ලැජ්ජාව නැතිකරන්නේ කොහොමද

මෙතන තියෙන දෙවල් කියවලා හෙට උදේ වෙනකොට ඔක්කොම හරි කියලා හිතනවා නම් බ්රෝ දැන්ම කියවන එක නවත්වන්න වැඩක් වෙන්නේ නෑ.හේතුව මේ කියන දෙවල් වලින් වෙනස් කරගන්න හදන්නේ ඔබේ පුරුද්දක්,ඉතින් පුරුදු වෙනස් කරන්න ටික කාලයක් යනවා.ගොඩක් වෙලාවට දවස් 90 වගේ කාලයක් ඇතුලත ඕනෙම දෙයක් සම්පුර්නයෙන්ම වෙනස් කරගෙන අලුත්ම කෙනෙක් බවට පත්වෙන්න පුලුවන්.එකම දේ ඉවසගෙන කොහොමහරි වෙනස් වෙන්න අවශය දෙවල් ටික කරන එක.කොහොමද ලැජ්ජාව නැතිකරගන්නේ කොහොමද? පහලට බලාගෙන යමු බ්රෝ!.

රූල් නම්බර් වන් – ලෙහෙසිම දෙවල් වලින් පටන් ගමු.

තමන්ගේ මනසින්ම තමයි ඔය ලජ්ජාව කියන එක එලියට එන්නෙ.ඉතින් එක පාරම මනස කන්ට්‍රෝල් කරන්න යන්නේ නැතුව මුලින් එලියෙන් එකට අවශය පරිසරය හදාගන්න එක තමයි හොදම දේ.ඉතින් කරන්න පුලුවන් ලෙහෙසිම දේ තමයි පිරිසිදුව ඉන්න එක සහ හොදට අඳින එක.ඇදුම් පැලදුම් වලින් ඔබට කන්ෆිඩන්ස් එකක් එන නිසා ලැජ්ජාව කියන එක අඩු කරගන්න ලෙහෙසි.උදාහරනයක් විදියට බැලුවොත් කලිසම ඉරුන කෙනෙක් අතර ලැජජාවයි හොදට ඇඳලා ඉන්න කෙනෙක් අතර ලැජ්ජාවයි දෙක බැලුවම හිතගන්න පුලුවන්නේ කියපු දේ.එක නිසා අනෙක් අයට තමන් ප්‍රසන්න විදියට පේනවා කියලා හිතෙන කොට නිකන්ම ලැජ්ජාව ඇතිවෙන පරිසරය අඩුවෙලා යනවා.

රූල් නම්බර් ටූ – මාස්ටර් කෙනෙක් වෙන්න.

ලජ්ජාව අඩු කරගන්න පුලුවන් තවත් ලෙහෙසිම විදියක් තමයි මේක.තමන් දන්න දෙයක් උපරීම තලේකට ලගාවෙන එක ගැන තමයි මේ කියන්නේ.උදාහරනයක් විදියට අයි.ටී. ගැන හොදටම දන්න කෙනෙක්ට එ ෆීල්ඩ් එකේ ඕනම දෙයක් ගැන කන්ෆිඩස් නිසා ඕනම තැනක එ ගැන කන්ෆිඩන්ස් පිට ඉන්න පුලුවන්.එක නිසා අනෙක් අයත් ඔහුට ගරු කරන්න පටන් ගන්නවා.එක නිසා ලජ්ජාව අඩු කරගන්න එක හොදම ක්‍රමයක්.තවත් විදියකට සිංදුවක් කියලා,ගිටාර් එකක් ,බෙරයක් ගහලා වැඩක් දාගන්න පුලුවන් නම් තමන්ගේ ස්කිල් එකෙන්ම ලජ්ජාව නැති කරගන්න පුලුවන් බ්රෝ.

 

රූල් නම්බර් ත්‍රී – නොර්මල් වූ ලජ්ජාව

හැමවෙලේම හිතට ගන්න ලජ්ජාව කියන්නේ බොහොම නොමල් දෙයක්.ඒක ඕනේම කෙනෙක්ට ඕනේම වෙලාවක ඇතිවෙන්න පුලුවන්.හැබයි හරියට පුරුදු උනොත් ලැජ්ජාවක් ඇති උනත් ඒක නොපෙන්වා ඉන්න පුරුදුවෙන්න පුලුවන්.හොදම උදාහරනේ අපේ දේශපාලනය කරන සෙට් එක.මොන ලජ්ජාවක් ඇති උනත් කිසිම ලජ්ජාවක් නෑ වගේනේ හැසිරෙන්නේ.

රූල් නම්බර් ෆෝ – සෙට් වෙන්නෙ නැතිඋනාට අවුල් ගන්න එපා.

සමාජේ ඉන්නකොට සෙට් වෙන්න නැති මිනිස්සු හම්බෙන්න පුලුවන්.එක බොහොම සාමානය දෙයක් .එ මිනිස්සු හිටියා කියලා ඔබ සමාජේ ගැවසෙන එක අඩු කරන්න කිසිම අව්ශයතාවයක් නෑ.එ වගේම මතක තියාගන්න ඔබට ඔවුන්ව වගේම තව කෙනෙක්ට ඔබව එ විදිය පෙන්නත් පුලුවන්.ඉතින් මේ වගේ පොඩි දෙයක් නිසා ලජ්ජා වෙන්න ,අපහසුතාවයට පත්වෙන්න කිසිම අවශයතාවයක් නෑ බ්රෝ.

