ඩ්‍රයිව් කරනකොට බ්‍රේක් නැතිවුනොත් මොකද කරන්නේ?

මේ දවස් වල නිවුස් බැලුවාම තියෙන වාහන අනතුරු තොගේ දැක්කම බ්‍රේක් කියලා දෙයක් නෑ කියලා තමයි බ්රෝ හිතෙන්නේ.හැපෙනවා හැපෙනවා ඉවරයක නෑ.ගොඩක්ම ප්‍රශ්නේ වේගෙන් යන එක තමයි.එක නිසා කොකටත් කියලා බ්‍රේක් වැඩකරන්නේ නැති උනොත් මොකද කරන්නේ කියලා දැනගෙන ඉන්න එක හොදයි.හැබයි ඉතින් ෆිල්ම් වල වගේ බ්‍රේක් එක දෙපාරක් පාගලා වැඩකරන්නේ නැත්තන් වාහනෙන් එලියට පනින්න කලින් කරන්න වැඩ ගොඩක් තියෙනවා බ්රෝ.එ ටික පහල තියෙනවා හිමීට බලාගෙනයමු.

ෆැක්ට් නම්බර් වන් – ගෑස් එපා හරිය ?

මුලින්ම ගැස් පැඩ් එක අතාරින්න බ්රෝ.කෲස් කන්ට්‍රෝල් තියෙනවා නම් ඊට පස්සේ එක ඔෆ් කරන්න.හෙතුව කෲස් කන්ට්‍රෝල් එකෙන් කරන්නේ වාහනේ ස්පීඩ් එක ඔටොමැටිකලි කන්ට්‍රෝල් කරන එක.මේක කලින්ම ඕෆ් කරන එක ඇඟට ගුන උනාට සාමානයෙන් බ්රේක් එක හරි ක්ලච් එක හරි ගැවිච්ච ගමන් කෲස් කන්ට්‍රෝල් එක ඔෆ් වෙනවා.

ෆැක්ට් නම්බර් ටූ – හිරකරගත්තද?.

ඊලගට ටක්ගාලා බ්‍රේක් පැඩ්ල් එක කකුලට දැනෙන විදිය බලන්න බ්රෝ! පැඩ්ල් එක පහලටම ගිහිල්ලා වදිනවා නම් එක්කෝ ලීක් එකක් හරි මොකක් හරි වෙලා බ්‍රේක් ඔයිල් අඩු වෙලා එක්කො මාස්ටර් සිලින්ඩර්,ඩ්‍රම්ස් හරි කැලිපර්ස් වල ලෙඩක් වෙන්නත් පුලුවන්.එහෙම උනොත් වැඩේ ශේප් එකේ ගොඩ දාගන්න පුලුවන් බ්රෝ.කරන්න තියෙන්නේ කකුලෙන් හුලං ගහන ෆුට් පම්ප් එකක් වගේ බ්‍රේක් පෙඩ්ල් එකත් වේගෙන් පාගන්න නිදහස් කරන්න.හැබැයි බ්‍රේක් එක හිරයි නම් වැඩේ අමාරුවෙයි.මුලින්ම බලන්න ඔය වතුර බොන්න ගෙනාපු බොතලයක් හරි වෙන මොකක් හරි එහෙම වැටිලා පැඩ්ල් එක අස්සේ හිර වෙලාද කියලා.එහෙම නැත්තන් ඉතින් බ්‍රේක් සිස්ටම් එකෙම කොහෙහරි තැනක් හිරවෙලා වෙන්න පුලුවන්.

ෆැක්ට් නම්බර් ත්‍රී – පම්ප් පම්ප් පම්ප්

බ්‍රේක් පැඩ්ල් එක හිරවෙලා නැත්තන් කරන්න තියෙන්නේ පම්ප් කරන එක කියලා කලින් කිව්වනේ. මෙක කරන විදිය හොදටම දැකලා ඇති බ්රෝ ලොකු බස් වල එහෙම නිතරම යනවානම්.එක පාරම බ්‍රේක් එක උඩ නගින්නේ නැතුව.කඩින් කඩ බ්‍රේක් ගහන එක තමයි මේ කියන්නේ.හේතුව එහෙම කරාම බ්‍රේක් සිස්ටම් එකේ හොද එයාර් ප්‍රෙසර් එකක් හැදෙන නිසා වැඩේ ගොඩ.

ෆැක්ට් නම්බර් ෆෝ – ලෝ එකට දාගන්න.

ඊලග දේ තමයි ස්ලෝ ජියර් එකකට දාගන්න එක.හැබයි එහෙම කියලා එක පාරම ලොකු ජියර් එකක ඉදන් පොඩි ජියර් එකකට දාන්න හදන්න එපා.එහෙම කරලා වාහනේ කන්ට්‍රෝල් නැතිවෙලා තව ප්‍රශන් වෙන්න පුලුවන්.හොදම දේ අනුපිලිවෙලට තියෙන හයි ජියර් එකේ ඉදන් අඩු ජියර් එකකට දාගන්න එක.

