වාහනේ එ/සී ගැන හරියට දන්නවද

වාහනේ එ/සී ගැන හරියට දන්නවද
වාහනේ එ/සී ගැන හරියට දන්නවද

හොදටම රස්නේ දවසකදී මහදවල් වාහනේ එ/සී එකත් නැතුව පැයක දෙකක ට්‍රැෆික් එකකට සෙට් උනාම තියෙන සනීපේ මහත්වරුනී.සන්තෝසෙට ඔය එහෙන් මෙහෙන් යන බයික් එකකට කෑගහලා තමයි සන්තෝසෙ පෙන්වන්නේ.ඉතින් බ්රෝ වාහනේ A/C එක අනිවාරයයෙන්ම පරිස්සම් කරගන්න ඕනේ දෙයක්.හැබැයි වාහනයක් තියෙනවා නම් ඔබත් දන්නවා ඇති ටික කාලයක් ගියාම වාහනේ එ/සී එක ටික ටික අඩුවෙන සීන් එකක් ගැන.හැබයි හරියට මේන්ටෙන් කරලා තියාගන්නවා නම් ඔය කේස් එක එන්නේ නෑ.

වාහනේ එ/සී ගැන හරියට දන්නවද
වාහනේ එ/සී ගැන හරියට දන්නවද

පලවෙනි දේ පොඩිම පොඩි අහිංසක විදියට හරි එ/සී එකේ ගෑස් ලීක් වෙන්න ගත්තොත් වාහනේ එ/සී එක අඩුවෙන එක අයෙත් අහන්න දෙයක් නෙමෙයි.එ නිසා වාහනේ A/C එක අඩුයි වගේ නම් ඔය ලික් සීන් එකක් තියෙනවද කියලා තමයි මුලින්ම බලන්න ඕනේ.ඔය දේට අමතරව පහල ලිස්ට් එකේ තියෙන දෙවලුත් එ/සී එක ලෙඩ වාට්ටුවක් කරන්න සමත්,

  • ඩ්‍රයිව් බෙල්ට් එක ඇදී තිබීම
  • කන්ඩෙන්සර් හා රේඩියේටරය හරහා යන එයා ෆ්ලො එක අවහිරවී තිබීම
  • කම්ප්‍රෙශර්, හොසස්, පයිප්ස් නැත්තන් ෆිටින්ග්ස් වල රෙෆ්රිජෙරන්ට් ඔයිල් ලීක් වුන පැල්ලම් දක්නට ලැබීම
  • කම්ප්‍රෙශර් මොවුන්ටින්ග් බ්‍රැකට්ස් බුරුල් වීම හෝ දෝෂ සහිත වීම
  • ස්රවිස් පෝර්ට් කැප් එක නැති වීම

“ඔය උඩ කිව්ව එකක් හරි තියෙනවනම් බ්රෝ අනිවාරයයෙන් වාහනේ වාහනේ හදගන්න වෙනවා.නැත්තන් සොරිම තමයි බ්රෝ.හැබයි මෙහෙම ලෙඩ එන්න කලින් වැඩේ ගොඩ දගන්නත් පුලුවන්.කරන විදිය ශෙප් එකේ බලාගෙන යමු.”

වාහනේ තෙල් ඉතුරු කරගන්න කියලා ශේප් එකේ A/C නොදා යනවා නේ හොරා වගේ.අච්චර ලක්ස ගානක් දීලා වාහනේ අරන් අන්තිමට දාඩිය පෙර පෙර යන මිනිස්සු දැක්කාම දුකෙත් බෑ.කොහොමහරි එක දිගට එ/සී එක නොදාම හිටියොත් බ්රෝ අහන්න වෙන්නේ දුක හිතෙන කතාවක්ම තමයි.එ කිව්වේ A/C එක කෙලවී,කුඩුවීමට නියමිතයි කියන එක. වාහනේ හොස් තදවෙලා කම්ප්‍රෙශර් සීල් විනාස වෙන්න ගන්න එක තමයි වෙනත් වචන වලින් කිව්වොත් වෙන්නේ.ඉතින් එක නවත්තගන්න මෙහෙම කරන්න. A/C එක ඔන් කරලා කූල් වැඩිම සෙටින්ග් වලට හදලා ෆෑන් එක ෆුල් ස්පීඩ් දාගන්න. ඊට පස්සෙ ‘ඩෙෆ්‍රොස්ට් මෝඩ්’ එකට දාන්න. විනාඩි 10ක් දුවන්න දෙන්න. ඒකෙන් ඒ/සී පද්දතිය එක හොඳට සුද්ද වෙනවා. ඒ වගේම පුස් ගතිය සහ පල් ගඳත් නැතිවෙනවා එ/සී එකත් බේරෙනවා.

