පිහිනන්න ගැලපෙන ඇඳුම දන්නවද?

විජය එනකොට කුවේනී කපු කටින එක වෙනම කතාවක්,කොහොමත් ගල් යුගේට කලින් ඉදන්ම මිනිස්සු නෑවේ,පීනුවේ ඇගේ නූල් පොටක් වත් නැතුව කියන එක කතාදෙකක් නෑනේ.කොහොමහරි දැන් කාලේ එහෙම පොදු තැනක පිහිනන්න ගියොත් ග්‍රීස් යකෙක් කියලා පොලිසියෙන් අල්ලන් යන එක අහන්න දෙයක් නෑනේ.කොහොම උනත් දැන් තියෙන තත්වේ එක්ක පිහිනන එකටත් ඇඳුමක් ඇදන් නාන්න වෙලා තියෙනවා.

පිහිනන්න ගැලපෙන ඇඳුම දන්නවද
පිහිනන්න ගැලපෙන ඇඳුම දන්නවද

කෙනෙක්ට කියන්න පුලුවන් “තියෙන එකක් ඇදගත්තා පීනුවා වැඩේ ඉවරයි කියලා“,හැබයි එහෙම කියන සෙට් එකම හොටෙල් එකකට ගිහිල්ලා පිහිනන්න සිවිමින් වෙයාර් හොයහොය දගලනවා.එක නිසා මේ ගැනත් දැනගෙන ඉන්න එක ඇගට හොදයිනේ. ඉතින් මේ සුවීමින් වෙයාර් ඇදගෙන නාන්න යන්න කලින් ඒකක් ගන්න ඕනේනේ බ්රෝ,හොද එකක් ගන්න නම් ඒ ගැන දැනගෙන ඉන්නත් ඕනේනේ බ්රෝ.ඔක්කොම පහල තියෙනවා ශෙප් එකේ බලාගෙන යමු.

සාමානයෙන් ස්විමින් සූට්ස් වලින් වැඩ දෙකක් වෙනවා.එකක් පිහිනන්න අදින ඇදුමක් විදියට අනෙක හොද ලුක් එකක් දෙන දෙයක් විදියට.කොහොම උනත් මේ ස්විමින් සූට් දිග අනුව තමයි ගොඩක් වෙලාවට වෙනස් වෙන්නෙ.

ස්විමින් ට්‍රන්ක්ස්

දෙකම ස්විමින් ට්‍රන්ක්ස් තමයි හැබයි පෙනුම අතින් බෝඩි ශේප් දෙකකට ගැලපෙන්නේ
දෙකම ස්විමින් ට්‍රන්ක්ස් තමයි හැබයි පෙනුම අතින් බෝඩි ශේප් දෙකකට ගැලපෙන්නේ

ගොඩක්ම ජනප්‍රිය වර්ගේ තමයි මේ.දැක්කම කොට ශොර්ට් එකක් වගේ උනත් මේ ස්විමින් ට්‍රන්ක් හදන මැටිරියල් එක ඉතාම සැහැල්ලු, ඉතා ඉක්මනින් වේලෙන (සාමානයෙන් නයිලෝන් සහ පොලියෙස්ටර් වලින් තමයි හදන්නේ) ,හොදට ඇගට ෆිට්වෙන විදියට තමයි හදන්නේ.හැබයි ඕනේම පාටකින් ගන්න එක ප්‍රශ්නයක් නෑ.

 

බෝර්ඩ් ශොර්ට්ස්

බෝර්ඩ් ශෝර්ට්ස්
බෝර්ඩ් ශෝර්ට්ස්

මේ ට්‍රන්ක් එක දනහිස ලගට හෝ දනහිසින් පහලට තියෙන්න පුලුවන් .විශේෂම දේ මේකෙ ඉනට ඉලාස්ටික් එකක් එන්නේ නැති එක.බොර්ඩ් ශොර්ට්ස් හදලා තියෙන්නෙ බොර්ඩ් පාවිච්චි කරලා කරන වොටර් ස්පෝර්ට් වලට.(සර්ෆින්,පැඩ්ල්බොර්ඩින් වගේ ක්‍රිඩා වලට)

 

ස්විමින් බ්‍රීෆ්

ස්විමින් බ්‍රීෆ්
ස්විමින් බ්‍රීෆ්

අන්ඩර්වෙයාර් ගැන කතාකරපු ලිපියෙත් දකින්න ඇති බ්රෝ මේ වර්ගේ බ්‍රීෆ් එකක් තිබ්බා.හැබයි ඒක නෙමෙයි මේක.මෙවාට ගොඩක් වෙලාවට ස්පීඩොස් කියලත් කියනවා.ඇගට ෆිට් වෙනවා වගේම වී හැඩය නිසා පිහිනන්නත් ලෙහෙසියි.

