ඩ්‍රෙස් කෝඩ් ගැන හරියට දන්නවද

ඔෆිස් එකට යන්න හරි වෙඩින් එකකට යන්න හරි මොකක් හරි ඉවෙන්ට් එකකට යන්න හරි තැනට හරියන ඇඳුමක් ඇදන් යන්න වෙනවනේ බ්රෝ.හැබයි ඉන්ටිටෙශන් එකේම ඩ්‍රෙස් කෝඩ් එකක් දාලා තියෙනවා නම් ඉතින් වෙන කරන්න දෙයක් නෑ එක ඇදන් යන්නම වෙනවා.තමන්ට ඕන දෙයක් ඇදන් ගියොත් සමහර විට එ තැනට ගන්න එකක් නෑ.එක්කෝ ඇතනට ගියාම නිකන් කොන් වෙලා වෙන් වෙලා තමයි ඉන්න වෙන්නේ.මේ සීන් එක ගොඩක් හොටෙල්ස් වල නම් තදටම බලනවා.ශෙප් එකේ පහලට බලාගෙන යමු එකේක ඩ්‍රෙස් කෝඩ් වල තියෙන වෙනස්කම් සහ එවා අඳින්න ඕන තැන් මොනවද කියලා.

එ වගේම තව දෙයක් මෙහෙම ඩ්‍රෙස් කෝඩ එකක් දාලා ඉවෙන්ට් එකක් කරන්න යනවා නම් බ්රෝ එකට එන්නේ මොනවගේ සෙට් එකක්ද කියලා මුලින්ම බලන්න.හොදට සල්ලි තියෙන අපර් ක්ලාස් නම් ඕක එච්චර අවුලක් නැති උනාට අනෙක් කට්ටියට අනිවාරයයෙන් රෙන්ට් කරන්නම වෙනවා ඔක්කොම.එක නිසා එ ගැනත් හිතන්න.

නම්බර් වන් : ෆෝමල් ඩ්‍රෙස් කෝඩ් – වයිට් ටයි.

 

අනුග්‍රාහකත්වය

ෆෝමල් කිව්ව ගමන් ඔක්කොම හිතන්නේ සූට් එකයි ටයි එකයි ගැනනේ.හැබයි ඇත්තටම එක ඊටවඩා පොඩ්ඩක් එහාට ගියපු දෙයක් බ්රෝ.හැබයි ඇත්තටම ලංකාවෙදී නම් මේක එච්චරටම බලපාන දෙයක් නොවුනත් දැනගෙන ඉන්න එක කොටත් හොදයිනේ.ෆෝමල් වෙයාර් කියලා ඩ්‍රේස් කෝඩ් එක අවොත් එ ඉවෙන්ට් එක තියෙන්නේ උදේද හවසද කියලා බලන්න වෙනවා බ්රෝ මුලින්ම.එලිය තියෙන වෙලවක නම් ටේල් කොට් එකකුයි,වෙස්ට් එකකුයි අදින්න ඕනේ උනත් සවසට ,නැත්තන් රැ තියෙනව නම් කලු ටේල්කෝට් එකට සුදු බෝ ටයි එකක් අදින එකක් අදින තමයි හරි විදිය.මේ වගේ ඇදන් යන්න වෙන්නේ හයි ෆෝමල් ඉවෙන්ට් වලට විතරයි ,එක නිසා බයවෙන්න දෙයක් නෑ.

 

නම්බර් ටූ : සෙමි ෆෝමල් ඩ්‍රෙස් කෝඩ් – බ්ලැක් ටයි

මේක සෙමි කිව්වට වෙනස්කම් කරන්න බැරි හරියටම එ විදියට ඇදන් යන්න ඕනේ ඩ්‍රෙස් කෝඩ් එකක්.කලින් තිබ්බ වයිට් ටයි එක නැති උනාට මේක නම් ලංකාවේදිත් දකින්න පුලුවන් ඔනේම කෙනෙක්ට තියෙන හෝ ලෙහෙසියෙන් රෙන්ට් කරන්න පුලුවන් ඩ්‍රෙස් කෝඩ් එකක්.ෆෝමල් වෙයාර් වගේම සෙමි ෆෝමල් වෙයාර් එකත් ඉවෙන්ට් එක තියෙන වෙලාව අනුව වෙනස් වෙනවා.හවස තියෙන ඉවෙන්ට් එකක් නම් අහන්න දෙයක් නෑ ටුක්සීඩෝ එකක් තමයි අදින්න ඕනේ.හැබයි ඉවෙන්ට් එක තියෙන්නේ උදේ හරි දවල් හරි තියෙන ඉවෙන්ට්  එකකට නම් “ස්ට්‍රෝලර්“ එ කිව්වේ රිලැක්ස් විදියා අදින්න පුලුවන්  විදිය තමයි ගැලැපෙන්නේ.

