බොක්සර් බල්ලන් ගැන දන්නවද

බොක්සර් බල්ලන්

රු.25000 වැඩිම
6.6

නිවස තුල ඇතිකිරීම

7.5/10

අලුත් අයිතිකරුවන්ට

6.0/10

ලංකාවේ කාලගුනයට

4.0/10

කුඩා ළමයි සමග

8.0/10

අමුත්තන් සමඟ

8.0/10

ලොම් හැලීම අඩුවීම

3.0/10

නඩත්තු පහසුව

9.0/10

සාමානය සෞඛ්‍ය

4.0/10

පුහුනු හැකියාව

7.0/10

ව්‍යායාම අවශයබව

9.5/10

වාසි

  • ඉක්මන් හැඩගැසීම
  • ඉහල සංවෙදී බව
  • පවුල සමගම සිටීම
  • මිත්‍රශීලී වීම

අවාසි

  • තනිව සිටිමට අකමැතිබව
  • උනුසුම්ම කාලගුනය අහිතකරයි
  • ලොම්යෑම වැඩිවීම
  • සෞඛ්‍ය ප්‍රශ්න වැඩී
  • නිතර ව්‍යායාම කලයුතුවීම

 

බොක්සර් බල්ලෙක් කිව්වාම මෙතනදී කතාකරන්නේ ඇත්තම බල්ලෙක් ගැන කියලා හිතහදාගෙනම පහලට කියවගෙනම යමු බ්රෝ! මොකද බොක්සර් කිව්වාම වෙන වෙන දෙවල් ගොඩක් හිතෙනවනෙ 😀 😀 ලොකු,මස්ල්ස් තියෙන,කොටු මුහුනක් තියෙන පට්ට විදියට දඟ බල්ලෙක් විදියට තමයි බොක්ස්ර් බල්ලෙක්ව අදුරගන්න පුලුවන්.එක කොච්චර දරුනුද කියනවා නම් බ්රෝ අවුරුදු තුනක් වයස වෙනකන් බොක්සර් බල්ලෙක් පරිනත බල්ලෙක් විදියට සලකන්න බෑ.කරන්න පුලුවන් හැම බලු වැඩක්ම කරන්න එ කාලෙදී මේ බලු වර්ගේ බල්ලො දෙපාරක් හිතන්නේ නෑ.හැබයි බුද්ධිය අතින් බයනැතිකම සහ සුහදශීලී බව අතින් ඉදිරියෙන්ම ඉන්න බල්ලෙක් විදියට බොක්සර් වර්ගය සලකන්න පුලුවන්.අවශය ව්‍යායාම ලබාදෙනවා නම් ළමයි ඉන්න නිවසකට උනත් කිසිම අවුලක් වියවුලක් නැතුව  ගැලපෙනම සහයකයෙක් තමයි බොක්සර් කියන්නේ.මොකද තමන් එකට ඉන්න පවුලට ලැදි පක්ශපාතිත්වය නිසා බොක්සර් බල්ලන් ගොඩක් අය අතර ජනප්‍රියයි.

සාරාංශය බොක්ස වර්ගය මුලින්ම හැදිලා තියෙන්නේ ජර්මනියේදී.එ වගේම මොවුන්ගේ කෝට් එකේ පාට විදියට ෆොවුන් කලර්(ලා දුඹුරු පාට),බ්‍රින්ඩ්ල් කලර් එක(තද දුඹුරු,ලා දුඹුරු වගේ මික්ස් එකක්) සමග සුදුපාට තැනින් තැන තියෙන්න පුලුවන්.එ වගේම කන් සහ වලිගය ගැන බැලුවොත් කොප් කරපු කන් සහ කෙටි වලිගයක් තමයි ගොඩක් බොක්සර්ලගේ දකින්න තියෙන්නේ.හැබයි ලංකාවේ නම් කන් කොප් කරන එක ගොඩක් අඩුයි හැබයි වලිගය කපන එකනම් වෙනවා බලුපැටියා කාලෙදීම.බොක්සර් බල්ලන් ඉතාමත් සතුටින් සහ හයිපර් ඇක්ව්ටිව් සැම වෙලෙම ඉන්න නිසාම රවුමට කැරෙකෙන පොඩි නැටුමක් වගේ සීන් එකකුත් කරනවා.එක උගේ සතුට ප්‍රකාශ කරන විදියක්.එ වගේම සාමානය බිරීමට අමතරව මොනවා හරි අවශය උනාම වෙනත් හඩවල් වලින් කෑගසන්නටද අමුතු හැකියාවක් මේ බල්ලන්ට තියෙනවා.එ වගේම මේ බල්ලන් එලිමහනේ දිගටම තියන එක නම් සුදුසු නෑ බ්රෝ.හෙතුව වෙන්නේ මොවුන්ගේ කොට නහයට ඉක්මනින් කූල් වෙන්න බෑ රස්නේ කාලෙදී. එ වගේම සීතල කාලෙදී මොවුන්ට කොට් එක ඝන නැති දිග නැති නිසා ඉක්මනට උනුසුම් වෙන්න බෑ.

