ගැලපෙන මේස් ගන්න දන්නවද?

මේස් එහෙමත් නැත්තන් ඉංග්‍රීසියෙන් කිව්වොත් සොක්ස් කියන්නේ එච්චර අපි ගනන් ගන්නේ නැති දෙයක් නේ.ඇන්දට පස්සේ පේන්නේත් නැති එකේ කොහොමත් මේස් ගැන තැකීමක් අපේ බ්රෝලාගෙ නැති තරම්.එක හින්දානේ ඔය හිල් තියෙන මේස් එහෙමත් ශේප් එකේ හිටපු ගමන් ඇදන් යන්නේ.ආ.. නෑද්ද?මොනවා කිව්වත් මේ මේස් නිසා.සපත්තුවට කකුල් කැපෙන එක අඩු කරනවා වගේම කකුල් වලට දාඩිය දාලා සපත්තුවට කෙලවෙන එකෙනුත් නවතිනවා.ඇත්තටම මේ වැඩේ පිටතට පෙන්නේ නැති උනාට ඇත්තටම හෙන ලොකු සීන් එකක්.හෙතුව අහගන්න සපත්තුව නිසා කකුල් කැපිලා කොරගගහ යන කෙනෙක් ගෙන් හොදට කියලා දෙයි බ්රෝ.

මේස්
මේස්

ඊලගට  දැනගෙන ඉන්න ඕනේ දේ තමයි අඳින මේස් එක හරියට ගලපලා අදින එක ගැන,ඔක්කොම ඇන්දට පස්සේ මේස් එක පෙන්නේ නෑ කියලා හිතන් හිටියට අඩුමගානේ වාඩි උනාට පස්සේ වත් මේස් එක පෙනවා කියලා අමතක කරන්න එපා බ්රෝ.කොහොමද පට්ට ලුක් එකක් දෙන විදියට ඇදගෙන ගිහිල්ලා වාඩි උනාට පස්සේ සපත්තුවයි කලිසමයි අතර ගැප් එකෙන් ඉරුන,මල් මල්, පාට පාට් ගැලපෙන්නේම නැති මේස් එකක් පේන කොට, සනීපයි නේ…

 

රූල් නම්බර් වන් – මෙතනදී හිල් නොසලකන්න

හිල් මේස්
හිල් මේස්

හිල් ගැන සලකන්න ඕන තැන් තියෙනවා,හැබයි මේස් ගැන කතාකරන කොට කරුනාකරලා බ්රෝ හිල් නැති එවා අදින්න බලන්න.එ වගේම පිරිසිදු මේස් අදින්න බලන්න.අලුතින් කියන්න දෙයක් නෑනේ මේස් ගදගහන්න පටන් ගත්තාම එන ස්මේල් එක.එක නිසා හදිස්සි කියලා ගදගහන් මේස්,හිල් තියෙන මේස් අදින්නේ නැතුව ඉන්න බලන්න බ්රෝ.

 

රූල් නම්බර් ටූ – මැච් එක නොබැලුවට මැච් කරන්න.

ගැලපෙන මේස්
ගැලපෙන මේස්

පරදින පැරදිල්ලට මැච් නොබැලුවට කමක් නෑ හැබයි මේස් නම් මැච් නොකර කොහෙවත් යන්න හදන්න එපා පුතී.වැඩිය දෙයක් කරන්න නෑ.කරන්න තියෙන්නේ පොඩි දෙයයි.පලවෙනි දේ කොටකටත් තෛයිලය වගේ කලු මේස් හැම මගුලටම අදින එක අඩු කරන්න.දෙවෙනි දේ කලිසමේ පාටට මේස් ගන්න බලන්න. අලුපාට කලිසමක් නම් අලු පාට මේස්,කාකි පාට නම් කාකි පාට මේස් ,නෙවි බ්ලූ නම් නෙවි බ්ලූ මේස් වගේ ගන්න බලන්න.මේස් එක කලිසමේ පාටට ගන්න කොට එක ලා පාටක්ද තද පාටක්ද කියන එක ගැන වැඩිය හිතන්න ඕනේ නෑ.දැනට ඔය රූල් එක ෆලෝ කරන්න.

