බූට් එකක් කැවට පස්සේ මොකද කරන්නේ?

බූට් එකක් කැවට පස්සේ මොකද කරන්නේ?
බූට් එකක් කැවට පස්සේ මොකද කරන්නේ?

“බ්රෝ ආසම කෑම එක මතක් කරගන්න…එක කෑවට පස්සේ ඉතුරු උන දෙවල් වලට මොකද කරන්නේ? විසිකරනවනේ..කොච්චර ආසවුනත් එ කෑම එක තියාගන්න බෑනේ…තව කන්නත් බෑ…එන්න එන්න නරක් වෙනවනේ…ආ..මෙකත් එ වගේ තමයි…”

එ කාලේ හන්තානට පායන හදෙන් පටන් ගත්තාම දැන් නාහෙන් අඬ අඬ කියන බූට් සිංදු වල හැටියට මොනවා කිව්වත්,මොන තැනක් කොහොම හිටියත් බ්රෝ.. බුට් එකක් තියන එක තරම් සුන්දර නෑනේ බූට් එකක් කාපුවම .පුරුද්දට හැටට හැටේ බූට් කම්පැනිවල වැඩකරන බ්රෝ කෙනෙක්ට නම් එක සාමානය දෙයක් නිසා ඕක මහ ලොකු ගානක් නෑ.හැබයි හැමොම එහෙම නෑනේ.මොනව හරි හේතුවක් නිසා බූට් එකක් කෑවා කියමුකො.දැන් මොකද කරන්නේ?කරන්න තියෙන්නෙ ඔප්ශන් දෙකයිනේ බ්රෝ!

එකක් දාලා ගියපු කෙල්ල ගැන හිතහිතා තැවි තැවි ලතවෙවි හොටුපෙර පෙර අර මියුසික් විඩියෝ වල පෙන්වනවා වගේ කොන්දක් නැති එකෙක් වගේ බූට් එක ගැන අඬ අඬ ඉන්න ඔප්ශන් එක.අනෙක් ඔප්ශන් එක යනවා නම් යන්න කියලා හිතහදන් තව එකක් ට්‍රයි කරන එක ඔප්ශන් එක.හේතුව ලංකාවේ පිරිමි 94කට කාන්තාවන් 100 ක අනුපාතයක් තියෙන බව 2012 දී හොයාගෙන තියෙනවා.(2017 කියලත් මහලොකු වෙනසක් නෑ) එක නිසා යන එකට පල කියලා අර ඉතුරු හතර දෙනාගෙන් එක්කෙනෙක් හොයාගෙන ආතල් එක ඉන්න එක තමයි හොඳම දේ.

අනුග්‍රාහකත්වය

අර පලවෙනි ඔප්ශන් එක ෆලෝ කරොත් බ්රෝ ඔය බෙල්ල වැල දාගන්න එවා, කොච්චියට බෙල්ල තියන ඇක්ශන් කෑලි කරන්න ඉඩ තියෙනවා.ඇත්තටම එවා කරන්නේ අර දාලා ගිය මිනිස්සුන්ට රිද්දන්න නම් උඹ වගේ මොඩයෙක්,කොන්ද පන නැති එකෙක් මේ තුන් ලෝකෙම නෑ.මොකද මැරිච්ච මිනිස්සු ගැන කතාකරන්නේ වැඩිම උනොත් දවස් හතයිනේ.එකනේ ඇත්ත.ඊට පස්සේ කාටවත් මතකත් නෑ කව්රුවත් දන්නෙත් නෑ.අර ගියපු කෙල්ලත් වෙන එකෙක් එක්ක සැපේ ඉඳියි.

ඉතින් ඒ වගේ නිකාං බොරුවට ඉල්ලන් කන්නැතුව,බූට් ගේම ගොඩ දාගන්න එක කරන්නේ කොහොමද ? එකට තමයි බ්රෝ කලින් කිව්ව ඔප්ශන් ටූ එක කරන එක.යන අය ගියාද “හා“ යන්න .ඕනේ නැති නිසානේ යන්නේ ඉතින් යන්න. ඊට පස්සේ පොඩි කාලයක් යනකන් මොන වැල් බයිලා ගැහුවත් පොඩි අවුලක් එනවා.ඒක නැති කරගන්න තමයි මේ ටිප්ස් ටික.

ටිප් නම්බර් වන් – වහගෙන ඉන්න එපා.

