කෆ්ලින්ක්ස් ගැන හරියට දන්නවද?

කෆ්ලින්ක්ස් -ජුවලර් එකක් විදියටත් වැඩක් වෙන දෙයක් හැටියටත් බ්රෝ කෙනෙක්ට අඳින්න පුලුවන් තවත් එකවැදගත්ම දෙයක් තමයි කෆ්ලින්ක් කියන්නේ.තාම මේක ට්‍රයි කරලා නැද්ද බ්රෝ? එක එහෙම නම් අපරාදේ.තිබ්බට හරියට අඳින්න දන්නේ නැද්ද බ්රෝ?එකට නම් බයවෙන්න දෙයක් නෑ.පහලට බලාගෙන යමු කෆ්ලින්ක් එවල මුල සිට අගට ඔක්කොම දැනගන්න ඕන දෙවල් තියෙනවා.මේ ටික දැනගත්තට පස්සේ කුනුඩොඩවල් ගන්නේ නැතුව හරිදේ ගන්න පුලුවන් වෙනවා සුවර්.

කෆ්ලින්ක්ස්
කෆ්ලින්ක්ස්

සාමානයෙන් කෆ්ලින්ක්ස් පාවිච්චි කරලා තියෙන්නේ සවස තියෙන සෙමි ෆෝර්මල් ඉවෙන්ට් වලට හැබයි දැන් එහෙම වෙන් කරන්න ඕනේ නෑ හේතුව කෆ්ලින්ක් වල රෙන්ජ් එක වැඩි වීම වගේම ඕනම වෙලාවකට ඕන විදියකින් ගන්න පුලුවන් නිසා කිසි අවුලක් නැතීවීම .හැබයි එකම දේ අත් දිග ශර්ට් එකක් තියෙන්නම ඕනේ කෆ්ලින්ක් පාවිච්චි කරන්න නැත්තන් ඕක කොහේ ගහගන්නද? හේතුව කෆ්ලින්ක් කියන්නේ ශර්ට් එකේ කෆ් එක තදකරන්න බොත්තම වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් ටූල් එකක් නිසා කෆ් එකෙ සිදුරක් තියෙන්නම ඔනේ.ලොකු දෙයක් නෑ බට්න් එක දාන්න තියෙන සිදුර කෆ්ලින්ක් එක දාන්න යුස් කරන්න විතරයි තියෙන්නේ.

කෆ්ලින්ක් පාර්ට්ස්
කෆ්ලින්ක් පාර්ට්ස්

සාමානයෙන් කෆ්ලින්ක් එකක හිස තමයි එලියට පේන සහ ඩෙකරේට් කරල තියෙන්නේ.මුලින්ම ටොගල් එක පොස්ට් එක වගේ කෙලින් කරලා ඊට පස්සේ ශර්ට් එකේ කෆ් දෙකෙ සිදුරෙන් යවලා ටොගල් එක ඔය දැන් පේන විදියට කරකවලා හිරකරන එක තමයි කරන්නේ.මේදේ සාමානයෙන් කරාට සමහර කෆ්ලින්ක් වල මේ මැකනිසම් එක වෙනස් වෙන්න පුලුවන්.ඔය උඩ තියෙන නම් ටික පොඩ්ඩක් ඔලුවේ තියාගෙන පහලට යමු බ්රෝ.වැඩි වෙනසක් නැති උනත් කෆ්ලින්ක් ටයිප් මොනවද? කියලා දැනගන්න එකත් වැදගත් හොද කෆ්ලින්ක්ස් ගන්න යන්කොට.

කෆ්ලින්ක්ස් ටයිප් දන්නවද බ්රෝ? 

නමබ්ර් වන් – වේල් බැක් කෆ්ලින්ක්

වේල් බැක් කෆ්ලින්ක්
වේල් බැක් කෆ්ලින්ක්

දැනට මාකට් එකේ වැඩියෙන්ම දකින්න පූලුවන් කෆ්ලින්ක් එක තමයි මේ.කෆ්ලින්ක් පොස්ට් එකට සම්පුර්නයෙන්ම ෆ්ලැට් වෙන විදියට තමයි මේකේ ටෝගල් එක තියෙන්නෙ නිකන් තල්මහෙක්ගේ පිටුපස වරලක් වගේ.

