බෙල්ට් එක ගැන හරියට දන්නවද?

බෙල්ට් එක ගැන හරියට දන්නවද?
බෙල්ට් එක ගැන හරියට දන්නවද?

ඔබේ හැන්ඩ්සම් ලුක් එක තව වැඩිකරන්නත් පුලුවන් එහෙම නැත්තන් කුඩේ කුඩු කරලා දාන්නත් පුලුවන් දෙයක් තමයි බෙල්ට් එක කියන්නේ.ඉතින් බෙල්ට් එක ගැන දැනගන්නේ නැතුව කොහොමද හරි තීරනේ ගන්නේ මොන බෙල්ට් එකද මිලදී ගන්නේ මොන බෙල්ට් එකද අඳින්නේ කියලා.එ වගේම ඩෙනිම එක්ක අඳින බෙල්ට් එක මොකක්ද? සූට් එකක් එක්ක අඳින බෙල්ට් එක මොකක්ද? මේ වගේ ප්‍රශ්න ඔක්කොටම උත්තරේ මුල ඉඳන් අග වෙනකන් ඔක්කොම පහල තියෙනවා බ්රෝ.

මොකක්ද බෙල්ට් එක කියන්නේ?

ඇත්තටම අපි ඇයි බෙල්ට් එකක් අඳින්නේ බ්රෝ? මේකට උත්තරේ ඔප්ශන් තුනකින් කියන්න පුලුවන්.අංක එක – කලිසම හැලෙන්නේ නැතිවෙන්න කෙනෙක්ගේ ඉනවටේ අඳින එකට, අංක දෙක මොනවාහරි දෙයක් අරන් යන්න එල්ලගෙන යන්න ඉනවටේ අඳින එකට (උදාහරනයක් විදියට හැමොම දන්න බැට්මෑන්ව ගන්නකො මිනිහාගෙ බෙල්ට් එකේ නැති දෙයක් නෑනේ).අංක තුන එකෙන්ම ලස්සන ලුක් එකක් එන්න ඉනවටේ අඳින එකට.ඉතින් මේ තුනම එකම පාර කරගන්න පුලුවන් බෙල්ට් නැතුව නෙමෙයි.

අනුග්‍රාහකත්වය

මේ ඔක්කොම දෙවල් කරන්න පුලුවන් බෙල්ට් එක සාමානයෙන් බකල් එකයි ස්ට්‍රැප් එකයි(පටිය) කියලා කොටස් දෙකකට බෙදන්න පුලුවන්.එ වගේම ගොඩක් බෙල්ට් වල කීපර් ලූප් එකක්(එ කිව්වේ අර එහෙට මෙහෙට යන, හිටපු ගමන් නැතිවෙන අර කැල්ලට)තියෙනවා වගේම බෙල්ට් එකේ අන්තිම කොනේ එන්ඩ් ටිප් එකක් එහෙමත් තියෙනවා.සමහර බෙල්ට් වල මේ කෑලි වෙන්කරන්න පුලුවන් වගේම අනිත් එවල වෙන් කරන්න බෑ.ඉතින් වෙන්කරන්න පුලුවන් එවල බකල් එකයි ස්ට්‍රැප් එකයි එකට එකතු කරන කැල්ලට කියන්නේ “චේප්“ කියලා.ඔන්ල්යින් බඩු ගෙන්වනවා නම් මේ නම් ටික මතක තියගත්තොත් ලෙහෙසියි.

මුලින්ම බෙල්ට් බකල් ටයිප්ස් දැනගමු බ්රෝ!

නම්බර් වන් – ෆ්‍රේම් සට්යිල්

සෑම ෆොමල් බෙල්ට් එකකම දකින්න පුලුවන් බකල් ටයිප් එක තමයි මේ.පටිය ෆ්‍රේම් එක ඇතුලෙන් යවලා එකේ හිල් වලින් පටිය සිරකරන එක තමයි මෙතනදී වෙන්නේ.

