රිසල්ට්ස් බැලුවද? ඊලගට මොකද කරන්නේ?

රිසල්ට්ස් බැලුවද? ඊලගට මොකද කරන්නේ?

“බ්රෝ! මේ පාර එලෙවල් කරේ නැත්තම් හැබයි දන්න අය ඉන්නවා නම් ටැග් කරලා ශෙයාර් කරලා හෙල්ප් එකක් දෙන්න, කරා නම් පහලට කියවගෙන යන්න බ්රෝ.”

දැන් මොකද කරන්නේ ?  රිසල්ට්ස් ආවනේ? රෑම බැලුවනේ.. නැත්තන් තාම බැලුවේ නැද්ද බ්රෝ? එහෙනන් මුලින්ම එක බලලා ඉන්න .බැලුවට පස්සේ ෆේල් නම් මෙතන ක්ලික් කරන්න බ්රෝ. පාස් නම් දිගටම පහලට කියවගෙන යන්න.පාස් නේ… වැඩේ ගොඩ නේ… දැන් ආතල් නේ… දැන් ඔක්කොම ඉවරයි නේ…. පට්ට නේ…බම්බුව! දැන් තමයි ඔක්කොම පටන් ගන්නේ බ්රෝ…පාස් උනාට කැම්පස් යන්න ලකුනු නැද්ද? මෙතන ක්ලික් කරන්න බ්රෝ.

කැම්පස් යන්න ලකුනු තිබිලත් කැම්පස් යන්නැතුව රස්සාවක් කරන්න යනවද? මෙතන ක්ලික් කරන්න බ්රෝ. පාස් වෙලා තියෙන්නේ කැම්පස් යන්න තරම් ලකුනු අරගෙනද? එහෙනන් පහලට ඔහොම කියවගෙන යමු.

 

01 . පාස් වෙලා තියෙන්නේ කැම්පස් යන්න තරම් ලකුනු අරගෙනද?

අවුරුදු 13ක් ඉස්කොලේ ගිහිල්ලා කොහොමහරි අන්තිම විභාගෙත් උඹ හොදට කරගත්තා එහෙනම්, දැන් සතුටුද? හොදට පාඩම් කරලා හරි ගිරවා දාලා හරි කොපි කරලා හරි කොහොමහරි ඔය ගානට පාස් වෙන්න. එකහින්දා ඔව් සතුටු වෙන්න ඕනෙනේ!හැබයි තව අවුරුදු හතරක් රජයේ කැම්පස් ගාටන්නත් තියෙනවනේ! සමහර විට ගියාට පස්සේ රැග් වෙන්නත් වෙයි,පිකටින් යන්නත් වෙයි.එ වගේම ලෙක්චර්ස් වලට යන්නත් වෙයි.එකසැම්,ප්‍රසන්ටෙශන් එහෙම පැලෙන්න තියෙන නිසා පාලුවක් දැනේන එකකුත් නෑ.

අනුග්‍රාහකත්වය

දැනට කැල්ලක් නැත්තන් එකත් ඇතුලෙන්ම හොයාගන්න පුලුවන්.හැබයි එකක් පුතී.ඔය මොන සෙල්ලම් දැම්මත් අවුරුදු 4කින් එලියට එනකොට උඹ බලාපොරොත්තු වෙන්නේ කාගෙ හරි යටතේ රස්සාවක් කරන්නද? නැත්තන් තමන්ගේම කියලා දෙයක් පටන් ගන්නද කියලා තීරනෙකට දැන්ම එන්න.හොද රස්සාවක් හොයාගන්න කියලා කැම්පස් යනව නම් මතක තියාගන්න බ්රො,ඩිග්රිය ඉවර උන ගමන් බන්දෙසියක තියලා ආ.. මෙන්න රස්සාවක් අන්තිමට හම්බෙන්නේ නෑ.

හේතුව අවුරුදු 4 ඉවර වෙලා එලියට එනකොට උඹත් එක්කම එලෙවල් කරලා කැම්පස් එන්නේ නැතුව ජොබ් කරන්න ආපු සෙට් එක ජොබ් එක්ස්පීරීයන්ස් එක අතින් ගොඩක් දුරගිහිල්ලා නිසා උඹ ගන්න ඩිග්‍රී එකයි අර එක්ස්පිරියන්ස් එකයි සැසදුවට පස්සේ කම්පැනිවලට ගොඩක් වටින්නේ එක්පිරියන්ස් එක .ඉතින් හොදම දේ කෑම්පස් යන්න කලින්ම ටික ටික හරි ඔය එක්ස්පිරියන්ස් කියන එක ගන්න වැඩකරන්න වෙනවා.තව දෙයක් රු.5000 ගානේ මාසෙට මහපොල ශිෂ්‍යයත්වෙ හම්බෙන්නේ නැත්තන් අඩුම ගානේ මොකක් හරි අදායම් මාර්ගයක් හොයාගන්න බලන්න.

