ඇහිබැමි හරියට තියාගන්න දන්නවද

ඇහිබැමි හරියට තියාගන්න දන්නවද

ඇහිබැමි ගැන කිව්වාම ඉතින් මතක් වෙන්නේ කෙල්ලො ඇහිබැමට කරන කියන දෙවල් නේ.එ මදීවට ගූගල් කරලා බලන්න ගියත් තියෙන්නේම කෙල්ලෝ ඕකට කරන කියන දෙවල් තමයි.ගොඩක් බ්රෝලට ඇහිබැම ගැන වයසට යනකන්ම හිතන්න ඕන වෙන්නේ නෑ.හැබයි මොනවත් නොකර හිටියොත් නිකන් ඕක කැලේ වගේ වැවිලා දරුණු නැති උනත් දරුණු පෙනුමක් එන එක ආයෙත් අහන දෙයක් නෙමෙයි.ඉතින් මෙවා ඔක්කොම නැති කරගන්න කරන්න තියෙන්නේ ඇහිබැමි මේන්ටේන් කරන එක.පලවෙනි දේ මතක තියාගන්න කවදාවත් ඇහිබැමේ ලොකු වෙනස්කම් ඇතිනොවෙන විදියට වැඩෙ කරගන්න.එ කිව්වේ අලුත් ශේප් එක එකක් එන විදියට ඇහිබැමි මේන්ටේන් කරන එක නෙමෙයි. බ්රෝ කෙනෙක් විදියට කරන්න ඕනේ ශේප් එක නීට් කරගන්න එක විතරයි.

ඇහිබැමි මේන්ටෙන් කරන්න කරන්න පුලුවන් වැඩ තුනයිනේ බ්රෝ තියෙන්නේ.එකක් ට්‍රිම් කරන එක, නැත්තන් ශේව් කිරිල්ල,නැත්තන් කෙලින්ම ගලවලාම දාන එක.හැබයි ඔය මොනවා කරත් ස්බාවික ශේප් එක නැතිකරගන් නැතුව තියෙන එක තමයි හොදම දේ.එකට තමන්ට තියෙන්නේ මොනවගේ ඇහිබැමක්ද කියලා බලන්න.ඇහිබැම් දෙකක් විදියට නැතුව දෙක එක් වෙලා තියෙනවා නම්,එකක් අනෙකට වඩා ශේප් එකෙන් වෙනස් නම්,සයිස් එක උසින් හරි පලලින් හරි වෙනස් නම් එකෙන්ම ඔබේ ඇහිබැම මේන්ටෙන් කරගන්න වෙනවා.ඒක ඉතින් කාටහරි කියලා කරගන්නත් පුලුවන්,සැලොන් එකකට ගිහිල්ලා කරගන්නත් පුලුවන් නැත්තම් ලෙහෙසිම වැඩේ තමන්ම කරගන්න පුලුවන්.

නම්බර් වන් – මුලින්ම ගලවමු.

පොඩ්ඩක් දරාගන්න පුලුවන් නම් වැඩේ කරගන්න වෙලාවත් තියෙනවා නම් තියෙන ඔක්කොම ක්‍රම වලින් කරන්න පුලුවන් ලෙහෙසිම වැඩේ ගලවලා ඉවර කරන එක.වැඩේ හරියට කරගන්න නම් ඇහිබැම කෙමිකල් නැති ඕනම් දෙයකින් පොඩ්ඩක් තෙමලා පහලට පීරන්න එතකොට එතනින් ඕනවට වඩා වැවිලා තියෙන කෙස් වෙන් කරලා අරන් අයින් කරලා දාන්න පුලුවන්.වැරදිලා ගැලවුනාට බයවෙන්න දෙයක් නෑ.ටික කාලයකදී ආයෙත් වැවෙනවා.මේ මුලින්ම ගලවන ක්‍රමේ නිසා ශේව් කරාම වගේ තැනින් තැන කලු තිත් තිත් ඉතුරුවෙන්නේත් නෑ.වැඩේ ක්ලීන්.

නමබර් ටූ – ට්‍රීමින් නම් ශේප්.

අනුග්‍රාහකත්වය

රැවුල ට්‍රිම් කරන්න වගේම ඇහිබැමටත් ඉතින් ට්‍රීමස් තියෙනවා බ්රො.ඔවල පැකෙජ් එක දැක්කම නම් වැඩිය බයවෙන්න එපා.මොකද ගොඩක් එවා හදලා තියෙන්නේ කෙල්ලෝ ඉලක්ක කරගෙන කියලා පැකෙජ් එකේ තිබ්බට ඕනම කෙනෙක්ට ඕක පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නෙමෙයි.හැබයි මේවා හරියන්නේ හොදටම වනාන්තරෙ වගේ ඇහිබැමි වැවෙන බ්රෝ කෙනෙක්ට තමයි.

