බැටරියේ අවුල් දැනගන්නේ කොහොමද

ඕනේම වාහනේක බැටරිය බැස්සොත් ආයෙත් ඉතින් එකේන් වැඩක් ගන්න බෑනේ බ්රෝ.එක නිසා වාහනයක් තියෙනවා නම් අනිවාරයයෙන් බැටරියට විශේෂ අවදානයක් දෙන්නම වෙනවා.කොහොම උනත් සාමානය්න් බැටරියකට අවුරුදු 2ක 3ක් ආයුකාලයක් තියෙන වගේඅ සමහර බැටර් වලට එක අවුරුදු 5ක් විතරත් තියෙනවලු එක නිසා වැඩිය බයවෙන්න දෙයක් නෑ.හැබයි මොන අවුරුදු ගනන් තිබ්බත් බ්රො වොරන්ටි එකයි මිලදී ගන්නකොට හම්බුන රිසිට් එකයි නැති කරගන්නේ නැතුව තියාගන්න මතක තියාගන්න.

බැටරිය හරියට තියාගන්න නම් ඒක පිරිසිදුව ලුනු හරි මලකඩ කන්නේ නැති විදියට තියාගන්න වෙනවා බ්රෝ.නැත්තන් ඉතින් ආයෙත් වාහනේ ස්ටාර්ට් කරනවා බොරු.එ වගේම වාහනේ ගොඩක් දවසක් නවත්වලා තියන්න එපා.එහෙම කරන්න වෙනවා නම් අඩුමගානේ විනාඩි 10ක් 15ක් වත් නිකන් හරි ස්ටාර්ට් කරලා ඔෆ්ෆ් කරන්න බ්රෝ.එක වීශෙශයෙනම වැදගත් වෙන්නේ ශීත කාලෙදියි,වැස්ස තියෙන කොටයි.ඕනම දෙයක වගේ බැටරියක උනත් සොරිවෙලා පොරිවෙන්න කලින් පොඩි සංඤා ටිකක් අපිට දෙනවා බ්රෝ.එ ටික හරියට දන්නවා නම් ඉතින් කිසිම අවුලක් නෑ තමන්ටම හිතාගන්න පුලුවන් අලුත් බැටරියක් ගන්නවාද නැද්ද නැත්තන් තියෙන බැටරි එකම තියාගන්නවද කියලා.

නම්බර් වන් – කෑගැහුවට වැඩ බෑ.

වාහනේ එන්ජිම ස්ටාර්ඩ් කරන්න යතුර කරකැව්වම වාහනේ ස්ටාර්ට් නොවි එන්ජිම කරවැවෙන සීන් එක වෙනව නම් බ්රෝ ඉතින් බැටරියට සොරිවෙලා කියලා සාදාරන සැකයක් එනවා.හැබයි ස්ටාටරේ අවුලක් වෙන්නත් පුලුවන්.හැබයි ලොකුම සැකේ එල්ල වෙනේ බැටරියට තමයි.කොහෙ හරි යන ගමන් මේ වැඩේ උනොත් ඉතින් වෙන මොනවා කරන්නද? මැනුවල් වාහනයක් නම් දෑම්මා තල්ල්ලුලූ…. ස්ටාර්ට් කරගත්තා.ඔටෝ එකක් නම් ජම්පර් කෙබල් දෙකක් වෙන වාහනේකට සෙට් කරා සටාර්ට් කරගත්තා වැඩේ ගොඩ.

හැබැයි ඔය මොනවා හරි කරලා ගොඩ දාගත්තට පස්සේ අඩුම ගානේ විනාඩි 30ක් වත් දුවන්න.ඔබ නෙමෙයි වාහනේ…, ඊට පසේ ඉතින් ඔල්ටර්නෙටර් එකෙන් බැටරිය ශෙප් එකේ චාර්ජ් කරගන්න පුලුවන්.ඉතින් කොහොම හරි ගෙදර ගියාට පස්සේ එකෙන්ම වාහනේ චෙක් කරන්න වෙනවා ඇයි මේ ලෙඩෙ දෙන්නේ කියලා.මොකද් අයෙත් දෙපාරක් තුන්පාරක් ස්ටාර්ට් කරාම ස්ටාර්ට් උනාට ආයෙත් කොහෙහරි දුරක් ගියපු වෙලාවක ඔක උනොත්.එක නිසා සීල් බැටරියක් නෙමෙයි නම් බැටරි වතුර අලුතෙන් දාලා චාර්ජ් කරන්න.ආයෙත් පරන සීන් එකම නම් අලුත් එකක් ගන්න කාලේ හරි.වාහනයක් නෙමෙයි බැටරියක්…


නම්බර් ටූ – සද්දෙත් නෑ…පනත් නෑ….එලියත් නෑ…
.

