගැනීම් හා ගලවා ගැනීම් වලට උදව්වට ගන්නවා. ලෝකයේ බුද්ධිමත් බල්ලන් අතුරින් ජර්මන් ෂෙපර්ඩ්ට හම්බ වෙලා තියෙන්නේ ගොඩක් හොද තැනක්. හොද ඉවක් තියෙන නිසා මත් ද්‍රව්‍ය අල්ලගන්න, අන්ද අයට මග පෙන්නන්නත් මුන්ව යොදා ගන්නවා. ඒ වගේම ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ හොද නළු බල්ලෙක්. සමහරක් රටවල් වල ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ ජාතික වීරයෙක්. දෙවැනි යුද්ද කාලයේදී “චිප්ස්” ජර්මන් ෂෙපර්ඩ් බල්ලට උගේ නිර්භීත කමට විශේෂ සම්මාන දීලත් තියෙනවා බ්රෝ.

ශරීර ප්‍රමාණය 
මුන්ව වර්ග කෙරෙන්නේ මද්‍යම ප්‍රමාණ නැත්නම් විශාල ප්‍රමාණයේ බල්ලන් ගොඩටයි. හොදින් හැදුණු පිරිමි සතුන්ගේ උස අඟල් 24ත් 26ත් වෙන අතර ගැහැණු සතුන් අඟල් 22ත් 24ත් අතර වෙනවා. මුන්ගේ උසට වඩා දිගැති පෙනුමක් පෙන්නනවා. විමසිලිමත් බවක් පෙන්නන මුන්ගේ කන් ගොඩක්වෙලාවට ඉස්සරහට ඉස්සිලා තමයි තියෙන්නේ.

පාට
ගොඩක් වෙලාවට මුන්ට කලු නැත්නම් දුඹුරු පාට කෝට් එකක් තියෙන්නේ. මුන්ගේ හොම්බ ප්‍රදේශය සහ කොට් එකේ උඩු ප්‍රදේශය කළුයි. සම්පුර්ණ කළු නැත්නම් සම්පූර්ණ සුදු කෝට් තියෙන ජර්මන් ෂෙපර්ඩ්ලත් ඉන්නවා. ජර්මන් ෂෙපර්ඩ් ගේ ලොම් කොටට තිබුනත් සමහර අයගේ ටිකක් දිගට පිහිටලා තියෙනවා. දිගු ලොම් තියෙනවනම් ඒ ජර්මන් ෂෙපර්ඩ්ට ලයන් ෂෙපර්ඩ් කියලත් කියනවා.

බලාගැනීම
මුන් වැඩිය තනියෙන් නම් ඉන්න කැමති නැ. බ්රෝ! ගොඩක් තනියෙන් හිටියොත් එගොලොන්ගේ හැගීම් පෙන්නන්න බුරන්නත්, හපන්නත්, පහුරු ගාන්නත් පුළුවන්. මුන් ගොඩක් ක්‍රියාශීලී, බුද්ධිමත් බල්ලන් විශේෂයක්. හැමතිස්සෙම අලුත් දෙයක් ඉගෙන ගන්නත් ගොඩක් කැමතියි. ඒ නිසාම දිනපතා මානසික හා ෆිසිකල් එක්සසයිස් ඕනේ වෙනවා. මුන් ඉක්මනට යාලු වෙන බල්ලන් විශේෂයක් නම් නෙවෙයි. හැබැයි යාලු වුනොත් ගොඩක් කීකරුයි. පොඩි කාලේ ඉදලම මුන්ව හොදට ට්‍රෙන් කලොත් ඕනෑම දෙයක් කරන්න පුරුදු කරන්න පුළුවන්. පස් වතාවක් නැවත නැවත දෙයක් කිරීමෙන් පසු ඕනෑම පොඩි දෙයක් මුන්ට මතක තියාගන්න පුළුවන්. ඒවගේම ජර්මන් ෂෙපර්ඩ් පවුලේ හැමෝටම ගොඩක් ආදරේ කරන කීකරු වර්ගයක්.

කෑම
මුන් ගොඩක් ශක්තිමත්, මාංශපේශී වැඩි බල්ලන් විශේෂයක්. පොඩි පැටියෙක් මාස හයක් වැනි කාලයකදී ඉක්මනට වැඩෙන නිසා ඒ කාලයේදී ප්‍රෝටීන් වැඩි කෑම වෙල් දෙන එක හොදයි. ඊට පස්සේ ටිකක්`ප්‍රෝටීන් අඩු කරන්න පුළුවන්. එත් හැම වෙලාවකම ප්‍රෝටීන්, මේදය වැඩි කෑම වෙල් දෙන්න වගබලාගන එක කෝකටත් හොදයි.

සෞඛ්යය
සාමානයෙන් ජර්මන් ෂෙපර්ඩ් ට අවුරුදු 10ත් 14ත් කාලයක ආයුෂ තියෙනවා. වැඩි සෞඛ්යය ප්‍රශ්න නැති බල්ලන් විශේෂයක් උනාට සමහරක් ලෙඩ වලින් පරිස්සම් කරගන්න ඕනේ. හිප් ඩයිප්ලසියා රෝග තත්වය ඕනෑම ලොකු බල්ලෙක් ට හැදෙන්න පුළුවන්. මේක ආරෙන් එන රෝග තත්වයක්. සමහර වෙලාවට ශල්‍ය කර්මයකින් සම්පූර්ණ උකුල් ඇටය ප්‍රතිස්ථාපනය කරලා සුව කරන්න පුළුවන්. හිප් ඩයිප්ලසියා තියෙනවා නම් කකුල් වල කොර ගතියක් නැත්නම් වේදනාවක් පෙන්නන්න පුළුවන්. හැමවෙලාවෙම ජර්මන් ෂෙපර්ඩ් පැටියෙක් ගෙදර ගෙන්න කලින් දෙමාපියන් ගැන, අයිතිකාරයන් ගැන හොදින් සොයා බලන්න ඕනේ. ටෙස්ට් කරලම ගත්තනම් ගොඩක් හොදයි. පොඩි කාලයේ ඉදලම අවශ්‍ය එන්නත්, පණු බෙහෙත් දීල, මාසෙකට එක් වතාවක් පශුවෛද්‍යවරයෙක්ට පෙන්නලා පරික්ෂා කරන එක ගොඩක් වැදගත් බ්රෝ.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න