ඇමෙරිකානු බුල්ඩෝග් ගැන දන්නවද

ඇමෙරිකානු බුල්ඩෝග්

ඇමෙරිකානු බුල්ඩෝග්
5.5

නිවස තුල ඇතිකිරීම

1.0/10

අලුත් අයිතිකරුවන්ට

1.0/10

ලංකාවේ කාලගුනයට

3.0/10

කුඩා ළමයි සමග

8.0/10

අමුත්තන් සමඟ

3.5/10

ලොම් හැලීම අඩුවීම

8.0/10

නඩත්තු පහසුව

8.5/10

සාමානය සෞඛ්‍ය

6.0/10

පුහුනු හැකියාව

7.5/10

ව්‍යායාම අවශයබව

8.0/10

වාසි

  • නඩත්තුව පහසුවීම
  • පවුලට පක්ෂපාතීබව
  • ශක්තිමත් බව
  • ලොම්යෑම අඩුවීම
  • බරවැඩිවීම අඩුවීම

අවාසි

  • තනිව සිටිමට ප්‍රියනොකරයි
  • උනුසුම් කාලගුනය අපහසුයි
  • අලුත්ම අයිතිකරුවන්ට නුසුදුසුයි

 

සාරාංශය මුන් ගොඩක් මහතයි. ඒ වගේම මාංශපේශි යි .එත් ඉක්මන්. ඇමෙරිකානු බුල්ඩෝග්  බුල්ඩෝග්ට පුළුවන් අඩි 6ක් හෝ ඊට වැඩි උසක් පනින්න.  බුද්ධිමත් වගේම හරිම හීලැ සතුන් විශේෂයක් නිසා මුන්ව ගෙවල් වල ආරක්ෂාවට තමයි ගොඩක් ඉන්නේ. මේ  සතුන්ව හොදට බලා ගන්නනම් අත්දැකීම් තියෙන්න ඕනේ. හොදට එක්සසයිස් කරවන්න ඕනේ. ඕගොල්ලන්ට ජොගින් පාට්න කෙනෙක් ඕනේ නම් ඉතිං හොදම සතා තමයි ඇමෙරිකානු බුල්ඩෝග්.  ඉස්සර ඇමෙරිකානු බුල්ඩෝග්ලව ගොන්නු කුලප්පු කරලා කරන සෙල්ලමකට තමයි පාවිච්චි කරේ.  සමහර වෙලාවට මුන්ට බුල්ඩෝග් (බුල් – ගොනා ) කියන්නෙත් ඒ නිසා වෙන්න ඇති. මේ සෙල්ලම නිසා දෙවන යුද්දේ කාලේ ඇමෙරිකානු බුල්ඩෝග්  විශේෂය වඳ වෙලා යන්න තත්වයකුත් තිබුනා. එත් දැන් නම් එහෙම වඳ වී යන තත්වයක් නැ.

ඉඩකඩ මේ බල්ලෝ විශේෂය වහලා දාලා ගෙදර ගොඩක් වෙලා තනියෙන් ඉන්න නම් වැඩිය කැමති නැ. එතකොට එගොලොන්ට හිතෙන්නේ කූඩු කරලා දාලා වගේ. එතකොට එගොලොන්ගේ මානසික තත්වේ වගේම කායික දුර්වල වෙනවා. හොදට වත්තේ ඉඩ තියෙන ගෙවල් වල ඉන්න තමයි කැමති. අපාර්ට්මන්ට් එකක නම් ඉන්නේ අනිවර්යෙන්  ඇවිදවන්න එක්කන් යන්න ඕනේ .ඇමෙරිකානු බුල්ඩෝග් ආගන්තුකයන්ට  නම් වැඩිය කැමති නැ. ඒ නිසා අපේ ආරක්ෂාවට හොදයි. හැබැයි ඉතින්  අමුත්තන් ආවම ඉන්න ඕනේ විදිහ පොඩ්ඩක් පුරුදු කරන්න වෙයි. ඇමෙරිකානු බුල්ඩෝග්ලව හොදට පුහුණු කර ගත්තොත් ළමයි එක්ක හරි අනිත් සතුන් එක්ක වුනත් තියන්න පුළුවන්.  මෙගොලොන්ගේ බුධිමත් බව නිසා පුහුණු කරගන්න ලේසියි. හැබැයි ඉතින් පුරුදු පුහුණු කරන එක පැටියා කාලෙම පටන් ගන්න ඕනේ.

පාට ඇමෙරිකානු බුල්ඩෝග් වර්ග ගොඩක් විවිධ පෙනුමෙන් ඉන්නවා. ඇමෙරිකානු බුල්ඩෝග් විශේෂය “ඩොගො ආජන්ටිනා” විශේෂයට පටලව ගන්න එපා. ඇමෙරිකානු බුල්ඩොග් ඇමෙරිකානු පිට්බුල් විශේෂයට වඩා ටිකක් ලොකුයි.ඇමෙරිකානු බුල්ඩෝග් ඉංග්ලිශ් හෝ ප්‍රංශ බුල්ඩෝග් ට වඩා ටිකක් උසයි. සාමාන්‍ය ඇමෙරිකානු බුල්ඩෝග් කෙනෙක්ට රතු, කලු  පුල්ලි සුදු කෝට් එකේ තියෙනවා.එත් වෙන පාට වලිනුත් ඉන්න පුළුවන්. සමහර වෙලාවට කළු, රතු, දුඹුරු පාට වලින් රටා තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට  ඇමරිකානු බුල්ඩෝගේ  ඇස් දාර, හොම්බ කළු පාටයි. මෙගොලොන්ට තියෙන්නේ තුනී කොට් එකක්. ඒ නිසා සතියට සැරයක් බ්‍රෂ් කලාම ඇති.

අනුග්‍රාහකත්වය

සයිස් ඇමරිකානු බුල්ඩෝග් පැටියෙක් අඟල් 20ත් 28ත් උසට රාත්තල් 60ත් 120ත් බරට හැදෙනවා. ඒ වගේම අවුරුදු 10ත් 16ත් අතර කාලයක් ආයුෂ තියෙනවා. හැබැයි කැටරැකට් – ඇහෙසුද, සමේ රෝග, මන්දතයිරොයිඩතාව වැනි රෝග වලින් පරිස්සම් කරගන්න ඕනේ.ඇමරිකානු බුල්ඩෝග් ට කුඩා හොම්බක් තියෙන නිසා ලංකාව වගේ උණුසුම් කාලගුණයකට නම් ඔරොත්තු දෙන්න පොඩ්ඩක් අමාරුවෙයි. වතුර ගොඩක් අවශ්‍ය මුන්ට හුස්ම ගැනීම අපහුසුද කියලත් බලන්න ඕනේ. කටෙන් කෙල හලන එක නම් එගොලොන්ගේ සාමාන්‍ය පුරුද්දක්.මොවුන්ගේ ජිවිතකාලය අවුරුදු 10ත් 16 ත් අතර වෙනවා. ඇමෙරිකානු බුල්ඩෝග් කෙනෙක් ගේ ලොකුම උවමනාව තමයි හොදට exercise කරවන එක. එහෙම කරේ නැති වුනොත් දරුණු වෙන්න, මහන්සි ගතියක් පෙන්නන්න පුළුවන්.  බුල්ඩෝග් ගේ කෑම ගැන පරිස්සම් වෙන්න. එගොලොන්ගේ අවශ්‍යතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. හොදම දේ තමයි පශුවෛද්‍යයා ගෙන් ඩයට් එක ගැන අහල අවශ්‍ය පෝෂණ ලබා දෙන එක.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න