හැට් ගැන හරියට දන්නවද? – i

තොප්පි හරි, හැට් හරි ඔය මොන නමින් කිව්වත් අදකාලේ පාටි එකකට හැට් එකක් දාගෙන ගියොත් මිසක් හැමදාම පුරුද්දට හැට් දාන සෙට් දැන් ඇත්තෙම නැති තරම්,එකට හේතුව ඉතින් කලිසම,ශර්ට් එක ,සපත්තු වගේ හැට් එක අනිවාරය දෙයක් නොවෙන නිසා.හැබයි හැට් එකෙන් එන ගැම්ම ගන්න නම් හැට් එකක් ඇදලාම බලන්න වෙනවා බ්රෝ.හැබයි හැමතැනටම හැම හැට් එකම ඇදන් යන්නත් බෑ.එ වගේම එකිනෙක වෙනස් සංස්කෘති, සම්ප්‍රදායන් ඇතුලත් එකිනෙකට වෙනස් හැට් වර්ග තියෙන නිසා හරියට හරියන හැට් ගැන දැනගෙන ඉන්න එක නම් වටිනවා.එක නිසා හැට් එකක් අදිනවා නම් හරි හැට් එක අදින්න මතක් තියාගන්න බ්රෝ.දැන් ශේප් එකේ පහලට කියවගෙන යමු.(සැ.යු. – මේකෙ ඉමෙජ් පෙන්නේ නැත්තන් ලොඩ් වෙන්න පොඩි වෙලාවක් දෙන්න බ්රෝ)

හැට් එක මුල් කාලේ ඇදලා තියෙන්නේ ඇත්තටම එකේ ලස්සනට වඩා අව්වෙන්,වැස්සෙන්,සුලගෙන් බේරෙන දෙයක් විදියට.මොකද හෙල්මට් තිබුන එකක් යෑ ඒ කාලේ.කොහොම උනත් මොන විදියට හැට් එකක් හැදුවත් එකේ කොටස් එකිනෙක් බැලුවම එක සමානයි බ්රෝ.ඔය පහල තියෙන්නේ කොටස් ටික නම් කරලා පොඩ්ඩක් නම් ටික මතක තියාගන්න.හෙතුව පහල හැට් වර්ග ගැන කියනකොට ඔය නම් ටික තමයි යුස් කරේ.

කොහොමද හරියටම ගැලපෙන හැට් එකක් තෝරගන්නේ බ්රෝ?

හැමොටම හරියන්නේ එකම හැට් එක නෙවෙයි වගේම තියෙන බජට් එක අනුවත් අනෙක් දෙවල් අනුවත් තොරගන්න හැට් එක වෙනස් වෙනවා.එකෙදී පලවෙනි දේ,

මැටිරියල් එක.

ගොඩක් හැට් හදන්නේ කම්ප්‍රෙස් කරපු තද,ඝනකම රෙද්දකින්.එකට ගොඩක් වෙලාවට වූල් යොදාගන්න එක නම් හැමතැනම කරනවා.එක නිසා තද ගතිය වගේම,ශේප් එකත් නොකැඩි තියෙන්න උදව් වෙනවා.හොද හැට් එකක් හැමවෙලේම අතට සිනිදු වෙන්න ඕනේ වගේම පොඩි ප්‍රෙශර් එකක් දුන්නට පස්සේ නැවෙන්නත් ඕනේ.හැබයි එහෙම මොනවත් නොකර නැවෙන්න ගන්නවා නම් බ්රෝ එකෙන්ම එක ගන්න එක නතර කරන්න.

මෙ වුල් වලට අමතරව ඝනකමට කම්ප්‍රෙස් කරල පිදුරු වලින් හදන් හැට් වර්ග,ටුවිඩ් රෙද්දෙන් හදන එවා,එකේක සම් වලින් හදන් හැට්,වර්ගත් නැතුව නෙමෙයි.මේ සත්ව හම් වලින් හදන හැට් සාමානයෙන් මිලේන් අධික සීන් එකක් තියෙන්නේ.

හැඩේ දන්නවද?

