කොටියෙක් ගෙන් බේරෙන්නේ කොහොමද

කොටියෙක් ගෙන් බේරෙන්නේ කොහොමද
කොටියෙක් ගෙන් බේරෙන්නේ කොහොමද

ඊයේ පේරෙදා හැට්න් වල තේ වත්තකදී කකුල් හතරේ කොටියෙක් නිසා කට්ටියකට ඉස්පිරිතාලේ යන්න උන නිව්ස් දැක්කනේ බ්රෝ.අපිත් ඔය කොහේ හරි හයික් එකක් හරි ට්‍රීප් එකක් හරි යනකොට හිතන්නේ නැති තැනක කොටියෙක් හම්බුනොත් මොකද කරන්නේ කියන එක දැනුවත් නැනේ බ්රෝ,කොටියා කන්න කලින්,කැවට පස්සේ මොකද කරන්නේ කියලා පහල තියෙනවා ශේප් එකේ බලාගෙන යමු.

 

රූල් නම්බර් වන් – අරන් යන්න පුලුවන් නම් අරන් යන්න.

කොටියෙක් ගෙන් බේරෙන්නේ කොහොමද
කොටියෙක් ගෙන් බේරෙන්නේ කොහොමද

බල්ලෙක්,අරන් යන්න පුලුවන් නම් යන තැනක කොටියෙක්ගෙන් වෙන අනතුරක් කලින් වලක්වගන්නත් පුලුවන් බ්රෝ.මොකද ගොඩක් වෙලාවට කොටියෙක් ලඟට එනකන් කවුරුවත් දකින්නේ නෑ.අරන් යන්න පුලුවන් තැනකට නම් යන්නේ බල්ලෙක් එක්ක යන එක කාගෙත් ඇගට ගුනයි.හේතුව බල්ලන්ට කොටියෙක් ඉන්නව නම් ඉවෙන් දැනුන ගමන් ඌ බුරන නිසා කලින්ම සුදානම් වෙන්න පුලුවන් නිසා.

 

රූල් නම්බර් ටූ – සෙෆ්ටි ෆ්ර්ස්ට්

අනුග්‍රාහකත්වය

කොහෙ ගියත් දැනගන්න තියෙන එකම දේ.සෙෆ්ටි එකේ ගෙදර එන එක.එක නිසා යන පාරවල්,ඉන්නේ කොහෙද,කරදරය උනොත් මොකද කරන්නේ කියන දෙවල් කලින්ම දැනුවත් වෙලා ඉන්න එක තමයි හොදම දේ.එ වගේම පොඩි ෆර්ස්ට් එයිඩ් කිට් එකක් අරගෙන යන්න කොහෙ ගියත්.ඒකේ බැන්ඩේජ්,ඇන්ටිබයොටික්ස්,ෆර්ස්ට් එයිඩ් මැනුවල් එකක්,කතුරු,පුලුන්, වගේ දෙවල් අනිවාර්යයෙන්ම අරගෙන යන්න.කෙනෙක් හිනාවෙන්න පුලුවන් ඕවා මොකටද කියලා.හැබයි එ හිනාවුන කෙනාටත් අනතුරක් උනොත් ඉතින් පිටට එන්නේ ඔය කිට් එකම තමයි.

 

රූල් නම්බර් ත්‍රී – ඇතුලේම ඉන්න.

කොටියෙක් ගෙන් බේරෙන්නේ කොහොමද
කොටියෙක් ගෙන් බේරෙන්නේ කොහොමද

යාල,විල්පත්තු,උඩවලව හරි කොහෙහරි කමක් නෑ සෆාරි කැබ් එකක නම් යන්නේ පුලුවන් තරම් එකේ ඇතුලට වෙලා ඉන්න බලන්න.එහෙම ඉන්න කැමති නැත්තන් කැම්ප් සයිට් එකක් තෝරගන්න ගයිඩ් කෙනෙක් එක්ක.සැම විටම ගයිඩ්ගේ ඩිරෙක්ශන්ස් අනුගමනය කරන්න බලන්න.හේතුව ඔබට වඩා ඔවුන් එ පැත්ත ගැන අත්දැකිම් වලින් සහ දැනුමෙන් ඉදිරියෙන් සිටින නිසා.හැමවෙලේම ඔබ කන්ඩායම සමග ඉන්න.තනිවම කැලේ රවුම් ගහන්න ,මල් කඩන්න යන්න එපා බ්රෝ!

