ශර්ට් එකේ අත නවන හරි විදිය දන්නවද?

ශර්ට් එකේ අත නවන
ශර්ට් එකේ අත නවන

බ්රෝ කෙනෙක් ශර්ට් එකේ අත නවන වා කියන්නේ එක්කො වලියක්ද? නැත්තන් ඇඟ වෙහෙසවලා කරන ලොකූ වැඩකට ලැහැස්ති වෙන්න හදනවද? නැත්තන් දවස තිස්සේ වැඩකරලා වැඩකරලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න හදනවද? නැත්තන් රස්නේ හින්දද? මේ වගේ ගොඩාක් ප්‍රශ්න එන්න පුලුවන් උනාට ඒ කාලේ ශර්ට් එකේ අත් නවලා තියෙන්නේ මොකක් හරි වැඩකට හරි වලියක් හරි පටන් ගන්න කලින්,හෙතුව ශර්ට් එ කාලේ දැනට වඩා ගොඩක් ගන්න් නිසා.හැබයි දැන් වෙන්නේ ඊට වඩා සම්පුර්නයෙනම් වෙනස් සීන් එකක්.හැබයි දැන් මොන වැඩේට අත නැව්වත් එකත් සට්යිල් එකක් බ්රෝ. හරියට ශර්ට් එකේ අත නවන විදි පහක් දාලා තියෙනවා බ්රෝ පහලින් කැමති එකක් තෝරගන්න.

ශර්ට් අත නවන්න කලින් කරන්න ඕනේ පලවෙනි දේ කෆ් එකෙ බට්න් ඔක්කොම ගලවන එක.හැබයි පලවෙනි දේ වැලමිටෙන් උඩට නවනවද? නැත්තන් පහලට වෙන්න ශර්ට් එකේ අත නවන වද කියන එක පොඩ්ඩක් බලන්න වෙනවා බ්රෝ. සිම්පල්ම උත්තරේ තමයි ඔබ මොකක් හරි වැඩක් කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම වැලමිටෙන් ඉහලට වෙනකන් නවන්න.දවසේ වැඩ ඉවර වෙලා කූල් එකේ රිලැක්ස් වෙන්න විතරක් නම් ඕනේ වැලමිටෙන් පහලට නවලා නවත්වන්න.

නවන ලෙහෙසීම විදිය – අයිෆා රෝල්

ගොඩක් බ්රෝ ලා රිලැක්ස් එකේ ඉන්න කොට මේ ක්‍රමේ යුස් කරනවා වගේම මේක පට්ට සිම්පල් නිසා ස්ටෙප් දෙකෙන් ඉවර කරන්නත් පුලුවන්.මේ ක්‍රමේදී අතෙන් තුනක් එකක් විතර තමයි එලියට පෙන්න ඕනේ.එක පාරක් කෆ් එක නවලා ආයෙත් ඒ පලලටම තව එක පාරක් නවන්න වැඩේ ඉවරයි.කලින් කිව්වා වගේ රිලැක්ස් එකේ චිල් එකේ ඉන්නකොට කරන්න පුලුවන් නැවිල්ලක් නිසා මේක ඩ්‍රෙස් ශර්ට් එකක් ඩෙනිම් එකක් එක්ක ඇදලා ඉන්නකොට කරා නම් පට්ට බ්රෝ.

හැමෝම දන්න නැවිල්ල – බේසික් රෝල්

අනුග්‍රාහකත්වය

කරන්න තියෙන්නේ පොඩි දෙයක්  කියන බේසික් කියන එකෙන්ම තේරෙනවනේ බ්රෝ මේකේ තියෙන සාමානය ලෙහෙසි නැවිල්ලක් කියලා.හැබයි ශර්ට් එකත් එක ෆිට් වෙන විදියත් අනුව බේසික් රෝල් එක හරියටම කරන්න පොඩ්ඩක් වෙලාව යනවා බ්රෝ.එ වගේම අත් එහෙම වැඩිය එහෙට මෙහට කරලා වැඩක් කරන්න අමාරුයි වගේම මේක රෝල් කරාට පස්සේ ආයෙත් ගලවගන්නත් අමාරුයි.මේ විදියට නවන්න මුලින්ම ශර්ට් එකේ කෆ් එක නවන්න.ඊට පස්සේ එ ගානටම තුන්පාරක් විතර නවන්න.වැලමිට පහු උන ගමන් නවත්වන්න.