හැට් එකක් ගන්න කොට බලන්න ඕන ඊලග දේ තමයි හැට් එකේ හැඩේ.එ කිව්වේ ශේප් එක.එකෙන්ම හැට් එකක් ඇන්දම එක මුහුනට බැලන්ස් වෙන්න ඕනේ.මේ බැලන්ස් වෙන්න ඕනේ කිව්වේ හැට් එකේන් මුහුනේ තියෙන අවයව සෙට් එක ශක්තිමත්ව පේන්නත් ඕනේ වගේම වැඩියෙන් පේන එවා අඩු කරන්නත් ඕනේ.උදාහරනෙකට රවුම් හැඩෙට මුහුනක් තියෙනවා නම් හැට් එකේ ක්‍රවුන් කොටස(නම මතක නැත්තන් කලින් බලපු හැට් එකේ කොටස් රූපේ බලන්න.) උසට තියෙන හැට් වර්ග ගැලපෙනවා.එ වගේම වී ශේප් එක වැඩියෙන් පේන මුහුන හැඩේ තියෙන බ්රෝ කෙනෙක්ට ගැලපෙන්නේ ක්‍රවුන් එක උසනැති රවුම් ශේප් එකක් තියෙන හැට් එකක් ගන්න එක.(හැට් වර්ග ඔක්කොම පහල තියෙනවා.)

ගොඩක් වෙලාවට බ්රෝ කෙනෙක්ගේ මුහුන එහෙම ලොකුවට වී ශේප් හෝ ලොකුවට රවුම් ශේප් නැති නිසා ට්‍රයි කරන්න පුලුවන් හැට් ශේප් ඔප්ශන් ගාන වැඩියි.එක නිසා එ ගැන එච්චර කරදර වෙන්න ඕනේ නෑ.හැට් එකේ හැඩෙන් හොද ලුක් එකක් ගන්න ඕනේ නම් කරන්න තියෙන එකම දේ ,ඇන්ගල් වැඩි හැට් එකක් ගන්න එක,එ කිව්වේ බ්‍රීම් එකෙන් පහලට නැවිලා තියෙන ෆෙඩ්රෝ වගේ හැට් වර්ග හොදටම ගැලපෙනවා.

සයිස් එක කොහොමද බ්රෝ?

මොනවා කරන්න ගියත් සයිස් එක බලපානවානේ බ්රෝ!…හැට් එකක් තෝරනකොටත් ඒම තමා.හොද හැට් එකක් ගන්න කලින් මුලින්ම ඔලුවේ ගාන බලන්න වෙනවා.එ කිව්වේ ඔලුවේ සයිස් එක ගැන.ටෙප් එකකින් හරි ටෙප් එකක් නැත්තන් නුලකින් මැනලා පස්සේ එ නුලේ දිග රූලකින් මැනගෙන හරි කොහොමහරි ඔල්ලුවේ සයිස් එක මැනගන්න බ්රෝ.හරිම විදිය කන්දෙකේ උඩ කොටස ගැවෙන ගානට හැට් එක වැටෙනවා කියලා හිතන් මිම්ම ගන්න එක.ඊට වඩා උඩින් මැන්නොත් හැට් එක ගොඩක් තද වේවි.පහලින් මැන්නොත් කන්දෙක නැතුව තමයි හැට් එක දාන්න වෙන්නෙ.මැන්නට පස්සේ මේන්න මේ චාර්ට් එකෙන් බලාගන්න පුලුවන් හරියටම ඔලුවේ සයිස් එකට ගැලපෙන හැට් සයිස් එක.

බජට් එක කොහොමද ?

මේලෝ රහක් නැති දෙකයි පනහේ හැට් එකක් ගන්නේ නැතුව පොඩ්ඩක් කොලිටි හැට් එකක් ගන්න බලන්න බ්රෝ.හේතුව හිතනවට වඩා ගොඩක් කල් එක අදින්න පුලුවන් වෙන එකයි.එකෙන් ලැබෙන පට්ට ලුක් එකයි.හයි කොලිටි වූල් වලින් හදපු එකක් ගන්න පුලුවන් නම් හොදයි කල්පැවැත්මට.හැබයි එහෙම නැතුව හැමතැනම එකෙක හැඩේට එකේක පාට හැට් දාන කෙනෙක් නම් බ්රෝ,ගැලපෙන්නේ අර ගාන අඩු කොලිටි අඩු දෙපාරක් විතර ඇන්දම දාඩියටම දියවෙලා යන එවා තමයි.