 

රූල් නම්බර් ෆෝ – ෆලෝ කරලා ඉල්ලන් කන්න එපා.

කොටියෙක් දැක්කට පස්සෙන් ගිහිල්ලා උගේ ෆොටොස් ගන්න හරි ඌව බැක්ගරවුඩ් එකේ තියලා සෙල්ෆි ගන්න නම් යන්නේ බ්රෝ “කොටියම කාපිය“ කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද නිර්භීත කමයි ,මොඩකමයි කියන්නේ දෙකක් නිසා. මේ වගේ පස්සෙගෙන් ගියොත් වෙන්නේ ඔබව කොටියට පෙනේන්නේ අනතුරක් විදියට හැබයි එතකොට සාමානයෙන් මිනිස්සුන්ගෙන් ඉවත් වෙලා යන කොටියෙක් උනත් ඔබට පහර දෙන්න දෙපාරක් හිතන එකක් නෑ.එ  වගේම කොටි පැටවු කොහෙදී හරි හම්බෙනවා කියන්නේ එකෙන්ම එ පැත්තෙන් ඉවත්වෙන්න ඕනේ කියන එක බ්රෝ.

 

රූල් නම්බර් ෆයිව් – සෙට් උනොත්.

කොටියෙක් මූනට මූන සෙට් උනොත් මොකද කරන්නේ බ්රෝ? පැනලා කෑගහගෙන දුවනවද? නැත්තන් කෑගහනෙගන කොටිය දිහාට දුවලා ඌව බය කරන්න හදනවද? දන්නෑනේ.. දැන් දැනගන්න.කොටියා ඔබව දැක්කේ නැති ගානට යන්න යනවා නම් ඌට යන්න දෙන්න.කෑගහලා විකාර කරලා අනවශය කොටි අස්සේ දගන්නේ හදන්න එපා.හැබයි ඒකෙ අනික් පැත්ත වෙනවා නම් එ කිවේ කොටියා ඔබව ෆලෝ කරනවා නම් පුතී කොටියෙක්ට එන්න බැරි තැනකට යන්න බලන්න.ගස් බඩගාලා නම් වැඩක් නෑ බ්රෝ පොලවේ ඇරුනම කොටි ඉන්නෙම ගස් උඩ.එ වගේම අයි කන්ටැක්ට් පුලුවන් තරම් කරන්නේ නැතුව ඉන්න.එහෙම කරොත් ඌට අනුතුරක් කියලා පහර දෙන්න පුලුවන්.ටික ටික පස්සට යන්න.කොටියත් උගේ පාඩුවේ යන්න යනවා නම් මෙක තමයි චාන්ස් එක පැනගන්න.

 

රූල් නම්බර් සික්ස් – ආවොත් මොකද කරන්නේ

කොටියෙක් ගෙන් බේරෙන්නේ කොහොමද
කොටියෙක් ගෙන් බේරෙන්නේ කොහොමද

හැබයි යන්නැතුව කොටියා පැනගෙන අවොත් ඔබ දිහාට,හිතෙන්නේම දුවන්න තමයි හැබයි දුවන්න එපා බ්රෝ.කොටියෙක් එක්ක අපිට දුවලා බෙරෙන්න බෑ.එකම දේ අත් උස්සලා කෑගගහා අත් වනන්න.එකම දේ ඔබේ ශරීරය ලොකු බව ,ශක්තීමත් බව පෙන්වන්න.සද්ද කරන්න පුලුවන් ,ෆෝන් එකක් ,රෙඩියෝ එකක් ඕනේම දෙයකින් ලොකු සද්දයක් ඇති කරන්න. එහෙම නැතුව පෙපර්(ගම්මිරිස්) ස්ප්රේ එකක් එහෙම තියෙනවා නම් එකෙන්ම ස්ප්රේ කරන්න. එහෙම නැතුව අතට අහුවෙන්නෙ මොකක්ද එකෙන් ඔබව ආරක්ශා වෙන්න ප්‍රදාන වශයෙන් කොටියෙගේ සංවෙදීම තැන්වෙන නහය,ඇස් වලට පහර දෙන්න බලන්න.

