ඔටෝ ගියර් වාහන ගැන හරියට දන්නවද – i

ඔටෝ ගියර් වාහන ගැන හරියට දන්නවද
ඔටෝ ගියර් වාහන ගැන හරියට දන්නවද

ඔටෝ ගියර් වාහනයක් පදිනවා කියන්නෙ බ්රෝ සාමාන්‍යයෙන් මැනුවල් එකකට වඩා ගොඩක්ම ලේසි පහසු දෙයක්.හැබයි ඉතින් මැනුවල් වාහනයක් පදිනකොට එ එන ගැම්ම, දැනෙන තෘප්තිය, ලැබෙන අත්දැකීම යන කරුනු නම් ඕටෝ වාහනේකින් ගන්න අමාරුයි බ්රෝ.කොහොම උනත් තාක්ශණයත්,කාලයත් එක්කම ඔටෝ වාහන මාකට් එකට පැමිණීමේ වැඩිවෙන එක දකින්න ලැබෙනවා බ්රෝ. ඒ වගේම තමයි මේ වාහන වල එන ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එක කියන්නෙ පොඩ්ඩක් සංකීර්ණ වගේම රෙපෙයාර් කරන්නත් සෑහෙන්න ගානක් යන කොටසක්. ඒක නිසා ඔටෝ වාහනයක අයිතිකාරයෙක් වුනාම ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් එකේ නඩත්තුව හරියට කරන්නේ කොහොමද කියලා දැනගෙන ඉන්නම ඕනේ බ්රෝ.

ඔටෝ ගියර් වාහන ගැන හරියට දන්නවද
ඔටෝ ගියර් වාහන ගැන හරියට දන්නවද

ඕනෙම පොඩි එකෙක් දන්නවා ඕනෙම වාහන එන්ජින් එකක ඔයිල් මාරු කරන්න ඕන කියලා.එක ඔටෝ ගියර්,මැනුවල් ඕනේම වාහනේකට අදාලයි. එතකොට බ්රෝ ගියර් ඔයිල්? ගියර් ඔයිල් වලින් කරන්නෙ ගියර් මාරු කරන්න ද්‍රාව්‍යය වශයෙන් පීඩනයක් දෙන එක. ඒවගේම ගියර් සිස්ටම් එකේ චලනය වන සියලුම කොටස් ලිහිසි කරලා සිසිල් කිරීම.හැබයි ගියර් ඔයිල් එන්ජින් ඔයිල් වගේ මාරු කරන්න ඕන වෙන්න නෑ බ්රෝ. හැබැයි අදින ලෝඩ් එකයි වැඩිවෙන උෂ්ණත්වයයි එක්ක ගියර් ඔයිල් එකේ ආයුකාලය නම් වෙනස් වෙනවා.

කොහොමද එහෙම වෙනස් වෙන්නෙ?

පට්ට උෂ්ණත්වයක් ආවාම ගියර් ඔයිල් වල අඩංගු ද්‍රව්‍යය ඔක්සිකරණය කියලා සීන් එකක් වෙලා ට්‍රාන්ස්මිශන් එක තුළ ස්ටෝර් වෙනවා. එකෙන් වෙන්නේ ඔයිල් එකේ තියෙන ලිහිසි ගතිය අඩුවෙන එක බ්රෝ.ඉතින් එකෙන් ට්‍රාන්ස්මිශන් එකේ කොටස් වලට එකෙන්ම හානි වෙනවා. ඒවගේම තමයි මේ වගේ පට්ට උෂ්ණත්වය ගස්කෙට්ස් සහ රබර් සීල්ස් වලට හානි කරනවා. එහෙම වෙනවා කියන්නේ ගියර් ඔයිල් ලීක් වෙන්න පටන් ගන්න එක බ්රෝ.

ඔටෝ ගියර් වාහන ගැන හරියට දන්නවද
ඔටෝ ගියර් වාහන ගැන හරියට දන්නවද

කොහොමද නඩත්තු කරන්නෙ?