හැට් සයිල්ස් ඔක්කොම දන්නවද බ්රෝ?

නම්බර් වන් – ෆෙඩොරා ස්ට්යිල්.

හැට් එකක් ගැන කිව්ව ගමන් නම හරියට දන්නේ නැති උනත් ඕන බ්රෝ කෙනෙක්ගේ මතකෙට එන්නේ මේ සට්යිල් එක.මේකේ ක්‍රවුන් කොටසේ පහලට පොඩ්ඩක් ඔබලා තියෙන එක වගේම බ්‍රීම් එක ෆ්ලැට් විදියට හදලා තියෙන නිසා කැමති විදියට නවාගන්නත් පුලුවන්.අනෙක් සට්යිල් වලට වඩා මේක ජනප්‍රිය වෙන්න ප්‍රදාන හෙතුව ඒක.

නම්බර් ටූ – ට්‍රීල්බී සට්යිල්.

මේ සට්යිල් එකේ හැට් ෆෙඩොරා සට්යිල් එකට වඩා පොඩියි.හැබයි ක්‍රවුන් එක ෆෙඩොරා ස්ට්යිල් එකම තමා තියෙන්නේ.හැබයි පිටුපස කොටස පොඩ්ඩක් ඉදිරිපස් කොටසට වඩා කොට නිසා පොඩි ඇන්ගල් එකක් එනවා ඇන්දම. සාමානයෙන් ට්‍රිල්බී සට්යිල් එක අදින්නේ බ්‍රීම් එක මුහුන ඉදිරිපසදී පහලට එන විදියට.මුහුන වැහෙන එක නම් වෙන්නේ නෑ එක හින්දා.හෙතුව මේකේ බ්‍රිම් එක වැඩිම උනොත් අගලක් හෝ ඊට පොඩ්ඩක් වැඩියෙන් තියෙවී.

නමබ්ර් ත්‍රී – හොම්බර්ග් ස්ට්යිල්

ෆෙඩෝරා සට්යිල් එකේන් ෆෝමල් ඉවෙන්ට් වලට දාන්න පුලුවන් හැට් එකක් විදියට මේක හදුනගන්න පුලුවන්.හැබයි මේකේ බ්‍රිම් එක පොඩ්ඩක් උඩට නැවුන සීන් එකක් තියෙනවා.එ වගේම එක ආයෙත් නවන්න බැරි විදියට හයිය වැඩියි.

නමබ්ර් ෆෝ – පොර්ක්පයි ස්ට්යිල්

කොට පොඩි මොඩ්ල් එක තමයි මේක.මෙකෙ නම් ක්‍රවුන් එකේ තලලා පොඩි කරලා නවලා ඔබලා නෑ.ෆ්ලැට් විදියටම තියෙනවා අවුලක් නැතුව.හැබයි මේකේත් බ්‍රිම් එක පොඩී වගේම වටෙන්ම උඩට පොඩ්ඩක් නැවිලා තියෙන්නේ

නම්බර් ෆයිව් – බොව්ලර්/ඩර්බී ස්ට්යිල්

චාලි චැප්ලීන්ව දන්නවා නම් මේ හැට් එකත් බ්රෝ අමතක වෙන්න විදියක් නෑ.මෙකෙත් ක්‍රවුන් එක ඇතුලට නවන්නේ නෑ.හැබයි ෆ්ලැට් නැතුව එලියට රවුම් වෙන්න පේනවා.හැබයි මේක ෆෝමල් ගතිය අතින් අඩු විදියටටයි සලකන්නේ. මෙකෙත් බ්‍රිම් එක අග උඩට නැම්මක් තියෙනවා.

නම්බර් සික්ස් – වෙස්ටන් ස්ට්යිල්

කව්බොයි ෆිල්ම් බලලා තියෙන ඕනෙම බ්රෝ කෙනෙක් මේ සට්යිල් එක නම් දන්නවා.උස ක්‍රවුන් එකක් තියෙන,පලල් බ්‍රිම් එකක් තියෙන මේ හැට් එක අව්වට වැස්සට ඕනෙම දෙයකින් මුහුන ආරක්ශාකරගන්න නියමෙට ගැලපෙනවා බ්රෝ.මෙකේ ජනප්‍රියම වර්ගෙ තියෙනවා ඩබල් ක්‍රවුන් කියලා කියන එක.එ කිව්වේ හැට් එකේ නොමල් ක්‍රවුන් එක දෙකට බෙදිලාම පේන විදියට මැද්දෙන් නැමිලා තියෙන හැට් වර්ගේ.මෙකත් ෆොමල් හැට් එකක් විදියට සලකන්න බෑ බ්රෝ!