අන්තිමට කියන්නේ තියෙන්නේ කැම්පස් යන එකේ පලවෙනි පරමාර්තය අමතක කරන්න එපා කියන එක.ඉගෙන ගන්න එක.මේක ගොඩක් බ්රෝලට අමතක වෙනවා.එක නිසා එක ඔලුවේ තියාගෙන ගන්න ආතල් එකක් අරගෙන,ඇතුලේ තියෙන ඔක්කොම හරියට කරගෙන එලියට ආවොත් වරදින්නේ නෑ. උදාහරනයක් විදියට,හැම අවුරුද්දෙම අන්තර් විශ්ව විද්යාල ක්‍රිඩා තරග තියෙනවා.මේවට සම්බන්ධ වෙන්න පුලුවන් නම් තවත් වටිනාකමක් එකතු කරගන්න බැරිවෙන එකක් නෑ. හැබයි එතන මේහෙම දෙයකුත් තියෙනවා සමහර වෙලාවට ඉගෙන ගන්න දෙවල් අනාගතේට කිසිම වැඩකට නැති දෙවල් වෙන්න පුලුවන්.එක නිසා හැමවෙලේම අර කලින් රස්සාවට අදාලව ගත්ත තීරනේට යන්න පුලුවන් දෙවල් වැඩියෙන් ඉගෙන ගන්න බලන්න.

02 . කැම්පස් යන්න ලකුනු තිබිලත් කැම්පස් යන්නැතුව රස්සාවක් කරන්න යනවද?

ගෙදර සල්ලි ප්‍රශ්නද නිසා රස්සාවක් කරන්න ඕනේ කියලා හිතෙනවද? නැත්තම් ලකුනු අනුව හම්බෙන්නේ කැම්පස් එක එච්චර පිලිගැනිමක් නැති එකක් කියලා හිතෙනවද? එක්කො දුර වැඩිද? මේ වගේ මොකක් හරි එකක් නිසා කැම්පස් එකකට තේරුනත් යන්නෑ කියලා හිතන් ඉන්නවද බ්රෝ.පලවෙනියට, කියපු ප්‍රශ්නේ නම් ඇත්තටම ප්‍රශ්නයක් නෙමෙයි කැම්පස් යන්න බ්රෝ!එක ගියාට පස්සේ තෙරෙයි.ගොඩක් එන්නේ එ සල්ලි ප්‍රශ්නේ තියාගෙන තමයි හැබයි ඇතුලෙදී කොහොම කොහොම හරි උදව් කරගෙන ගෙමක් ගහගන්න පුලුවන්.එක නිසා සල්ලි නෑ කියලා වැඩේ අතාරින්න එපා බ්රෝ.

දෙවෙනි ප්‍රශ්නේ නම් තියෙන්නේ එක්කො සල්ලි දිලා කොහොහරි පුද්ගලික එකක ඉගෙන ගන්න ඕනේ ජොබ් එකක් කරන ගමන් නැත්තන් දෙවෙනි පාරත් ට්‍රයි එකක් දෙන්න වෙනවා.ඔය දෙවෙනි පාර කරලා කැම්පස් යන එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා බ්රෝ.හරියට කර නොගත්තොත් මොකක්වත් නෑ.එක නිසා එ ගැන පොඩ්ඩක් හිතන්න වෙනවා.තුන්වෙනි, ප්‍රශ්නේ එ කිව්වේ දුර වැඩි සීන් එක.තමන් කරපු විශයන්ට හොදම ලකුනු අරගෙන හම්බුනේ එකට අදාල හොදම කැම්පස් එක නම් ඉතින් මොන විදියකින් වත් එන්නේ නැතුව ඉන්න එපා.අමාරුමක් තියෙන්න පුලුවන් හැබයි කැම්පස් එක ඇතුලේ එකේක ශිෂ්‍යත්ව වගේ දෙවල් තියෙනවා එහෙම සෙට් එකට ගන්න.උදාහරනෙකට මහපොල ශිෂ්‍යාදාරේ.එ වගේම හොස්ටල් පාවිච්චි කරන්නත් පුලුවන්.එක නිසා කොහොම හරි අවුරුදු 4 ගොඩ දාගන්න බලන්න.

හැබයි හොද රිසල්ට්ස් අරගන්න බැරි උනා නම් හොදම දේ ජොබ් එකක් කරන්න පටන් ගන්න එක.එකෙන් හම්බෙන සල්ලි වලින් පුද්ගලික ආයතනයක ඩිග්රී එකක් කරන එක.හොදට මතක තියාගන්න ඒක පීලිගත්ත තැනක කරන්න. ශ්‍රී ලංකා විශ්ව විද්යාල ප්‍රතිපාදන කොමිශන් සභාවෙන් එක චෙක් කරගන්න පුලුවන්.

03 . පාස් උනාට කැම්පස් යන්න ලකුනු නැද්ද?