සයිස්

බොක්ස බල්ලෙක්ගේ උරහිස් සාමානයෙන් අඟල් 22.5ත් 25 ත් අතර උසකට හැදෙනවා.එ වගේම බර කිලෝ ග්‍රෑම් 30 ක් විතර වෙනවා.බැල්ලියක් සාමාන්‍යයෙන් අඟල් 21ත් 23.5 ත් අතර ගානක උරහිස් උසකින් වෙනවා හැබයි බර නම් වෙන්නේ කිලොග්‍රෑම් 27ක් වගේ තමයි.තව මොවුන්ගේ ජිවිතකාලය වසර 10ත් 12ත් අතර වෙනවා.

සෞඛ්‍යය

සාමානයෙන් දුවලා පැනලා ඉන්න වර්ගයක් විදියට බොක්සර් බල්ලන්ට ලෙඩ අඩුයි කියන්න පුලුවන්.හැබයි ගොඩක් වෙලාවට ජාන වලින් එන ලෙඩ වලින් තමයි අප්සට් වෙන්නේ.අලුතින් බොක්සර් පැටියෙක් ගන්නවා නම් හොද තැනකින් ගන්න,උගේ දෙමාපියන් හොද සෞඛ්‍ය තත්වයෙන ඉන්නවද බලන්න.එ වගේම වැඩියෙන් සුදු ලප තියෙන බොක්සර් පැටව් ගන්න එක අඩු කරන්න.හේතුව ලංකාව වගේ නිතරම හිරුඑලිය තියෙන රස්නේ රටකදී එ පැටවුන්ට පිලිකා වැලදීමේ අවධානම වැඩි නිසා.එ වගේම බල්ලා ලා පැහැති නම් එකත් එ වගේම අවුල්.එ වගේම මුන් උඩ පැනලා උක්ල් ඇට කඩාගන්න හැකියාවක් තියෙනවා වගේම ඒ අවුල උපතින්ම එන්නත් පුලුවන්.එ වගේම කැම නිසා හරි පරිසර වෙනස්වීම් නිසා හරි ඇලජිස් වෙන්න පුලුවන්,නිතර කසන,වියලුනු,කැඩියන සමක් තියෙනවා නම් ඩොකටර් කෙනෙක් ලගට අරන් යන්න.ලොකුම සීන් එක සුදුම සුදු බොක්සර් ලගෙන 20% විතර බිහිරි බව සොයාගෙන තියෙනවා.එ වගේම වැඩියෙන් සුදු තියෙන බොක්සර් බල්ලන්ද බිහිරි වීමේ අවධානම වැඩි බව සොයාගෙන තියෙනවා.

කෑම

දවසකට කෑම වේල දෙකක්,දෙන්න පූලුවන් නම් ශේප්,හැබයි දෙන කෑම ප්‍රමානය තීරනය වෙන්නේ බල්ලාගේ සයිස් එක,වයස,ක්‍රීයාශීලී බව මත, එක තැන ගේ ඇතුලේම ඉන්න බල්ලෙක්ට වඩා නිතර ක්‍රියාශීලී බොක්සර් බල්ලෙක්ට දෙන්න ඕන කෑම ප්‍රමානය වැඩි.එහෙම කියලා ගෙදර ඉතුරු වෙන ඔක්කොම කෑම බල්ලට දීලා හරියන්නෙත් නෑ.ඊට පස්සේ වෙන්නෙ බල්ලගේ බර වැඩිවෙන එක.හරියටම බර වැඩිද අඩුද කියලා බලන්න පොඩි දෙයයි කරන්න තියෙන්නේ.මුලින්ම බල්ලගේ ඉන හරිය උගේ කශෙරුකාව දිගෙ උඩින් අතින් අල්ලන්න.වැඩිය ප්‍රේස් කරන්න ඕනේ නැතුව බල්ලගේ රිබ්ස් ,එ කිව්වේ ඉල ඇට දැනෙනවා නම් ශේප්.එක දැන්නෙන් නැත්තන් බල්ලව පොඩ්ඩක් දවස ගානේ එක්සයිස් කරවන්න වෙනව බ්රෝ.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න