ලෙදර් ජැකට් ද? ඩෙනිම් ජැකට් ද?

ජැකට් එකක් ගන්න ආසාවෙන් ඉන්නවද බ්රෝ.. හැබයි ගන්න ඕනේ මොන වර්ගේ ජැකට් එකක්ද කියලා තාම හිතාගන්න බැරිද? ඉතින් කැසුවලි ඕනම තැනකට අඳින්න පුලුවන් ජැකට් ගැන කතාකරොත් එතන ප්‍රදාන වශයෙන් තියෙන්න පුලුවන් ජැකට් වර්ග දෙකයි.එක, ඩෙනිම් ජැකට් එක අනෙක ලෙදර් ජැකට් එක.දෙකම ගන්න එක එක්කො සල්ලි නැතිවෙන්න පුලුවන් නැත්තන් අපරාදේ වෙන්නත් පුලුවන් කියලා හිතෙනවා නම් බ්රෝ මෙන්න ගයිඩ් එක.මොකක්ද මේ දෙකෙන් හොදම කියලා රවුන්ඩ් හයකින් තෝරමු.කවුද දිනන්නේ කියලා නිකමටවත් හිතන්න බැරිද බ්රෝ?

 

රවුන්ඩ් නම්බර් වන් – ඕන තැනකට ඔට්ටුද?

පලවෙනි රවුන්ඩ් එකෙදී බලන්නේ මේ ජැකට් වර්ග දෙකම අදින්න පුලුවන් විදි. එ කිව්වේ කොච්චර ඇදුම් රෙන්ජ් එකක් එක්ක මේක අදින්න පුලුවන්ද කියන එක.ජැකට් දෙකම ගේමක් නැතුව ඕනම කලිසමක් එක්ක,බුට්ස් දෙකක් දාලා,හොද වොච් එකක් එක්ක ඇන්දම පට්ට ලුක් එකක් එන එක අහන්න දෙයක් නෙමෙයි.එ වගේ ලෙදර් ජැකට් එක ඕනම පාටක් එක්ක ගැලපුනාට ඩෙනිම් ජැකට් එකක් එක්ක ඩෙනිම්ක් අදින එක මැච් වෙන්නේ නැති නිසා මෙතනදී ඩෙනිම් ජැකට් එක ෆේල් වෙනවා බ්රෝ. එහෙම අදිනවට කියන්නේ “ කැනේඩියන් ටුක්සීඩෝ“ කියලා.

කැනේඩියන් ටුක්සීඩෝ
කැනේඩියන් ටුක්සීඩෝ

හැබයි එහෙම කිව්වට ඩෙනිම ජැකට් එකත් ගේම අතාරින්නේ නෑ.කලු ඩෙනිමක් එක්ක,ඔෆ් වයිට් ඩෙනිමක් එක්ක හරි ඩෙනිම් ජැකට් එකේ පාට එක්ක නොයන වෙන ඕනම පාටක් එ  කිව්වේ අලු,දුබුරු,තද කොල වගේ ඕනම පාටක් එක්ක ඩෙනිම් ජැකට් එකක් ශේප්.

හැබැයි ඉතින් එ අතින් ගත්තම ලෙදර් ජැකට් ඕනම දෙකට ඔට්ටුයි.මොටර් සයිකල් ලෙද ජැකට්,ෆල්යිට් ජැකට්,රේසින් ලෙදර් ජැකට් වගේ එකේක වර්ග වලින් තියෙන නිසත් ලෙදර් ජැකට් පොඩ්ඩක් ෆෝමල් ගතියෙන් වැඩි නිසාත් රවුන්ඩ් වන් එක ලෙදර් ජැකට් එකට තමයි දිනුම හම්බෙන්නේ.

රවුන්ඩ් වන් දිනුම – ලෙදර් ජැකට් එක.

 

රවුන්ඩ් නම්බර් ටූ – ගාන කියද?