නම්බර් ත්‍රී – ඇහිබැමි වැක්සින්

මේක නම් තනියෙන් කරගන්නේ නැතුව හරියට දන්න තැනකට ගිහිල්ලා කරගන්නවා නම් තමයි ඇගට හොද.මෙතනදී වෙන්නේ එක එක ගලවන්නේ නැතුව එක පාරම ඔක්කොම ගලවලා දාන එක.එ වගේම මේ ක්‍රමේ යුස් කරොත් සති කිහිපයක් යනකන් ආයෙත් ඇහිබැමි ගැන වදවෙන්න ඕනේ නෑ බ්රෝ.

නම්බර් ෆෝ – ශෙවින් නම් එපා.

මේ වැඩේ නම් කරන්න එපා බ්රෝ.රැවුල කපනවා වගේ ඇහිබැමිත් කැපුවොත් වෙන්නේ ටික දවසක් ඇතුලතම ආයෙත් වැවෙන එක.එ වගේම අලුතෙන් වැවෙන එ සෙට් එක වැවෙන්නේත් ගොඩක් ඝනට සහ රලුවට.නිකන් ඉල්ලන් කන්න ඕනේ නෑනේ බ්රෝ ශේව් කරන එක නම් රැවුලට විතරක් සීමා කරන එක තමයි හොදම් දේ.

ඊලගට බලන්න ඕනේ මොනවිදියට කරත් හරියට කරන්නේ කොහොමද කියල…

ස්ටෙප් නම්බර් වන්

මුලින්ම සිහින් පනාවක් අරන් නහයෙ එක පැත්තකට කෙලින් තියාගන්න.ඊට පස්සේ පනාවෙ සිමාවෙන් එලියට එන ටික, එ කිව්වේ ඇහිබැමි දෙකම ගැවෙන්න එන පැත්තට වැඩියෙන් තියෙන ඇහිබැමි අයින් කරන්න.කපලා කොට කරන්නේ නැතුව කෙලින්ම මුලින්ම අයින් කරන එක තමයි කරන්න ඕනේ.

ස්ටෙප් නම්බර් ටූ

ඊලගට ඇහිබැම උඩට පීරන්න.ඊට පස්සේ වැඩියෙන් උඩට වැවිලා තියෙන ටික කපලා දාන්න බ්රෝ! හැබයි මෙතනදී ට්‍රිම් කරන එක විතරක් කරන්න.ගලවලා අයින් කරන්න යන්න එපා.එ වගේම මේ වැඩේ දෙපැත්තටම කරලා ඇහිබැමට අමතරව තියෙන කෙස් අයින් කරන්න.සාමානයෙන් නලල දක්වා විසිරිලා තියෙන්න පුලුවන්.

මතක තියාගන්න බ්රෝ!

හැමවෙලේම ඇහිබැම මැද තියෙන කෙස් අයින් කරන්න යන්න එපා.සාමානයෙන් මෙතන කෙස් 500ක් විතර තියෙන්නේ හැබයි පොඩ්ඩක් අයින් කරත් එක හොදටම පෙනවා.එක නිසා හොදම දේ ට්‍රිම් කරන එක.හැබයි ඔවා හැදෙන්න නම් ගොඩක් කල් යනවා.එ වගේම හැම තිස්සෙම නැචුරල් ශේප් එකටම සෙට් වෙන විදියටම ඇහිබැම තියාගන්න.සුදු කෙස් එහෙන් මෙහෙන් තියෙනවද බ්රෝ? එවා ගලවන්න යන්න එපා.එහෙම්ම තියෙන්න දෙන්න,එලියට පෙන්වන්න අකමැති නම් කතුරකින් ට්‍රිම් කරලා දාන්න.මොකද ඕක ගලවලා ඉවත්කරොත් ඇහිබැම හැමතැනම හිඩස් හිඩස් විදියට පෙන්න පුලුවන්.

මේ ඔක්කොම කරන්න ඔනෙම නම් විනාඩි පහක් යයි.එ වගේම හැමදාම කරන්න ඕනවෙන්නේත් නෑ.මාසෙකට හරි මාස දෙකකට සැරයක් කරා නම් ගොඩ.

බ්රෝඉන්ෆෝ ඇන්ඩ්‍රොඩ්යිඩ් ඇප් එක ඩවුන්ලෝර්ඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න