නින්දෙන් ගොරවන එක නවත්වන්නේ කොහොමද?

නින්දෙන් ගොරවන එක නවත්වන්නේ කොහොමද?
නින්දෙන් ගොරවන එක නවත්වන්නේ කොහොමද?

බ්රෝ නිදාගත්තම වෙන දෙවල්, කරන දෙවල් ඉතින් දන්නේ ලගපාත නිදාගන්න සෙට් එක මිසක් වෙන කවුරුවත් නෙමෙයිනේ.ගෙදර ඉන්න බ්රෝ කෙනෙක් නම් සමහර විට තනියෙන් හරි බැඳලා නම් වයිෆ් එක්ක හරි නිදාගන්නවා වෙන්නත් පුලුවන් නැත්තන් බොඩින් එකක වගේ ඉන්නවා නම් බොඩිමේ සෙට් එකත් එක්ක නිදාගන්නවා වෙන්නත් පුලුවන්. කොහොම නිදාගත්තත් වටේපිටේ ඉන්න කට්ටිය ඇහැරවන්න තරම් නින්දෙන් ගොරවන වා නම් බ්රෝ මේ ලිපිය පට්ට වැදගත්.එ වගේම ඔබ නින්දෙන් ගොරවන්නෙකුගේ ගොදුරක් නම් මෙන්න ඔහුට දෙන්න ඕනේ ලින්ක් එක.

 

වයසට යන්න යන්න සහ බර වැඩිවෙන්න වැඩිවෙන්න නින්දෙන් ගොරවෙන එක වැඩිවෙනවා බ්රෝ.මේ සීන් එක වෙන්නෙ කටින් සහ නහයෙන් ඇතුලට එන වාතය පෙනහලුවලට ශේප් එකේ යන එක පොඩ්ඩක් බ්ලොක් වෙලා උගුර වයිබ්‍රේට් වෙලා.මෙහෙම බ්ලොක් වෙන්න පුලුවන් සෙම හැදුනාම,උගුරේ තියෙන මසල්ස් වල කේස් නිසා,වෙන උගුර සම්බන්ධ ලෙඩ නිසා.කොහොම උනත් ගොඩක් බ්රෝ ලට මේක පොඩි වැඩ දෙක තුනක් කරලා හොඳ කරගන්න පුලුවන්.හැබයි 5%කට විතර තත්ත්වේ පොඩ්ඩක් දරුනුයි ලු.මේ ටිප්ස් ටික කරලා බලලා කිසිම වෙනසක් නැත්තන් ඉක්මනට ඩොක්ටර් කෙනෙක් උපදෙස් ගන්න.

අනුග්‍රාහකත්වය

 

ටිප් නම්බර් වන් – බර වැඩියී පුතී

අවශය ගානට වඩා බර වැඩිවෙන්න වැඩිවෙන්න නින්දෙන් ගොරවන එකත් වැඩියි බ්රෝ.එකට හෙතුව වෙන්නේ ඔබ මහත් වෙන්න වෙන්න ඇඟ ඇතුලේ අපි හුස්ම ගන්න ඔය සියුම් පයිප්ප සෙට් එක සිප් ෆයිල් එකක් වගේ කම්ප්‍රෙස් වෙන එක.ඉතින් මේ කම්ප්‍රෙස් උන බෙල්ලේ සහ උගුරේ තියෙන පටක අස්සේන් හුලං ටික යනකොට බ්රෝ වැඩේ දෙල් වෙනවා.හෙතුව මාංශපේශී වගේ මේ පටක ගොඩක් ශක්තීමත් නැති නිසා හුස්ම ගන්න හුලං පාරට වයිබ්‍රේට් වෙන්න ගන්නවා.ඉතින් ඊටපස්සේ වෙන්නේ වටේ පිටේ ඔක්කොම ඇහැරෙන විදියට නින්දෙන් ගොරවන එක. ඉතින් මේක අඩුකරගන්න හොදම දේ බර පොඩ්ඩක් අඩුකරගන්න එක.කට පරිස්සම් කරගෙන කැම පාලනයක් කරගෙනම වැඩේට බැස්සනම් ඕක බස්සගන්න පුලුවන් බ්රෝ.

