හැට් ගැන හරියට දන්නවද? – ii

හැට් ගැන හරියට දන්නවද? 2
හැට් ගැන හරියට දන්නවද? 2

“මේ ලිපිය කියවන්න කලින් කැප් එකේ කොටස් ,හැට් එකක් හදන්න ගන්න මැටීරියල් ,හැට් වර්ග සහ එවා අදින්න ඕන තැන් වගේ තවත් හැට් සම්බන්ද ඔක්කොම දෙවල් දැනගන්න” මෙතන ක්ලික් කරන්න.

හැට් එකත් එක්ක මොනවද අඳින්න ඕනේ?

හැට් එකක් දැම්ම ගතියක් එනවා තමයි.හැබයි හැමදාම එකම හැට් එක දාගෙන එකෙක ඇදුම් ඇදන් ගියොත් නම් වැඩේ හබක් පුතී.එක නිසා හැට් එක අදින්න ඕන තැන්,අදින්න පුලුවන් ගැලපෙන ඇදුම් ගැන දැනුවත් බවක් තියෙන්නම ඕනේ.

ෆොමල් ඩ්‍රෙස් හැට් අදින්න ඔනේ එකට අදාල ඩ්‍රෙස් අවුට්ෆිට් එකක් එක්ක විතරයි.එ කිව්වේ සූට් එකක් එහෙම අදිනවා නම් අවුලක් නෑ.බ්ලෙසර් එකක් එක්ක උනත් ශේප්.ස්පොර්ට් ජැකට් එක්ක අදිනවා නම් හැබයි ගැලපෙන එක ගැන දෙපාරක් හිතන්න.

අනුග්‍රාහකත්වය

ඩෙනිම් එක්ක හැට් අදින්න හදනවා නම් ජැකට් එකක් අදින්න බලන්න.නිකන් ටී ශර්ට් එකට නම් හැට් ගැලපෙන්නේ නෑ බ්රෝ.හොද සූට් අදින වෙලාවට ෆෙඩොරා,හොම්බර්ග්,පොර්ක්පයි සට්යිල් වලින් හැට් අදින්න බලන්න.කැසුවල් අදින්න නම් වෙස්ටර්න් හැට්,ඩෙර්බීස් සහ පිදුරු වලින් හදපු ඕනේම දෙයක් ගැලපෙනවා.

හැට් එකක් කොහොමද පරිස්සම් කරන්නේ?

මේක තමයි අමාරුම වැඩේ හැට් එකක් ලොකු ගානක් දීලා ගත්තට පස්සේ ඕක පලවෙනි පාර ඇදලා විසිකරා ඊටපස්සේ මතකත් නෑ එහෙම එකක් ගත්තද කියලා.ගොඩක් කල් අදින්න නම් හැට් එකක බ්‍රීම් එකෙන් අල්ලන්නේ නැතුව හැමවෙලේම හැට් එකේ ක්‍රවුන් එකෙන් (හිස කොටසෙන්) අල්ලන්න බලන්න.එහෙම කරොත් හැට් එකේ ශේප් එක එහෙම්ම තියෙන්නෙ උදව් වෙනවා.එ වගේම මුල් පාර ගත්තම ඕන හැඩේට හදාගන්න අත් වලින් නවන්න.ඊට පස්සේ ආයෙ ආයේ නවන්න යන්න එපා හැට් එකට සොරි වෙනවා.හැට් එකේ කුනු,දුවිලි ගැවුනොත් මුලු හැට් එකම ඇදුමක් වගේ හොදන්න ඕනේ නෑ.ගැවුන තැන විතරක් තෙත් රෙදි කෑල්ලකින් පිහිදාලා දාන්න.

හැට් එක තෙමුනොත් ටවල් එකක් හරි එ වගේ රෙදීකෑල්ලක් උඩ තියන්න නිකම්ම වෙලෙන්නෙ.ඉකමනට වෙලේන්න කියලා හෙයාර් ඩ්‍රයර් ,හිටර් වලින් අනංමනං සෙල්ලම් දාන්න ගියොත් පුති හැට් එකේ හැඩේ වෙනස් වෙන්න පුලුවන්.අනෙක් දේ තමයි හැට් එක බ්‍රිම් එක පැත්තට තියන්න එපා.හෙතුව එතකොට හැඩේ නැතිවෙන්න පුලුවන්.ගොඩක් කල් පැත්තකට කරලා තියනවා නම් හැට් එක බොක්ස් එකක එ විදියටම උඩි යටිකුරු කරලා දාන්න. එ වගේම අව්වේ තියෙන තැන් වල නවත්වලා තියෙන කාර් එකක් ඇතුලේ නම් හැට් එක තියන්න එපා බ්රෝ.හේතුව රස්නේ නිසා හැට් එකේ හැඩේට කෙලවෙන්න පුලුවන් නිසා.ලෙහෙසි නෑ තමයි වැඩේ නම් ,හැබයි තොරලා ගත්ත කොලිටි හැට් එක නිකන් නාස්ති කරගන්න ඕනේ නෑනේ.

නොමිලේ ස්විස් ආර්මි කාර්ඩ් එකක් දිනන්න මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න

කමෙන්ට් එකයි

  1. […] “හැට් එකත් එක්ක අඳින්න ඕන දෙවල්,හැට් එකත් එක්ක ස්ට්යිල් කරන විදිය සහ හැට් එකක් හරියට තියාගන්න ඕන විදි ඔක්කොම දැනගන්න” මෙතන ක්ලික් කරන්න බ්රෝ! […]

Comments are closed.