ඩෙනිම ජැකට් මේ රවුන්ඩ් එකේ කිසිම ගින්නක් නැතුව දිනන එක ආයෙත් අහන්න දෙයක් නෑ.හේතුව සාමානයෙන් ඔරිජිනල් ලෙදර් ජැකට් එකකට වඩා ඩෙනිම් ජැකට් එකක් මිලෙන් ගොඩක් අඩු වීම.එහෙම බැලුවට එතන පොඩි අවුලක් තියෙනවා.ගාන අඩු නිසා ඩෙනිම් ජැකට් එකක් ගත්තා කියමුකො හැබයි ඔරිජිනල් ලෙදර් ජැකට් එකක් එක්ක බැලුවම එක පාවිච්චි කරන්න පුලුවන් කාලේ නම් අඩුයි බ්රෝ.එක නිසා මොන දෙයක් ගන්න ගියත් ලාබ බඩුවේ හිලක් ඇතේ කියන එක පොඩ්ඩක් මතක තියාගන්න.

ගාන කියද?
ගාන කියද?

ගනන් වලින්ම ඇදුමක් ගන්න කොට ගන්න ඕන කොකද කියලා දැනගන්න ඕන නම්  මෙන්න සමිකරනේ: වටිනාකම = (මිල/අදින්න පුලුවන් වාර ගනන).ඉතින් එහෙම මේ රවුන්ඩ් එකෙදී ජැකට් දෙකෙන් එකක් වත් දිනන්නේ නෑ.

රවුන්ඩ් ටූ දිනුම – මොකටවත් නෑ.

 

රවුන්ඩ් නම්බර් ත්‍රී – හොදනවද නැද්ද?

මේ ජැකට් ෆයිට් එකේ දැනට ලෙදර් ජැකට් එක තමයි මුලට ඉන්නේ. හැබයි මේ රවුන්ඩ් එකෙදී මොනවා වෙවිද බ්රෝ? හැමෝම දන්නවා වගේ ලෙදර් ගොඩක් කල් පට්ට ගහගහ පාවිච්චි කරන්න පුලුවන් උනාට තෙල් වලින්,වැඩි උශ්නත්වයෙන් ලෙදර් බෙරගත්තෙ නැත්තන් නම් වැඩි කලක් පාවිච්චි කරන්න වෙන්නේ නෑ.එ වගේම ලෙදර් ජැකට් එකක් අපිට ඕන විදියට වොශින් මැශින් වල දාලා හොදන්න බෑ බ්රෝ. අතින් තමයි ඉතින් කරන දෙයක්.එකත් අපිරිසිදු වෙලා තියෙන තැනටම.

ඩෙනිම් ජැකට් වොශින්
ඩෙනිම් ජැකට් වොශින්

හැබයි අන්න එකට ඩෙනිම් ජැකට් වොශින් මැශින් එකට විසිකරා ,නැත්තන් ගලේ ගහලා බැරි නම් ඕන ඕන විදියට හෙදුවා ගත්තා ,වැඩේ ගොඩ.එකම දේ සයිස් එක පොඩි වෙන්න පුලුවන් ,එක නැති කරන්න නම් උනුසුම් වතුර වලින් හෝදන එක නතර කරන්න, එ වගේම වොශින් මැශින් එකෙන් වෙලන එක නතර කරලා නිකන් වෙලෙන්න දෙන්න.ඉතින් මේ කතන්දර එක්ක බලනකොට මේ රවුන්ඩ් එක දිනන්නේ ඩෙනිම් ජැකට් එක.

රවුන්ඩ් ත්‍රී දිනන්නේ – ඩෙනිම ජැකට් එක.

 

රවුන්ඩ් නම්බර් ෆෝ – කාලගුනේ කොහොමද?

මේ රවුන්ඩ් එකේදී බලන්නේ එකේක කාලගුන තත්ත්ව යටතේ හොදටම වැඩ කරන්නේ මොන ජැකට් එකද කියලා බලන එක.ලෙදර් ජැකට් එක ගත්තොත් සීතල කාලගුනෙකදී උනුසුම ඉන්න හොද බාන්ඩයක් තමයි.හැබයි පුතී ඉර කට්ටෙට පායනවා නම් ලෙද ජැකට් එකක් අදිනවා කියන්නේ වහක්. එ අතින් එහෙම රස්නයක් තියෙන තැනක ඩෙනිම් ජැකට් එකක් ඇදන් ඉන්න එක ලොකු අවුලක් නෑ.එ වගේම සිතල කාලගුනෙකටත් එක ශේප්.එහෙම බැලුවම ඩෙනිම් ජැකට් එක වටිනවා.