 

නමබ්ර් ටූ – ප්ලේට් සට්යිල්

සාමාන්යෙන් පටියෙන් ගලවලා වෙනම මේ සට්යිල් එකේ බකල් ගන්න පුලුවන්.කව්බෝයි,බයිකර් බෙල්ට්ස් වගේ පට්ටට ඩෙකරේට් කරලා තියෙනවා මේකේ ෆ්‍රේම් එක.

 

නම්බර් ත්‍රී – බොක්ස් ෆ්‍රේම්

මේ ෆ්‍රේම් වර්ගේ මොකක් හරි ලොහයකින් තමයි හදන්නේ.කෙලින්ම ඇතුලට දැම්ම වැඩේ ඉවරයි.හිල් මොනවත් ඕනේ නෑ.

 

නම්බර් ෆෝ – බොක්ස් අවුට්

මොස්තර වලට වැඩි තැනක් දෙන ලෙදර් වලින් හරි සින්තටික් වලින් හරි හදන මේ ෆ්‍රරේම් එක කාන්තාවන් තමයි වැඩිපුර පලදින්නේ.හැබයි වැඩිකලක් පාවිච්චිය අපහසුයි.

 

නම්බර් ෆයිව් – ඕ රින්ග්/ඩී රින්ග්

මේ බකල් එකේ රින්ග්ස් එකක් හරි දෙකක් හරි තියෙනවා වගේම බෙල්ට් එකෙ පටිය හිරකරන්න මේ රින්ග්ස් උදව් වෙනවා.කැසුවල් ඉවෙන්ට් වලට ගැලපෙන ෆ්‍රේම් එකක් මේක.

 

නම්බර් සික්ස් – ස්නැප්

සීට්බෙල්ට් එකක,බැග් එකක මේ වගේ බකල් එකක් තියෙනවා දැකලා ඇති ගොඩක් කැසුවල් වගේම කදුනගින,කැම්පිං වගේ එලිමහන් ක්‍රීඩා වල යෙදෙනවා නම් මේ ෆ්‍රරේම් එක නම් පට්ට බ්රෝ.

 

 

ස්ට්‍රැප් මැටිරියල් දන්නවද? (පටිය හදන්න ගන්න අමුද්‍රව්‍ය)

බෙල්ට් එකේ පටිය හදන්න පුලුවන් දෙවල් ලෙදර් සහ ලෙදර් නොවන දෙවල් කියලා ප්‍රදාන කොටස් දෙකකට බෙදන්න පුලුවන් බ්රෝ.මේකේ ලෙදර් පැත්ත ගැන බැලුවොත් හරක් සමෙන් සහ කාෆ්(වසුපැටවු) සමෙන් හදපු ලෙදර් තමයි සාමානයෙන් යොදගන්නේ.වැඩේ නම් පොඩ්ඩක් දුකයි තමයි හැබයි එක තමයි ඇත්ත.

  • ෆුල් ග්රෙයින් ලෙදර් – මේක තමයි ලුක් එකක් තියෙන ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් ලෙදර් එක.සාමානයෙන් වැඩි කොලිටි එකක් තියෙන බෙල්ට් කාෆ් ග්රෙයින් ලෙදර් එකෙන් හදන එවාට.

 

  • බ්රෙයිඩඩ් ලෙදර් – මේ මැටිරියල් එක යොදාගන්නේ ෆ්‍රේරෙම් ස්ට්යිල් බකල් එක්ක දිග පලල වෙනස් කරන්න පුලුවන් බෙල්ට් හදන්න.ලංකාව වගේ උනුසුම් රටකට කැසුවලී අඳීන්න පාට දෙක තුනකින් ගොතපු මේ ලෙදර් පටියක් ස්පොර්ට් ජැකට් එකක් එක්ක නම් නියමෙට ගැලපෙනවා.