මේ වැඩෙත් හරියන්නේ නැත්තන් කරන්න තියෙන්නේ බෙල්ල බඩ ඔලුව කියන දෙවල් පරිස්සම් කරගන්න එක.එකට අත් දෙකෙන් බෙල්ල වහගෙන කකුල් දෙක ගුලි කරලා ඔබ බෝලයක් විදියට හැදෙන්න බ්රෝ.හැබයි ලග ඔබේ සෙට් එක ඉන්නවා කියලා දන්නවා නම් ඔවුන්ගේන් උදව් ඉල්ලලා කෑගහන්න ආයෙත් දෙපාරක් හිතන්න එපා.

 

රූල් නම්බර් සෙවන් – යාලුවෙක් බේරගන්නේ කොහොමද?

ගින්දර තමයි කොටියෙක් එලවන්න පුලුවන් හොදම දේ.එත් හදිස්සියට ගින්දර හොයගන්න බැරි නම් වතුර ගිනි නිවන උපකරන වගේ මොකක් හරි ස්ප්රේ එකකින් කන්ඩායමක් විදියට කෑගහගෙන ගිහිල්ලා හරි බැරිම නම් කොටියට කලින් කියපු ස්තානවලට පහර දීලා හරි බේරගන්න.ඊට පස්සේ ඉතාඉක්මනින් වතුරෙන් සපාකැම්, සීරුම් හොදන්න.මඩ,කෙස් හො තිබෙන වෙනත් දෙවල් අයින් කරන්න.තුවාලය නොගැඹුරු නම් වෙලලා ඇන්ටිබැක්ටිරියල් යුස් කරලා බැන්ඩෙජ් ඔතන්න.

කොටියෙක් ගෙන් බේරෙන්නේ කොහොමද
කොටියෙක් ගෙන් බේරෙන්නේ කොහොමද

සැපිමෙන් ඇගිල්ලක් වගේ දෙයක් සම්පුර්නයෙන්ම වෙන් වෙලා තියෙනවා නම් පිරිසිදු වතුරෙන් හොදලා ටිසු එකක ඔතලා ප්ලාස්ටික් බැග් එකක දාලා අයිස් බැග් එකක දාගෙන රෝහල වෙත යන්න.එ වගේම සපාකැමට ලක්වුන පුද්ගලයා ඇදන් ඉන්න මුදු,වෙනත් හිරට ඇදන් ඉන්න ආභරන වගේ දෙවල් ගලවන්න.එ වගෙම තීබෙන තත්වෙ බලන්න.ඇග දුර්වල නම්,කරකැවිල්ල වගේ නම් රුධිර වහනය වැඩි නිසා වෙන්න පුලුවන්.එ නිසා ඉක්මනින් රෝහල වෙත ගෙනියන්න.

ලේ එන තැන් වලට වෙලුන පිරිසිදු රෙදිවලින් ප්රේශර් එක දෙන්න.රෙදී අස්සෙන් ලේ එනවා නම් තව රෙදි කැලි තියන්න ඒකටම .වෙලාව හරියටම බලලා විනාඩි 15 ක් ප්‍රෙශර් එකත් එක්ක තියන් ඉදලා බලන්න තව ලේ එනවද කියලා එන්නේ නැත්තන් බැන්ඩෙජ් කරන්න පුලුවන්,හැබයි තව ලේ එනවා නම් ආයෙත් තව විනාඩි 15ක් ප්‍රෙස් කරන්න.ආයෙත් චෙක් කරන්න.කලින් විදියටම කරන්න .ඉක්මනින්ම රෝහල වෙත අරන් යන්න.

සර්පයෙක් දශ්ඨ කරොත් කරන්න ඕනදේ දන්නවද බ්රෝ? දන්නැත්තන් මෙතන ක්ලික් කරන්න.

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න