නම්බර් ටූ – බුලට් බැක් කෆ්ලින්ක්

බුලට් බැක් කෆ්ලින්ක්
බුලට් බැක් කෆ්ලින්ක්

වේල්ටේල් කෆ්ලින්ක් එකට පොඩ්ඩක් සමාන උනාට මේකේ කෆ්ලින්ක් පොස්ට් එක හීනීම හීනයි.මේකේ බ්ලොක් කරන විදියත් වෙනස්.සිලින්ඩරාකාර මෙට්ල් කෑල්ලක් තමයි බ්රෝ තියෙන්නෙ.මෙකත් සාමානයෙන් හැමතැනම ගන්න තියෙන ස්ට්යිල් එකක් උනාට හිස කොටසේ ඩෙකරෙශන් වෙනස් වෙන්න පුලුවන්.

නම්බර් ත්‍රී – ස්ටඩ්/බට්න් සට්යිල් කෆ්ලීන්ක්

ස්ටඩ්/බට්න් සට්යිල් කෆ්ලීන්ක්
ස්ටඩ්/බට්න් සට්යිල් කෆ්ලීන්ක්

මෙකෙ වැඩි වැඩ නෑ.හිසත් බට්න් එකක් වගේ.ඇතුලට දැම්මා හිරකලා වැඩේ ඉවරයි.හැබයි මේකේ එලියට පේන හිස පොඩ්ඩක් ලොකුයි.ඇතුලට යන පැත්තෙත් පොඩි හිසක් තියෙනවා.හැබයි ඇතුලට දැම්මාම ඉතින් එක පෙන්නේ නෑ.හෙලවෙන කෑලි නෑති නිසා මෙක පට්ටට හිරවෙලා තියෙනවා.

නමබ්ර් ෆෝ – චේන් ලින්ක් කෆ්ලින්ක්

චේන් ලින්ක් කෆ්ලින්ක්
චේන් ලින්ක් කෆ්ලින්ක්

මේකේ එක වගේ හිසවල් දෙකක් තියෙනවා.එ දෙක කනෙක්ට් වෙන්නේ චේන් එකකින්.කොහොමද ඒක? …දෙපැත්තෙම ඔලු හින්දායි චේන් එක හින්දයි ශර්ට් එකේ කෆ් එක එච්චරම හිරවෙනවා අඩුයි.ඇත්තම කිව්වොත් වැඩේ කරනගන්න අමරුයි.ලස්සන විතරයි.

නම්බර් ෆයිව් – බෝල් රීටර්න් කෆ්ලින්ක්

 බෝල් රීටර්න් කෆ්ලින්ක්
බෝල් රීටර්න් කෆ්ලින්ක්

බෝලයක් විදියට තමයි මේකේ හිස කොටස තියෙන්නෙ.එ වගේම ඇතුලට දාන අනෙක් පැත්තෙන් තියෙන්නෙත් ඊට වඩා පොඩි උනාට බොලයක්.මේ වර්ගේ එහෙට මේහෙට නැවිලි කෙරිලි මොනවත් නෑ.ගත්තා රිංගුවා හිරකරා වැඩේ ගොඩ.ශර්ට් එකේ කෆ් දෙක හිරවෙන එක අතින් කෑලි එහෙට මෙහෙට කරන කෆ්ලික් වලට වඩා හිරවෙන ගතියෙන් අඩු උනාට චේන් කෆ්ලින්ක් වලට වඩා බෝල් රිටර්න් කෆ්ලින්ක්ස් හිරවෙනවා.

නම්නර් සික්ස් – ලොකින් ඩුවල්-ඇක්ශන් කෆ්ලින්ක්

ලොකින් ඩුවල්-ඇක්ශන් කෆ්ලින්ක්
ලොකින් ඩුවල්-ඇක්ශන් කෆ්ලින්ක්

නමබ්ර් වන්,ටූ වලින් කිව්ව කෆ්ලින්ක් වගේම මේකේත් යට කොටස නවන්න තමයි තියෙන්නේ,හැබයි පොඩි වෙනසක් තියෙනවා මේකේ දෙපැත්තම නැවිලා ලොක් වෙන විදියට තමයි හදලා තියෙන්නේ.කරන විදිය අල්ලගන්න පොඩ්ඩක් වෙලා යයි.

