“අපි යාලුවෝ වගේ ඉමු“ එකෙන් බේරෙන්නේ කොහොමද

“අපි යාලුවෝ වගේ ඉමු“ මේ වචන ටික අහගත්ත බ්රෝලා සයිඩ් වෙලා ශේප් එකේ පහලට මේක බලාගෙන යමු.මේක අහගන්න වෙනවා වගේ තෙරෙනවා නම් හරි මේක ලගදීම අහගන්න යන බ්රෝ කෙනෙක්ව දන්නවා නම් ඕක ශේයාර් කරලා පොඩි හෙල්ප් එකක් දෙන්න.මේ වචන හතරට අමතරව කෙල්ලො කියන තව වචන සෙට් එකක්ම තියෙනවා බ්රෝ.උදාහරනේකට ගත්තොත්, “මට දැන්ම ඔවා හිතන්න බෑ.අපි වෙනදා වගේ යාලුවො වගේ ඉමු“ , “මම එයාගෙන් වෙන්වුනා විතරයි තව සම්බන්ධයක් පටන් ගන්න කලින් ටික කාලයක් තනිවම ඉන්න ඕනේ“ , “ඔයා මට මගේම අයියා කෙනෙක් වගේ,මට එහෙම දෙයක් ගැන හිතෙන්නේ නෑ“ , “මට ගෙදරින් ඕවට අවසර නෑ,මම තාම ඉගෙන ගන්න නිසා,ඔයා මගේ හොදම යාලුවෙක් විතරයි“ කොහොමද නලවලා කරකවලා ගලපලා මේ වගේ වචන සෙට් එකක් දාලා උඹේ මුහුනටම දමලා ගහපුවම.සනීපයි නේ.ඇත්තටම ඔය කියන දේවල් ඇත්තද කියලා හිතලා බැලුවොත් කියන්න තියෙන්නේ “බම්බුව තමයි“ කියලා.

ඕකේ තව පාර්ට් එකක් ඊලගට එනවා එක තමයි “අනේ ඉතින් මාත් එක්ක තරහා වෙන්න නම් එපා“ එකට ඉතින් අපේ බ්රෝලත් “හා“ කියලා ඔලුව වැනුවට පස්සේ නිල වශයෙන්ම වැටෙන්නේ මේන්න මේ කතාකරන්න යන ෆ්රෙන්ඩ්සෝන් එකට,එහෙමත් නැත්තන් යාලුවෝ වගේ ඉමු කියන සීන් එකට.ඔකට වැටුනට පස්සේ ඉතින් අරන සීනී බෝතලේකට වැටුනු ඇඹලයා වගේ තමයි.පැනි පෙර පෙර ඉන්නවා හැබයි ඇති වැඩක් නෑ.එ වගේම දැනට ඔය කතා සෙට් එක අහගන්න කලින් තමන් කැමති කෙල්ල එක්ක යාලුවෙක් වගේ ඉන්නවා නම් බ්රෝ කවදාවත් හිතන්න එපා ඇය ඇවිල්ලා උඹෙන් අහයි කියලා “ඔයාට මම කැමති,ඔයා මගේ බොයිෆ්‍රෙන්ඩ් වෙනවද“ කියලා.අඩුම ගානේ ෆිල්ම් එකකවත් එහෙම වෙන්නේ නෑනේ බ්රෝ.එක නිසා හොදම දේ උඹ ඉනිශියෙටිව් එක අරගෙන කෙල්ලගෙන් අහන එක.මොකද කෙල්ල මලක් වගේ එකම තැන.උඹ තමයි බඹර වෙලා පැනි බොන්න යන්න ඕනේ.ඔය පැනි බොන්න යන්න කලින් මලට හරි විදියට දන්වන විදිය පහල තියෙනවා හිමීට බලාගෙන යමු.

රූල් නම්බර් වන් – ලොජික් එක දැනගනින්.