 

ටිප් නම්බර් ටූ – පොසිශන් එක මාරු කරන්න

ඔය කියන්නේ වෙන මොනවත් පොසිශන් ගැන නෙමෙයි නිදාගන්න පොසිශන් එක ගැන.උඩබැලි අතට නිදාගන්නවා නම් බ්රෝ ඔබේ දිව කෙලින්ම උගුර පහලට වැටෙන නිසා අර හුලං ටික ආයෙත් බ්ලොක් වෙලා නින්දෙන් ගොරවන්න පුලුවන්.එක නිසා දැනට ගොරවන පුතීලා පොඩ්ඩක් පැත්තට නිදාගෙන බලන්න ගොරවනවද කියලා.වැඩේ අමාරුම නම් ඔය මෙමරී ෆෝම් මෙට්ට හරි කෝට්ටයක් හරි යුස් කරලා කරගන්න බලන්න.

 

ටිප් නම්බර් ත්‍රී – බිව්ව නම් විඳවපන්

එ වෙලාවට ආතල් වගේ පෙන්වන්න හැදුවට ඇල්කොහොල් බොන එකේ කවදාවත් හොදක් නැනේ බ්රෝ නරකක් මිසක්.ඉතින් එකට තවත් අවුලක් තමයි මේ සෙට් වෙන්නේ,එ කිව්වේ සාමානයෙන් නින්දෙන් ගොරවන්නේ නැති කෙනෙක් උනත් ඇල්කොහොල් බිව්වට පස්සේ ගොරවන කෙනෙක් වෙන්න පුලුවන් කියන එක. මේක වෙන්නේ මෙහෙමයි බ්රෝ .ඇල්කොහොල් බිව්වට පස්සේ මසල්ස් ඕනවට වඩා රිලැක්ස් වෙනව, එ කියන්නේ ඉලඟට අර හුලන් නිසා එවා වයිබ්‍රේට් වෙලා ආයෙත් පරන කතන්දරේම වෙනවා කියන එක.

 

ටිප් නම්බර් ෆෝ – නින්ද නැති රැයේ…

එක දිගට නිදාගන්න බැරිවෙනවා නම්(ගොඩක් බ්රෝ ලට අඩුම ගානේ පැය 7ක් 8ක් වත් නිදාගන්න වෙනවා) ආයෙත් පරන සීන් එක වෙනවා.මසල්ස් ලිහිල් වෙනවා,වයිබ්‍රේට් වෙනවා,ඉතීන් ගොරවනවා…වෙන එකෙක්ට නිදාගන්න තියා ලගින්වත් යන්න බෑ පොල් ලී ඉරන තැනක වගේ සද්දේ.

 

ටිප් නම්බර් ෆයිව් – නහය ඇරගෙන නිදාගන්න.

සෙම තියෙනවා නම් නහයේ බටර් කම්පැනිය ඔපන් කරලා නම් බ්රෝ අනිවාර්යෙන්ම නින්දෙන් ගොරවන්න පුලුවන්.හැබයි එක අඩුකරන්න ගන්න නම් නිදාගන්න කලින් හොද හොට් වොටර් ශවර් එකක් දැම්මා නම් ගොඩ.එවා නැත්තන් අඩුම ගානේ හුමාලේ පොඩ්ඩක් ඇල්ලුවා නම් ශේප්.මොනවා හරි කරලා නහය ඇරගෙන නිදාගන්න බලන්න.

 

ටිප් නමබ්ර් සික්ස් – පිස්සාගෙ පලාමල්ල වගේද?