 

රූල් නම්බර් ත්‍රී – උසටද? මැදටද? කොටටද?

මේස් සයිස්
මේස් සයිස්

මේස් එකක් අදින උස තමයි ඊලගට බලන්න ඕනේ බ්රෝ.එ කිව්වේ සාමාන්යෙන් අපි මේස් අදින්නේ දනහිසත් ඇන්කල් එකත් අතර කොටසටනේ.එකත් හරියටම දන්න්නෑනේ.මේස් එක ඇන්දට පස්සේ ඉවරවෙන තැන ඉතින් නතර කරනවා මිසක්.මොනවා උනත් ෆොමල් ඉවෙන්ට් එකකට යනවා නම් කරන්න තියෙන්නේ දනහිසටත් නොවන ඇන්කල් එකටත් නොවන නොමල් මේස් දෙකක් දාගෙන යන එක.හැබයි කැසුවල් ගමනකට කොට ශෝටක් ඇදන් යනවා නම් ගැලපෙන්නේ ඇන්කල් මේස්.සපත්තුව දැම්මට පස්සේ මේස් එක තියෙනවද කියලා හොයන්නත් බෑ. කොහොම උනත් ඉස්සර මේස් ඇවිල්ලා තියෙන්නේ දනහිසට වෙනකන්.හැබයි දැන් තියෙන නොමල් මේස් හදන්න යන ගානට වඩා 25%ක් මෙවා ගාන වැඩියිලු.කොහොමහරි දැන් නම් දනහිස වෙනකන් අදින මේස් හොයගන්න පුලුවන් ස්පොර්ට් බඩු විකුනනන් කඩෙකට ගියොත්.හේතුව දැනට ගොඩක් එවා අදින්නේ ක්‍රීඩා කරන බ්රෝ ලා නිසා.

 

රූල් නම්බර් ෆෝ – කොලිටි බඩු නම් කිලිටි බෑ.

හිල් නැති උනාට කලර් මැච් කරාට උස හරියට බැලුවට අදින මේස් අදින ඇදුමේ කොලිටි එකට ගැලපෙන්නේ නැත්තන් බ්රෝ වැඩේ හබක්.උදාහරනෙකට ඔබ බ්ලැක් ටයි සූට් එකක් අදිනවා නම් බ්රෝ සිනිදු,සැහැල්ලු මේස් එකක් අදින්න වගබලාගන්න.හේතුව නැත්තන් ඇදුමෙ තියෙන කොලිටි එක මේස් වලින් ගන්න බැරිවෙන නිසා.එ වගේම ස්පොර්ට් ජැකට් එකක් අදිනවා නම් වුල් වලින් හදපු මේස් එකක් ඇන්දට අවුලක් නෑ.ඩෙනිමක් ඇදලා ටී ශර්ට් එකකුයි ලෙදර් සපත්තුයි දානවා නම් අදුරු පාට සාමානය ඝනකම තියෙන මේස් එකක් අදින්න බලන්න.

ක්‍රීඩා මේස්
ක්‍රීඩා මේස්

එ වගේම තව පොඩි දෙයක් තැනේ හැටියටයි කරන වැඩේ හැටියටයි මේස් වෙනස් වෙන නිසා එක ගැන හිතලා තමයි අදින්න ඕනේ.උදාහරනයක් විදියට කලු,දුබුරු,චාකෝල් ග්රේ,මීඩියම් ග්රේ,බොට්ල් ග්රීන් පාට වල් වගේ අදුරු පාට වලින් තියෙන ස්පොර්ට් කරන්න ගන්න මේස් වර්ග ඔෆිස් එකකට අදින්න සුදුසු නෑ බ්රෝ.එ වගේම දැකලා ඇති දියවැඩියාව තියෙන කට්ටිය අදින මේස්.එවත් ඉතින් නිරෝගි අපිට අදින්න බෑනේ.ඉතින් එවා ගැනත් හිතලා මේස් ගන්න බලන්න.

හරියටම ගැලපෙන මේස් ගන්න කලින් ඉලගට දැනගන්න ඕනෙම දෙයක් තමයි මේස් හදන්න ගන්නේ මොනවද කියලා.මොකද එ අනුව එ මේස් දාගෙන කරන වැඩේත් තීරනය වෙනවා.