 

  • ටූල්ඩ් ලෙදර් – ලෙදර් එකේ එකේක රටා හදලා ,පැට්න් හදලා ටැටු එකක් ගහලා වගේ හ්දන බෙල්ට් තමයි මේකට අයිති වෙන්නේ.මේවා සාමානයෙන් වැදගත් වෙන්නේ සිම්පල් ඇදුම් වලට ,එ කිව්වේ ඩෙනිමකුයි, නොමල් ශර්ට් එකකුයි වගේ.

 

  • ස්වේඩ් – මේකට කැසුවල් බෙල්ට් කියලත් කියනවා.ෆුල් ග්රේන් ලෙදර් වගේ ගොඩක් කල් යුස් කරන්න බැරි උනත් ශක්තිමත් බව වැඩිකරන්න ෆුල් ග්රෙයින් ලෙදර් එකක් යොදනවා.

 

“හොයාගන්න අමාරුම ලෙදර් වර්ග වලින් හදන බෙල්ට් ලොකු ගානක් වෙනවා වගේම සාමානයන් අදින්නේ කැසුවල් ඉවෙන්ට්වලට උනාට කලුපාටට හුරු නම් ෆොමල් ඉවෙන්ට් වලටත් අවුලක් නෑ.”

 

  • ඔස්ට්‍රිච් – පැස්බරාගෙන් හදන ලෙදර් එක ගැන මේ කියන්නේ.මේ ලෙදර් එකේ ඩොට් ඩොට් තියෙනවා පිහාටු තිබ්බ තැන් නිසා.එ වගේම ඔරිජිනල් මේ බෙල්ට් ලොකු ගානක් වෙනවා.

 

  • ක්රොකඩයිල් ලෙදර් – කිඹුල් හමෙන් හදන් ලෙදර් ගැන අමුතුවෙන කියන්න ඔනේ නෑනේ.සපත්තු වගේම බෙල්ට් එහෙමත් මේ ලෙදර් එකෙන හදනවා.

 

ඊලගට බලමු ලෙදර් නොවන අනෙක් මැටිරියල් මොනවද කියලා?

 

  • ලෙදර් බැක්ඩ් රිබන් – ලෙදර් එක්ක මික්ස් වෙලා, කැපී පෙනෙන පාට වලින් ගන්න පුලුවන් කැසුවල් මැටිරියල් වලින් හදලා තියෙන මේක ෆ්‍රේම් බකල් එක්ක තමයි හදන්නේ.

 

  • කැන්වස් – කැන්වස් සපත්තු හදන්න ගන්න මැටිරියල් එකෙන් හදන මේ බෙල්ට් එක ගොඩක් පාවිච්චි කරන්නේ මිලිටරි වල ඉන්න පිරිස්.මේකේ ලුක් එකට වඩා තව දෙවල් එල්ලගෙන යන්න වගේ දෙවල් වලට තමයි පවිච්චි කරන්නේ.බොක්ස් බකල් එකක් තමයි මේකට හොදටම ගැලපෙන්නේ.

 

  • වෙබින් – කැන්වස් වගේම ලුක් එකට වඩා එලිමහන් කටයුතු වලට ගොඩක් ගැලපෙන මැටිරියල් එකක් මේක.හැබයි පාට වර්ග වලින් ගන්න පුලුවන් වගේම සාමානයෙන් එන්නේ ඩී රිංග් බකල් එකක් එක්ක.

 

  • රෝප් – මේ වර්ගේ සාමානයෙන අඳින්නේ කාන්තා ෆැශන් අතර දකින්න පුලුවන් උනාට ඉස්සර ඉදන්නම සමහර ආගම් වල පූජ්ය පක්ශය මෙවා පාවිච්චි කරලා තියෙනවා.තෙරුනේ නැත්තන් රොබින්හුඩ් එකේ “ටක්“ ඇදන් ඉන්න ඇදුම මතක් කරගන්න.