කෙල්ලන්ගේ ලොජික් එක හරියට දැනගත්තේ නැත්තන් බ්රෝ උඹට මැජික් තමයි බලන්න වෙන්නේ.අන්තිමට මොකද උනේ කියලාවත් හොයාගන්න බෑ.හරි දැන් ඇය ඔබේ හොද යාලුවෙක්,ඇය ඔබට කැමති යහලුවෙක් විදියට හැබයි ඇයි ඇයට ඕනේ ඔබත් එක්ක යහලුවෙක් විදියටම දිගටම ඉන්න එතනින් එහා යන්නේ නැතුව.මෙන්න උත්තරේ – යහලුවෙක් විදියට කැමතී කියන එකයි ඔබට ආකර්ශනය වෙනවා කියන එකයි සම්පුර්නයෙන්ම එකිනෙක්ට වෙනස් සංකල්ප දෙකක් බ්රෝ.හැබයි රිලේශන්ශිප් එකක් ඇයත් හදාගන්න නම් මේ දෙකම ඇතිවෙන්න ඕනේ.හැබයි ඔය යහලුවෙක් විදියට කැමති කියන දේ නැතුව ආකර්ශනය විතරක් තියෙන කොට තමයි රිලේශන්ශිප් එකක් නැතුව ඔය කොටු පැනීම් වගේ සීන් කෝන් වෙන්නේ.

තව උදාහරනයක් ගත්තොත් සමහර වෙලාවට කාන්තාවන් තමන්ව පට්ට විදියට තරහ ගස්සන බ්රෝකෙනෙක කැමති වෙන්න පුලුවන්.එතනදී යාලුවො විදියට කැමැත්ත නෙමෙයිනේ ඉස්සරහට ආවේ.එක නිසා මතක තියාගන්න බ්රෝ ඇයගේ යහලුකම දීනාගත් පමනින් ඔබට ඇයගේ ආදරය දිනාගන්න බැරි බව.උදාහරනේකට උඹ කැමති උඹේ යහලුවෙක් වගේ ඉන්න හැබයි උඹෙ ටයිප් නොවෙන කෙල්ලෙක්ව මතක් කරන්න,උඹටත් හිතෙනවා ඇය හොද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙයි කියලා හැබයි ඇයව එ විදියට උඹට දැනෙන්නේ නෑ.අන්න එ විදියට තමයි උඹ ට්‍රයි කරන කෙල්ලටත් උඹ ගැන දැනෙන්නේ..

රූල් නම්බර් ටූ – ආකර්ශනය එක්ස්පයර් වෙනවා.

දැන් උඹෙ ට්‍රයි එකට උඹව යහලුවෙක් වගේ පේන්නේ උඹ ඇයත් එක්ක කරන සියලු දේ එ  ටයිප් දෙවල් නිසා.එ වගේම ඕනේම කාන්තාවක් ඇය පිරිමියෙකුට ආකර්ශනය වෙන කාලසීමාවක් තියෙනවා ඒක ඇය ඔබත් සමග ඉන්න මුල්ම පැය තුනේ සිට පැය 20 දක්වා තියෙන දෙයක්.ඉතින් එතනින් එහා ගිහිල්ලත් වැඩේ කනපිට ගහගන්න බෑ කියන්නේ පොඩි කට්ටක් කන්න වෙයි.එහෙම කියලා කරගන්න බැරුව නෙමෙයි.මොකද සමහර වෙලාවට මිනිත්තු ගානකින් කැමති වෙන්න පුලුවන්,තවත් සමහර විට අවුරුදු ගානක් යන්නත් පුලුවන්.එකම දේ ඇය ඕනේම වෙලාවකදී බලාපොරොත්තු වෙන්නේ ඔබ සැමදේම ඉස්සරහට අරන් යයි කියලා.කලින් කිව්වා වගේ මල නෙමෙයි බඹරා තමයි පැනි බොන්න යන්න ඕනේ.එක නිසා දැනට යහලුවෙක් විතරක් නම් පලවෙනි ඩේට් වලදීම,හමුවීම් වලදීම උබේ ෆීලින්ස් ඇයට දන්වන්න බලන්න.

රූල් නම්බර් ත්‍රී – වෙන්න කලින් බේරෙන්න.

