ටයි නැතුව සූට් අඳින්නේ කොහොමද

ටයි නැතුව සූට් අඳින්නේ කොහොමද
ටයි නැතුව සූට් අඳින්නේ කොහොමද

මේ කාලේ පැලෙන්න වෙඩින්නේ බ්රෝ! ඉන්විටේශන් හම්බෙනවා හම්බෙනවා ඉවරයක් නෑ.එ අස්සේ එක තියෙන්නේ ඇතුලක නෙමෙයි එලියේ.එ කිව්වේ අවුට්ඩොර් වෙනු එකක.එ අව්වත් එක්ක ටයි එකකුත් දාගෙන ඔවන් එකක් ඇතුලේ ඉන්නවා වගේ වෙඩින් එකෙ ඉන්න කැමති නම් ටයි එකක් දාගෙන ගියාට කැමති නෑ.හැබයි එහෙම අකමැති නම් පහලට බලාගෙන යන්න කොහොමද ටයි නොදා වෙඩින් එකකට හරි වෙනත් කැසුවල් ඉවෙන්ට් එකකට සූට් එකක් ඇදන් යන්නේ කියලා. හැබයි මෙහෙම අදින කොට හිතෙන්න පුලුවන් වැඩේ ටිකක් අප්සට්ද කියලා? එක්කො ටයි එක නැතුව භාගෙට ඇන්දලා වගේද කියලා? හැබයි ටයි එක නැතුව යනකොට ඔක්කොම “කො ටයි එක ?“ කියලා අහනවා වෙනුවට “පට්ට“ , “නියමයි“ කියලා කියනවා නම් බ්රෝ තව වෙන මොනවද?

රූල් නම්බර් වන් – වෙලාව හරිද?

මොනවා කරත් හරි වෙලාවට හරි තැනදී ඒක කරන්න බැරි නම් එකේන් වැඩක් නෑ බ්රෝ! ටයි නොදා යන එකත් එ වගේ තමයි.තැනේ හැටියට ඇනේ ගැහුවේ නැත්තන් නැති කරදර.උදාහරනේකට අපි හිතමු ඉන්ටර්විව් එකකට යන්න ඉන්නේ කියලා .එහෙම තැනකදී නම් අනිවාරයයෙන්ම ටයි එකක් දාගෙන යන්නම වෙනවා.හෙතුව ඒක ෆුල් ප්‍රොෆෙශනල් ගමනක්.ලංකාව වගේ රටවලට අවශය නැති උනත්,සුද්දොත් දැන් ඔෆිස් වලදී ටයි අදින්නේ නැති උනත් ලංකාවේ ගොඩක් ඔෆිස් වල නම් ඔය ටයි දාගෙන යන සීන් එක තාම තියෙනවනේ.

ටයි නැතුව සූට් අඳින්නේ කොහොමද
ටයි නැතුව සූට් අඳින්නේ කොහොමද

ඔයවගේ සිමිත අවස්තාවලින් ඇරෙන්න අනෙක් හැමතැනම,උත්සවෙකට,වෙඩින් එකකට, පාර්ටි එකකට ටයි නැතුව යන එක නම් ගේමක් නෙමෙයි.හැබයි එකෙන් කියන්නේ නෑ ටයි එකක් නොදා අවුල් ලුක් එකක් වගේ පෙන්වගෙන යන එක හරි,පරක්කු උන නිසා ටයි එක ඇන්දේ නැති එක හරි හොදයි කියලා.එකෙන් කියන්නේ ටයි නැතුව කොහොමද ශාර්ප් විදියට  ස්ට්යිලිශ් වෙන්නේ කියලා.

රූල් නම්බර් ටූ – කැසුවල් සූට්ද? ශර්ට්ද?

ටයි එකක් නොදාගියාම අහුවෙන මුල්ම අවුල තමයි කම්මැලිකමට ටයි නොදා යනවා කියන එක.විශෙශයෙන්ම ෆෝමල් සූට් එකක් එහෙම ඇදන් යනවා නම් එක තවත් වැඩී.එක නිසා හොදම දේ ටයි නැතුව යන්න ලයිට් කලර්ස් සූට් එකක් අදින්න.එ වගේම වැඩිය වැඩ කැලි නැති ස්ලිම් ජැකට් එකක් ගන්න බලන්න.එතකොට එක හයිලයිට් වෙන ගාන වැඩි නිසා ටයි එකේ අඩුව පෙන්නේ නෑ.තව දෙයක් තමයි මොකක් හරි පැට්න් එකක් තියෙන ශර්ට් එකක් අදින එක.එ වගේම අදින ජැකට් එක සම්පුර්නයෙන්ම එකට ප්‍රතිවිර්ද්ද පාටක් නම් ආයේ දකින කාටවත් ටයි මතක් වෙන්නේ නෑ බ්රෝ.

