කකුල් ශේව් කරන්න ඕනේද? නැද්ද?

බ්රෝ කෙනෙක් විදියට කකුල් ශේව් කරන එක ඇත්තටම කරන්න ඕනේද නැද්ද කියන එක නම් ප්‍රශ්නයක් තමයි.ශෙව් කරන්නම ඔන්නේ නම් එක්කො රිදුනත් වැක්ස් කරන්න ඕනේ නැත්තන් රෙසරයයි ශෙවින් ක්‍රීම් එකෙයි පිහිට තමයි .එහෙමත් නැත්තන් ඉතින් ට්‍රිම්ර් එකකින් කොට කරගන්න්ත් පුලුවන්.

ඇත්තටම මේ ප්‍රශ්නේට උත්තර හොයලා කරපු පරීක්ශනයක ප්‍රතිපල විදියට 51.6% ක පිරිමි ප්‍රතිශතයක් කවදාවත් එහෙම කරන්නේ නෑ කියලත්,33.1%ක් ශේව් කරන්නේ නැතිව ට්‍රිම් කරනවා කියලත්,15.3%ක් ශෙව් කරනවා කියලත් පිලිගෙන තියෙනවා.එහෙම බැලුවාම ලොකු සෙට් එකක් මේ වැඩේ කරන්නේ නෑ වගේ.තත්වේ කොහොම උනත් මුලින්ම බලමු ඇයි මේක කරන්නේ කියලා.

 

නම්බර් වන් – හිතුනා කරා

කකුල් ශෙව් කරන්න හිතුනා නම් ආයෙත් ඉතින් අහන්න දෙයක් නෑ වෙන හෙතු හොයන්න ඔනෙත් නෑ එ හිතුන හෙතුවම ඇති.රැවුල කපන්න වෙන කාගෙන්වත් අහන්නේ නැ වගේ කකුල් ශේව් කරන්නත් කව්රුවත් කීයනදෙවල් අහන්න ඕනේත් නෑ බ්රෝ.

 

නම්බර් ටූ – ගොරිල්ලා සමග සෙල්ලම්

ගෝරිල්ලෙක්ගෙ වගේ බඩු වැවෙනවනම් බ්රෝ,එක නිසා පොඩි එවුන්ට බත්කවන කොට බය කරන්න ගන්නේ උඹව නම් බ්රෝ, ශෙව් කිරිල්ල කෙසේවෙතත් අඩුම ගානේ ට්‍රිම් කරන එකවත් කරන්න .නැත්තන් ඕක ඇමසන් වනාන්තරේ වගේ තියාගන්න එකෙන් හොදක් නම් වෙන්නේ නෑ.

නම්බර් ත්‍රී – සයිකො සීන් නම්

ශරීරය වෙහෙසලා කරන ඉතා වේගවත් ක්‍රිඩාවක් කරනවා නම්, උදාහරනයක් විදියට මිටර් 100 හරි විශේශයෙන්ම පිහිනුම් ක්‍රිඩාව කරන බ්රෝලා මේ ශෙව් කරන සීන් එක කරනවා.හෙතුව එකෙන් වේගය වැඩිවෙනවා කියන අදහස.එක අදහසක් විතරක් උනත් මානසිකව දැනේන ශක්තිය වැදගත්.

නම්බර් ෆෝ – පෙන්නන්න ඕනේද?

අමාරුවෙන් හදාගත්ත දෙක පෙන්නන්න ඕනේද බ්රෝ? ජිම් ගිහිල්ලා අමාරුවෙන් හදාගන්න කාෆ් දෙක හරි කකුල් දෙකම හරි පෙන්නන්න ඔනේ බ්රෝ කෙනෙක් නම් අනිවාරයයෙන්ම ශෙව් කරොත් හොද ලුක් එකක් ගන්න පුලුවන්.එ ඇරෙන්න ක්‍රීඩාවක් විදියට බොඩි බිල්ඩින් කරනවා නම් ශෙව් කරන එක සාමානය දෙයක්.

 

නම්බර් ෆයිව් – කොටාගත්තද?

කකුලේ ටැටු එකක් ගහගන්න යනවද? නැත්තන් කලින් තිබ්බ ටැටු එක රෝම වලින් වැහිලා පෙන්නේ නැද්ද? එහෙනන් අහන්න දෙයක් නෑ කකුල් ශෙව් කරන්න කාලේ හරි. හැබයි එක දෙයක් මතක තියාගන්න බ්රෝ.කොහේ උනත් ටැටු ගහහන්න කලින් ඒ තැන ශෙව් කරන්න කලින් ටැටු ආර්ටිස්ට් ගෙන් පොඩි උපදෙසක් ගන්න හරියටම කවදදාද ශෙව් කරන්න ඕනේ කියලා.හෙතුව සමහර ටැටු ආටිස්ට්ලාම එ අදාල තැන ශෙව් කරන නිසා.