නම්බර් සෙවන් – පැනමා හැට්

මෙක පැනමා කියලා නම තිබ්බට ඇත්තටම මේ හැට් හදන්නේ ඉක්වදෝර් කියන රටේ.මේ නම වැටිලා තියෙන්නේ පැනමා ඇල කපන්න ආපු කට්ටිය මේ හැට් දාගෙන හිට්ය නිසාලු.මෙකත් ෆෙඩොරා හරි ට්‍රයිබ්ලී හැට් හරි වගේම උනාට මේවා හදන්න ගන්නේ පාම් ගස්වල කොල හරි පිදුරු හරි නිසා එ හැට් වලින් වෙනස්.නවලා අස්සේ ගහගත්තත් මෙකේ ශේප් එක නම් වෙනස් වෙන්නේ නෑ.වෙලන්නත් එච්චර ගෙමක් දෙන්න ඕනේනෑ.හැබයි මෙ හැට් ගැලපෙන්නේ කැසුවල් ගමන් වලට තමයි.

නම්බර් එයිට් – බෝටර් හැට්

පිදුරු වලින් හදන් ෆ්ලැට් හිසක් තියෙන ෆ්ලැටේ ෆ්ලැට් හැඩයක් තියෙන මේහැට් ජනප්‍රිය වෙලා තියෙන්නේ එකේක රෙස් බලන්න යන වැඩේට.එ වගේම රස්නේ දවස් වලට ලුක් එකක් ගන්න හොද හැට් එකක්.

නම්බර් නයින් – ටොප් හැට්

ලංකාවේ මේවා අදිනවා ගොඩක් අඩුයි.කලින් කිව්ව හැට් වලටත් එ කතන්දරේම තමයි.හැබයි දැනගෙන ඉන්න එක කොකටත් හොදයි නේ.මේ හැට් වර්ගේ ගොඩක්ම ෆෝමල්,දවල්ට අදිනවා නම් තද අලුපාට හරි රැට අදිනවා න කලුපාට හැට් තමයි අදින්නේ.ඔයවගේ ෆොමල් ඉවෙන්ට් හැමදාම නැති නිසා සල්ලි දිලා ගන්න එකත් අපරාදේ.

නම්බර් ටෙන් – මිලිටරි හැට්

මිලටරි හැට් වර්ග ගොඩක් තිබ්බට මෙතන කතාකරන්නේ ජනප්‍රියම වර්ගේ වෙන බූනි එහෙමත් නැත්තන් ගිග්ල් හැට් කියන වර්ගේ ගැන,ඔය හයිකින් කරන් බ්රෝලට එහෙම මේක වැදගත්.කලින් කාතාකරපු හැට් වලට වඩා මෙකේ වෙනස්කම් ගොඩක් තියෙනවා.එක දෙපැත්තෙම බොත්තම් දෙකක් තියෙනවා බ්‍රීම් එක ක්‍රවුන් එකට සෙට් කරන්න පුලුවන්.එ වගේම හැට් එක හිරවෙන්න නුලකුත් තියෙනවා.අලුතෙන් කියන්න ඕනේ නෑනේ… මේ ඔක්කොම කැමෆ්ලාජ් පැට්න් විදියට තමයි හදලා තියෙන්නේ.ඊබේ එකෙන් එහෙම ගෙන්වනවා නම් අයිටම් එකේ නම් වෙනස් කරන්න කියන්න සෙලර්ට නැත්තන් අයිටම් එක ලංකාව ඇතුලට එනව එකක් නෑ.

“හැට් එකත් එක්ක අඳින්න ඕන දෙවල්,හැට් එකත් එක්ක ස්ට්යිල් කරන විදිය සහ හැට් එකක් හරියට තියාගන්න ඕන විදි ඔක්කොම දැනගන්න” මෙතන ක්ලික් කරන්න බ්රෝ!

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න