රූ නමබ්ර් ත්‍රී – ටෙලර් කෝ?

ටයි නැතුව සූට් අඳින්නේ කොහොමද
ටයි නැතුව සූට් අඳින්නේ කොහොමද
අනුග්‍රාහකත්වය

ටයි නැති උනාම ජැකට් එක එහෙම කැපිලා පේන නිසා හරියටම ෆිට්වෙන්න අදින එක නම් පට්ට වැදගත් බ්රෝ!එක ඉතින් එහෙම කරන්න වෙන්නේ හොද ටෙලර් කෙනෙක් හොයාගත්තොත් විතරයි.ගානට මීම්ම්ට දිග පලල අරන් මහන එක කරගන්නම වෙනවා.ජැකට් එක වගේම කලිසමත් හරියට මිම්මට එන්නම ඕනෙ.කොහොමත් දැන් ට්‍රෙන්ඩ් එක හිටගත්තට පස්සේ ලාවට මේස් එක පේන්න තියෙන එක නිසා.ඕනවට වඩා කලිසම දිගනම් ප්‍රශනයක් බ්රෝ! බ්ලෙසර්,ජැකට් ගැන හරියට දන්නැත්තන් පහල ලින්ක් එක දාලා තියෙනවා මේක ලිපිය ඉවර වෙලා එක බලල ඔක්කොම දැනගන්න.අපේ කස්ටිය ඉතින් ගොඩකම රෙන්ට් කරන නිසා මේ ප්‍රශ්නේ ගොඩක්ම අඩුවෙන්න පුලුවන්.හැබයි එකක් මුලින්ම ජැකට් එක රෙන්ට් කරලා පස්සේ එකේ පාටට ගැලපෙන්න කලිසමක් ගන්න යන්න.මොකද ලංකාවේ ජැකට් රෙන්ට් කරන තැන්වල අපිට ඕන හැම පාටකම ඕන හැමවෙලේම ගන්න බැරි නිසා.

රූල් නම්බර් ෆෝ – කොරල් එක…කෝ?

ඔක්කොම ඇන්දට පස්සේ ශර්ට් එකේන් පෙන්නේ එකේ පාටයි කොලර් එකයි විතරයි. ටයි එකක් ඇන්දම කොලර් එකත් වැඩිය කැපිලා පෙන්නේ නෑ.හැබයි ටයි එකක් ඇන්දේ නෑ කියන්නේ කොලර් එක තමයි කැපිලම පේන දේ.ඉතින් හොදම් දේ පට්ට කොලර් එකක් තියෙන ශර්ට්  එකක් ගන්න එක.එ වගේම දෙපැත්තට වැනේන නැවෙන කොලර් තියෙන ශර්ට් මෙතනදී හරියන්නේ නෑ.හරි කොලර් එකක ශේප් එක ගන්න ප්ලැකට් එකේ එහෙම නැත්තන් ශර්ට් එකේ බොත්තම් තියෙන ලයින් එකේ ශක්තිමත් බව අනිවාර්යය දෙයක්. නැත්තන් දෙකට තුනට නැවෙන අවුල් කොලර් නිසා ඉතින් ඔක්කොම ඉවරයි.මේක හදන්න පුලුවන් ටෙලර් කෙනෙක්ට ශර්ට් එක දුන්නම. එ වගේම කොලර් එකෙත් මේ ශක්තීමත් බව අනිවාරයයෙන්ම තියෙන්නේම ඕනේ.හෙදුවට පස්සේ කොලර් එක අයන් කරලා එක ශේප් කරගන්න පුලුවන්.