අමාරුවෙන් හිරකරගෙන එක දිගට ඉන්නවා කියන එකේ බරපතලකම ගැන දැනගන්න ඔය දුරගමන් යන බස් වල යන අයගෙන ටිකක් අහලා බලන්න බ්රෝ.මොකද එවා අපිට ඕන ඕන තැන් වල වැඩේ කරන්න නවත්වනේ නෑනේ.හැබැයි කොහොහරි නැත්තුවට පස්සේ එ මිනිස්සුට තියෙන සැනසිල්ල ආයෙ අලුතෙන කියන්න ඕනේ නෑනේ බ්රෝ.එ වගේම තමයි මේකත් කරන්න තියෙන්නේ හිතේ බූට් එක පැලවෙලා මුල් අඳිනකන් තියගන්නේ නැතුව වෙන කාටහරි කියලා නිදහස් වෙන එක.කියන එක කෙල්ලෙක් නම් තවත් හොඳයි.එක දේ කතාකරලා හිත නිදහස් කරගන්න එක.තව දෙයක් කව්රු හරී යාලුවෙක්ට හරි, ගොඩක් ලඟින් ආශ්‍රය නොකරන එකෙක් උනත් ඔහොම සීන් එකක් වෙලා තියෙනවා නම් බ්රෝ මිනිහා කියන දේ මෙලෝරහක් නැතිවෙන්න පුලුවන්.හැබයි පොඩ්ඩකට අහන් ඉදලා ශෙප් කරලා දාන්න බලන්න.මොනවා උනත් කොල්ලෙක්නේ..

 

ටිප් නමබ්ර් ටූ – රොක්වෙන්න.


දැන් ඉතින් කිසි අවුලක් නෑනේ.අර සින්දුවකත් කියනවා වගේ “පියඹා යනවා මා ආකාසයේ… අවසානයි ප්‍රේමාදරේ…“ කියලා ඉතුරුවෙන වෙලාව යාලුවෝ,ගෙදර කට්ටිය,පන්සලේ,පල්ලියේ එකේක වැඩ,ඔෆිස් එකේ සෙට් එකත් එක්ක සෙට්වෙලා ෆන් එකේ ඉන්න.කොහොමත් සල්ලිත් ඉතුරුවෙන නිසා වැඩේත් ලෙහෙසි, පර්ස් එකටත් වාසියි. එ වගේම ශේප් එකේ බලන්න ඔය අස්සේ අර මුලින් කිව්ව 4 වෙනියා ඉන්නවද කියලා.

 

ටිප් නම්බර්  ත්‍රී – ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ආයේ දල්ලෙත් නෑ.

අලුත් හෙයාර් සට්යිල් එකක්,රැවුල් සට්යිල් එකක් ,නෑ එක්කො ටැටු එකක් ,නැත්තන් අර දාල ගියපු කෙනා නිසා නවත්තපු දෙයක්, උදාහරනෙකට අලුත් තැනක ජොබ් එකකට හරි පදිංචියට හරි යන එක,නැත්තන් පොඩි සයිඩ් බිස්නස් එකක් පටන් ගන්න එක , කොහොම හරි කමක් නෑ ඔබේ අනාගතේට හොඳ දෙයක් වෙන මොකක් හරි අලුත් දෙයක් ගැන හිතන්න බ්රෝ.එක දැනම පටන් ගන්න,කලින් හිටියට වඩා තැනකට යන්න බලන්න.

 

ටිප් නම්බර් ෆෝ – “අතීතය සීහිනයාක් පමනයි සැබැ සුවඳක් නෑ“

ඇත්තනේ..දැන් කලින් එකට සම්බන්ධ කිසිම දෙයක් ලඟ තිබ්බයි කියලා ඇති වැඩක් නෑනේ.එකෙන් කියන්නේ එවා ගිනි තියලා දාන්න නෙමෙයි.( වෙන කරන්නම දෙයක් නැත්තන්  නරක අදහසකුත් නෙමෙයි). කොහොමහරි කලින් කෙනාට සම්බන්ද කිසිම දෙයක් ලඟ තියාගන්න එපා බ්රෝ.ටික කලක් යනකන් මතක් වෙන්න පුලුවන් තමයි හැබයි කලින් දෙන්නත් එක්ක ඉදන් ගත්ත ෆොටො එක තාම ෆෝන් එකේ වෝල්පෙපර් දාගෙන ඉල්ලන් මතක් කරගන්නවා වගේ වැඩ කරන්න එපා බ්රෝ.එ වගේම තියෙන ඔක්කොම කනෙක්ශන් අතැරලා දාන්න.ඇයගේ යහලුවෙක්ගෙන් වත් ඇයගැන අහන්න යන්න එපා බ්රෝ