 

ඇයි ශේව් කරන්න එක එපා කියන්නේ බ්රෝ?

 

නම්බර් වන් – බිසී..බිසී..

අනිත් ඔක්කොම වැඩ නතර කරලා හිමීට, නිවි සැනසිල්ලේ ,පට්ට වෙලාවක් කාගෙන, ස්ටෙප් කිහිපයක් එක්ක ශෙව් කරන්න වෙලාව තියෙනවද බ්රෝ? වැඩිය ඔනේ නෑ මුහුනේ රැවුල කපන්න යන වෙලාව බලන්න.එතනට වඩා කකුලේ ගොඩක් කපන්න වෙන එක ආයෙත් අහන්න දෙයක් නැනේ.කෙනෙක්ට පැයක් උනත් වැඩේ ට යන්න පුලුවන් එ වගේම රෙසර් දෙකක් වැඩේට යන්නත් පුලුවන්. එහෙම බැලුවාම පොඩ්ඩක් වැඩ වැඩිවෙලා සුපර් බිසී වෙන සීන් එකක් තියෙන්නේ.හැබයි එක දෙයක් බ්රෝ පොඩි කාලයක් මේක ප්‍රැක්ටිස් කරා නම් වැඩේ හරිඅයට ඉවර කරන්න ලොකු වෙලාවක් යන එකක් නෑ.

 

නම්බර් ටූ – ගානත් සැරයි.

රෙසර් නම් ගොඩක් ඕනවෙයි බ්රෝ.හෙතුව මුහුනේ රැවුල වගේ නෙමෙයිනේ කකුල් දෙකෙම තියෙන එක.ඉතින් ඒ ඇමසන් වනාන්තරේ කපන්න එක රෙසරයකට වඩා අනිවාරයෙය්න් ඕන වෙනවා.රෙසර් නොමිලේ දෙනෙනේ නෑනේ කඩවල් වලින්.ඉතින් කරන්න දෙයක් නෑ පොඩ්ඩක් වියදම් වැඩි වෙනවා.එ වගේම සැලොන් එකකට ගිහිල්ලා කකුල් ශෙව් කරන වැඩේ කරන්න ගියොත් බර ගානක් ගෙවන්න වෙනවා.

 

නම්බර් ත්‍රී  – රිදෙනවද?

වැක්ස් කරනවා නම් අනිවාර්යෙන්ම රිදෙන එක නවත්වන්න බෑ.එ වගේම රැවුල කැපුවට පස්සේ විතරක්මත් නෙමෙයි කකුල් ශේව් කරාමත් එ විදියටම පොඩි වෙදනාවක් විදින්න වෙනවා.විශෙශයෙනම කකුල් වල ඇතුලු පැත්තේ හරි තයිස් වල ඇතුල් පැත්තේ.මේක අඩුකරගන්න තියෙන හොදම දේ තියුනුම රෙසර් පාවිච්චි කරන එක.

නම්බර් ෆෝ – කහනවද බ්රෝ?

ශෙව් කරලා ශෙව් කරලා කාලෙකට පස්සේ ආයෙත් කකුල් ශේව් කරන එක නවත්වන්න හදනවා නම්.ටිකදවසක් යද්දී මයිල් ස්මයිල් වෙලා වැවෙන කොට එකෙන්ම රැවුල වගේම කසන්න ගන්නවා.හෙතුව වෙන්නේ එක පාරක් කැපුවට පස්සේ රැවුල් අග තියුනු වෙන එක.එකෙන්ම මේක කකුලේ රෝම වලටත් වෙනවා.

නම්බර් ෆයිව් – මොකෙක් වගේද?

කකුල් ශේව් කරාට පස්සේ කවුරුවගෙද? කියන ප්‍රශ්නේ තමයි හොදටම තියෙන්නේ.කාන්තාවන් යොදාගෙන කරපු පරීක්ශනයකින් හොයාගෙන තියෙනවා 48%ක්ම බ්රෝ කෙනෙක් තමන්ගේ කකුල් ශෙව් කරන එක අමුතු දෙයක් කියලා හිතනවා කියලා.එතකොට අනෙක් 52% හිතන්නේ එහෙම කරන එකේ අවුලක් නෑ කියලා.කොහොම උනත් ගොරිල්ලෙක් වගේ ඉන්න එකෙක්ට මේ දෙගොල්ලොම කැමති නෑ කියන එක නම් අහන්න දෙයක් නෙමෙයි බ්රෝ.

 

“කොහොමහරි අන්තිමට කියන්නේ තියෙන්නේ ලිද මගේ නම් මම ලිදේ නම් කාටවත් ඇයි වේදනා ටයිප් එකෙන් හිතලා කකුල් ශේව් කරනවද නැද්ද කියන තීරනේ ඔබම ගන්න ඕනේ දෙයක් කියලා තමයි බ්රෝ…”

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න