 සිතල කාලගුනෙකටත් එක ශේප්
සිතල කාලගුනෙකටත් එක ශේප්

හැබයි පුතී වෑස්ස කාලෙක ඩෙනිම් ජැකට් එකක් ඇදන් යනවා කියන්නේ වහක්.තෙමුන ගමන් තෙතබරිත ශෝකබරිත වෙලා සොරිම වෙලායනවා.අන්න එකට ලෙදර් ජැකට් කිසිම අවුලක් නෑ වොටර් රෙසිස්ටන්ට් නිසා වැස්සට වතුරට ඔරොත්තු දෙනවා.එහෙම බැලුවම මේ රවුන්ඩ් එක දිනන්නේ ලෙදර් ජැකට් එක.

රවුන්ඩ් ෆෝ දිනන්නේ – ලෙදර් ජැකට් එක

 

රවුන්ඩ් නම්බර් ෆයිව් – ආයෙත් මහමුද?

ගත්ත ඩෙනිම් ජැකට් එක පොඩ්ඩක් ලොකු වැඩියිද ? එක ප්‍රශනයක් නෙමෙයි බ්රෝ! ගත්ත ලෙද ජැකට් එක පොඩ්ඩක් ලොකු වැඩියිද ? අන්න එක නම් ප්‍රශ්නයක් බ්රෝ. ටෙලර් කෙනෙක්ට දිලා ඩෙනිම් ජැකට් එකක් නම් එහෙට මෙහෙට කරලා හදාගන්න එක අවුලක් නැති උනාට ලෙදර් ජැකට් එකක් එහෙම ආවට ගියාට මොනවත් කරන්න බැරි මේ රවුන්ඩ් එක එකෙන්ම ඩෙනිම් ජැකට් එක දිනුම්.එ වගෙම බ්රෝ ඔන්ලයින් එහෙම ලෙදර් ජැකට් ගන්නව නම් බලන්න හැමතිස්සෙම එවා රිටන් කරන්න පුලුවන්ද කියලා.මොකද ලෙදර් ජැකට් එකක් ඇගට ලොකු වෙන්නත් බෑ පොඩි වෙන්නත් බෑ.ගානට ෆිට් වෙන්නයි ඕනේ.

ලෙදර් ජැකට් එක පොඩ්ඩක් ලොකු වැඩියිද
ලෙදර් ජැකට් එක පොඩ්ඩක් ලොකු වැඩියිද

රවුන්ඩ් ෆයිව් දිනන්නේ – ඩෙනිම් ජැකට්

 

රවුන්ඩ් නම්බර් සික්ස් – සෙක්සි මොකක්ද?

මොකක් ඇන්දත් වැඩක් නෑ අඩු ගානේ එකෙන් පොඩි සෙක්සි ලුක් එකක් එන්නේ නැත්තන් බ්රෝ.ලෙද ජැකට් එකක් ඇදන් තැනකට ගියාට පස්සේ කෙල්ලොන්ගෙන් එන ලුක් එක ආයෙ අහන්න දෙයක් නෑනේ.එකනේ ඔය ටිවී ඇඩ් වල එහෙම පාවිච්චි කරන්නේ.හැබයි ඇදුම ඇන්දට අදින කෙනාගෙ පර්සනැලිටි එකට එක ගැලපෙන්නේ නැත්තන් එතනත් අවුලක්.ඩෙනිම් ජැකට් එකක තියෙන්නේ පොඩි කොල්ලෙක් කියන ෆිලින් එකනේ.හැබයි ලෙද ජැකට් එකකින් කියන්නේ පිරිමියෙක්/මිනිහෙක් කියන ෆිලින් එක.ෆොමල් අතින් ගත්තාමත් ලෙද ජැකට් එක ඉදිරියෙන් ඉන්න නිසා මෙ රවුන්ඩ් එක ලෙද ජැකට් එක දිනනවා.

පොඩි සෙක්සි ලුක් එකක්
පොඩි සෙක්සි ලුක් එකක්

එ අනුව තරගය එක ලකුනක වෙනසකින් ලෙදර් ජැකට් දිනනනවා බ්රෝ!මොන ජැකට් එක ගත්තත් දැන් දෙක ගැනම දන්න නිසා ඉතින් අවුලක් වෙන එකක් නෑ.

 

බ්රෝ ඉන්ෆො ජනප්‍රියම ඉන්ෆෝ බලන්න මෙතන ක්ලික් කරන්න බ්රෝ

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න