වාහනේක ඇලෝයීවීල් ගැන හරියටම දන්නවද

වාහනයක් අරන් ඒකෙන් ගෙදර වැඩ බිස්නස් එකේ වැඩ කරන මිනිස්සු ඉන්න රටේ වාහනේන් තමගේ සමාජ තත්වේ ,වත්කම සහ බලය පෙන්වන උපකරණයක් ලෙස භාවිතා කරන අයත් ඉන්නවා. ඒවගේම සමහර අය වාහනයේ ඔරිජිනල් කන්ඩිශන් වෙනස් කරමින් වාහනයේ වැඩ කෑලි සහ පෙනුම වෙනස් කරමින් වාහන භාවිතා කරනවා.කොහොම උනත් වාහනය අද වෙනකොට මිනිසාට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙලා ඉවරයි. අදකාලේ මිනිස්සු මොකක් හරි විදියේ වාහනයක් ගන්න තමයි ට්‍රයි එක දෙන්නේ. ඇලෝයීවීල්..

ඔය අතරේ ඉතාමත් ජනප්‍රිය මොඩිෆිකේශන් එකක් තමයි බ්රෝ ඇලෝයීවීල් කියන්නෙ. අපේ ගොඩක් අය පෙනුම ගැන විතරක් බලලා වාහනයට ඇලෝයීවීල් එකතු කරනවා. නමුත් වාහනයට ඇලෝයීවීල් එකතු කිරීමේදී වාහනයේ පෙනුම පමණක් නෙවෙයි වෙනස් වන්නේ. තව ගොඩක් දේවල් වෙනස් වෙනවා. ඒ ඔක්කොම විස්තරේ හරියට දැනගන්න පහල කියවගෙන යමු බ්රෝ!

මොනවද වෙළඳපොලේ ඇති ඇලෝයීවීල් වර්ග,

ප්‍රධාන වශයෙන් වෙළඳපොලේ ඇලෝයීවීල් වර්ග 2ක් තියෙනව. ඇලුමීනියම් ඇලෝයී සහ මැග්නීසියම් ඇලෝයී. මේ අතරින් වැඩිපුරම ඇත්තේ ඇලුමීනියම් ඇලෝයී වන අතර මැග්නීසියම් ඇලෝයී හරි අඩුයි බ්රො මොකද ගොඩක් වෙලාවට ඒ ඇලෝයි භාවිතා කරන්නේ රේසින් කාර් වලට. හබැයි බ්රෝ මැග්නීසියම් ඇලෝයී ඇන්ටික් වාහනවලින් හොයාගන්න පුලුවන්.

වාහනේක ඇලොයිවීල් ගැන හරියටම දන්නවද
වාහනේක ඇලොයිවීල් ගැන හරියටම දන්නවද

ඇලුමීනියම් ඇලෝයීවීල්

මේ ඇලෝයීවීල්ස් වාහනයේ බර අඩුකරගැනීමට හොඳ විකල්පයක්. හැබැයි බර අඩුවුනාට මිලෙන් නම් කිසි අඩුවක් නෑ බ්රෝ. කොටින්ම කිව්වොත් නිශ්පාදකයා විසින් එකතු කළ වීල්ස් වලට වඩා ඇලුමිනියම් වීල්ස් වල ගාන වැඩී. ඊට අමතරව පෙනුම සහ පෆෝර්මන්ස් ඇලුමිනියම් වීල් වලින් වැඩිවේ. මේ ඇලුමිනියම් වීල්ස් නිශ්පාදනය කරන්නෙ කාස්ටින්ග් නැමැති ක්‍රියාවලියකින්. ඒ කියන්නෙ බ්රෝ ලෝහ උණු කරල අච්චුවකට වත්කරල. ඊට අමතරව මේවා නිපදවන තවත් ක්‍රමයක් වන්නේ ෆොර්ගින්ග් ක්‍රමයයි. ඒ කියන්නෙ බ්රෝ වීල් එක හදන අමුද්‍රව්‍ය අධික පීඩනයක් යොදල තැලීමෙන්. මේ ක්‍රියාවලිය නිසා ඇලෝයීවීල් එකේ දෝෂ සහ ඉරි තැලීම් අවම වෙනව. විවිධ නිශ්පාදකයන් මේ ක්‍රම දෙක යොදාගනිමින් ඇලෝයීවීල් නිපදවනු ලබනව.