නම්බර් සෙවන් – නොට් කෆිල්න්ක්

නොට් කෆිල්න්ක්
නොට් කෆිල්න්ක්

මේක කලින් කතාකරපු චේන් කෆ්ලින්ක් එක වගේමයි හැබයි එකම වෙනස චේන් එක වෙනුවට මේකේ තියෙන්නේ සාමානයෙන් ස්ලික් වලින් හදපු නුලක්.දෙපැත්තෙම තියෙන හිස් දෙකත් ගොඩක් වෙලාවට රෙදි,නූල් වලින්ම හදලා තියෙන්න පුලුවන්.එ වගේම මේක පාටවල් ගොඩක් එකතුවක් වෙන්න පුලුවන් නිසා කැසුවල් ඉවෙන්ට්ස් වලට ගොඩක් ගැලපෙනවා. එකම දේ මැද නූල කඩාගන්නේ නැතුව පාවිච්චි කරන්න වෙනවා.

නම්බර් එයිට් – ෆැබ්රික් කෆ්ලින්ක්

ෆැබ්රික් කෆ්ලින්ක්
ෆැබ්රික් කෆ්ලින්ක්

මෙතන තියෙන ඕනම සට්යිල් එකක් මේ වර්ගෙට අයිතිවෙන්න පුලුවන්.වෙනස ඇතිවෙන්නේ හිස කොටස මොකක් හරි ෆැබ්රික් එකකින් හදන නිසා.එක නිසාම කැසුවල් සට්යිල් වලට තමයි හරියටම ගැලැපෙන්නේ.

කොහොමද කෆ්ලින්ක් එකක් හරියටම අඳින්නේ?

කියන එක තමයි ඊලග දැවෙන ප්‍රශ්නේ.කෆ්ලින්ක් එකක් අඳින විදි වර්ග ප්‍රදාන කොටස් තුනකට කඩන්න පුලුවන් බ්රෝ.එකක් කිසින් සට්යිල් එක අනෙක ෆ්රෙන්ච් කෆ් ස්ට්යිල් එක අන්තිම එක ඔවර්ලැපින් ස්ට්යිල් එක .

කෆ්ලින්ක් අඳින විදිය
කෆ්ලින්ක් අඳින විදිය

කිසින් සට්යිල් එකෙදී වෙන්නේ බොහොමපොඩි සීන් එකක්.ගත්තා දැම්මා හිරකරා.එ කිව්වේ ශර්ට් කෆ් එකේ කිසිම දෙයක් නවන්නේ කරන්නේ නැතුව කෙලින්ම කෆ් එකේ බොත්තම දාන හිලෙන් කෆ් එක දාල හිරකරගන්න එක ගැන.පොඩි දෙයක් මෙතන් බොත්තම් අයින් උන ශර්ට් කෆ් එකක් ගැන තමයි කියන්නේ.

ෆ්රෙන්ච් කෆ් සට්යිල් එකට සහ කිසින් සට්යිල් කෆ්ලින්ක්ස් අඳින විදිය
ෆ්රෙන්ච් කෆ් සට්යිල් එකට සහ කිසින් සට්යිල් කෆ්ලින්ක්ස් අඳින විදිය

ඊලග එක ෆ්රෙන්ච් කෆ් සට්යිල් එක,මේක තමයි ගොඩක් ජනප්‍රියම සට්යිල් එක.මෙකෙදී මුලින්ම ශර්ට් එකේ කෆ් එක මැද්දෙන් දෙකට නවලා(ගොඩක් ශර්ට් වල සාමානයෙන් නවලම තියෙනවා)බොත්තම් හිලෙන් කෆ්ලින්ක් එක දාලා හිරකරන එක තමයි කරන්නේ.මේක කරන්න නම කෆ් එක දෙකට නැමුවට පස්සේත් බොත්ත්ම දාන හිල පෙන්න ඕනේ.එ කියන්නේ හරියට බැලුවොත් සිදුරු හතරක්.