හැබයි දැන් ඒක ලොකු වෙනසක් විදියට අදිනවා අඩු නිසා බ්ලැක් ටයි ටුක්සීඩෝ එක ශේප් ඔනේම සෙමි ෆොමල් ඩ්‍රෙස් කෝඩ් එකකට හැබයි හරියටම ඉන්විටේශන් එකේ තිබ්බොත් “ඩේ ටයිම් සෙමිෆෝමල්- සට්රෝලර්ස් ෆෝ මෙන්“ කියලා එහෙනන් ඉතින් කිව්ව විදියට අදින්නම වෙනවා.ඊට පස්සේ මේවා රෙන්ට් කරන්න යනවා නම් රෙන්ට් කරන තැනට හරියටම කියන්න.

 

නම්බර් ත්‍රී : ෆෝ – බිස්නස් ඩ්‍රෙස් කෝඩ්

බිස්නස් කියලා හරි බිස්නස් ඩ්‍රෙස් කියලා හරි ඩ්‍රෙස් කොඩ් එක තියෙනවා නම් එකෙන් කියවෙන්නේ මැච් කරපු සූට් එකක් ගැන තමයි. හොදම දේ තදපාට තනිපාට සූට් එකක් අදින එක.ඒකට සුදුපාට ශර්ට් එකක් ඇදලා ගැලපෙන ටයි එකක් දාලා බ්ලැක් ලෙදර් සපත්තු ඇන්දනම් හරියටම හරි.හැබයි හවස නැතුව උදේ හරි දවල්ට නම් ශේප් එකේ ලයිට් ග්‍රේ සූට් එකක් හරි ඩාර්ක් බ්‍රවුන් සූට් එකක් උනත් ශේප්.

හැබයි ඉන්විටේශන් එකේ “සූට්ස් ඇන්ඩ් ටයිස් ෆෝ මෙන්“ හරි “සොශල් සූට්ස්“ හරි කියලා තියෙනවා නම් ලාපාට ,එකේක පැට්න් තියෙන සූට් ඇදන් යන එක ප්‍රශ්නයක් නෑ. කොහොම උනත් බිස්නස් ඩ්‍රෙස් කොඩ් එක කලින් තිබ්බ ෆොමල් ඩ්‍රෙස් කොඩ් වගේ තද නෑ.එක නිසා තැනේ හැටියට ඇනේ ගහගන්න විතරයි තියෙන්නේ.

 

නම්බර් ෆෝ : බිස්නස් කැසුවල් හරි ඩ්‍රෙස් කැසුවල් හරි

මේ කොහොම කිව්වත් එකම දේ තමයි එ ඉන්විටෙශන් එකෙන් කියන්න හදන්නේ.මෙතනදිත් ජැකට් එකක් ඇදන් යන්න වෙනවා හැබයි එක මැච් කරලා බිස්නස් ඩ්‍රෙස් කෝඩ් එකෙදී වගේ ඇදන් යන්න ඕනේ නෑ.එකනේ කැසුවල් කියන්නේ.හොදම දේ නෙවි බ්ලූ බ්ලෙසර් එකක් එක්ක මිඩියම් ග්‍රේ හරි කාකි ට්‍රවුසර් එකක් එක්ක ලෙදර් ඩ්‍රෙස් සපත්තු දෙකක් අදින එක.එ වගේම මෙතනදී බ්ලෙසර් එකක් නැත්තන් ස්පොර්ට් ජැකට් එකක් උනත් කිසිම අවුලක් නෑ.ටයි එක දාගෙන යනවද කියන එක ඉවෙන්ට් එක අනුව තීරනය කරන්න බ්රෝ.

 

නම්බර් ෆයිව් : කැසුවල් ඩ්‍රෙස්

“කැසුවල්“ හරි “කැසුවල් ඇටයර්“ හරි කියලා ඩ්‍රෙස් කෝඩ් ඉන්විටෙශන් එකේ තියෙනවා නම් බ්රෝ ඒක ගොඩක් ඔපන් ඉන්විටෙශන් එකක්.හැබයි එහෙම කියලා ඕන හැම දෙයක්ම ඇඳන් යන්න බෑ.ටයි නම් මෙතනට ලංකරන්න හිතන්නවත් එපා බ්රෝ.හැබයි කැමති නම් ජැකට් එකක් ඇන්දට කමක් නෑ.ඩෙනිම් අදින්න පුලුවන් හැබයි එවා තද පාට වෙන්න ඕනේ.මෙකටත් ලෙදර් සපත්තු සහ කොලර් තියෙන ශර්ට් තමයි හරියන්නේ.මේ වගේ ඉවෙන්ට් එකකදී ලොකු විදියට ඩ්‍රෙස් කොඩ් එක ගැන හිතන්නේ නැති උනාට හරියට යන්න දැනගන්න බ්රෝ.