මැග්නීසියම් ඇලෝයීවීල්ස්

රේසින් කාර් වැනි වාහන වලට යොදාගන්නේ මෙම වර්ගයයි. මැග්නීසියම් ඇලෝයී ඇලුමීනියම් ඇලෝයී මෙන් බෙන්ඩ් වෙන්නේ නෑ. හැබැයි එවා ඉරිතැලීමට ඇති හැකියාව වැඩිය. ඒවගේම තමයි බ්රෝ  වාහනය ගිනි ගත්තොත් ඇලෝයීවීල්ද ගිනිගන්නව. මේවා ඇලුමීනියම් ඇලෝයී වලට වඩා මිලෙන් වැඩි වුනාට ඊට වඩා බරින් අඩුවන අතර පෆොර්මන්ස් වැඩිවෙනව.

වාහනේක ඇලොයිවීල් ගැන හරියටම දන්නවද
වාහනේක ඇලොයිවීල් ගැන හරියටම දන්නවද

ඇලෝයීවීල් වල වාසි මොනවාද?

බරින් අඩුවීම – ඔරිජිනල් වීල් වලට වඩා මේවා බරින් අඩුයි. ඉතින් මෙය සස්පෙන්ශන් වලට දෙන අමතර කරදරය අඩු කරනවා. ඒ වගෙම බ්රෝ බර අඩුවීම ස්ටියරින් වීල් එකට පහසුවක් ගෙනදෙන අතර ඉන්ධන කාර්යක්ෂමතාවයටද හොඳ බලපෑමක් සිදුකරනවා

ශක්තිමත්බව වැඩියි – ස්ටීල් වීල් වලට වඩා මේවා සවිශක්තිමත්. ඒවගේම නම්‍යතාවයත් ස්ටීල්වීල් වලට වඩා අඩුය. ඊට අමතරව උෂ්ණත්වය පහකිරීම ස්ටීල්වීල් වලට වඩා කාර්යක්ෂම වන නිසා වීල් එක ඉරිතැලීම හෝ හානිවීම අඩුයි. ඒ වගේම බ්‍රේක් කාර්යක්ෂමතාවයද වැඩිවෙනව. එයට හේතුව බ්‍රේක් අවට උෂ්ණත්වය අවමවීම. ඒවගෙම ඔපන්-වේව් ඩිසයින් ඇලෝයීවීල් මගින් බ්‍රේක් වලට හොඳ සිසිලසක් මෙන්ම වාතාශ්‍රයක්ද දෙනව.

වාහනයේ පෙනුම වැඩිවීම – මේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ බ්රෝ. ක්‍රෝම්, පොලිශ්, පේන්ට් කළ…. මේ ආකාරයේ විවිධ මාදිලිව වලින් වාහනයට ගැලපෙන ලෙස එකතු කරගන්න පුලුවන්.

වටිනාකම – වාහනයේ වටිනාකම වැඩිවන වගේම වාහනය නැවත විකිණීමේදී වුවද වාහනයේ මිල වැඩිවෙනව.

වාහනේක ඇලොයිවීල් ගැන හරියටම දන්නවද
වාහනේක ඇලොයිවීල් ගැන හරියටම දන්නවද

මුලින් කිව්වා වගේ ගොඩක් අය ඇලෝයීවීල්ස් මිලදී ගන්නෙ පෙනුම බලලා විතරයි බ්රෝ. නිශ්පාදකයා විසින් වාහනය දාල එවන ඔරිජිනල් ස්ටීල් වීල්ස් ශීට් මෙටල් එකකින් කපා නිපදවනව. ඒත් ඇලෝයීවීල් සාදන්නේ ඊට වඩා අලංකාරය ආකර්ශණයවන සහ පෆොර්මන්ස් වැඩිවන ආකාරයට. ඇලෝයීවීල් සාදන ආකාරය කලින් කතා කරා මතක ඇතිනෙ බ්රෝ. ඒවගේම ඇලෝයීවීල් වල පේන්ට් හෝ සීල් ආවනරයක් තියෙන්න ඕනෙ. මොකද එහෙම නොමැති වුවහොත් එය මලකඩ කන නිසා. බ්රෝ හදිස්සියෙවත් ඇලෝයීවීල්ස් මලකෑමේ ලක්ෂණ දුටුවහොත් එයට ඉක්මණින් ප්‍රතිකර්මයක් කරන්න ඕනෙ. නැත්තන් බ්රෝ ඔයාලට මුහුණදෙන්න වෙන අවදානම වැඩියි.

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න