 ඔවර් ලැපින් සට්යිල් කෆ්ලින්ක් අඳින විදිය
ඔවර් ලැපින් සට්යිල් කෆ්ලින්ක් අඳින විදිය

අන්තිම සහ ලංකාවෙ ගොඩක් කරන ක්‍රමේ තමයි ඔවර් ලැපින් සට්යිල් එක.තියෙන බොත්ත්ම ටික රැකගෙන කෆ්ලින්ක් එකත් දාන්න මේ විදිය ගැලපෙනවා.මෙකෙදී වෙන්නේ නොමල් විදියට බොත්ත්ම දාන්න වගේ කෆ් එක හදාගෙන බොත්තම දාන සිදුරෙන් කෆ්ලින්ක් එක දාන එක.මේ ක්‍රමේදී කෆ්ලින්ක් එකේ අග කොටස එලියට පෙන්නේ නෑ.එක් තියෙන්නේ ශර්ට් එක ඇතුලේ.

කෆ්ලින්ක් හදලා තියෙන මැටිරියල් දන්නවද බ්රෝ ?

හොද වර්ගේ කෆ්ලින්ක් දෙකක් ගන්න ගියාම ඊලගට වැදගත්ම වෙන දේ තමයි කෆ්ලින්ක් හදලා තියෙන මැටිරියල් එක.පහල තියෙන්නේ එක ගැන විස්තරේ.

කෆ්ලින්ක් හදන මැටිරියල්
කෆ්ලින්ක් හදන මැටිරියල්

කෆ්ලින්ක් අඳින්නේ මොන වෙලාවෙදී ද කියලා දන්නවද බ්රෝ?

දැන් කෆ්ලින්ක් අඳින විදිය දන්නවනේ.. ඊලගට දැනගන්න ඕනෙම දෙය තමයි කෆ්ලින්ක් අඳින්නේ මොන වෙලාවෙදී ද කියන එක.ෆොමල් ඉවෙන්ට් එකකට යනවා නම් ආයෙත් අහන්න දෙයක් නැනේ.කෆ්ලින්ක්ස් අදින්නම වෙනවා.හොදම දේ හොද ලුක් එකක් ගන්න දිලිසෙන දෙයක් තියෙන කෆ්ලින්ක් අදින එක.උදාහරනයක් විදියට සිල්වර් පාට වොච් එකක් අදිනවා නම් ,සිල්වර් කලර් මුද්දකුයි, සිල්වර් කලර් කෆ්ලින්කුයි හරියටම ගැලපෙනවා. හැබයි කැසුවල් ඉවෙන්ට් එකකට කියලා ක්ෆ්ලින්ක්ස් අදින්න එපා කියලා නිතීරීතී නෑ බ්රෝ.

ගැලපෙන්න-කෆ්ලින්ක්ස්-අඳින්න
ගැලපෙන්න-කෆ්ලින්ක්ස්-අඳින්න

හැබයි එකක් කෆ්ලින්ක්ස් අදිනකොට එකේ පාට ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕනේ.හැමතිස්සෙම ඩාර්ක් බ්ලූ ශර්ට් එකක් අඳිනවා නම් කෆ්ලින්ක් එකේ පාට ලයිට් බ්ලූ වෙන්න ඕනේ.ශ්ර්ට් එකේ පාට කොල පාට නම් ලා පැහැ කොල පාටක් තියෙන කෆ්ලින්ක් අදින්න.ලා පාට නැත්තන් අඩුම ගානේ ශර්ට් එකේ පාට නෙවෙන කොලපාටක කෆ්ලින්ක් ගන්න.මෙතනදී දැනගන්න ඕන එකම දේ තමයි. “ශර්ට් එක තද පාට නම් අදින කෆ්ලින්ක්ස් එ පාටින්ම ලා පාට වෙන්න ඕනේ.ශර්ට් එක එක ලා පාට නම් කෆ්ලින්ක්ස් එ පාටින්ම තදපාට වෙන්න ඕනේ කියන එක.“  හැබයි අදින්නේ සුදුපාට ශර්ට් එකක් නම් කලුපාට හරි සිල්වර් පාට කෆ්ලින්ක් අදින්න බලන්න.

ඔය පහල තියෙන ශෙයාර් බට්න් එකක් ක්ලික් කරලා මේක ශෙයාර් කරලා අපිටත් පොඩි සප් එකක් දෙන්න බ්රෝ!