වමේ ස්කැවැ කට් ශොර්ට් එක දකුනේ ජැමර්ස් එක
වමේ ස්කැවැ කට් ශොර්ට් එක දකුනේ ජැමර්ස් එක

ස්කොවැ-කට් ශොර්ට්ස්

ඇගට ෆිට් වෙලාම තියෙන උකුලේ උඩ කොටස විතරක් කවර් වෙන මේ වර්ගේ නම් ලංකාවෙදී ගොඩක් ජනප්‍රියයි.කකුල් දෙක බොක්ස් එකක හැඩෙට කපලා තියෙන නිසා තමයි මේ නම් අ කියන්නෙ.හැබයි ලංකාවෙදී ගොඩක් අය මේකට කියන්නේ ස්විමින් ට්‍රන්ක් කියලා.

ජැමර්ස්

මෙවා දනහිසට තරම් දිග තියෙනවා වගේම ඇගට ගොඩක් ෆිට් ඇන්දට පස්සේ.ගොඩක් වෙලාවට පිහිනුම් තරග වලට යන තරගකරුවන් මේක අදින්න හේතුව ඇගෙන් ඇතිවෙන ඝර්ශනය අඩු කරන්න.මෙ ජැමර්ස් බයිසිකල් තරගකරුවන් අදින කලිසමට සමාන උනත් මේකේ වෙනම පැඩින්ස් නෑ සීට් එකකට හරියන විදියට.

 

වෙට්සූට්ස් සහ ඩ්‍රයි සූට්

වෙට්සූට්ස් සහ ඩ්‍රයි සූට්
වෙට්සූට්ස් සහ ඩ්‍රයි සූට්

ගොඩ පීනන්නේ නැතුව කිමිදෙන්න යනවා නම් බ්රෝ, එ කිව්වේ ඩයිවින් කරන්න යනවා නම් මෙවා සාමානයෙන් අඳිනවා.ඇගට ෆිට් වෙන එක ආයෙත් අහන්න දෙයක් නෑ.මේ වල තව රැශ් ගාර්ඩ් කියලා වර්ගයක් තියෙනවා.එකෙන් අහිතකර සුර්ය කිරන වලින් සම ආරක්ශා කරනවා.එ වගේම තව ස්විමින් ශර්ට් එහෙමත් තියෙනව.අපේ වගේ රටකදී එවා නම් ඉතින් අදාලම නෑ. තියෙන කලිසම පිටින්ම පැන්නා පිහිනුවා.

 

ඔක්කොම දැනගත්තට ස්විමින් සුට් එකක් මිලදී ගන්න එක තමයි ඊලගට තියෙන වැදගත්ම දේ.

 

රූල් නමබ්ර් වන් 

මේවා මිලදී ගන්න වැඩිය දගලන්න ඔනේ නෑ.එකමදේ පිහිනන කිමිදුනාට පස්සේ කලිසම ගැලවිලා තවකොහෙන්හරි පාවෙන්නේ නැත්තම් එ ස්විමින් වෙයාර් එක ශෙප්.කොහොම උනත් පහල තියෙන රූල්ස් ටිකත් බලන්න.

 

රූල් නමබ්ර් ටූ – ඔක ඇදගෙන කරන්නේ හදන්නේ මොකක්ද බ්රෝ?