උස නැවිල්ල – හයී රෝල්

පෙන්වන්න තියෙනවා නම් හොද බයිසෙප්ස්,ටැටුස් මෙන්න බ්රෝ කරන්න ඕනේ ශර්ට් රෝල් එක.වැලමිටට වඩා උඩට වෙන්න නවලා තව වැඩිපුර එකපාරක් නවන්න කියන එක තමයි මේකෙදී කියන්නේ.මැදපු ශර්ට් එක පොඩි කරගන්නේ නැතුව රෝල් කරගන්න ලෙහෙසිම විදියට ශර්ට් එක අතක් ශේප් එකේ ශර්ට් එකේ අතක් ඇතුලෙන් දාලා වෙලමිට ලගට් නවලා  පස්සේ තව එක පාරක් වැලමිටෙන් උඩට නවන එක.හැබයි ශර්ට් කෆ් එකේ තියෙන ඩිසයින් එක,පාට් එලියට පෙන්වන්න ඔනේ නම් (වෙන්පාටක් නම් පට්ට)කෆ් එක පොඩ්ඩක් උඩට එන විදියට තුන්වෙනි පාර නවන්න.

ලොකු නැවිල්ල – මාස්ටර් රෝල්

ලෙහෙසිම ,සට්යිල් එකෙන් කිසිම අඩුවක් නැති පාට නැවිල්ලක් තමයි මේ මාස්ටර් නැවිල්ල.මේක හොදටම වැඩකරන්නේ අර ශර්ට් එකේ කෆ් එක වෙන පාටක් තියෙනකොට.හේතුව මාස්ටර් රෝල් ඉවර උනාට පස්සේ අන්තිමට එක කෆ් එකේන් කොටසක් පේන නිසා වැඩිපුර හයිලයිට් වෙන්නේ වෙන පාටක්නම් තමයි.වැඩි දෙයක් කරන්න නෑ. එක පාරම කෆ් එකෙන් නවලා කෆ් එක වගේ දෙකක් පලලට ශර්ට් එකේ අත උඩට අඳින්න ඊට පස්සේ පහල කොටස කෆ් එකේන් පොඩි තිරුවක් පේන විදියට නවන්න.මේ ක්‍රමේ තියෙන ලෙහෙසි බව සහ සට්යිලිශ් ගතිය වෙන කිසිම මෙතඩ් එකකින් ගන්න අමරුයි බ්රෝ.

ඉස්සර නැවිල්ල – ද බැන්ඩ් රෝල්

නව නව, රෝල් කර කර ඉන්න කැමති නැත්තන් බ්රෝ මේන්න ශර්ට් එකේ අත නවන ක්‍රමේ ,හැබයි පොඩ්ඩක් පරන ක්‍රමයක් වගේම වැඩේ හරියට කරන්න බැන්ඩ් එකක් ඕනේ .සිංදු කියන බැන්ඩ් එකක් නෙමෙයි ,ඉලාස්ටික් බැන්ඩ් එකක් .එකට කියන්නේ ස්ලීව් බැන්ඩ් කියලා.එ වගේම මේ ශර්ට් එකේ අත නවන ක්‍රමේ අනික් ක්‍රම වගේ නෙමෙයි ආයෙත් මලාට ශර්ට් එකේ අත පහලට නම් එන්නේ නෑ.1960 කාලෙදී තමයි මේක ජනප්‍රිය වෙලා තියෙන්නේ හැබයි ඊයේ පෙරේදා ඩෙවිඩ් බෙකම් මේ සට්යිල් එක ෆලො කරන්න ගත්ත නිසා ආයෙත් කට්ටිය මේ ක්‍රමේට පොඩ්ඩක් ගිහිල්ලා තියෙනවා.මුලින්ම කරන්න තියෙන්නෙ ස්ලීව් බැන්ඩ් එක අතේ දාල අවශය ගානට තද කරලා ඊට පස්සේ ඊට උඩින් ශර්ට් එකේ අත ඇදලා බැන්ඩ් එක වැහෙන්න දාන එක.හැබයි ස්ලීව් බැන්ඩ් නැත්තන් හොද රබර් බැන්ඩ් එකකින්, ඉලාස්ටික් එකකින් එහෙමත් කරන්න බැරි කමක් නෑ බ්රෝ.

වටිනා අත් ඔරලෝසුවක් දිනන්න කැමතිද එහෙනම් මෙතන ක්ලික් කරන්න

කමෙන්ට්ස්

පහල කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙන්න