නින්ද යන්නේ නැද්ද? මෙන්න විසඳුම

  “කෙලින්ම වැඩේට බහිමු බ්රෝ.නින්ද යන්නේ නැත්තන්,නින්ද යනවා හොර නම්, මෙන්න ෆලෝ කරන්න ඕන ටිප්ස් ටික”

ටිප් නම්බර් වන් – කොහු කොහුද ගිලෙනවද?

තාම පාවිච්චි කරන්නේ එ කාලේ ඉඳන් තිබ්බ කොහු මේට්ටෙද? නැත්තන් නිදාගන්න හදන්කොට ඇතුලට ගිලාබහින මෙට්ටෙකද? මතක තියාගන්න බ්රෝ සාමානයෙන් ඔබ ජිවිත් වෙන කාලෙදි අවුරුදු 24 ක් විතර කාලයක් නිදාගන්න බව.ඔව් අවුරුදු 24ක් තමයි.ඉතින් එහෙම එකේ නින්ද ට ගැලපෙන හොඳ මෙට්ටෙයක් ගන්න එක නම් අනිවාරයෙන්ම කරන්න වෙනවා බ්රෝ.මොකද බිම නිදාගන්න එක හොදයි කොන්ද කැඩෙන මෙට්ටෙක නිදාගන්නවට වඩා.

 

ටිප් නම්බර් ත්‍රී – එකම වෙලාවට

අපේ බොඩි එක හැමදාම එකම වෙලාවකට ඔෆ් වෙන්න හදපු ස්විච් එකක් වගේ බ්රෝ,ඉතින් හැමදාම රැ උන ගමන් හැමෝම නිදාගන්නවා.දැන් කාලේ තියෙන වැඩවල හැටියට නිදාගන්න වෙලාවක් එහෙට මෙහෙට උනාට ඔබට නින්ද යන එක ප්‍රශ්නයක් නම් එකෙන්ම හැමදාම එකම වෙලවාට නිදාගන්න බලන්න.එක දිගටම පුරුදු කරගත්තොත් එ වෙලාවට අනිවාර්යයෙන්ම නිදිමත එන නිසා නින්ද නොයන ප්‍රශ්න අඩු වෙයි.

 

ටිප් නම්බර් ෆොර් – එකම වෙලාවට 2

කලින් නින්දට ගියත් පහුවෙලා නින්දට ගියත් මොනව කරත් හැමවෙලේම එකම වෙලාවකට නැගිටින්න බලන්න බ්රෝ.කොහොමත් එලාර්ම් එක තියන නිසා එක අවුලක් වෙන්නේ නෑනේ. එකපාරක් එලාර්ම් එක වැදුනට ඇහැරෙන්නේ නැත්තන් කරන්න තියෙන්නෙ එලාර්ම් දෙකක් තුනක් තියාගන්න එක. පලවෙනි එලාර්ම් එක ඇහැරෙන්න ඕනේ වෙලවට විනාඩි 10 කට කලින් තියාගන්න.දෙවෙනි එක විනාඩි 5ක්ට කලින් සහ අන්තිම එක හරි වෙලාවට තියාගන්න.හැබයි මතක තියාගන්න එලාම් එක පොඩ්ඩක් ඇවිදලා ගිහිල්ලා ඔෆ් කරන්න තියෙන තැනක තියන්න. ට්‍රයි කරලා බලන්න.එකත් හරියන් නැත්තන් පහල දාලා තියෙනවා ඇප් ලින්ක් එකක් එක ට්‍රයි කරන්න.