දැන් බැලුවේ වැඩේ සොරි උන පුතීලා කොහොමද ගොඩ එන්නේ කියලනේ.දැන් බලන්න යන්නේ ඔය ෆ්‍රෙන්ඩ්සෝන් එක කියන මහ අඳුරු අගාදයට වැටෙන්න යන එකෙක් කොහොමද එකෙන් ගොඩ එන්නේ කියන එක.එක නම් පොඩි සිම්පල් ප්ලැන් එකක්.දැන් වැඩේ වෙන්න කලින් දන්නවනේ මෙන්න මේ විදියට ඔය උගුලට අහුවෙන්න යනවා කියලා එතකොට කරන්න තියෙන්නේ ඕක අහගන්න කලින් ඇය කෙරේ තියෙන ඔබේ කැමැත්ත පෙන්වන එක.එහෙම කියල ඇයගේ නැට්ට වගේ පස්සෙන් ගිහිල්ලා වහල්කම් කරන එක නෙමෙයි මෙතනදී කියන්නේ.බොහොම සැහැල්ලුවෙන් ඇයට ඔබේ කැමැත්ත ගැන එහෙම දන්වලා ඇයත් එක්ක ඉන්න එක ඔබට ඔය ෆ්‍රෙන්ඩ්සෝන් එකෙන් ඉක්මනට ඉවත්වෙන්න උදව් කරාවී.

රූල් නම්බර් ෆෝ – ප්‍රතිකර්මය දැනගන්න.

දැනටත් “අපි යාලුවෝ වගේ ඉමු“ කියලා අහගෙන ඉවර නම් බ්රෝ වැඩේ ඉවරයි කියලා හිතන්න එපා.හැබයි දැනට ඇය හිතන්නේ ඔබ තව දුරටත් ඇය ගැන උනන්දුවක් නෑ කියලා හරි ඔබට තව ඉදිරියට යෑමට ධෛර්ය නැති බව කියලා.මේ දෙකම ඉතින් ඇති හොදක් නෑනේ බ්රෝ.දැන් කරන්න තියෙන්නෙ ටික ටික ප්‍රතිකර්මය දෙන්න.එ කිව්වේ ඇයට ඇඟවෙන්න දෙන්න ඇය තමයි ඔබව දිනාගන්න ට්‍රයි කරේ කියන එක.ඇය මොනවා හරි කරනවා නම් ඔබව සතුටු කරන්න ,කියන්න ඇයට. “ඒක නියමයි,පුදුම දේවල් තමයි ඔයා කරන්නේ,මම කැමතී ඒකට“ ටික ටික වචන වලින් දෙන්න තියෙන්නේ ඉතින්.

දැන් ඇයව යහලුවෙක් විදියට ආශ්‍රය කරන එක අතහැරලා දාන්න බ්රෝ.හැබයි එහෙම කියලා එක පාරම ඒක කරන්න එපා.ටික ටික දැනෙන්න දෙන්න.මෙතනදී ඔබ ඇය දිහා බලන විදිය,ටච් කරන අවස්තාවන් හරි අනෙක් හැමදේම වෙනස් වෙන්න ඕනේ.ඔය ටච් එක හරියට කරන්න පුලුවන් නම් එකෙන් ඔක්සිටොසින් කියන කෙමිකල් එකක් රිලීස් වෙලා එකත් ඔබට වාසි විදියට වැඩ කරාවී.ඊලගට ඇය හා තනිවීමට පුලුවන් තරම් වෙලාව හොයාගන්න බලන්න.ඒක එක පාරම උනදෙයක් විදියට වෙන්න පුලුවන්.එකම දේ උඹ හැමදේටම මුලපුරන්න ඕනේ ඇයගේ පැත්තෙන් එපා වෙන්න කලින්.

වැදගත් : ඔය මොනවා කරන්න උනත් ආයෙත් ඉතින් බයවෙන්න ඕන නෑ.හේතුව උඹට නැතිවෙන්නේ ඇයගෙ යහලුකම, එක තිබ්බා කියලා ඇති වැඩක් නෑනේ ,මොකද යහලුවෙක් විදියට ඉන්න නෙමෙයිනේ මුල ඉදන්ම උඹේ පරමාර්ථය උනේ. ඉතින් එක නිසා එක රිසක් එකක් විදියට දකින්න නැතුව වැඩ කරන්න බලන්න.මොකද යාලුවෙක් කියන දේ ඇතිවෙනවා කියන්නේ ඇයව ඔබේ පෙම්වතිය කරගන්න එක එච්චර අමාරු දෙයක් නොවන නිසා.

ලයිෆ් එක ගැන තව ලිපි බලන්න මෙතන ක්ලික් කරන්න බ්රෝ

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න