එන්ජින් එකේ සද්දෙත් නැතුව,ස්ටාර්ට් වෙන්නෙත් නැතුව,ලයිටුත් නැතුව මොනවත්ම වෙන්නේ නැත්තන් බැටරි එකේ අවුලක් කියලා හිතන්න පුලුවන්.හෙතුව ස්ටාර්ට් වෙන එකට අමතරව බැටරියෙන් තමයි ඔක්කොම ලයිට් ටික පත්තු වෙන්නෙ.එක නිසා මොනම සිග්නල් එකක් වත් නැත්තන් ඉතින් බැටරිය චෙක් කරන්නම වෙනවා.එ වගේම ඔල්ටර්නෙටර් එකත් චෙක් කරන්න වෙනවා.හැබැයි වාහනේ ස්ටාර්ට් නොවුනට ලයිට් ටික වැඩ නම් බ්රෝ ලෙඩෙ තියෙනේ බැටරියෙ නෙමෙයි කියලා සුවර්.එක ස්ටාටර් එකේ හරි වෙන කොහෙ හරි ප්‍රශනයක්.


නම්බර් ත්‍රී – ඊයේ හොඳයි උනාට අද නරක් උනොත්

කඩින් කඩ දවස් වල නම් මේ වාහනේ ස්ටාර්ට් නොවෙන ඒ අවුල එන්නෙ එකට හේතු දෙකයි බ්රෝ! ඒ එක්කෝ බැටරි ටර්මිනල් එකක් හිල්වෙලා හරි මලකඩ කාලා හරි ලුනු බැදිලා හරි ඇති ,එහෙම නැත්තන් ඉතින් බැටරියේ ධන වයර් එක හරි ටර්මිනල් එකක් ගැලවිලා වාහනේ බොඩියේ ගැවෙනවා ඇති සුවර්.


නම්බර් ෆෝ – කොල්ඩ් ක්‍රැන්කින්

බැටරියේ තියෙනවා බ්රො ඔබේ වාහනේ ස්ටාර්ට් කරන්න මුලින්ම කොච්චර ඇම්පියර් ගානක කරන්ට් එකක් දෙනවද කියලා ගහපු ලෙබල් එකක්.ඉතින් මේක හරියට ගානට ආවේ නැති උනාම වැඩේ හුටුස්.සතියට අඩුම ගානේ තුන් හතර පාරක් මේ වැඩේ හැමදාම උදේට දෙපාරක් විතර කරන්න වෙනවා නම් බ්රෝ ඉතින් බැටරි රාජයාගෙන් දැන් සමුගන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ.හොදම දේ ඊලග මාස් 3න ඇතුලදීම බැටරි එක මාරු කරන එක.හැබයි ලොකු ශීත කාලගුනයක් නම් තියෙන්නේ මේසීන් එක සාමානයෙන් වෙන්න පුලුවන් දෙයක්.


නම්බර් ෆයිව් – ගොඩක් පැන්නද බ්රෝ?

වාහනේ ස්ටාර්ට්වුන් නැති උනාම ඉතින කරන්නේ ජම්ප් ස්ටාර්ට් එකක් කරලා කොහොම කොහොම හරි වැඩේ ගොඩ දාගන්න එකනේ.හැබයි පුතො මොන සෙල්ලම් දාලා වැඩේ ගොඩ දාගත්තත් එ කියන්නේ එක්කෝ බැටරි එකට සොරි වෙලා නැත්තම් ස්ටාටරෙක, තෙල් පම්ප්, හරි ඔල්ටර්නෙටර් එකේ ලෙඩක් හරි තියෙන්නේ පුලුවන් කියලනේ.එහෙමත් නැත්තම් රෑපුරාම ලයිට් එක දාඅ තිබිලත් වැඩේ දෙල් වෙන්න පුලුවන්.මොනවා කරත් ඔය කියපු දෙවල් වලින් බැටරි එකට සොරිවෙලා නම් ඇරෙන්න අනෙක් ඔනේම වෙලවක ජම්ප් ස්ටාර්ට් දැම්ම ගමන් වෙන්නේ බැටරියේ කාලේ අඩු වෙන එක.

 

නොමිලේ බ්රෝ පොයින්ට්ස් සතිපතා දෙන බ්රෝඉන්ෆෝ ඇන්ඩ්‍රොඩ්යිඩ් ඇප් එක ඩවුන්ලෝර්ඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න