 

ටිප් නම්බර් ෆයිව් – නැගිට්ට ගමන් බ්‍රයිට්

දිප්තිමත් ආලෝකය හරියටම කිව්වොත් නිල්පැහැ අලෝකය අපේ මොලේට සිග්නල් එකක් යවනවා දැන් වැඩ පටන් ගන්න කියලා.එ වගේම රීසර්ච් වලින් හොයාගෙන තියෙනවා මෙහෙම කරන එකෙන් උදේ පාන්දරම වැඩ පටන් ගන්න පුලුවන් වගේම කලින් නිදාගන්නත් පුලුවන් වෙනවා කියලා.තව ඇගේ බර ගානට තියාගන්නත් මේ දේ උදව් වෙනවා කියලා හොයාගෙන තියෙනවා.ඇහැරුනේ ඉර ආවාට පස්සේ නම් විනාඩි 20ක් ඉර එලියේ ඇවිදින්න පුලූවන් නම් ගොඩ.එහෙම නැත්තන් ලයිට් එකක පිහිටතමයි.හැබයි ඉතින් අපේ බ්රෝලා උදේ පානදරම ෆෝන් එක චෙක් කරන එකෙන් නොදැනීම වෙන්නෙත් මේකම තමයි.

ටිප් නම්බර් සික්ස් – දාඩිය දාගන්න.

රෑ පුරා ඔක්කොම තියෙන දෙවල් කාලා කාලා අන්තිමේ නිදාගන්නවා ඊටපස්සේ උදේ ඉදන් රෑවෙනකන් ඩෙස්ක් එකක් පිටිපස්සේ ඉදන් ඔෆිස් එකක වැඩ.මෙහෙම කරන සෙට් එකට ඉතින් වෙනම දාඩිය දාගෙන එක්සසයිස් කරේ නැත්තන් බ්රෝ නිදාගන්න අමාරුකම් ඇතිවෙනවා.එක නිසා එක්සසයිස් කරන එක පට්ට වැදගත්.ජිම් යන්න ඔනේම නෑ ගෙදර ඉදන් අඩු ගානේ විනාඩි 30ක් වත් කරා නම් හරි.

 

ටිප් නම්බර් සෙවන් – ෆාස්ටින්

කන්නේ නැතුව ඉන්න නම් බෑ තමයි ,හැබයි නින්ද යන්නේ නැති එක ඊට වඩා ලොකු ප්‍රශ්නයක් නේ.මේ කියන්නේ හරකා වගේ හැම වෙලාවෙම කෑම අඹරන්නේ නැතුව එක වෙලාවකට කලාවකට කරන එක ගැන.රැ 7න් හරි 8න් හරි පස්සේ කෑම කන එක නවත්වලා ඊලග දවසේ උදේ කෑම එකත් පන්නලා කෙලින්ම දවල් 12න් පටන් ගෙන ආයෙ හවස 7 වෙනකන් තියෙන කාලේ කන එක ගැන තමයි හරියටම මෙතනින් කියන්නේ.ඔක රිසර්ච් එකකින් හොයාගත්ත දෙයක්.එහෙම කරොත් හොද නින්දක් ලබාගන්න පුලුවන් කියලා තමයි හොයාගෙන තියෙන්නේ.

 

ටිප් නම්බර් එයිට් – කෑෆේන් එපා.

කැෆෙන් තියෙන එවා බිව්ව ගමන් නින්ද ඉවරයි ඉතින්.මේ කියන්නේ කොපි, තේ , බීම වර්ග , අයිස් ක්‍රීම , යෝගට් වගේ කෑම ගැන.සාමානයෙන් මෙවා කෑවා බිව්වම පැය 3ක් 4ක් අතර කාලයක් ඇඟ ඇතුලේ වැඩ කරන නිසා නින්දක් පැත්ත පලාතෙ එන්නේන් නෑ.උදාහරනයක් විදියට හවස තේ එක 5ට බිව්ව කෙනෙක්ගේ ඇගේ කැෆේන් රෑ 10 වෙනකන් තියෙන්න පුලුවන්.ඉතින් නිදාගන්න එක තවත් පරක්කු වෙනවා.එක නිසා හොදම දේ මේවා වලින් ඇත්වෙන එක. කන්න වෙනවාම නම් දවල්ට කන එක.