රූල් නම්බර් ෆයිව් – එකක් දෙකක් ගලවන්න

ටයි නැතුව සූට් අඳින්නේ කොහොමද
ටයි නැතුව සූට් අඳින්නේ කොහොමද

ටයි නැතුව බොත්තම් ඔක්කොම දැම්ම කියන්නේ අන්තිමට පෙන්නේ ටයි එක නෑ කියන හිඩසනේ බ්රෝ.ඉතින් එක නැතිකරගන්න කරන්න පුලුවන් එකම දේ සාමානයෙන් බට්න් නොදා තියෙන ජැකට් එකේ එක බට්න් එකක් දාලා ශර්ට් එකේ බට්න් එකක් හරි දෙකක් හරි දාන්නේ නැතුව ඉන්න එක.බට්න් දෙකක් දාන්නේ නෑ කියන්නේ පොඩ්ඩක් වැඩේ කැසුවල් ලුක් එක වැඩි තැනකට තමයි ගැලපෙන්නෙ.එක ඉතින් තැනේ හැටියට ඔබම තීරනය කරන්න ඕනේ බ්රෝ.

මේ වැඩේ කරනකොට හැබයි දෙවල් දෙකක් මතක තියාගන්න බ්රෝ,පලවෙනි එක බැනියම් හරිවෙන මොනවහරි ඇතුලට අදින දෙවල් පෙනෙන්න බෑ.එකට වී හැඩති කර තියෙන බැනියමක් ඇන්දනම් හරි. අනික පපුවේ මයිල් ස්මයිල් වෙවි ශර්ට් එක බට්න් එක ගලවන තැනින් පෙන්නත් බෑ.එකට ඉතින් හරි ක්‍රීයාමර්ග අරන් පිරිසිදු කරලා දාගන්න වෙනවා.

රූල් නමබ්ර් සික්ස් – අනෙක් එවා.

ටයි එක නෑ කියලා අඳින්න පුලුවන් අනෙක් ඇසසරීස් අදින්න බෑ කියලා නෑනේ කවුරුවත්.හැබයි ටයි එක නැති නිසා එවා පොඩ්ඩක් වැඩියෙන් පේන්න ගන්නවා.එක නිසා හරියටම අදින්න බලන්න.

  • පොකට් ස්ක්වෑ – ලා පාට පොකට් ස්ක්වෑ එකක් අදින්න බලන්න හරියට නවලා.ඊට පස්සේ අඟල් 1/4 හරි 1/2 හරි එලියට පේන්න සාක්කුවට දාන්න.වැඩේ සිම්පල් උනාට ලුක් එක ඇඩ්වාන්ස් බ්රෝ.
  • වොච් එක – සපත්තු වලට බෙල්ට් එකට ගැලපෙන වොච් එකක් අදින්න බ්රෝ.කරන්න තියෙන්නේ වොච් එකේ බැන්ඩ් එකේ පාට සපත්තු වල සහ බෙල්ට් එකේ පාටට මැච් කරන එක.
  • කෆ්ලින්ක් – ජුවෙලර් එකක් උනාට ලොකු වැඩකුත් කරන දෙයක් නිසා නියමෙට ගැලපෙන දෙයක්.වැඩි විසතර දැනගන්න මෙතන ක්ලික් කරන්න.
  • සපත්තු – හරියට මැච් කරලා අදින්නම වෙනවා වගේම අදින දෙක හරියට පොලිශ් කරලා අදින්න අමතක කරන්න එපා බ්රෝ.හරියට සපත්තු පොල්ශ් කරන විදිය දැනගන්න මෙතන ක්ලික් කරන්න.

අන්තිමට කියන්න තියෙන්නේ ටයි දාන්නේ නැතුව යන එකේ අවුලක් නෑ කියලා තමයි .එකත් හරියට වෙනදා ජැම්,බටර් දාලා සැන්ඩ්විච් කාපු මිනිහෙක් දැන් ජැම් එක්ක විතරක් සැන්විච් කනවා වගේ වැඩක්.වෙනදට වඩා හොදට දැන් ජැම් රහ එන නිසා අවුලක් ඇත්තෙම නෑ.එක නිසා මොනවා කරත් අන්තිමට කියන්න තියෙන්නේ බ්රෝ මොනවා ඇන්දත් කන්ෆිඩන්ට් පිට අදින්න .කිසිම අවුලක් වෙන්නේනෑ වෙන්නේ එකෙන් තවත් ලුක් එක වැඩිවෙන එක විතරයි.

සූට්,බ්ලෙසර්ස්,ස්පොර්ට් ජැකට් වෙනස දන්නවද? දන්නැත්තන් මෙතන ක්ලික් කරන්න 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න