ෆැකට් නමබ්ර් ෆයිව් – හැන්ඩ්බ්‍රේක් ඇදපාන්.

හැන්ඩ් බ්‍රේක් ඇද්දා කියන්නේ ඉතින් පිටිපස්සේ රෝද දෙක එක පාරම ලොක් වෙන එක තමයි වෙන්නේ.එහෙම කියලා පට්ට වේගෙන යන ගමන් එක පාරම හැන්ඩ් බ්‍රේක් අදින්න එපා බ්රෝ.එහෙම උනොත් වාහනේ කන්ට්‍රෝල් නැතිවෙන්නත් පුලුවන් අන්තිමට හැන්ඩ්බ්‍රේක් කෙබල් එකත් කැඩිලා මලජන්ජාලයක් වෙන්නත් පුලුවන්.එක නිසා හැන්ඩ් බ්‍රේක් එක හෙමින් අදින්න.ආයෙ ටිකක් නිදහස් කරලා ආයෙත් අදින්න.

ෆැකට් නම්බර් සික්ස් – බේරන්න.

දැන් බ්‍රේක් වදින්නේ නෑ කියලා පාරේ යන මිනිස්සු,වාහන,සත්තු හප්පන්න ඕට්ටු නැනේ.එක නිසාටක් ගාල හැසර්ඩ් ලැම්ප්ස් වලින්,හෝර්න් වලින්, හෙඩ් ලයිට් වලින් ඉන්න මිනිස්සුන්ට අනතුරක් කියලා කියන්න.හොදම දේ මිනිස්සු අඩු පාරකට පලල් පාරකට වාහනේ දාගන්න පුලුවන් නම් ගොඩ.

ෆැක්ට් නමබ්ර් සෙවන් – පැති මාරු

දෙපැත්තට වැනි වැනි යන බීපු මිනිහෙක් දැකලා තියෙනවද් බ්රෝ.වැනුනට මිනිහා වැටෙන්නේ නැනේ.එ වගේ තමයි මෙතනත් වාහනේ කෙලින්ම යන්නෙ නැතුව දෙපැත්තට ඩ්‍රයිව් කරන්න.එකෙන් වේගය ටිකක් අඩු වෙනවා.හැබයි ලොකු වේගෙකින් යනවා නම් ෆිල්ම් වල වගේ කැරකි කැරකි පෙරලෙන්න කැමති නැහ්තන් එක පාරම එක පැත්තකට හරවන්න හදන්න එපා බ්රෝ.ටික ටික පටන් ගන්න.

ෆැක්ට් නම්බර් එයිට් – එකක්වත් වැඩ කරනේ නැත්තන්?

මේ කියපු එකක් වත් වැඩ කරේ නැත්තන් බ්රෝ ඉතින් මොනවා කරන්න ද? මුලින්ම බලන්න කන්දු පාරක් තියෙනවද බලන්න උඩට වාහනේ අරන් යන්න පුලුවන්.එතකොට කොහොමත් වෙගේ අඩුවෙන නිසා හැන්ඩ් බ්‍රෙක් අදින්න පුලුවන්.එහෙම එවා නැත්තන් ඉතින් හප්පන්නම වෙනවා නවත්වන්න.එහෙම කියලා වටේ පිටේ මිනිස්සුන්ගේ හරි වාහන වල හරි හප්පන එක ගැන නෙමෙයි මේ කියන්නේ.

බලන්න..මොකක්ද? බලන්න බ්රෝ පාර දෙපැත්තේ ගාර්ඩ්රෙයිල් හරි සිමෙන්ති වලින් පාර බෙදන්න හදපු දෙවල් තියෙනවද කියලා(හයිවේ එකේ දෙපැත්තෙම තියෙනේ ඔවා තමයි) එවල ශෙප් එකේ වාහනේ ගාවගෙන යන්න පුලුවන් නම් වාහනේ නවත්වගන්න පුලුවන්.පස්සේ ඉතින් අලුතින් දොරක් දාගන්න එක වෙනම කතාවක්.නැත්තන් බලන්න මඩතියෙන පාරක්,වලවල් තියෙන පාරක් ,පදුරු තියෙන පැත්තක් අල්ලන්න ශේප් එකේ.වෙගේ නිකම්ම අඩුවෙයි.හැබයි එක කරන්න කලින් සීට් බෙල්ට් දාලද කියලා බලන්න බ්රෝ.නැත්තන් ඉතින් හැප්පුවට පස්සේ විදුරු කඩන් එලියෙ තමයි ඉන්න වෙන්නේ.

නොමිලේ බ්රෝ පොයින්ට්ස් සතිපතා දෙන බ්රෝඉන්ෆෝ ඇන්ඩ්‍රොඩ්යිඩ් ඇප් එක ඩවුන්ලෝර්ඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න