ආයෙත් ඉතින් බයවෙන්න දෙයක් නෑ බ්රෝ…එෆ් නැතුව අඩුම ගානේ එස් වලින් හරි බෙරිලා ෆෙල් නැතුව ගොඩදාගත්තා නම් බ්රෝ වැඩේ ශේප්.එහෙම නැතුව එ බී සී ගත්තත් ගොඩක් වෙලාවට රජයේ කැම්පස් තෙරෙන්නේ නැනේ. උඹට දැනට ඉතුරු වෙලා තියෙන්නේ ඔප්ශන් දෙකයි බ්රෝ! එකක් ආයෙත් විභාගේ කරන එක අනෙක රස්සාවක් කරන එක.හොදම දේ ජොබ් එකක් කරන ගමන් ඩිග්‍රි එකක් කරන එක.

හැබයි ඉතින් පොඩි කට්ටක් කන්න වෙනවා. මොකද මෙතනින් එහාට රජයෙ කැම්පස් එකකට යන්න බැරි නම් අනෙක් කවුරුවත් නිකං උගන්වන්නේ නැනේ.ඉතින් ජොබ් එකෙන් සල්ලි හොයාගෙන ඩිග්‍රී එකක් කරන එක අමාරු උනත් කරන්න වෙනවා බ්රෝ.හරියටම වැඩේ කරගත්තොත් එලෙවල් පාස් වෙලා දැන් කැම්පස් යන බ්රෝ කෙනෙක්ට වඩා තැනකට යන එක නම් ගේමක් නෑ බ්රෝ.හැබයි පලවෙනි දේ බ්රො ඉංග්‍රීසි ටික හදාගන්න ඕනේ නෑත්තන් වැඩේ කෙලවෙනවා.එ වගේම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය,ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යපන ආයතනය වගේ තැන් වල තියෙන උපාදියක් මිල අඩුවට කරගන්න තියෙන තැනුත් පොඩ්ඩක් බලන්න.

04 . ෆේල් ද?

ඕක ෆේල් උනා කියලා ජිවිතේ ෆෙල් නෑනේ බ්රෝ! ඕක පාස් උනා කියලා හැමකෙනාටම හරි ගිහිල්ලත් නැත්තන් ෆෙල් උනා කියලා හැම කෙනාටම වැරදිලත් නැත්තන් බ්රෝට තාම චාන්ස් එකක් තියෙනවා වැඩේ ගොඩ දාගන්න, දැන් උන දේ උනා බ්රෝ ආයෙත් එක ගැන හිතලා වැඩක් නෑ.ජිවිතේ කියන්නේ විභාගෙ නෙමෙයිනේ.ඇත්තටම ඒක තඹ සතේකට වැඩක් නෑ බ්රෝ.හැබයි! මේ ප්‍රතිපලේ ඇත්තටම ඕනවෙන්නේ ජිවිතේ ලෙහෙසියෙන් ඉස්සරහට යන්න.නිකන් පාස් එකක් හරි තිබ්බත් ඇති ඉතින් ඕනතැනකට ඇප්ලිකෙශන් එකක් හරි දාන්න.හැබයි එහෙම කියලා සුවර් නම් ඊලග පාර කරත් එකෙන්ම ෆේල් වෙනවා කියලා එකෙන්ම වැඩේ අතැරලා දන්න බ්රෝ.

විභාගෙට බම්බුගහගන්න කියලා උඹ කරන්න කැමතී දේ,රස්සාවක් විදියට කරන්න කැමති දේ ඉගෙන ගන්න බලන්න.එකම සීන් එක ඉතින් මේකට සල්ලි ඕන වෙනවා.ඕලෙවල් කොහොමත් ගොඩ දාගත්ත නිසා දැනට තියෙන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය,ජාතික අදුනිකත්ව සහ කාර්මික් පුහුනු කිරිමේ අදිකාරිය වගේ ආයතනවලට ගිහිල්ලා බලන්න.මෙකක ඉගෙන ගෙන එන්.වී.කිවු. සහතිකයක් ගත්තා කියන්නේ ඉතින් ජොබ් ගැන බයවෙන්න ඕනේ නෑ.

අකමැති ජොබ් එකක් කරන්නේ කොහොමද කියලා දැනගන්න මෙතන ක්ලික් කරන්න

 

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න

කමෙන්ට් එකයි

  1. […] දැන් මොකද කරන්නේ ?  රිසල්ට්ස් ආවනේ? රෑම බැලුවනේ.. නැත්තන් තාම බැලුවේ නැද්ද බ්රෝ? එහෙනන් මුලින්ම එක බලලා ඉන්න .බැලුවට පස්සේ ෆේල් නම් මෙතන ක්ලික් කරන්න බ්රෝ. පාස් නම් දිගටම පහලට කියවගෙන යන්න.පාස් නේ… වැඩේ ගොඩ නේ… දැන් ආතල් නේ… දැන් ඔක්කොම ඉවරයි නේ…. පට්ට නේ…බම්බුව! දැන් තමයි ඔක්කොම පටන් ගන්නේ බ්රෝ…පාස් උනාට කැම්පස් යන්න ලකුනු නැද්ද? මෙතන ක්ලික් කරන්න බ්රෝ. […]

Comments are closed.