සූට්,බ්ලෙසර්ස්,ස්පොර්ට් ජැකට් වෙනස දන්නවද?

හැම එකටම සූට් එක හරි කොට් එක හරි කිව්වට ඇත්තටම මේවා වෙන්කරලා අඳුරගන්න දන්නවද බ්රෝ? එහෙම නැත්තන් සූට් ජැකට් එකක්ද බ්ලෙසර් ජැකට් එකක්ද අඳින්න හොඳ? එහෙම නැත්තන් බ්ලෙසර් ජැකට් සහ ස්පොර්ට් ජැකට් මාරු කරලා ඇන්දට අවුලක් නැද්ද?
හැම එකටම සූට් එක හරි කොට් එක හරි කිව්වට ඇත්තටම මේවා වෙන්කරලා අඳුරගන්න දන්නවද බ්රෝ? එහෙම නැත්තන් සූට් ජැකට් එකක්ද බ්ලෙසර් ජැකට් එකක්ද අඳින්න හොඳ? එහෙම නැත්තන් බ්ලෙසර් ජැකට් සහ ස්පොර්ට් ජැකට් මාරු කරලා ඇන්දට අවුලක් නැද්ද?

ජැකට්ස්,බ්ලෙසර්ස්,සූට්ස් වල වෙනස දන්නවද?

හැම එකටම සූට් එක හරි කොට් එක හරි කිව්වට ඇත්තටම මේවා වෙන්කරලා අඳුරගන්න දන්නවද බ්රෝ? එහෙම නැත්තන් සූට් ජැකට් එකක්ද බ්ලෙසර් ජැකට් එකක්ද අඳින්න හොඳ? එහෙම නැත්තන් බ්ලෙසර් ජැකට් සහ ස්පොර්ට් ජැකට් මාරු කරලා ඇන්දට අවුලක් නැද්ද? මේ මොනවත් අඳුරගන්න බැරි නම් ඉතින් ඔක්කොම එක විදියට තමයි පෙන්නේ.එ වගේම එකිනෙකට වෙනස දන්නැත්තන් මේවා අඳින්න ඕන තැන්,ගැලපෙන ඉවෙන්ට් අනන්මනන් කිසිදෙයක් දැනගන්න වෙන්නෙත් නෑ.පස්සේ මෙවා මිලදී ගන්න ගියාම ඉතින් එතනින් කියන දේකට හාං කියලා ගන්නවට වඩා දැනගෙන යන එක කොකටත් හොදයිනේ බ්රෝ…

 

නම්බර් වන් – සුට් ජැකට් එක

 

අනුග්‍රාහකත්වය

සූට් ජැකට් එක කියන්නේ ට්‍රවුසර් එකත් එක්ක මැච් කරලා හදලා තියෙන එකට.එ කිව්වේ සූට් ජැකට් එකයි ට්‍රවුසර් එකයි දෙකම එකම රෙද්දෙන් හදන එකට.හේතුව වෙන්නේ සූට් ජැකට් එකෙයි කලිසමේයි පාට මැච් වෙන්න ඕන නිසා.එ වගේම කිසිම විදියකින් සූට් ජැකට් එකක් ස්පොර්ට් ජැකට් එකක් විදියටවත් බ්ලෙසර් එකක් විදියට වත් අඳින්න එපා බ්රෝ.හෙතුව වෙන්නෙ එතකොට කලිසමට වඩා ඔබේ සූට් ජැකට් එක සේදුම් වාර ගනන වැඩි වෙන නිසා එකෙන්ම පාට එකිනෙකට වෙනස් වෙලා මිස්මැච් වෙන එක.

 

ඔක්කොම ජාති වලින් සූට් ජැකට් එක තමයි බ්රෝ ෆෝමල් අතින් වැඩිම.එකක් එකේ වැඩිය පොකට් එහෙම නැති එක අනෙක අමතර ඩීටෙල්ස් නැතිනිසා.සමහර සූට් ජැකට් ඉරි හරි චෙක් විදියට ගන්න පුලුවන් උනාට හොදම දේ එ වගේ පැට්න් නැති එකක් ගන්න එක.චාකෝල් ග්‍රේ, නේවි බ්ලූ , ලයිට් ග්‍රේ,පාටවල් හරි තනි කලු උනත් නියමෙට ගැලපෙනවා.සාමානයෙන් මේවල බොත්තම් එන්නෙ ප්ලාස්ටික් උනාට දැන් ඉතින් ගනණ් වැඩි එවල සත්ව අඃ වලින් හදපු හරි මුතු වලින් හදපු බොත්තමුත් තියෙනවලු.ලේහෙසි නෑ වැඩේ බ්රෝ..සූට් ජැකට් අඳින්නේ ස්ලිම් ෆිට් වෙන්න.බොඩි එකේ ගානට තියෙන්නෙ ඕනේ.එක නිසා සූට් ජැකට් එකත් එක්ක ඇතුලෙන් තව දෙවල් අදින එක පුලුවන් තරම් අඩු කරන්න බ්රෝ.