 

නම්බර් සික්ස් : ඔප්ශනල් ඩ්‍රෙස් කෝඩ්

ඕනේම ඉන්විටෙශන් එකක දාලා තියෙන ඩ්‍රෙස් කෝඩ් එකට අමතරව ඔප්ශනල් කියලා තව ඩ්‍රෙස් කොඩ් තියෙනවා නම් එකෙන් කියන්නේ තියෙන මුල් ඩ්‍රෙස් කෝඩ් එක අකමැති නම් තියෙන අනෙක් ඩ්‍රෙස් කොඩ් එකක් තොරලා ඇන්දට කමක් නැ හැබයි ඉවෙන්ට් එක වෙන්නේ මේ මුලික ඩ්‍රෙස් කෝඩ් එකෙන් කියලා වගේ දෙයක්.මේ වගේ දෙයක් සාමානයෙන් එවන්නේ ඩ්‍රෙස් කෝඩ් එක ඉවෙන්ට් එක දවසට ඇදන් එන්න බැරි කෙනෙක්ට එකම අඳින්නේ නැතුව ලිස්ට් කරල තියෙන් වෙන එකක් හරි කමක් නෑ ඇදන් එන්න කියලා කියන්න.උදාහරනෙකට ලංකාවෙදී ෆෝමල් ඩ්‍රෙස් කෝඩ් එකත් එක්ක ඉන්විටෙශන් එකක් එක්ක මෙහෙම ඔප්ශන්ල් කතාව එන්න පුලුවන්.කොහොම හරි අර මුලික ඩ්‍රෙස් කොඩ් එකට ලං වෙන විදියට ඇඳනම් ශේප්.

උදාහරනේකට ඉවෙන්ට් එක බ්ලැක් ටයි ඔප්ශනල් ඩ්‍රෙස් කෝඩ් නම්,ටුක්සිඩෝ එකක් රෙන්ට් කරන්න වෙලාව නැත්තන් අඩුම ගානේ ඩාර්ක් කලර් බිස්නස් සූට් එකක් සුදු ශර්ට් එකක් එක්ක ටයි එකක් දාලා ඇන්දා නම් ශේප්.හැබයි හැම වෙලාවෙම මතක තියාගන්න ඉන්විටෙශන් එකේ ඔප්ශනල් ගැහුවට ඇත්තටම එ ඉන්විටෙශන් එක එවන කෙනා කැමති ඔබ මුල් ඩ්‍රෙස් කෝඩ් එකෙන් යනවා නම්.

 

ඩ්‍රෙස් කෝඩ් නැති ඉන්විටෙශන් එකක් හම්බුනොත් මොකද කරන්නේ?

ඩ්‍රෙස් කෝඩ් ගැන හරියට දන්නවද
ඩ්‍රෙස් කෝඩ් ගැන හරියට දන්නවද

ලංකාවේ සාමානයෙන් වෙන්නේම මේක තමයි. හොදම දේ සහ ලෙහෙසිම දේ ඒක එවපු කෙනාගෙන අහන එක.හැබයි එහෙම අහන්න අවුල් වගේ නම් කරන්න තියෙන්නේ තව යන කෙනෙක්ගෙන් අහන එක.එහෙමත් කෙනෙක් නැත්තන් බලන්න ඉවෙන්ට් එක තියෙන වෙලාව සහ තැන තියෙන්නේ හවස නම් තද පාට ඇදුමක් අදින්න,උදේ නම් ලා පාට,එලියේ තියෙන ඉවෙන්ට් එකක් නම් ශේප් එකේ ඩ්‍රෙස් කෝඩ් කැසුවල් උනාට කමක් නෑ.හැමවෙලේම පොඩ්ඩක් තැනට වඩා හොදට ඇදගෙන යන්න බලන්න.මොකද ඔනවට වඩා ඇදගෙන ගිහිල්ලා නම් ගලවන එක ලෙහෙසි ඇදගෙන නොගිහිල්ලා නිකන් අමාරුවෙ වැටෙනවට වඩා.

සූට්,බ්ලෙසර්ස්,ස්පොර්ට් ජැකට් වෙනස දන්නවද? දන්නැත්තන් මෙතන ක්ලික් කරන්න 

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න