කරන වැරදි ස්ට්යිල් දන්නවද?

කරන වැරදි ස්ට්යිල් දන්නවද?

පට්ට සට්යිල් එකක් හැදෙන්නේ අඩුවෙන් පෙන්වන්න හදන තරමට කියලා දන්නවද බ්රෝ,එකේ තේරුම තමයි, ඕනවට වඩා වියදම් කරලා සට්යිල් කරන්න ගියාම අන්තිමට එවා මල ඉලව් වෙලා තමයි නවතින්නේ.මොකද මේ ලංකාවනේ ඇමෙරිකාව නෙමෙයිනේ, ඉතින් එ වගේම පරන ට්‍රෙන්ඩ්ස් වගේම ,පට්ට අලුත් ට්‍රෙන්ඩ්ස් වලිනුත් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා මැද පොල්ල අල්ලන් බස් එකේ යනවා වගේ,දෙපැත්තටම නැතුව අලුත්මත් නැති පරනත් නැති ට්‍රෙන්ඩ්ස් ෆලෝ කරන්න බලන්න.හැබයි තව දෙයක් හැමොම වැරද්දක් කරා කියලා එක හරිදෙයක් වෙන්නේ නෑනේ.එක නිසා වැරදී දෙවල් ෆලො කරන එකත් හිතලා බලලා නවත්වන්න බ්රෝ.

නම්බර් වන් – හත්පලේම සුවඳ

බ්රො ඉන්ෆෝ පර්ෆියුම් ගැන කලින් කියපු ලිපියෙනුත් අපි මතක් කරා පර්ෆියුම් තියෙන්නේ තව කෙනෙක්ට සුවඳ දැනෙන්න මිසක් වටේ පිටේ මිනිස්සුන්ට අණබේර ගහලා වගේ කියන්න නෙමෙයි කියලා.එක නිසා පලවෙනි දේ පර්ෆියුම් බොතලේම නාලා ඔක්කොම අනාගන්න එපා බ්රෝ.වැඩිය ඔනේ නෑ ඕනවට වඩා පර්ෆියුම් භාවිතයෙන් හිසේ කැක්කුම,ඇලජික් තත්ත්ව පවා ඇතිවෙන්න පුලුවන්.

හැබයි කාලයත් එක්ක එකම පර්ෆියුම් එක භාවිත කරොත් වෙන්නේ ඒ සුවද ටික ටික දැනනෙන එක අඩුවෙලා දැනනෙන තරමට සුවඳ වැඩිකරගන්න වැඩි වැඩියෙන් ස්පෙරේ කරන එක.එකෙන් අන්තිමට වෙන්නේ අනෙක් මිනිස්සුන්ට වැඩියෙන් ඔබේ පර්ෆියුම් සුවඳ දැනෙන එක.ඉතින් මේක මගහරවගන්න කරන්න තියෙන එකම දේ,පර්ෆියුම් පාවිච්චි කරනකොට ස්ප්රේ කරන වාරගනන් සහ ස්ථාන ගැන හිතින් සාමානය ගානක් මුල් කාලෙම තියාගන්න එක.

නම්බර් ටූ – තඩි ලොගෝ

පාරේ යනකොට දෙපැත්තේ දකින තඩි බිල්බොර්ඩ් මතකද බ්රෝ,එවාට මාසෙට බර ගනන් ගෙවලා තමයි එ දැන්වීම් පලකරන්නේ.එ දැන්වීම් හරි,ලෝගෝ හරි ඔබ අඳින දෙවල් වලත් තියෙනවද බ්රෝ? තිබ්බට කමක් නෑ,ඔබට එකට එ ආයතන වලින් ගාස්තුවක් ගෙවනවා නම්,එහෙම ගෙවන්නේ නැත්තන් ඇයි ඔබ ඇවිදින බිල්බෝර්ඩ් එකක් වෙන්නෙ.පොඩියට බ්‍රැන්ඩ් එකක් තිබ්බට ලොකු අවුලක් වෙන්නෙ නෑ,මොකද හැමොම කැමතියි නේ බ්‍රැන්ඩඩ් දෙවල් වලට.හැබයි එහෙම කියලා තඩි ලොගො තියෙන ඇඳුම් අදින එකෙන් නම් ඉවත් වෙන්න බ්රෝ.