නම්බර් ටූ – බ්ලේසර් ජැකට්

 

සූට් ජැකට් එකට වඩා පොඩ්ඩක් අඩු තත්වයක් තමයි බ්ලේසර් එකට තියෙන්නේ.බ්ලෙසර් එක සූට් ජැකට් එකෙයි ස්පොර්ට් ජැකට් එකෙයි හයිබ්‍රිඩ් එකක් කියලත් කියන්න පුලුවන්.හේතුව වෙන්නේ මෙක ස්පෝට් ජැකට් එකට වඩා ෆෝමල් හැබයි බ්ලේසර් හදන්නේ ට්‍රවුසර් එකකට මැච් කරලා නෙමෙයි.හැබයි මේක සූට් ජැකට් එකට වඩා ෆිට් නැති ලූස් විදියට තමයි හදන්නේ. එ වගේම උරහිස් හරියෙත් සූට් ජැකට් එකක වගේ කෘතිමව හදන්නේ නෑ.සමානයෙන් ඉතාලි විදියට හදන බ්ලේසර් ගොඩක් ලූස් සහ රිලැක්ස් වෙන්න හදනවා.

 

ගොඩක්ම දකින්න තියෙන්නෙ නෙවි බ්ලූ බ්ලේසර්ස්.එ වගේම ගොඩක් පාවිච්චි කරන්නේ ෆැනල්,හොප්සැක් වගේ රෙදී.හැබයි ඉතින් රතු,කොල පාට බ්ලෙසර් නැතුවම නෙමෙයි .එවා සමානය තැනකට යන්න අඳින්නේ නැති බව ඔලුවේ තියාගන්න.සති අග තියෙන පාටි එකකට වගේ දේකට, සූට් ජැකට් එක ඇදන් යන්න බැරි ෆෝමල් අඩු හැබයි හොදට ඇදපැලදලා යන්න ඕනේ ඔනෙම තැනකට බෙලේසර් තමයි ගැලපෙන්නේ.ග්‍රේ ට්‍රවුසර් , චිනොස්(සාමානයෙන් කාකිපාට), හරි තදපාට ඩෙනිම් එක්ක උනත් බ්ලේසර් ඕනවෙලාවක නියමේට ගැලපෙනවා.සූට් ජැකට් වලින් වෙනස් වෙන අනෙක් දේ වෙන්නෙ බ්ලේසර් වල ගොල්ඩ්,සිල්වර් පාට බට්න්ස් දකින්න පුලුවන් එක.

නම්බර් ත්‍රී – ස්පෝර්ට් ජැකට්

 

නමේම තියෙනවා වගේ මේක ස්පෝර්ට් කරන බ්රෝලටම වෙන්කරපු ජැකට් වර්ගයක්,ස්පෝර්ට් ජැකට් එකක්, හැමතිස්සෙම ඇතුලට තවත් දෙවල් අඳින්න ඉඩ තියෙන විදියට තමයි හැදෙන්නේ.උදාහරනයක් විදියට ස්විටර් එකක් උනත් අඳින්න ඉඩ තියෙනවා.එක නිසා සූට් ජැකට් එකට වඩා මේකේ ඕන තරම් ඉඩතියෙනවා.හැබයි මේක බ්ලේසර් සහ සූට් ජැකට් වලට වඩා රලු ලුක් එකක් එන්න තමයි හදලා තියෙන්නෙ.ගොඩක් වෙලාවට ටුවිඩ්(ශර්ලොක් හොල්ම්ස් කියවලා තියෙනවා නම් මේ රෙද්ද ගැන දන්නවා ඇති), හවුන්ඩ් ටූත්,ඩොනෙගල් වගේ රෙදි පාවිච්චි කරනවා ස්පොට්ස් ජැකට් හදන්න.එ වගෙම පාට අතින් ගත්තොත් දුඹුරු,කොල,අලු,හරි නිල් පාට රෙදි තමයි යොදාගන්නේ.එ වගේම කිසිම අවුලක් නෑ නැතුව චෙක් පැට්න් තියෙන ස්පොර්ට් ජැකට් හොයාගන්න පුලුවන්.

 

කලින් කිව්වා වගේම මේක පාවිච්චි කරන්නේ රලු පෙනුමක් දෙන්න වගේම ක්‍රිඩකයෝ.එක නිසාම මේක කැසුවල් ඉවෙන්ට් වලට කිසිම අවුලක් නැතුව අඳින්න පුලුවන්.එ වගේම සූට් ජැකට් එකක් අවශය තැනකට ස්පෝර්ට් ජැකට් එකක් අදින එක නම් බ්රෝ කිසිම විදියකින් ගැලපෙන්නේ නෑ.ඔබටා කියලා මේවාඅ මිලදී ගන්නවා නම් හොඳම සූට් ජැකට් එකක් ගන්න එක.ඊට පස්සේ ස්පොර්ට් ජැකට් එකක් ගන්න එක.අන්තිමට බ්ලෙස්ර් එකක් ගන්න එක.හෙතුව ස්පෝර්ට් ජැකට් එකෙන් ගොඩක් කැසුවල් ඉවෙන්ට් ශෙප් කරගන්න පුලුවන් නිසා.

නොමිලේ වොටර්පෘෆ් ෆෝන් කවර දිනන්න මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න