ඔක ඇදගෙන කරන්නේ හදන්නේ මොකක්ද බ්රෝ
ඔක ඇදගෙන කරන්නේ හදන්නේ මොකක්ද බ්රෝ

ගොඩ පීනන්න නම් අර ඩයිවින් කරන්න යනකොට අදින වෙට්සූට් එකක් අරගෙන වැඩක් නෑනේ.එ වගේම ඩයිවින් කරන්න යනවා නම් ස්විමින් බ්‍රීෆ් එකක් අරගෙනත් වැඩක් නෑ.එක නිසා තැනේ හැටියට ඇනේ ගහන්න බ්රෝ.තවත් උදාරනයක් දූන්නොත් පිහිනනවට අමතරව වෙරලේ එක්සස්යිස් කරන්න එහෙම යනවා නම් කලින් කිව්ව දනහිස ලගට තියෙන එකක්වත් එච්චර ගැලපෙන්නේ නෑ බ්රෝ. එ වගේම ඔය ගොඩ පීනන සෙට් එකට කලින් කියපු ස්ක්වැ කට් ශොර්ට් එක ශෙප් එකෙ ගැලපෙනවා.ක්‍රීඩාවක් විදියට කරනවා නම් ඉතින් ජැමර්ස් තමයි.

 

රූල් නම්බර් ත්‍රී – මොනවගේ ලුක් එකක්ද ඕනේ?

යන තැනයි යන සෙට් එකයි යනතැන තියෙන නිතිරිති වගේ දෙවල් කලින් දැනගෙන ඉන්න එක පිහිනන්න ස්විමින් වෙයාර් එකක් ගන්න කොට ගොඩක් වටින බ්රෝ.ගෙදර කට්ට්යත් එක්ක ඔය බීච් එකට හරි ඇලකට දොලකට නාන්න ගියයි කියලා ඕකේ වැඩි වෙනසක් වෙන්න දෙයක් නෑ.හැබයි ඔෆිස් එකේ බිස්නස් ට්‍රිප් එකක්,නැත්ත්න වෙන මොකක් හරි බීච් පාටී එකක් වගේ දෙයකට යනවා කියන්නේ ඉතින් අනිවාරයයෙන්ම හොද ලුක් එකක් හම්බෙන එකක් ගන්නම වෙනවා.

මොනවගේ ලුක් එකක්ද ඕනේ
මොනවගේ ලුක් එකක්ද ඕනේ

ඔය හැමතැනටම වගේ හොදටම ගැලපෙනවා නෙවි බ්ලූ වගේ තද පාටකින් ස්ක්වෑ කට් ශොර්ට් එක ගන්න පුලුවන් නම්.හැබයි පාර්ටි එකක් නම් පොඩ්ඩක් වෙන පාටකින් ඉරි,මල්,අනන් මනන් තියෙන වෙනම් එකක් තෝරගන්න බ්රෝ.තඩි බ්රෝ කෙනෙක් නම් ඔය බොර්ඩ් ශොර්ට්ස් වගේ දිග එවලින් ඇත්වෙන්න.

 

රූල් නමබ්ර් ෆෝ – බොඩියට සලකන්න.

බොඩියට සලකන්න
බොඩියට සලකන්න

බ්රෝ! ඇත්ත කතාව බැලුවොත් හොදම දේ තමන්ගේ ඇගේ ශේප් එකට අනුව පිහිනන්න ස්විමින් සුට් එකක් ගන්න එක.හෙන සයිස් බ්රෝ කෙනෙක් ස්විමින් බ්‍රීෆ් එකක් ඇන්දම දුරට පේන විදිය ගැන ආයේ කියන්න ඕනේ නෑනේ.එ වගේම තයිදෙක හරිඅයට හදලා නැද්ද ? එල්ලා වැටෙනවා නම් මහත වැඩි නම් ඇගට හිරවෙන වර්ග වලින් ඇත්වෙන්න.හැබයි ශෙප් ඇගක් තියෙන බ්රෝ කෙනෙක් නම් හොදම දේ ඇගට ෆිට් වෙන එකක් ගන්න එක.හැබයි එක දේ බ්රෝ ඔය මොකක් ගත්තත් දන්නැත්තන් පීනන්න පුලුවන් කියලා ගැබුරු තැන්වලට,හුරු නැති තැන්වලට යන්න එපා.විශෙෂයෙන්ම දියවැල් වලින් බේරිලා කරන දෙයක් කරන්න.

දියවැල් වලින් බේරෙන විදිය දැනගන්න මෙතන ක්ලික් කරන්න.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න