නම්බර් ත්‍රී – මල් මල් කලිසම්

කොහොමද ඔෆිස් එකට මල් මල් කලිසමක් ඇඳලා මල්හාමි වගේ උදේ පාන්දර ගියාම, තෙරුම් ගන්න පුලුවන්නේ තත්වේ.ඔබ ස්ට්යිල් සම්බන්ධ නිරුපන ශිල්පියෙක් හරි ,ඩිසයිනර් කෙනෙක් හරි නෙමෙයි නම් ඉතින් මේ ස්ට්යිල් එක නොකර ඉන්න එක ඇගට හොදයි.

නම්බර් ෆොර් – බොරු ශෝව්

ජිම් යන්න පටන් අරන් පොඩ්ඩක් එහෙන් මෙහෙන් හැදිලා එනකොට වටෙපිටෙ කස්ටියට ඇඟ පෙන්නන්න දගලනවද බ්රෝ.එකට දෙපැත්ත කපපු ටැන්ක් ටොප් ඒහෙම නිතරම එහෙට මෙහෙට යන්න අදිනවද බ්රෝ.ඉතින් ඔහොම බාගෙට ඇග පෙන්න පෙන්න යනවට වඩා හොදයි ඔක්කොම ගලවගෙන යන එක.හැමදාම කියනවා වගේ ස්ට්යිල් තියෙන්නේ බලෙන් පෙන්වන්න නෙමෙයි බ්රෝ එක අනික් අයට නිරායාසයෙන් තෙරෙන්නයි ඕනේ.එක නිසා කරන්න සට්යිල් එකක් එ විදියට කරන්න වග බලාගන්න.

නම්බර් ෆයිව් – උල් මෙව්වා සහ කොටු මෙව්වා

කාලයක් ආවනේ ලංකාවෙත් ට්‍රෙන්ඩ් එකක් අර ඇලඩින් දානවා වගේ දිග උල් සපත්තු අඳින එක.සමහර වෙලාවට ෆිලිම් වල එහෙම ඉන්න ජොකර් ලත් එ වගේ දිග ඉස්සරහා උල් සපත්තු අඳිනවා දකින්න පුලුවන්.කකුල් දෙක ඔනවට වඩා දිගට පේන එකයි,ඇවිදින්න අපහසු එකයි,ඇරෙන්න එ සපත්තු වලින් ලැබෙන දෙයක් තියෙනවද බ්රෝ, එ වගේම කකුල් අමාරු,ඇගිලි සයිස් වෙනස් අය පලදින ඉදිරිපස කොටු සපත්තු ත් පුලුවන් තරම් භාවිතය අඩු කරන්න බලන්න බ්රෝ.

නම්බර් සික්ස් – චිරිස් චිරිස් සපත්තු

සපත්තු ලේස් ගැටගහන්න තෙරෙන්නේ නැති පොඩි කාලේ තාත්තා අරන් දුන්න අලවන සපත්තු මතකද බ්රෝ.සයිස් එක වෙනස් උනත් තාම අඳින්නේ එ වගේ සපත්තුද? උත්තරේ ඔව් නම් පොඩි අවුලක් බ්රෝ,හරියට ලේස් ගෙටගහන්න ඉගෙන ගෙන ගැලපෙන සපත්තු දෙකක් ගන්න බලන්න.

නම්බර් සෙවන් – පතෝල කරල් එපා.