මැටිරියල් වන් – වූල්.

වූල් මේස්
වූල් මේස්

ඉස්සර කාලේ මේස් හදලා තියෙන්නේ වූල් වලින්.ඒත් අද කාලේ හරි වූල් මේස් එකක් හොයගන්න හොද කට්ටක් කන්න වෙනව.එ වගේම ඔරිජිනල් වූල් මේස් ලොකු ගානක් වෙනවා.හැබයි දැන් ගන්න තියෙන වූල් මේස් සින්තටික් ෆයිබර් එක්ක මික්ස් වෙල තියෙන නිසා මේස් එක ඉරෙන එක අඩු වෙලා මේස් එකට හොද ශක්තියක් දෙනවා.මේ වූල් මේස් ඔය කඳුවල හයිකින් යන අපේ බ්රෝලට ගොඩක් වැදගත් හේතුව ඇගේ තියෙන තෙතමනය උරාගෙන ඒ තෙතමනය මේ වූල් මේස් වලින් පිට වන නිසා සහ   කකුල් ශීත කාලගුනයකදී උනුසුම්ව තියගන්නවා වගේම උනුසුම් කාලගුනයකදීන් අපේ කකුල් කූල් විදියට තියාගන්නත් වූල් මේස් උදව් වෙන නිසා.

 

මැටිරියල් වන් ටූ – කොට්න්.

කොට්න් මේස්
කොට්න් මේස්

කොට්න් තමයි ඉතින් වැඩියෙන්ම යූස් කරන මේස් වර්ගේ වෙන්නේ.කොට්න් රෙද්දත් වැඩි ගානක් නැති ශක්තිමත් එකක් නිසා මේක ගොඩක් අය යූස් කරනවා.කොට්න් මේස් එක ලයික්රා කියන අමුද්‍රව්‍යයත් වෙනත් ෆයිබර් වර්ගත් මික්ස් වෙලා තියෙන නිසා මේකෙ හැඩය ලස්සනට තියාගන්න පුලුවන් වෙනවා වගේම අපෙ කකුලටත් මේක සුපිරියටම ෆිට් වෙනවා.කොටින්ම කොට්න් මේස් අපට කිසි බයක් නැතිව ඕනම දෙයකින් සෝදල පට්ට ගහන්න පුලුවන් සුපිරි මේස් එකක්.ඒ වුනාට මේකේ උරාගැනීමේ හැකියාව වූල් තරම් නම් නෑ.

 

මැටිරියල් වන් ත්‍රී – කාශ්මෙරේ සහ සිල්ක්.

කාශ්මියර් මේස්
කාශ්මියර් මේස්

මේ මේස් නම් පුතී පොඩ්ඩක් නෙමෙයි හොඩටම ගාන සැරයි. මේවා අදිනවා නම් ඉතින් එ ගානට හරියන්න හොද සපත්තු දෙකකුත් අදින්නම වෙනවා.නැත්තන් ඇති වැඩක් නෑ.එ වගේම මේක වුල් මේස් වලට වඩා බරින් අඩුයි.ඉතින් මේ මැටිරියල් වලට අමතරවා නයිලෝන්,ලිනන්,ඇක්රිලික් වගේ දෙවල් වලිනුත් මේස් අද වෙනකොට හදනවා.

 

“අන්තිමට කියන්න තියෙන්නේ මොන මේස් එක ඇන්දත් කමක් නෑ බ්රෝ,මැච් නොවුනත් කමක් නෑ බ්රෝ,උස වැඩි උනත් කොට වැඩි උනත් කමක් නෑ බ්රෝ,කොලිටිය බාල උනත් කමක් නෑ බ්රෝ, මෙන්න වැන්දා! ගඳ ගහන මේස් නම් කොයිම වෙලාවකවත් අඳින්න එපා බ්රෝ.”

බ්රෝ ඉන්ෆො ජනප්‍රියම ඉන්ෆෝ බලන්න මෙතන ක්ලික් කරන්න බ්රෝ

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න