රූල් නම්බර් ෆයිව් – කරලම බලමු

ලජ්ජාව නැති කරගන්න කියලා ගොඩක් බ්රෝලා කරන්නේ එක පාරම ගිහිල්ලා සොශලයිස් වෙන්න හදනවා කාත් එක්ක හරි කතාකරලා.හැබයි එක සොරි උනොත් පුතී එ ඇතිවෙන අපහසුතාව මොලේ රෙකෝඩ් වෙන්නේ ඉදිරියෙදී එහෙම දෙවල් කරන්න එපා කියලා.ඊට පස්සේ දිගටම මුලු ගැන්විලා තමයි ඉන්නේ.හැබයි සොශලයිස් වෙන එක සාර්තක උනොත් එන කන්ෆිඩන්ස් එක නිසා ලජ්ජාව ටික ටික අඩුවෙලා මොඩ්ල් කෙනෙක් එක්ක උනත් එක පාරම කතාකරන්න පුලුවන් ගැම්මක් එන එක අලුත් දෙයක් නෙමෙයි.එකට මුලින්ම කරන්න තියෙන්නෙ මිනිස්සුත් එක්ක අයි කන්ටැක්ට් තියාගන්න එක,ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් දෙකක් අහලා කතාව පටන් ගන්න එක.ඊට පස්සේ කතාව දිගටම කරගෙන යන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ තත්වේට එන්න නම් බ්රෝ ටික ටික සාර්තක වෙන්න.අනිවාරයයෙන් හරියනවා.

 

රූල් නම්බර් සික්ස් – පොඩියට පටන් ගන්නත් බැරි නම්.

ලජ්ජාව කියන එකේ නෙක්ස්ට් ලෙවල් නම් ඔබ ඉන්නේ රූල් නම්බර් ෆයිව් එකත් කරගන්න බැරි නම් ඔබට තියෙන්නේ මානසික ලජ්ජාවකට වඩා කායික ලජ්ජාවක් වෙන්න පුලුවන්.එ කිව්වේ අඩුම ගානේ තවත් කෙනෙක් එක්ක අයි කන්ටැක්ට් වත් තියාගන්න බැරි නම් ඉති ලැජ්ජවා අඩු කරගන්න කරන්න ඕන දෙවල් වත් කරගන්න අමරුයිනේ.ඉතින් එකට එකම දෙයයි තියෙන්නේ කරන්න.එකක් සතියකට තුන්පාරක් වත් හොද සීතල වතුරෙන් නාන එක අනෙක ලොකු දුවරක් දුවන එක.මේ දෙකෙන්ම ඔබට යම් මට්ටමකට දරාගැනිමේ හැකියාව,තමන් ගැන කන්ෆිඩන්ස් එකක් කායික වශයෙන් ඇතිවෙන නිසා ටික ටික හරි ලජ්ජාව නැතිවෙන තැනට වැඩකරගන්න.එකත් බැරි නම් ඉතින් කියන්න තියෙන්නේ පොඩි දෙයයි බ්රො! “ එක්කො කරපන්,නැත්තන් නොකර ඉදපන්.මොකද ට්‍රයි කරනවා කියලා දෙයක් නෑ“

රූල් නම්බර් සෙවන් – ඩිජිටලයිස් වත් බලමු

කෙලින් ගිහිල්ලා කතාකරන්න බැරිනම් අදකාලේ ෆෙස්බුක් එකේ ඉදන් වට්සැප් එක දක්වාම චැටින් ඇප් තියෙනවනේ එකකින් හරි පටන් ගන්න.හැබයි එකෙන්ම වැඩේ පටන් අරන් එකෙන්ම වැඩේ ඉවර කරගන්න යන්න එපා බ්රෝ.හේතුව කවදාහරි අනෙක් පාර්ශවේ මුහුනට මුහුන හම්බේනකොට වැඩේ කොට උඩ යන්න පුලුවන් නිසා.පුලුවන් තරම් ඉක්මනට ලජ්ජාව අඩු කරගන්න දෙවල් කරගන්න බලන්න.

 

රූල් නම්බර් එයිට් – බොරුවට හරි කමක් නෑ.

ඔබ ඔබම ලෙස ඉන්න හැදුවත් මොනව කරත් ලැජ්ජාව එනව නම් අඩුම ගානේ පුරුදුවෙන කාලෙදී වත් එහෙම නෑ කියලා රඟපාන එකවත් කරන්න.එහෙම නැත්තන් පුලුවන් හැමතැනම ඉන්න බලන්න.එකේක සමිති ,සංගම්, හැම එකේම ඉන්න බලන්න.පුලුවන් තරම් මිනිස්සු සමග කතකරන්න බලන්න.ඒක වැදගත්ද නැද්ද කියන එක නෙමෙයි කොච්චර පිරිසක් සමග කතකරනවද නැද්ද කියන එක බලන්න.හැම වෙලාවකදීම හිතන්න එ දෙයින් ඔබට යහපතක්,ඉගෙන ගැනීමක් උනා කියලා.

නින්ද යන්නේ නැද්ද? විසඳුම බලන්න මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න