කල්ප කාලාන්තරයකින් පිහිදාන්න තියා එ දිහා ඇහිපිල්ලමකින්වත් බලපු නැති කාමරේකද ඔබ නිදාගන්නේ බ්රෝ?,වැඩිය ඔනේ නෑ රෑට රස්නේ නිසා දාන ෆැන් එකේ දුවිලි හත්තට්ටුවල් තියෙනවද බ්රෝ? උත්තරේ ඔව් නම් නින්දෙන් ගොරවන එක අහන්න දෙයක් නැ.එක නිසා දුවිලි පිහිදාන්න ඉකමනට.එ වගේම ගොරවන ප්‍රශ්න තියෙනවා නම් සුරතල් සත්තුන්ගෙන් ඇත්වෙලා නිදාගන්න බලන්න.

 

ටිප් නම්බර් සෙවන් – දිව ගිලගන්න එපා.

දිවගිලේන්න තිබහක් තියෙද්දී නිදාගන්න එපා.එකෙන්ම ඒක ගිලෙනවා.ලොල්.වතුර නැතුව කට වෙලුනාට පස්සේ ,නහය,උගුර ඔක්කොම වෙලෙන්න ගන්නවා.එකෙන් එකෙන්ම නින්ද ගියපු ගමන් කලින් ටිප්ස් වල කිව්ව අර පරන කතන්දරේ පටන් අරන් ගොරවනවා.

 

ටිප් නමබ්ර් එයිට් – කරලා හදාගන්න බ්රෝ!

රිසර්ච් වලින් හොයාගෙන තීයෙනවා කට,හක්ක සහ උගුරට අදාල එකසසයිස් හරියට කරොත් නින්දෙන් ගොරවන එක තුනෙන් එකක් අඩුකරගන්න පුලුවන් කියලා.එ වගේම ගොරවන සද්දෙත් 60% විතර අඩුකරගන්න පුලුවන් කියලා. ඔය පහල තියෙන සෙට් එක දවසට 20 පාරක් කරලා බලන්න.

ස්ටෙප් වන් – දිවේ මුල කටේ උඩු තල්ල ගාවලා පස්සට ගෙනියන්න.

ස්ටෙප් ටූ – දිවෙන් උඩු තල්ල ප්‍රෙස් කරන ගමන් කටේ උඩු දත් ඇන්දේ දිව ගාවන්න.

ස්ටෙප් ත්‍රී – දිවෙන් යටි තල්ල ප්‍රෙස් කරන ගමන් කටේ යටි දත් ඇන්දේ දිව ගාවන්න.

ස්ටෙප් ෆෝ – ආ සද්දේ එන ගමන් උඩු තල්ල පිටුපස සිට ඉදිරියට දිවගෙන්න

 

ටිප් නම්බර් නයින් – ඔක්කොම උස්සන්න

කොට්ටේ ඔලුව තියාගෙන නිදාගන්න කොට හරි ගානට කොට්ටේ තියෙනවද කියලා බලන්න .ඕනවට වඩා උස උනොත් හුස්ම ගන්න එක අපහසු වෙලා ආයෙත් ගොරවනවා වගේම බෙල්ලටත් එච්චර හොද නෑ.එක් නිසා කොට්ටේට උසට ශේප් වෙන්න පපුව හරියෙන් උස් උනානම් හරි.එහෙම මේට්ට හොයගන්න බැරිනම් අඩුම ගානේ මෙට්ටේ යටට පොත් ටිකක් හරි දාලා ගැලපෙන විදියට පොඩ්ඩ උස්සගන්න.

 

ටිප් නමබර් ටෙන් – ඔක්කොම බැරිම නම්,

කරන්න දෙවයක් නෑ ඉතින්,ට්‍රයි කරලා ඔක්කොම ටිප්ස් වලින් ප්‍රතිපලයක් නැත්තන් පිලිගත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න.එ වගේම ඔය මවුත් ගාර්ඩ්,ඇන්ටි ස්නොර් ගාර්ඩ් අනංමනං කටේ දාගන්න කලින් ඩොක්ටර් කෙනෙක්ගේ උපදෙස් අනිවාරයයෙන්ම ගන්න බ්රෝ.

වටිනා අත් ඔරලෝසුවක් දිනන්න කැමතිද එහෙනම් මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න