වාහනේ එ/සී ගැන හරියට දන්නවද
වාහනේ එ/සී ගැන හරියට දන්නවද

හැබයි ඔය තෙල් පිච්චෙන එක ගැන හිතලා එ/සී නොදායන සෙට් එකට දැනගන්නත් එක්ක කියන්නේ.තෙල් වලින් ඉතුරුවෙන සල්ලිවලට වඩා හානියක් ඔබ A/C නොදා විදූරු ඇරගෙන ගමන් කිරීමේන් කරගන්නවා.එකක් වාහනේ විදුරු පහත් කරාම වාහනේ ඇරෝඩයිනැමික්ස් වලට අවුලක් වෙනවා.එ කිව්වේ වාහනේ ඇතුලට හුලං බදන්න පටන් ගන්න එකට.ඔය කේස් එක හොදට තෙරෙනවා අපි හයිවේ එකේ එහෙම යන කොට.ඉතින් විදුරු ඇරන් ගියාට පස්සේ හුලං බදනවා වැඩි නිසා වාහනේට ඉස්සරහට යන්න වැඩි බලයක් ඕන නිසා වැඩියෙන් තෙල් පිච්චෙනවා.එ මදිවට එහෙම මෙහෙ යන දුවිලි ඔක්කොම අර ඇරලා තියෙන විදුරු අස්සෙන වාහනේ ඇතුලට ආවාම ඇතුලත් අපිරිසිදුවෙනවා.එහෙම බැලුවම එ/සී නොදායන එක හොදයි.එ/සී දාගෙන යන එක හොදාදාදාදා…..යි.

අනුග්‍රාහකත්වය

බ්රෝ.. A/C එකෙන් කරන්නෙ වාහනේ ඇතුල කූල් කරන එක විතරක්ම නෙවෙයි. වාහනය ඇතුලත ආර්ද්‍රතාවය නැති කරන්නෙත් ඒ/සී එකෙන්ම තමයි. ඒ නිසා සීත හෝ වැසි කාලෙටත් ඒ/සී දාගෙන යන්න. ඒකෙන් තව දෙයක් වෙනවා. වීන්ඩ්ස්ක්‍රීන් එකේ කරදරකාරී මීදුම බැඳෙන එකත් නැති වෙනවා.

අවුරුද්දකට සාමානයෙන් A/C එකේන් එ/සී ගැස් 10%ක් විතර අඩුවෙන නිසා අඩුම ගානේ අවුරුදු දෙකකට සැරයක්වත් A/C චෙක්කරගෙන රීෆිල් කරගන්න වෙනවා.විශෙශයෙන්ම ලංකාව වගේ රටකදී මාර්තු/අප්‍රෙල් වගේ රස්නේ කාලෙකට කලින් ඔවා කරගන්නවා නම් හොදයි.මොකද නැත්තන් එ කාලේ වෙනකොට ගරාජ් එකේ වාහනේ දාලා දාඩිය පෙර පෙර යන්න තමයි වෙන්නෙ.එ වගේම කවදාවත් ඔයිල් හරි ගැස් හරි අඩුවෙන් එ/සී එක ඔන් කරන්න හදන්න එපා .එක කම්ප්‍රෙශර් එකට එකෙන්ම හොද නෑ.කරනවා නම් අලුත් එකක් දාන්න බලාගෙනම කරන්න.

වාහනයක් හරි වෙන ඕනේම දෙයක් විකුනගන්න දැන්වීමක් එහෙම දාන්න තියෙනවානම් එහෙම නොමිලේ දැන්වීම් ෆේස්බුක් ඇඩ්වටයිස් කරලා දෙන ලංකාවේ එකම තැනට යන්න මෙතන ක්ලික් කරන්න.

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න