 

ටිප් නමබ්ර් ටෙන් – නිල් එවා එපා

ඉර බැහැලා කලුවර උනාට් පස්සේ අපේ ඇඟ හැදිලා තියෙන්නේ ඔටොමැටිකලි ඔෆ් වෙන්න කියලා කලිනුත් කිව්වනේ.හැබයි දැන් කරන්ට් එක තියෙන නිසා මේ සීන් එක පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ.එ වගේම රෑ වෙනකල් ටිවි එක,කම්පියුටර් එක හරි ෆෝන් එක හරි ලඟ ඉන්නව නම් හොද නින්දක් කියන එක අමතක කරන්න බ්රෝ. හොදම දේ නිදාගන්න කලින් පැය් දෙකකට කලින් වත් එ දෙවල් වලින් ඇත්  වෙන්න.හැබයි එහෙම කරන්නත් බැරි නම් එ ඩිවයිස් වලන් එන නිල් අලෝකය පාලනය කරන්න ඇප් එකක ලින්ක් එකක් පහල දාලා තියෙනවා බලන්න.එ වගේම ඔබ ඉන්න කාමරේ අලෝකයත් ඩිම් කරන්න වග බලාගන්න බ්රෝ. නැත්තන් ඇතිවැඩක් නෑ.

 

ටිප් නම්බර් ලෙවන් – ජේම්ස් බොන්ඩ්ගේ ශවර් එක දාගන්න

මේක නිදාගන්න කලින් කරන්න ඕන වැඩක් හැබයි වැඩේට උනු වතුරයි සීතල වතුරයි දෙකම තියෙනේ ඕනේ.නිදාගන්න පැයකට කලින් මුලින්ම උනුවතුරෙන් පටන් අරන නාලා ඉවර වෙන්න කලින් අන්තිම විනාඩි දෙක තුන සීතල වතුරෙන් නාලා ඉවර කරන්න.එච්චරයි.බ්රෝ කෙනෙක් ට කියන්න පුලුවන් සීතලෙන් නෑව ගමන් නින්ද යන්නේ නෑ කියලා හැබයි රීසර්ච් වලින් හොයාගෙන තියෙනවා මෙහෙම කරාම ඇතිවෙන උශ්නත්ව වෙනසත් එක්ක ගැඹුරු නින්දකට වැටෙන්න පුලුවන් කියලා.එ කියන්නේ තනිකරම සීතල වතුර උනොත් නින්ද නොයන්න පුලුවන් වගේම මේ දේ කරොත් නින්ද යනවා කියන එක.

 

ටිප් නම්බර් ටුවෙල්ව් – බිව්ව ගමන් සොරි

නින්දට කලින් ඇල්කොහොල් බ්ව්වම ඉක්මනට හොදට නිදාගන්න පුලුවන් කියලා හිතන් ඉන්නවා නම් එක පට්ට පල් මෝඩ කතාවක් බ්රෝ.අපිට ලැබෙන හොදම නින්ද කෑලි හතරකට කැඩුවොත් එකේ එක සහ දෙක ලෙවල් එකට වෙනකන් විතරයි බිව්වාම ලගාවෙන්න පුලුවන්.එක නිසා බිලා නිදාගෙන උදෙට නැගිට්ටාම තියෙන මහන්සිය ඇතුලෙන්ම දැනෙන්නේ හරි නින්දක් නැතිඑක ගැන.

 

ටිප් නම්බර් තර්ටීන් – නැත්තන් නැගිටින්න.

නිදාගන්න ගිහිල්ලත් නින්දයන්නේ නැද්ද බ්රෝ? රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා නිදගන්න ඇඳට ගිහිල්ලා විනාඩි 20ක් ඇතුලත් නින්ද ගියේ නැත්තන් නැගිටලා එතනින් යන එක තමයි හොදම දේ.පොඩ්ඩක් ඇවිදලා පොතක් කියවන්න බ්රෝ.ඊට පස්සේ ආයෙ නිදගන්න බලන්න.හොදම දේ නිදගන්න කාමරය සංසුන්,රෙස්ට් කරන්න හිතෙන තැනක් වෙන්නම ඔනේ හැබයි.