 

ටිප් නම්බර් ෆයිව් – ඩීලිඩ්,අන්ෆලෝ,අන්ටැග්

තාම එයාගේ නම්බරේ ෆෝන් එකේද බ්රෝ?උත්තරේ නෑ නම් අවුලක් නෑ ඔබ හරියට වැඩේ කරලා, උත්තරේ ඔව් නම්,එයා වට්සැප් එකේ,වයිබර් එකේ දාන දාන ප්‍රොෆයිල් පික්චර් බලලා ස්ටෙට්ස් බලලා ආයෙත් ඉල්ලන් කන්න ඕනේ නෑනේ බ්රෝ.එකෙන්ම ඩිලීට් කරලා දාන්න.“අපි යාලුවෝ වගේ ඉමු, ඉදලා හිටලා කතා කරමු“ වගේ වැල් බයිලා වලට එන්න හදනවා නම් ඕක උදේ පාන්දරම බ්ලොක් කරලා දැන්මත් කිසිම පාඩුවක් වෙන්නේ නෑ බ්රෝ.එ වගේම විශේෂයෙන්  ෆෙස්බුක්, ඉන්ස්ටාග්‍රැම් , ට්විටර් වගේ සමාජ ජාල වල ස්ටේටස් දාදා අඩන්න නම් එපා බ්රෝ.එකෙන් ඔබව හැල්ලුවට ලක් වෙන එක ඇරෙන්න වෙන කිසිම වැදගත් වැඩක් වෙන්නේ නෑ. කොහොම හරි ඔය හැම එකෙන්ම පරන එක අන්ෆලො කරලා දාන්න.එත් එහෙන් මෙහෙන් පෙන්න ගන්නවා න අන්ෆ්රෙන්ඩ් කරලම දාන්න,හිටියත් ඇති වැඩක් නෑනේ දැන්.

 

ටිප් නම්බර් සික්ස් – “එකත් වෙනම ආතල් එකක් – ජෙහාන්“

කරන්න, මොනවාහරි කරන්න,කැමති දෙයක් කරන්න,අලුත් දෙයක් ඉගෙන ගන්න ක්ලාස් යන්න, ඇඟ පට්ටට හදාගන්න ජිම් යන්න, සල්ලි නැත්තන් ගෙදරදි හරි  ටික ටික පටන් ගන්න.ලියන්න කැමති නම් ෆෙස්බුක් පේජ් එකක් පටන් ගන්න.මොනවහරි කමක් නෑ ආතල් එකක් එන ඉස්සරහට වැදගත් කියලා හිතෙන ඕනේම දෙයක් කරන්න පටන් ගන්න.මොකද මොනවා ඉගෙන ගත්තත් එක කවදාවත් අපතේ යන්නේ නෑ කියලා හු වොන්ට්ස් ටු බී අ මිලියනයර් ෆිල්ම් එක බැලුවා නම් මතක ඇති බ්රෝ.

 

ටිප් නමබ්ර් සෙවන් – ඇහුනේ නැද්ද? හරියන්නෙ නැද්ද?

ඔය ටික ෆලෝ කරලා ශෙප් එකේ ඉන්න බැරිනම් තාම අවුල් වගේනම් මතක තියාගන්න බ්රෝ මේ ලෝකෙන් මේ දේ කරන එකම කෙනාවත් පලවෙනි කෙනාවත් බ්රෝ නෙමෙයි කියලා.එකෙනම් එක බොහොම සාමාන්ය දෙයක් එක බ්රෝ කෙනෙක්ට දවස් ගානක් යන්න පුලුවන් තව බ්රෝ කෙනෙක්ට පැයගානක් යන්න පුලුවන්. එ වගේම ඔහොම දෙවල් වුනාට පස්සේ කෙල කරගන්නේ නැතුව ජිවිතේ යන්න පුලුවන් හොඳම තැන්වලට ගියපු මිනිස්සු ඕන තරම් ජිවත් උනා කියලත්,අදත් ජිවත් වෙනවා කියලත් ඉස්සරහදිත් ජිවත්වෙනවා කියලත් මතක තියාගන්න.අන්න ඒ ගොඩට බ්රෝත් එකතුවෙන්න.

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න