 

  • වයිනල් – ගාන අඩුම ,පාට වර්ග වලින් ගන්න පුලුවන්.සාමාන්යෙන් තරුන බ්රෝ කෙනෙක්ට සුදුසු මැටිරියල් එකක් මේක.

 

  • ෆොව් ලෙදර් – මේ කියන්නේ පොලියුරතින් අමුද්රවය රෙදිඑක්ක මික්ස් කරලා හදන මැටිරියල් එකකට ,මේක ඇත්ත ලෙදර් වගේ පෙනුනට එ ලුක් එකම ගන්න අමාරුයි.

 

ෆෝමල් ද ? කැසුවල් ද ? මොන බෙල්ට් එකද ගැලපෙන්නේ? 

  • ඇඳුම් ,සපත්තු ,සහ අනෙක් දෙවල් වගේම බෙල්ට් වලත් ඇඳිය යුතු තැන්,ඇඳිය නියමිත තැන් වෙන වෙනම් තියෙනවා බ්රෝ.ඉතින් හොදම දේ බෙල්ට් දෙකක් වත් අඩුම ගානේ තියාගන්න එක කැසුවල් සහ ෆෝමල් ඉවෙන්ට් වලට වෙන වෙනම.මේකෙන් ඩ්‍රෙස් බෙල්ට් සූට් එක්කත් කැසුවල් බෙල්ට් ඩෙනිම් ශොර්ට් එක්කත් අඳින එක තමයි විදිය.

 

  • ලෙදර් මැටිරියල් එක තමයි ඩ්‍රෙස් බෙල්ට් වලට හොදම මැටිරියල් එක.(ලෙදර් අදින්න කැමති ඇත්තන් ඉමිටෙශන් ලෙදර් එකක් වත ගන්න බලන්න).එ වගේම ඩ්‍රෙස් බෙල්ට් එකේ පාට කලු හෝ දුඹුරු වියයුතුයි.ඊට අමතරව ටැන්,නෙවි බ්ලූ,ග්රේ වගේ පාට ශේප්.

 

  • ඔලුවේ තියාගන්න බ්රෝ.ෆොමල් ඩ්‍රෙස් බෙල්ට් එකක් අඳින කොට ලෙදර් එකට මැච් වෙන්න අඳින අනෙක් දෙවලුත් මැච් කරන්න.උදාහරනයක් විදියට ඔබේ සපත්තු වල පාට ඔබේ බෙල්ට් එකට මැච් වෙන්න ඔනේ විතරක් නෙමෙයි බෙල්ට් එකේ දිප්තියම සපත්තු දෙකෙත් තියෙන්න ඕනේ.එ වගේම ඔබ අඳින බෙල්ට් එකේ බකල් එකේ පාට ඔබ අදින ලොහමය දෙවල්(බ්‍රෙස්ලට්,චෙන්,ඔරලෝසු) වල පාට එක්ක ගැලපෙන්න ඕනේ බ්රෝ.

 

  • හැබයි ඉතින් කැසුවල් බෙල්ට් එකක් එච්චර දගලන්න ඔන්නේ නෑ.ලගින යන පාටක් තිබ්බානම් ඇති.එහෙම කියලා ෆොමල් ඩ්‍රෙස් බෙල්ට් එකක් කැසුවල් ඉවෙන්ට් එකකට ඇන්දොත් හරිද? නෑනේ. සාමානයෙන් ෆොමල් ලෙදර් බෙල්ට් එක ශයින් ගතියෙන වැඩී. හැබයි කැසුවල් බෙල්ට් රලු,ශයින් ගතියක් නැති විදියට තමයි හදලා තියෙන්නෙ.එ වගේම කැසුවල් බෙල්ට් සාමානය ප්‍රමානයට වඩා පලලින් වැඩිවෙන විදියට තමයි හදලා තියෙන්නේ.

