වාහනේ සවුන්ඩ් සිස්ටම් ගැන දන්නවද

කන පැලෙන්න සිංදූ දාගෙන යන වාහන ලංකාවේ අලුත් දෙයක් නෙමෙයි නේ බ්රෝ.වැඩිය ඕනේ නෑ පාරේ යන බස් වල එහෙම තියෙන සවුන්ඩ් සිස්ටම් දැක්කම ඇතිනේ ලංකාවේ මිනිස්සු සිංදුවලට දිලා තියෙන තැන දැනගන්න.හැබයි කොහොම දැම්මත් සිංදූ හරි රෙඩියෝ එක හරි කනට ගැලපෙන සවුන්ඩ් සිස්ටම් එකකින් උපරීම කොලිටියෙන් අහන්න හැමෝම කැමතියිනේ.කොහොමද ඒක හරියට කරන්නේ කියලා පහල තියෙනවා ශේප් එකේ කියවගෙන යමු.

නම්බර් වන් – තාම තියෙන්නේ පරන එවාද?

වාහනේ කවදා ගත්තත් පරන වෙන්න පරන වෙන්න ඒකේ ස්පීකරුත් පරන වෙනවනේ බ්රෝ.එ වගේම කාලෙත් එක්ක අලුත්ම සවුන්ඩ් සිස්ටම් එන හින්දා වාහනේ පරන නම් කරන්න තියෙන්නේ අලුත් සවුන්ඩ් සිස්ටම් එකක් හයිකරන එක.හැබයි ඉතින් අලුතින්ම ගන්න වාහන වල නම් දැන සාමානය හොද මට්ටමේ සුවුන්ඩ් සිස්ටම් එකක් තියෙන නිසා බයවෙන්න දෙයක් නෑ.

නම්බර් ටූ – කොලිටි බඩුද?

හොද සවුන්ඩ් එන්න නම් සවුන්ඩ් එක දෙන ෆයිල් එකත් හොද කොලිටි වෙන්න ඕනේ.ඉතින් මේ කොලිටි එක මනින්නේ බිට් රේට් කියන එකෙන්.කොච්චර පට්ට සවුන්ඩ් සිස්ටම් එකක් තිබ්බත් වැඩක් නෑ අහන මියුසික් ෆයිල් එකේ බිට් රේට් එක අඩුයි නම්.සාමානයෙන් බිට් රේට් එක අඩුම ගානේ 320 ටවත් උඩින් තියාගත්තොත් ගොඩ බ්රෝ.ඒක බලාගන්න පුලුවන් කම්පියුටර් එකකින් ස්වුන්ඩ් ෆයිල් එක රයිට් ක්ලික් කරලා ප්‍රෝපටීස් ක්ලික් කරලා ඊටපස්සේ ඩීටේල්ස් කියන එකේ බලන්න.ඔඅය පල්ලේහා තියෙන්නෙ කරන විදිය තමයි.

වාහනේ සවුන්ඩ් සිස්ටම් ගැන දන්නවද
වාහනේ සවුන්ඩ් සිස්ටම් ගැන දන්නවද

නම්බර් ත්‍රී – එලියේ එවා ඇහෙනවද?

දැන තියෙන වාහනේ වේගෙන යනකොට සවුන්ඩ් සිස්ටම් එකෙන් ඇහෙන සද්දෙයි හෙමින් යනකොට ඇහෙන සද්දෙයි වෙනස් නේද බ්රෝ! එහෙම වෙන්නේ හරියට සවුන්ඩ්පෲෆ් කරලා නැති හින්දා.එකට වාහනේ ඇතුල් පැත්තෙන් හරියට කවර් කරානම් හරි.එතකොට හරියටම හරි සවුන්ඩ් එක අහන්න පුලුවන්.අපි ෆෝන් එකෙන් සිංදූ අහනවට වඩා හෙඩ්සෙට් එකෙන් අහනකොට සවුන්ඩ් කොලිටි එකට ඇහෙනවා වගේ තමයි වාහනේ සවුන්ඩ් හරියට අහන්න නම් හරියට සවුන්ඩ්පෲෆ් වෙන විදියට එන්ජිම,ඩිකිය,ඔක්කොම එලියේ සද්දේ ඇතුලට එන්නේ නැතිවිදියට කවර් කරන්න වෙනවා බ්රෝ.

වාහනේ සවුන්ඩ් සිස්ටම් ගැන දන්නවද
වාහනේ සවුන්ඩ් සිස්ටම් ගැන දන්නවද

නම්බර් ෆෝ – වැඩිකරලා දෙන්ද?

තියෙන සවුන්ඩ් එක එක දෙක කරලා වැඩි කරලා ගන්න නම් හොද ඇම්ප්ලිෆයර් එකක් හයිකරන්න වෙනවා බ්රෝ.එකෙන් වෙන්නෙ සීටිරියෝ එකේ වොට් ගාන වැඩි කරලා පට්ට සවුන්ඩ් එකක් දෙන එක.හැබයි අවාට ගියාට ඇම්ප් හයිකරන්න ගිහිල්ලා වාහනේ ඉලෙක්ට්‍රීක් සිස්ටම් එකම කෙලවෙන්න පුලුවන් නිසා හොදම දේ ඔවා ගැන දන්න කියන තැනකට ගිහිල්ලා එක දැනගන්න එක.හේතුව හැම ඇම්ප් එකක්ම හැම වාහනේටම ගැලපෙන්නේ නැති නිසා.

නම්බර් ෆයිව් – කන පැලෙයිද?