 

ටිප් නමබ්ර් ෆෝර්ටීන් – චිල් බ්රෝ … චිල්

රැට රස්නේ වැඩි නිසා අදාඩිය පෙරාගෙන නැගිට්න්න උන දවස් මතකද බ්රෝ?  හැබයි කවදාහරි සීතල වැඩි හින්දා නැගිටලා තියෙනවද බ්රෝ? නෑනේ. අන්න එකයි වෙනස.රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා නිදගන්න හොදම කාමර උශ්නතවය සෙල්සියස් අංශක 15 ත් 19ත් අතර ගානක් කියලා.එ ගානට තියාගන එසී එකක් නැත්තන් අඩුම ගානේ ෆැන් එක හරි ඇතිනේ.

 

ටිප් නම්බර් ෆිෆ්ටීන් – කලු තමයි පාට.

ඇස් දෙක වහගත්තට ඔක්කොම කලුයිද බ්රෝ. නැද්ද ? එහෙනම් එතන තමයි ප්‍රශ්නේ.නිදාගන්න කාමරේ සම්පුර්නයෙන්ම කලුවර නැත්තම් බ්රෝ නිදගන්න අමාරු වෙන එක අලුත් දෙයක් නෙමෙයි.එක නිසා ජනෙල් රෙදි අස්සෙන් එලිය ඇතුලට එන එකේ ඉදන් ඔබේ කාමරේ තියෙන ලයිට් ඔක්කොම ඔෆ් කරාම සම්පුර්න කලුවර එනවද කියලා බලන්න බ්රෝ.

 

ටිප් නම්බර් සික්ස්ටීන් – සද්දේ එක්ක බෑ.

නිදාගන්න කියලා ෆැන් එක දැම්මම එකේ ටක ටක් සද්දෙද ? අඩුම ගානේ එකෙන් එන්න ඕනේ නැති මොනව හරි සද්දයක් හරි එනවද? එ ටිකත් ඇති බ්රෝ ඔබේ හොද නින්ද කඩන්න.හෙතුව රෑට ඇතිවෙන නිහඩ බව නිසා අතොරලෝසුවක කටු කැරකෙන ටික් ටික් සද්දෙට උනත් ලොකු දෙයක් කරන්න පුලුවන්.එක නිසා සද්දේ නැතිම විදියට ඔබේ කාමරේ හදගන්න බ්රෝ.

 

ටිප් නම්බර් සෙවන්ටීන් – පෙති එපා බ්රෝ.

ඇල්කොහොල් වගේම නින්දට කලින් බොන්න හොද නැති ඊලග දේ නින්ද යන්න බොන පෙති වෛයිදවරයෙක් කියනවා නම් ඇරෙන්න නිදිපෙති බොන එක නම් කිසිම හොදක් නෑ බ්රෝ.රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා නිදිපෙති වලින් ඔබට හම්බෙන්නේ සාමානය නින්දට වඩා විනාඩි 11ක කාලයක් වැඩි නින්දක් පමනයි කියලා.මේකේ තියෙන සයිඩ් ඉෆෙක්ට්ස් වල හැටියට විනාඩි එකොලහකට ඔබේ ජිව්තේ කෙලකරගන්න එක වටින්නේ නෑනේ බ්රො!එක නිසා ඔය කියපු එක ටිප් එකක් වත් හරියන් නැත්තන් හරි මොන වෙලාවකදි හරි හිතෙනවනම් තත්වේ පොඩ්ඩක් අවුල් වගේ කියලා ඉක්මනට වෛයිදය සහය ගන්න.

ස්ක්‍රීන් එක ඩිම් කරන ඇප් එක – මෙතන ක්ලික් කරන්න

Comments are closed.