කෙල්ලෙක් ස්කිනි ඩෙනිමක් ඇන්දමයි එක නැතුව ඉන්න එකෙයි ලොකු වෙනසක් නෑ කියලා අලුතෙන් කියන්න දෙයක් නෑනේ බ්රෝ.ඇඟට ඇලිලා තඩි වට්ටක්කා ගෙඩියක් යට මහත පතොල කරල් දෙකක් වගේ තියෙනකොට ඉතින් අපේ නම් කිසිම අකමැත්තක් නෑ තමයි. හැබයි කොල්ලෙක් ඔය වගේ ඩෙනිමක් ඇඳන් ආවොත් ……එ ගැන මෙතනින් එහා අපි කතානොකර ඉමු …හරි ඩෙනිමක් තොරගන්න දන්නැත්තන් මේ ලිපිය අන්තිමට තොරගන්න විදිය දාලා තියෙනවා බලන්න.

නම්බර් එයිට් – දිලිසෙන පස්ස

එම්බ්‍රොයිඩර් කරලා ,වැඩදාලා ,දිලිසෙන්න හදපු රටා තියෙන ඩෙනිම් ගන්න එක අඩු කරන්න බ්රෝ.කලින් කිව්වා වගේ බලෙන් පෙන්වන්න ගියොත් එතනදී වෑඩේ කාගන්නවා.විශෙෂයෙන්ම පිටුපස සාක්කු වල රටා තියෙන එවා ගන්න එක අඩු කරන්න.පස්ස හයිලයිට් කරන්න සමාන්යෙන් කාටවත් ඔවමනාවක් නෑනේ.ඩිසයින් අඩු කලිසම් තොරගන්න මුල්තැන දෙන්න.

නම්බර් නයින් – තඩි වී ශේප් සහ ශැගීගේ බැගී.

සාමානය වී හැඩැති කරවල් තියෙන ටී ශර්ට් ඇන්දට කිසිම අවුලක් නෑ.හැබයි ඔනවට වඩා පහට ඇති වී ශෙප් එකක් තියෙන ටී ශර්ට් එකක් අඳිනවට වඩා හොදයි මොනවත් අඳින් නැතුව ඉන්න එක.මෙතනදිත් කලින් කතාවම තමයි බලෙන් පෙන්වන්න යන්න එපා බ්රෝ.එ වගේම බැගි විදියට ඇදුම අදින එක අඩු කරන්න බලන්න.හෙතුව ඔබේ ශරිර හැඩය නිවැරදිව පේනවා වගේම ප්‍රොෆෙශනල් ලුක් එකකුත් එනවා.

නම්බර් ටෙන් – දිලිසේ තරු සේ කැපී පෙනේ.


සුපර් ස්ටාර් බ්රෝ කෙනෙක් සින්දු කියන්න අදින දිලිසෙන ඇදුම් ඔබ සාමානය දවස් වලට ඔෆිස් එකට ඇදන් යන්න හිතන්නවත් එපා.වෙනසක් තමයි,හැබයි වෙනසක් කියලා වැරදී දෙවල් කරලා හරියන්නේ නෑනේ.එ වගේම මොන ශර්ට් එක ඇන්දත් ඩ්රෙස් ශර්ට් යට කරලම අදින්න මතක තියාගන්න.තව පිජාමා එහෙම ඇදලා ගෙදරින් එලියට බහින සෙට් ඉන්නවා නම් එකත් නවත්වගන්න බලන්න.

නම්බර් ලෙවන් – තවත් රස්නෙයි.

රස්නේ දවස් වලට සපත්තු දාන්න බැරි නම් එ වෙනුවට සැන්ඩ්ල්ස් දෙකක් දැම්මට අවුලක් නෑ යන තැන බලලා.හැබයි එහෙම කියලා එත් එක්ක මේස් දැම්මොත් ඉතින් වැඩේ අවුල් බ්රෝ. මේස් දැම්මම සීතලක් දැනෙන්නේ නෑනේ.

පර්ෆියුම් ගැන ඔක්කොම දැනගන්න මෙතන ක්ලික් කරන්න

ඩෙනිම් ගැන ඔක්කොම දැනගන්න මෙතන ක්ලික් කරන්න

නොමිලේ වොටර්පෘෆ් ෆෝන් කවර දිනන්න මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න