වාහනේ ඇතුලේ පොඩි ඉඩේ සවුන්ඩ් සිස්ටම් එක හයිකරාට පස්සේ ඇතුලේ තියෙන විදුරු,ප්ලාස්ටික් දෙවල් වලින් සද්දේ පරාවරතනය වෙනවා වගේම සීට් කවර,කාපට් වලින් සද්දේ උරගන්නවා ඉතින් මේ ඔක්කොම හරියට ශේප් කරගත්තේ නැත්ත්න වෙන්නෙ මුලින්ම වාහනේ ඇතූලේදී කතාකරත් ඇහෙන්නැති වෙලා ටික වෙලාවකින් කනත් රිදෙන්න ගන්න එක.හැබයි ඉක්වලයිසර් එකකින් මේ සවුන්ඩ් එක මික්ස් කරලා අරන් සිග්නල් ප්‍රෝසෙසර් එකකින් ෆ්‍රීක්වන්සී රෙස්පොන්ස් පීක් නැතුව හරියට බේස් එක වෙන විදියට හදාගත්තා නම් වැඩේ ගොඩ බ්රෝ.

වාහනේ සවුන්ඩ් සිස්ටම් ගැන දන්නවද
වාහනේ සවුන්ඩ් සිස්ටම් ගැන දන්නවද

නම්බර් සික්ස් – බොක්ස් එක හොදයිද?

හොදට සීල් වුන සවුන්ඩ් බොක්ස් එකක් නැත්තන් බ්රෝ වැඩේ අවුල්.එක නිසා එක ලීක් නැතිව හොදටම සීල් වෙලා තියෙනවා නම් හොදම කොලිටි එකක් ගන්න පුලුවන්.හැබයි එහෙම කියලා වාහනේට නොගැලපෙන සයිස් එකේන් වාහනේ ඉඩ ඇහිරෙන්න සබ් බොක්ස් එකක් පාවිච්චි නොකර ඉන්න එක තමයි හොදම දේ.

නම්බර් සෙවන් – ගානට ටියුනින්.

ගොඩක් අලුත් වාහන වල ප්‍රීඇම්ප් එකටයි ස්පිකර් අවුට්පුට් එකට සම්බන්ධ වුන ෆ්‍රීක්වන්සී ෆිලටර් එකක් එනවා.එ අවාට හොද සබ් එකක් නම් යුස් කරන්නේ හයිපාස් ෆිල්ටර් එකෙන් අඩු බේස් එක නැතිකරලා හොද ඇගට දැනෙන්න හොද බේස් එකක් ගන්න පුලුවන්.හැබයි බේස් එක ඇහෙන්නේ පිටිපස්සේන් විතරයි නම් කරන්න තියෙන්නේ ලෝ පාස් ෆිල්ටර් එකේ ක්‍රෝසොවර් පොයින්ට් එක වෙනස් කරලා ඉස්සරහටත් දැනෙන විදියට හදාගන්න එක.මෙවා කරන්න තෙරෙන්නේ නැත්ත්න හොදම දේ දන්න කෙනෙක්ගේ සහය ගන්න එක.

නම්බර් එයිට් – සබ් ටයිටල් නෙමෙයි?

ආයේ අහන්න දෙයක් නෑනේ සබ්වුෆර් එකකින් සින්දු අහන එක ගැන.නොමල් ස්පිකර් වලින් ඇහෙන්නේ නැති විදියේ ඔක්කොම සද්දේ ලස්සනට අහගන්න තියෙන විදියක් තමයි සබ්වුෆර් එක. හැබයි නොමල් සබ් එක දාලා විතරක් මදී එකට කැපිස්ටර් එකක් දාගන්නත් වෙනවා.එ කියන්නේ සබ් එක ලොකු වෙන්න ලොකුවෙන්න සද්දේ පට්ට උනාට එක වාහනේ ඉලෙක්ට්‍රීක් සිස්ටම් එකට හොද නැති නිසා වෙන අවුල් නවත්වන්න ඇම්ප් එකයි , වාහනේ බැටරියයි අතරට අවදය බලය ගබඩා කරගන්න දෙයක්.එකෙන් ඇම්ප් එකට ඕනේ වෙලාවට විතරයි පවර් එක දෙන්නෙ,නැත්තන් වෙන්නෙ බැටරියෙ ඔක්කොම පවර් එක ඇම්ප් එකට ඇදලා බේස් වල පවර් එකට ගැස්සේන ගැස්සිල්ලට වාහනේ ලයිට් වල ඉදන්ම ගැස්සිලා යන එක.

වාහනේ සවුන්ඩ් සිස්ටම් ගැන දන්නවද
වාහනේ සවුන්ඩ් සිස්ටම් ගැන දන්නවද

නම්බර් නයින් – කඹේ කොටද?

ලිදක උනත් කඹේ කොලිටි මදි උනොත් කොට උනොත් හරියට බාල්දිය දාලා වතුර ගන්න බෑ වගේ බ්රෝ වාහනේ සවුන්ඩ්සිස්ටම් එකට පාවිච්චි කරන කෙබල් ටිකත් කොලිටි කෙබල්ද කියලා බලන්නම වෙනවා.නැත්තම් වෙන්නේ කෙබල් වලින් යන පවර් එක මදි වෙලා ඇම්ප් එකේ පර්ෆෝමන්ස් අඩුවෙලා සවුන්ඩ් අවුල් වෙන එක.හරි කොලිටි කෙබල් ගත්තම නොයිස් එක අඩු කරගන්නත් පුලුවන් වගේම ඇම්ප් එකටත් නිදහසේ පවර් එක එන නිසා වොලියුම් එක නිකන් බොරුවට වැඩි කරන්න ඕනේ නෑ.

වාහනේ බැටරි අවුල් කලින් දැනගන්න දන්නැත්තන් මෙතන ක්ලික් කරන්න

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න