 

කොහොමද කොලිටි බෙල්ට් එකක් ගන්නෙ?

එක තමයි ඊලගට තියෙන ප්‍රශ්නේ.කඩෙකට ගිහිල්ලා ගත්තත් ඔන්ලයින් ගත්තත් පහල කියලා තියෙන දෙවල් තියෙනවද කියලා බලලා බෙල්ට් එක ගන්න බලන්න බ්රෝ.කෑලි කැඩෙන්නෙ නැති හොද ලෙදර් එකෙන් ගන්න.කාෆ් ස්කින් ලෙදර් තමයි ගනණ්ම සහ හොඳම.ලෙදර් එකේ නියපොතු පාර ලාවට හිටිනවා නම්,එ කියන්නේ එ ලෙදර් එක මුදු,අලුත් හොද ලෙදර් එකක්.ලෙදර් එකේ අග මහලා තියෙන මැස්ම හොදද නැද්ද කියලා බලන්න.එ වගේම බකල් එක මාරු කරන්න පුලුවන් බෙල්ට් එකක් ගන්න බලන්න.

එ වගේම සයිස් එක අරන් බැලුවොත් ඔබේ ඉනේ ප්‍රමානයට වඩා අඟල් එකක් දෙකක් තමයි බෙල්ට් එකේ දිග වැඩිවෙන්න ඕනේ.උදාහරනයක් විදියට අගල් 30 සයිස් එක ඉනක් තියෙන බ්රෝ කෙනෙක් ගන්න ඕනේ අඟල් 31 හරි 32 හරි දිග බෙල්ට් එකක් .එහෙම නැතුව තව දිග එවා ගත්තොත් ඉනවටේ බෙල්ට් එක දෙපාරක් යයි.එහෙම නැත්තන් පරන බෙල්ට් එකෙනුත් සයිස් එක හොයාගන්න පුලුවන්.තව දෙයක් මොනව වෙලාවකදිවත් පිහියකින්,කතුරකින්,හරි වෙන උල් දෙයකින් බෙල්ට් එකේ හිල් හදන්න යන්න එපා.එකෙන්ම කැඩිලා යන්න ප්‍රදානම හේතුවක් ඒක.

 

“ඔක්කොම ගැන දැනගෙන බෙල්ට් එක ගත්තා වගේ නෙමෙයි බෙල්ට් අඳින්න ඕන නැති වෙලාවල් දන්නැත්තන් අර ගත්ත එකෙනුත් ඇති වැඩක් නෑ.”

 

රූල් නම්බර් වන් – කලිසමේ බෙල්ට් ලූප්ස් නැත්තන් බෙල්ට් අඳින්න එපා.කලිම හොදට ෆිට්නම් ,කලිසමේ බෙල්ට් ලූප් නැත්තන් බලෙන් බෙල්ට් අඳින්න යන්න එපා බ්රෝ.එ වගේම අඳින දෙවල් වැඩිවෙලා ගොඩක් දෙවල් ඇදෙගෙන ඉන්නවා වගේ නම් බෙල්ට් එකට පොඩි රෙස්ට් එකක් දුන්නට කමක් නෑ බ්රෝ.

 

රූල් නම්බර් ටූ – සස්පෙන්ඩර්ස් අඳිනවා නම් එකෙන්ම බෙල්ට් එක අඳින්න එපා බ්රො.එක බ්රෝ ඉන්ෆො සස්පෙන්ඩර් ගැන තිබ්බ ගයිඩ් එකෙනුත් අපි කිව්ව දෙයක් කියලා මතක ඇතිනේ.බෙල්ට් එකයි සස්පෙන්ඩර් එකයි දෙකෙන්ම කරන්නේ එකම දේ නිසා ,විශෙශයෙනම කොට බ්රෝ කෙනෙක්ට ගැලපෙන චොයිස් එකක් තමයි මේක.

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න