  • සාමාන්‍යයෙන් කරන්න ඕන දේ කිලොමිටර 10,000 කට වරක් ගියර් ඔයිල් මාරුකරන එක.එ වගේම බ්රෝ වාහනය හැමවෙලෙම නවත්තන තැන බිම චෙක් කරලා බලන්න බ්රෝ ඔයිල් ලීක් එහෙම තියෙනවද කියලා.ගියර් ඔයිල් ලෙවල් එක නිතර පරීක්ෂා කරන්න අමතක කරන්න එපා.ඉක්මනට ඔයිල් අඩුවෙනවා කියන්නේ ලීක් එකක් හැදිලා වෙන්න පුලුවන්. එකට පැතලි බිමක වාහනය නවත්වලා චෙක් කරන්න බ්රෝ.
  • සාමානයෙන් ගියර් ඔයිල් රතුපාට වෙන්න ඕනෙ.හැබයි දුඹුරුපාට වෙලානන් ඉක්මනට මාරුකරන්න ඕනෙ.ගියර් ඔයිල් වර්ගය වෙනස් කරන්නේ නැතුවම එකම ගියර් ඔයිල් වර්ගය වාහනයට දාන්න මතක තියාගන්න.
  • වාහනය මුලුමනින්ම නවතිනකන් ගියර් මාරුකරන්න එපා බ්රෝ. මොකද මැනුවල් වගේ ඔටෝ වාහනවල ක්ලච් එකක් නෑහැ නේ.මේ ඔටෝමැටික් වාහන වල ඔටෝ ගියර් මාරු වෙන්නෙ ලොකින් සහ අන්ලොකින් සිස්ටම් එකකින්. ඒ සිස්ටම් එක වැඩ කරන්නෙ බ්‍රේක් සිස්ටම් එකට සම්බන්ධ වුන ලික්විඩ් ක්ලච් එකකින්. ඉතිං බ්‍රේක් කරන්නේ නැතුව ගියර් මාරු කරොත් වෙන්න ගියර් පෙට්ටියෙන් බ්‍රේක් වෙන එක. ඒක මේ ලොකින් සිස්ටම් එකට ඩැමෙජ් කරනවා බ්රෝ.
ඔටෝ ගියර් වාහන ගැන හරියට දන්නවද
ඔටෝ ගියර් වාහන ගැන හරියට දන්නවද
  • නවත්වන්නේ නැතුව ලොකු වේගයෙන් එක දිගට ධාවනයේ යෙදීමද ට්‍රාන්ස්මිශන් එකට ඩැමෙජ් වෙනවා බ්රෝ. ඒවගේම ඇක්සෙලරේට් කරල වේගය වැඩි ගානක තියෙනකොට ඪ් එකට, නැතිනම් ඩ්‍රයිවින්ග් ගියර් එකට දාන්න හදන්න එපා බ්රෝ, ගියර් එකට මුලින් දාලා ඇක්සෙලරේට් කරන්න. මොකද ඔබ පදවන්නේ මැනුවල් ගියර් එකක් නෙවෙයි. ඒවගේම ඔටො වාහන වල වීල් ස්පින් කරන්න යන්න එපා, මැනුවල් වල කරන වැඩ මේකේ කරන්න බෑ බ්රෝ.එකනේ ගතියක් නැකියලා කියන්නේ.එ වගේම බ්රෝ ගේ වාහනේ ෆ්‍රන්ට් වීල් එකක් නම් ඇදගෙන යාමේදී ඉදිරිපස උස්සලා ඇදගෙන යාමට වගබලා ගන්න.
  • අනෙක කිසිදු අවස්තාවක පල්ලමක නියුට්‍රල්(N) යන්න හදන්න එපා. ඒකෙන් ඉන්ධන ඉතිරියක් වෙන්නෙ නම් නෑ. අනෙක් අතට රෝද සම්පූර්ණයෙන්ම එන්ජිමෙන් ඉවත්වෙන හින්දා කන්ට්‍රෝල් කරගන්න අපහසුවෙනවා. එක නිසා අනවශ්‍ය ලෙස බ්‍රේක් කිරීමට සිදුවෙනවා. ඒක බ්‍රේක් බයින්ඩ් වෙන්න හේතුවක් බ්රෝ.
  • ට්‍රැෆික් එකකදී, නැතිනම් ශේප් එකේ ටික වෙලාවකට නවත්වනකොට  නැත්තන් පාර්කින් එකට දාන්න ඉක්මන් වෙන්න එපා බ්රෝ, අනවශ්‍ය ගෙවීයාම් අවම කරගන්න බ්‍රේක් කරගෙනම ඉන්න බලන්න. ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නවනම් විතරක් පාර්කින්ග් එකට දාන්න බ්රෝ. පාර්කින්ග් ගියර් එකට දැමීම වාහනය සම්පුර්ණයෙන්ම නතරවුපසු සිදුකරන්න බලන්න, නැතිනම් වාහනේ තියෙන ලොකින් සිස්ටම් ක්‍රියාකාරීත්වයට ඩැමෙජ් වෙන්න පුලුවන් බ්රෝ.

වාහනේ ඒ/සී ගැන හරියට දැනගන්න  මෙතන ක්ලික් කරන්න බ්රෝ

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න

අනුග්‍රාහකත්වය